Friday, April 3, 2015

Sanath Jayasuriya-led selection panel resigns after Sri Lanka Cricket revamp

By: Prosperity Tech On: 8:02 AM

ජයසූරිය තනතුරින් අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඉල්ලා අස්වීමට අදාළ ලිපිය අද උදෑසන ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමු කළ බව සනත් ජයසුරිය මහතා සඳහන් කළේය.

නව ක්‍රිකට් අතුරු කමිටුවට සිය කාර්යයන් ඉටු කිරීමට අවශ්‍ය සහයෝගය දැක්වීමක් වශයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවද ඔහු පැවසුවේය.

මේ අතර තේරිම් කමිටු සාමාජික හෂාන් තිලකරත්න මහතාද එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

Youth Dies After Run Away from Police at Pasyala (CCTV)

By: Prosperity Tech On: 7:44 AM

පොලිසියෙන් බේරෙන්න පස්යාලේ තරුණයා තට්ටු තුනේ නිවසින් පැනලා මියගිය හැටි - CCTV දර්ශන

නිට්ටඹුව - පස්යාල ප්‍රදේශයේදී පහරදීමකින් මියගිය බව සඳහන් වූ පුද්ගලයා මියයාමට හේතුව මහල් ගොඩනැගිල්ලකින් පහළට ඇදවැටීම බව හෙළි වී තිබෙනවා. කෙසේ වෙතත්, සිද්ධිය පිළිබඳ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

ඊයේ (02) රාත්‍රි 8.30 ට පමණ පස්යාල ප්‍රදේශයේදී බීමත් පුද්ගලයෙකු නවතා තිබූ ලොරි රථයකට පහරදී තිබෙනවා. ඉන් අනතුරුව ලොරි රථය තුළ සිටි පුද්ගලයන් දෙදෙනාද ඔහුට පහරදී ඇති බව සඳහන්.
පසුව ඒ ආසන්නයේ රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු එම ස්ථානයට පැමිණ බීමත් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කර තිබෙනවා. එහිදී පොලිස් නිලධාරීයා සහ බීමත් පුද්ගලයා අතර ගැටුමක් ඇති වී තිබෙන බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිස් නිලධාරියාගේ ග්‍රහණයෙන් මිදී බීමත් පුද්ගලයා පළාගොස් ඇති අතර, ටික වෙලාවකට පසු ඔහුගේ සිරුර හමුවී ඇත්තේ ගැටුම වූ ස්ථානය සමීපයේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක් ආසන්නයේ තිබියදීයි.

පොලිස් නිලධාරීයා සමඟ පොර බැදීමෙන් පසුව මොහු දිවගොස් ඇත්තේ මෙම තෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලයටයි. අනතුරුව එම මහලේ සඳළුතලයෙන් පහළට බැසීමට උත්සාහ කිරීමේදී ඇද වැටී ඇති බවයි පොලිසිය පවසන්නේ. මීට අදාළ සී.සී.ටී.වී. දර්ශනද පොලිසිය වෙත ලැබී තිබෙනවා. එම දර්ශන පොලිසිය අද දහවල් මාධ්‍ය වෙත ද නිකුත් කළා.

එම වීඩියෝ දර්ශන පහතින් නරඹන්න

David Cameron reveals he is related to Kim Kardashian

By: Prosperity Tech On: 7:14 AM

සරාගී කිම් හා බ්‍රිතාන්‍ය අගමැති අතර ඇති සම්බන්ධය හෙළිවෙයි

කාලයෙන් කාලයට විවිධ පුවත් හොලිවුඩ් කලා ලොවට නිර්මාණය කරන සරාගී නිළි කිම් කර්ඩේෂියන් පිළිබඳව මේ වන විට නැවතත් කතාබහක් ඇති වී තිබෙනවා.

මෙයට හේතු වී ඇත්තේ ඇය බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් සමඟින් ඥාති සම්බන්ධතාවක් ඇති බවට කැමරන් ප්‍රසිද්ධියේ පිළිගැනීම නිසාවෙනුයි.මෙම සම්බන්ධය පිළිබඳව මීට පෙරද විවිධ වෙබ් අඩවි ඔස්සේ තොරතුරු වාර්තා කර තිබුණද කැමරන් විසින් එයට පිළිතුරක් ලබාදී තිබුණේ නැත. ප්‍රථම වරට ඔහු විසින් හීට් නැමති සඟරාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මෙම ඥාති සම්බන්ධතාවය ගැන තහවුරු කර ඇත.

