Friday, April 3, 2015

Tagged Under: ,

Youth Dies After Run Away from Police at Pasyala (CCTV)

By: Prosperity Tech On: 7:44 AM

පොලිසියෙන් බේරෙන්න පස්යාලේ තරුණයා තට්ටු තුනේ නිවසින් පැනලා මියගිය හැටි - CCTV දර්ශන

නිට්ටඹුව - පස්යාල ප්‍රදේශයේදී පහරදීමකින් මියගිය බව සඳහන් වූ පුද්ගලයා මියයාමට හේතුව මහල් ගොඩනැගිල්ලකින් පහළට ඇදවැටීම බව හෙළි වී තිබෙනවා. කෙසේ වෙතත්, සිද්ධිය පිළිබඳ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

ඊයේ (02) රාත්‍රි 8.30 ට පමණ පස්යාල ප්‍රදේශයේදී බීමත් පුද්ගලයෙකු නවතා තිබූ ලොරි රථයකට පහරදී තිබෙනවා. ඉන් අනතුරුව ලොරි රථය තුළ සිටි පුද්ගලයන් දෙදෙනාද ඔහුට පහරදී ඇති බව සඳහන්.
පසුව ඒ ආසන්නයේ රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු එම ස්ථානයට පැමිණ බීමත් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කර තිබෙනවා. එහිදී පොලිස් නිලධාරීයා සහ බීමත් පුද්ගලයා අතර ගැටුමක් ඇති වී තිබෙන බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිස් නිලධාරියාගේ ග්‍රහණයෙන් මිදී බීමත් පුද්ගලයා පළාගොස් ඇති අතර, ටික වෙලාවකට පසු ඔහුගේ සිරුර හමුවී ඇත්තේ ගැටුම වූ ස්ථානය සමීපයේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක් ආසන්නයේ තිබියදීයි.

පොලිස් නිලධාරීයා සමඟ පොර බැදීමෙන් පසුව මොහු දිවගොස් ඇත්තේ මෙම තෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලයටයි. අනතුරුව එම මහලේ සඳළුතලයෙන් පහළට බැසීමට උත්සාහ කිරීමේදී ඇද වැටී ඇති බවයි පොලිසිය පවසන්නේ. මීට අදාළ සී.සී.ටී.වී. දර්ශනද පොලිසිය වෙත ලැබී තිබෙනවා. එම දර්ශන පොලිසිය අද දහවල් මාධ්‍ය වෙත ද නිකුත් කළා.

එම වීඩියෝ දර්ශන පහතින් නරඹන්න

0 comments:

Post a Comment