Tuesday, April 21, 2015

Tagged Under: ,

Protest in Sri Lankan Parliament against bribery summons for ex-president

By: Prosperity Tech On: 5:02 AM

පාර්ලිමේන්තුවේි අයුතු ජනරාශියට යට වී විමර්ශන නවත්වනවා ද? 

මේ වන විට පාර්ලිමේන්තුවේ සිදු වෙමින් තිබෙන්නේ ඉතාම නින්දිත ක්‍රියාවකි.

මහින්ද රාජපක්ෂට එරෙහිව ඇති චෝදනාවක් සම්බන්ධයෙන් කටඋත්තරයක් දෙන්නට අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂම හමුවට යන්නට සිදු වීම වළක්වා ගැනීමට අවනීතිය හා මැරවර බලය පාවිච්චි කරමින් තිබේ.

පාර්ලිමේන්තුවේ ඇති අයුතු ජන රාශියට අමතරව හෙට පාර්ලිමේන්තුව අසල ද අයුතු ජන රාශියක් රැස් කිරීමට ද කටයුතු කරන බව විමල් වීරවංශ වහසි බස් දොඩයි.

මොවුන් මේ සියල්ල කරන්නේ මහින්ද රාජපක්ෂට තිබෙන බව කියන ජනප්‍රියත්වය පාවිච්චි කරමින් ඔහුට එරෙහි ක්‍රියාමාර්ග වළක්වාගෙන තමන් ද ගොඩ යන්නටයි. ‍

මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ වාඩි ලාගෙන සිටින ඇතැම් මන්ත්‍රීවරුන්ට බරපතල විෂමාචාර චෝදනා තිබේ. එක් මන්ත්‍රීවරයකුට හිටපු ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා ඔත්තු සැපයීම වෙනුවෙන් කොටි සංවිධානයෙන් මුදල් ලබා ගැනීම ගැන චෝදනාවක් ද තිබේ.

මේ අවස්ථාව අතිශය වැදගත් ය. මේ චෞරයන් පිරිස පාර්ලිමේන්තුව නියම විගඩමක් බවට පත් කර තිබේ. නීතිය සියතට ගත් මේ චෞරයන්ට ඉඩ දී සොරුන්ට එරෙහි පරීක්ෂණ නතර කළ යුතු ද?

තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් තම නිර්දෝෂීභාවය ඔප්පු කරන්නට නම් විමර්ශනවලට මුහුණ දිය යුතු ය. විමර්ශන වළක්වා ගන්නට උත්සාහ ක‍රන්නෝ කිල්ලෝටවල හුණු ඇත්තෝ ය.

මොවුන්ට මෙහෙමම ඉන්නට දුන්නොත් කොයි තරම් කාලයක් සිටිනු ඇද්ද යන්න බලාගන්නට පුළුවන.

එසේම, නීතිය, යුක්තිය, සාධාරණත්වය වෙනුවෙන් ද ජනතාව බලමුළුගැන්විය යුතු ය.

0 comments:

Post a Comment