මෙම සඟරාවේදී ඩේවිඩ් කැමරන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කර ඇති අතර ඔහු කුඩා කල බලපොරොත්තු වූයේ කවරෙකු වීමටද යන්න වගත් විමසා ඇත. ඔහු එහිදී ප්‍රකාශකර ඇත්තේ ගොවියෙකු, ලොරි රියදුරෙකු හා සෙබළෙකු වීමට ඔහු කැමැත්තෙන් සිටි බවයි.



(hirufm.lk)










Germanwings crash: Co-pilot researched suicide methods, cockpit doors

By: Prosperity Tech On: 7:00 AM

රහස - සහය නියමුගේ ටැබ් එකෙන් පනී

පුද්ගලයන් 150 දෙනෙකුට මරු කැඳවමින් පසුගිය මාර්තු 24 වැනිදා ඇල්ප්ස් කඳුකරයේ ගැටී විනාශ වූ ජර්මන්වින්ස් ගුවන් යානයේ සහය නියමුවා යානය සමඟ දිවිනසා ගැනීමට සැලසුම් කළ අයුරු දැන් හෙළිවෙමින් පවතිනවා. මොහු යානය හිතාමතා විනාශ කළ බව දැන් තහවුරු වී ඇති අතර, මානසික ආබාධයකට ප්‍රතිකාර ලැබූ අයෙකු බවද හෙළි වී අවසන්. මොහු යානයේ නියමු කුටියේ දොරටුවල ආරක්ෂාව මෙන්ම දිවිනසා ගැනීමේ උපක්‍රම සොයා බැලූ බව හෙළි වී ඇත්තේ ඔහුගේ නිවසේ තිබී හමුවු ටැබ්ලට් පරිගණකයකින්. කඩා වැටුණු ගුවන් යානයේ දෙවැනි කළු පෙට්ටියද දැන් හමු වී තිබෙනවා.
hirunews.lk

Thursday, April 2, 2015

I cant go to my parents

By: Prosperity Tech On: 6:58 AM

එක්සත් හැරදා මව්පියන් ලඟට යන්න මට බැහැ – දැරිය කියයි

අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුතු වන එක්සත් සේනාරත්න විසින් රඳවාගෙන ඇතැයි කියන දැරිය සම්බන්ධයෙන් වන පැමිණිල්ල විභාග කිරීමට මහාධිකරණය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට යොමුකර තිබේ.

පැහැරගනු ලැබීයයි කියනු ලබන දැරියගේ පියා වන ගාමිණී රණසිංහ යන අය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ අතර මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ගෙන් විමසා සිටියේ 2014 වසරේ සිදුවූ
මෙම පැහැරගැනීම සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට මෙතරම් ප්‍රමාද වූයේ මන්ද යන්නයි.
ඊට ප්‍රතිචාර දක්වමින් පැමිණිල්ලේ නීතිඥයින් සඳහන් කර ඇත්තේ පසුගිය කාලයේ ජනාධිපතිවරණයක් පැවති නිසා පැමිණිලි ඉදිරිපත් කිරීමට ප්‍රමාද වූ බවයි. එහෙත් දරුවෙකු පැහැරගෙන ගිය අවස්ථාවක කඩිනමින් පැමිණිලි කිරීම සාමාන්‍ය ක්‍රියාදාමය බැව් වගඋත්තරකාර පාර්ශවයෙන් නීතිඥයින් මෙහිදී පෙන්වාදී තිබේ.
එසේ හෙයින් මෙතරම් ප්‍රමාදවී පැමිණිලි ඉදිරිපත් කිරීම පිටුපස සද්භාවය පිළිබඳ ගැටළුවක් ඇතැයි වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරුන් විසින් අධිකරණය හමුවේ කරුණු දක්වා ඇත.
මෙම අවස්ථාවේදී පැහැරගිය බව කියන දැරිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥයින් අධිකරණයට‍ දන්වා සිටියේ තම සේවාදායකයා දෙමව්පියන් වෙත යාමට කැමැත්තක් නොදක්වන බවත්, ඇයට ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නයක් නැතැයි පොලීසිය හමුවේ ප්‍රකාශ කර ඇති බව ද ඇයගේ නීතිඥවරයා විසින් පෙන්වාදෙන ලදී.
කෙසේවෙතත් මහාධිකරණ විනිසුරුවරයා මෙහිදී නියෝග කර සිටියේ මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට යොමුකිරීම සුදුසු බවත් ඒ අනුව අදාළ පැමිණිල්ල වැඩිදුර විභාග කිරීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා මේ පිළිබඳ වාර්තාවක් ජූනි මස 03 වන දින අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවද දන්වා ඇතැයි අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.
අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුතු වන එක්සත් සේනාරත්න සහ ඔහුගේ පවුලේ සමඟ ඇය සිටින ඡායාරූප කිහිපයක්..
susith-senarathne-01
rajitha-2
rajitha-3

