Thursday, April 23, 2015

Tagged Under: , ,

Sheshadris doesnt know what is Ragaya

By: Prosperity Tech On: 4:47 AM

‘‘රාගය කියන්නේ මොකක්ද ? මම නම් දන්නේ නෑ‘‘  - ශේෂාද්‍රි


‍ජනප්‍රිය නිළියක් වුනු ශේෂාද්‍රි ප්‍රියසාද් පසුගිය දවසක විවාහ වුනානේ. එත් එක්කම ඇය පොඩ්ඩක් කලා ක්ෂේත්‍රයෙන් ඈත් වුනා. ඇය විවාහ වුනේ හිතගිය තැන මාළිගාව හදාගත්ත ඇයගේ ප්‍රථම ආදරය වුණු සම්පත් එක්ක කියලයි ඇය කීවේ.

පසුගිය දවසක පුවත්පතක් සමඟ සිදුකල සම්මුඛ සාකච්ඡාවකදී ඇයගේ අලුත් ජීවිතය ගැන වගේම විවාහයෙන් පස්සේ ජීවිතයට අලුතින් එකතු වුනු දේවල් ගැනත් ප්‍රකාශ කරලා තිබුණා.


ඔබේ නම?
ශ්‍රේෂාද්‍රි ප්‍රියසාද් ද සිල්වා

උස?
අඩි 5 යි අඟල් 2 යි

සැමියා ඔබේ කීවෙනි ප්‍රේමයද?
හිතගිය අය හිටියට මගේ පළමු ආදරය වුනේ ඔහු තමයි.

වෙනත් නම්?
ෂැඩෝ, සුදු නෝනා, ශෙස්, ශේ,ශේදි - සම්පත් කියන්නේ සුද්දි කියලා

ආදරය රාගයෙන් තොරද?
රාගය කියන්නේ මොකක්ද. ? මට ඒකට උත්තර දෙන්න තේරෙන්නෙ නැහැ

පෙම්වතාගෙත් සැමියගෙත් වෙනස මොකක්ද?
අපෝ එයා එහෙමමයි කිසි වෙනසක් නෑ

ඔබේ සැමියා හොඳ කෝකියෙක්ද ?
අපෝ නෑ, හැබැයි එළවළු කපලා දෙනවා.

ජනප්‍රියත්වය නැතිවුනු දාට මොකද කරන්නේ ?
දැන් කියලත් ලොකු ජනප්‍රියත්වයක් නෑ. ඒක නැතුව ඉන්න බැරිකමකුත් නෑ


hirufm.lk

0 comments:

Post a Comment