Wednesday, April 1, 2015

Tagged Under: , ,

Colombo Outer Circle Road estimate reduced by 30 billion

By: Prosperity Tech On: 6:42 AM

පිටත වටරවුම මාර්ගයේ ඇස්තමේන්තුව බිලියන 30කින් අඩු වෙයි

ජනාධිපතිවරයාගේ චීන සංචාරයේදී දෙරට අතර අර්බුදයකට තුඩු දිය හැකි කිසිදු කරුණක් සාකච්ඡා නොවූ බව රජය පවසනවා. අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ අද පැවැත් වූ මාධ්‍ය හමුවකදී සදහන් කළේ පෝට් සිිටි ව්‍යාපෘතිය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණ ගැනීම සඳහා දෙපාර්ශ්වයේ අවධානය යොමුවූ බවයි.

නොසිතූ තරම් වත්මන් රජයට විදෙස් ආධාර ලැබෙමින් ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළා.

අපට ලෝකයේ හැම කොනකින්ම සල්ලි එන්න පටන් අරන් තියෙනවා. චීනයෙන් එක කොටසක් ලැබිලා තියෙනවා. අද කොරියාවෙන් හිතපු නැති තරමින් ඇවිල්ලා තියෙනවා. ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තිබුන ප්‍රමාණයට වඩා තුන් හතර ගුණයකින් දෙන්න අදහස් කරලා තියෙනවා. ඉතින් අපි පුළුවන් තරම් ආධාර ලබා ගන්නේ.
බැරි වුනොත් තමයි ණය , එදා වගේ සීයට 6යේ හතේ නෙමෙයි. වැඩිම 1%යි අන්න ඒ වගේ ණය තමයි ගන්නේ.

ජනාධිපතිවරයාගේ සංචාරයේ ප‍්‍රතිඵලයක් ලෙස චීනය ශ‍්‍රී ලංකාවට විශාල ආධාර මුදලක් ලබාදීමට එකඟතාව පළ කර ඇති බව මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කෙරුණා. එහිදී මාධ්‍යවේදීන් විමසුවේ එවැනි තත්ත්වයක් හමුවේ පෝට් සිටි ව්‍යාපෘතිය යම් හෙයකින් නතර කිරීමේ හැකියාවක් තිබේද යන්නයි.

මේ අතර කොළඹ පිටත වටරවුම් මාර්ගය ඉදිකිරීම සඳහා ඇස්තමේන්තු කර තිබූ මුදලින් රුපියල් බිලියන 30ක් අඩු කිරීමට දෙරට අතර සාකච්ඡාවලදී එකඟතාවකට එළඹුණු බවද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළා.

දැන් මේ එක ව්‍යාපෘතියක බිලියන 30ක් අපිට අඩු කරනවා. ඒකෙන් තේරෙනවනේ මොන තරම් දුෂණයක් ලංකාවේ සිදු වුනාද කියලා. මේ සල්ලිවලින් තමයි රැලි තියන්නේ. බස් ගේන්නේ.
(nethfm.com)

0 comments:

Post a Comment