 

Wednesday, April 1, 2015

Shihan Mihiranga Stage Incident

By: Prosperity Tech On: 6:57 PM

ප්‍රවීන ගායකයෙක් ශිහාන් මිහිරංගට ප්‍රසිද්ධ වේදිකා‍වේ බැන්න හැටි - වීඩියෝ සහිතයි


ශිහාන් මිහිරංග කියන්නේ මේ වෙනකොට අපේ රටේ සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන මතක සටහන් රැසක් ඔහුගේ රසික රසිකාවියන්ට තිළිණ කරපු අපූර්ව ගායකයෙක්.

ඒ නිසාම සජීවී ප්‍රසංගයකදී ශිහාන්ටත් වේදිකාවට ආරාධනා කරන්න ගොඩක් දෙනෙක් කැමති වෙලා හිටියා.

දවසක් ඔය වගේ සජීවී ප්‍රසංගයකට සහභාගී වුණු ශිහාන් මිහිරංග ඇතුළු නවක පරපුරේ ගායකින් අතර හිටිය ප්‍රවීන ගායකයෙක් ඔහුට වේදිකාවේ ගීත ගායනා කරන්න අවස්ථාව නොදුන්නු නිසා පොඩ්ඩක් හිත් අමනාපෙන් ඉඳලා තියෙනවා.
ඒ ගැන වටේ ඉන්න අයත් එක්ක බැණ බැණ ඉන්න ගමන් ශිහාන් එතන්ට ඇවිත් තියෙනවා. එකපාරටම කතාව අනිත් පැත්ත හරවපු මෙයා ශිහාන් එක්ක පොඩි කතාවක් පටන් අරන් එයාගේ නම මොකක්ද කියලා අහලා. ඊට පස්සේ තමයි හොඳම සිද්ධිය වෙලා තියෙන්නේ.

මේ ගැන ශිහාන් අපිට කීවේ පසුගිය සතියේ විකාශය වුනු හිරු ටීවී Copy Chat වැඩසටහනේදී. අහලා බලන්නකෝ මොකක්ද ඇත්තටම එදා වුනේ කියලා පහත වීඩියෝ එකෙන්ම..

Riyadh Sand Storm

By: Prosperity Tech On: 10:20 AM

President's Brother Priyantha Sirisena Murder and Media Behavior

By: Prosperity Tech On: 9:00 AM

ප්‍රියන්ත සිරිසේන ඝාතනය හා ප්‍රබන්ධ ප්‍රවෘත්ති 'කලාව'

පහත අමුණා ඇති වීඩියෝව මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මල්ලී වන ප්‍රියන්ත සිරිසේන මිය ගිය ආකාරය පිළිබඳ සිදු වන ප්‍රචාරය ගැන එම වීඩියෝවේ කරුණු පැහැදිලි කරන්නේ අපරාධය සිදු වූ ප්‍රදේශය භාර ග්‍රාමසේවකවරයා ය.

ප්‍රියන්ත සිරිසේන මිය ගියේ ඝාතකයාගේ බිරිඳ සමග සංසර්ගයේ යෙදෙද්දී පිටුපසින් පැමිණි සැමියා විසින් එල්ල කරන ලද පොරෝ පහරකින් ය යන ප්‍රවෘත්තිය නිර්මානය කළ ආකාරය හා එය ප්‍රචාරය කළ ආකාරය අධ්‍යයනය කළ යුතු ය.

මෙම සිද්ධිය වාර්තා වීමත් සමග එය සිදු වන්නට ඇත්තේ මෙසේ ය යන අනුමානය බොහෝ දෙනෙක් විසින් ඇති කර ගන්නා ලදී. සමාජය ගැන ඇති සාමාන්‍ය අවබෝධය ඒ සඳහා පදනම් විය. එසේම, බොහෝ දෙනෙක් මෙම සිද්ධිය දුටුවේ තමන් ඔස්සේ ය. එය වනාහි තමන් වින්දිතයා හෝ ඝාතකයා වී නම් එය සිදු විය හැක්කේ කෙසේ ද යන්න ගැන තමන්ගේ පරිකල්පනයෙන් කරන ලද නිගමනයකි.

සිද්ධිය සාකච්ඡා සිදු වූ සෑම කවයක ම පා‍හේ මේ අනුමානය කළ අය සිටිය හ. එය ඉතා සාමාන්‍ය පරිකල්පනයකි.

සමාජ මාධ්‍ය ඇසුරු කළ ඕපාදූපකරුවෝ එය මුහුණු පොතේ ලියූ හ. ඔවුන්ගේ යහළු ඕපාදූපකරුවෝ ඒ ගැන අදහස් පළ කළ හ. අතිනුත් දමමින් ප්‍රචාරය කළ හ.

මේ අතර ඕපාදූප වෙබ් අඩවි අතර ඇති තරගය ද ඉස්මතු විය. මෑතදී මෙවැනි වෙබ් අඩවියකින් බිඳී විත් එම අඩවියේ නම හා සමාන නමක් ප්‍රවර්ධනය කර ගන්නට උත්සාහ කරන්නෙක් මෙම ප්‍රවෘත්තිය නිර්මානය කර එය සමාජ ජාල ඔස්සේ බෙදන ආකාරය මම නිරීක්ෂණය කළෙමි. මෙම වෙබ් අඩවිය මහින්දට පක්ෂ ප්‍රචාර සිදු කරමින් ඒ පැත්තෙන් ආර්ථික ආධාර අපේක්ෂා කරමින් හෝ ලබමින් සිටින බවක් පෙනේ.

මෙම ප්‍රවෘත්ති නිර්මානය කරන ආකාරය ඉතා රසවත් ය. මෙම ප්‍රවෘත්ති නිර්මානකරුවා මුලින් කීවේ මෙම මරණය ප්‍රියන්තත්, ඝාතකයාත් එක ගෙයි කෑමක් සමග ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් බවයි. ඉන්පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන චීනයේ සිට සිය මල්ලීට බැන වැදුණු ආකාරය ද ලියුවේ ය. නැවතත් මෙම ප්‍රවෘත්තිය 'ෆලෝ අප්' කරමින් ජනාධිපති මෛත්‍රීපාල ඝාතන සැකකරුගේ කටඋත්තරය වෙනස් කර ඇති බව ද වාර්තා කළේ ය.

මෙම ප්‍රවෘත්ති නිර්මාන සඳහා කිසිදු මූලාශ්‍රයක් අවශ්‍ය නැත. ඔවුන් කරන්නේ අදාළ චරිත තමන් හා තමන් දන්නා වෙනත් අය සමග සමපාත කර ගනිමින් ඔවුන්ගේ සිතුවිලි හා හැසිරීම අනුව සිදු විය හැකි දෙයක් ප්‍රවෘත්තියක් ලෙස ලියා පළ කිරීමයි.

නිදසුනක් ලෙස, ප්‍රියන්ත සිරිසේන හා ඝාතන සැකකරු වැනි අය අපේ ගම්වල ද සිටිති. මෙවන් ප්‍රවෘත්ති කලාවක් මා කරනවා නම් කරන්නේ අපේ ගමේ එකාගේ කැරැට්ටුව මේ අයට ආරෝපණය කර ප්‍රවෘත්ති ලිවීමයි.

මෙම ගොසිප් ඊළඟට බලපාන්නේ ප්‍රවෘත්ති වෙබ් අඩවිවලට ය. ප්‍රවෘත්ති වාර්තාකරණයේදී යම් වගකීමකින් කටයුතු කරන්නට උත්සාහ කරන වෙබ් අඩවියක් ඝාතනය සිදු වූ ප්‍රදේශයේ ජනතාව ප්‍රදේශය හැර යමින් සිටින බව වාර්තා කළේ ය.

මේ වන විට ප්‍රධාන ධාරාවේ පුවත්පත්වල වෙබ් අඩවි පවා අනුගමනය කරන්නේ ගොසිප් ශෛලියයි. මේ සඳහා හොඳම උදාහරණය ලංකාදීප වෙබ් අඩවියයි.

වෙබ් අඩවියක් ජනප්‍රිය කර ගැනීම සඳහා ඕපාදූප හා ප්‍රවෘත්ති ප්‍රබන්ධ කෙතරම් ඉවහල් කර ගත හැකි ද යන්නට විමල් වීරවංශ පක්ෂය විසින් පවත්වාගෙන යන ලංකා සී නිව්ස් උදාහරණයකි. මෑතක සිට ජවිපෙ ලංකා ටෲත් වෙබ් අඩවිය ද මෙම මාර්ගයට පිවිසෙමින් සිටියි.

මෙම ප්‍රවෘත්ති ප්‍රබන්ධ ඉන් පසු ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලටත් බලපායි. එහෙත්, ඒ වන විට ඒවා සමාජයට කාන්දු වී බොහෝ කල් ය. ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලට සිදු වන්නේ හානි ප්‍රතිපූරණය කිරීමේ කාර්යයට අතගසන්නට ය. ඔවුන්ට වෙළඳපොළ හැදෙන්නේ එතැනිනි. ප්‍රධාන ධාරාවේ හානිපූරක වාර්තා ඉන් පසු නැවතත් ගොසිප් වෙබ් අඩවිවල ද පළ වේ. ඒවා කුමන්ත්‍රණ බව ද, එම කුමන්ත්‍රණ සිදු වූයේ මෙසේ යයි ද තවත් වාර්තා පළ වේ. මෙය තනිකරම ප්‍රවෘත්ති විෂම චක්‍රයකි.

සමාජ ජාල ඔස්සේ මේ ප්‍රවෘත්ති ප්‍රබන්ධ පැතිරී යන්නේ අධිවේගයෙනි. එසේ වන්නේ ඇයි? ඒවා ෂෙයා කරන අය ඒවා විශ්වාස කරනවා ද? සම්පූර්ණයෙන් ම විශ්වාස කරනවා යයි කියන්නටත් බැරි ය. මේවා ෂෙයා කරන්නන් තුළ එක පැත්තකින් දේශපාලනික උවමනාකම් තිබේ. අනෙක් පැත්තෙන් මේ ගොසිප්වල ඇති කුණු රසයට ‍බොහෝ දෙනෙක් කැමැත්ත දක්වති. තවත් පැත්තකින් වෙනත් අයට නැති තොරතුරු මූලාශ්‍ර තමන්ට තිබේ ය කියා පෙන්වන්නටත් සමාජ ජාල පරිහරණය කරන්නෝ කැමැත්තක් දක්වති.

අවසානයේ මේවායින් සිදු වන්නේ කුමන අන්දමක වුව මළ මිනිසකුට අපේ සමාජය දැක්වූ මානුෂික ගරුත්වය පවා නැති වී යන පරිහාණියක් සමාජයේ ඇති වීමයි.

සියල්ල සැක කරන, හැම තැනක ම කුමන්ත්‍රණයක් දකින සමාජයක් නිර්මානය වීමයි.

මේ ප්‍රවෘත්ති ප්‍රබන්ධවල වින්දිතයන්ට සිදු වන දේ ගැන කිසිවෙක් අවධානය යොමු නො කරති.

මීට බොහෝ කලකට පෙර, සමාජ ජාල ප්‍රචලිත වෙන්නට පෙර යුගයකදී ජනමාධ්‍ය පාවිච්චි කිරීම හෙවත් මීඩියා මැනිපියුලේෂන් සිදු වූ ආකාරය ගැන නිර්මානය වූ අනගි චිත්‍රපටයක් මට සිහිපත් වේ. එය වනාහි බැරි ලෙවින්සන් අධ්‍යක්ෂණය කළ, ඩස්ටින් හොෆ්මාන් හා රොබට් ඩි නීරෝ රඟන වැග් ද ඩෝග් චිත්‍රපටයයි.

ජනපති සොහොයුරු සහ ඝාතකයා ගැන ‘ග්‍රාම නිලධාරී’ අපට කියූ කතාව

(w3lanka.com)

Taapsee Pannu spills her beauty secrets

By: Prosperity Tech On: 6:55 AM

නිළියක් කාන්තාවන්ගේ රහසක් හෙළි කරයි


කොළිවුඩයේ සුපිරි නිළි තපස්සු පන්නු ශරීරය පැහැපත් ආකාරයෙන් තබාගැනීමට සිදුකරන දේවල් පිළිබදව සම්මුඛ සාකච්ඡාවකදි හෙළි කර තිබෙනවා. ඇය පවසා ඇත්තේ තමන්ගේ ශරීරය දිලිසෙන අයුරින් පවත්වාගෙන යන්නේ ජලය වැඩිපුර පානය කිරීමෙන් බවයි. මීට අමතරව වැඩිපුර තෙල් මිශ්‍රිත ආහාර අනුව කිරීම සහ පළතුරු වැඩිපුර තමන් ආහාරයට නොගන්නා බවයි. මෙය කොළිවුඩයට පමණක් නොවේ සාමාන්‍ය යුවතියන්ට ද වැදගත් කරුණක් වන බවටයි ඇය එහිදී පවසා ඇත්තේ.



























hirunews.lk

Colombo Outer Circle Road estimate reduced by 30 billion

By: Prosperity Tech On: 6:42 AM

පිටත වටරවුම මාර්ගයේ ඇස්තමේන්තුව බිලියන 30කින් අඩු වෙයි

ජනාධිපතිවරයාගේ චීන සංචාරයේදී දෙරට අතර අර්බුදයකට තුඩු දිය හැකි කිසිදු කරුණක් සාකච්ඡා නොවූ බව රජය පවසනවා. අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ අද පැවැත් වූ මාධ්‍ය හමුවකදී සදහන් කළේ පෝට් සිිටි ව්‍යාපෘතිය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණ ගැනීම සඳහා දෙපාර්ශ්වයේ අවධානය යොමුවූ බවයි.

නොසිතූ තරම් වත්මන් රජයට විදෙස් ආධාර ලැබෙමින් ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළා.

අපට ලෝකයේ හැම කොනකින්ම සල්ලි එන්න පටන් අරන් තියෙනවා. චීනයෙන් එක කොටසක් ලැබිලා තියෙනවා. අද කොරියාවෙන් හිතපු නැති තරමින් ඇවිල්ලා තියෙනවා. ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තිබුන ප්‍රමාණයට වඩා තුන් හතර ගුණයකින් දෙන්න අදහස් කරලා තියෙනවා. ඉතින් අපි පුළුවන් තරම් ආධාර ලබා ගන්නේ.
බැරි වුනොත් තමයි ණය , එදා වගේ සීයට 6යේ හතේ නෙමෙයි. වැඩිම 1%යි අන්න ඒ වගේ ණය තමයි ගන්නේ.

ජනාධිපතිවරයාගේ සංචාරයේ ප‍්‍රතිඵලයක් ලෙස චීනය ශ‍්‍රී ලංකාවට විශාල ආධාර මුදලක් ලබාදීමට එකඟතාව පළ කර ඇති බව මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කෙරුණා. එහිදී මාධ්‍යවේදීන් විමසුවේ එවැනි තත්ත්වයක් හමුවේ පෝට් සිටි ව්‍යාපෘතිය යම් හෙයකින් නතර කිරීමේ හැකියාවක් තිබේද යන්නයි.

මේ අතර කොළඹ පිටත වටරවුම් මාර්ගය ඉදිකිරීම සඳහා ඇස්තමේන්තු කර තිබූ මුදලින් රුපියල් බිලියන 30ක් අඩු කිරීමට දෙරට අතර සාකච්ඡාවලදී එකඟතාවකට එළඹුණු බවද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළා.

දැන් මේ එක ව්‍යාපෘතියක බිලියන 30ක් අපිට අඩු කරනවා. ඒකෙන් තේරෙනවනේ මොන තරම් දුෂණයක් ලංකාවේ සිදු වුනාද කියලා. මේ සල්ලිවලින් තමයි රැලි තියන්නේ. බස් ගේන්නේ.
(nethfm.com)