Tagged Under: Crime, World News
Germanwings crash: Co-pilot researched suicide methods, cockpit doors
රහස - සහය නියමුගේ ටැබ් එකෙන් පනී
පුද්ගලයන් 150 දෙනෙකුට මරු කැඳවමින් පසුගිය මාර්තු 24 වැනිදා ඇල්ප්ස් කඳුකරයේ ගැටී විනාශ වූ ජර්මන්වින්ස් ගුවන් යානයේ සහය නියමුවා යානය සමඟ දිවිනසා ගැනීමට සැලසුම් කළ අයුරු දැන් හෙළිවෙමින් පවතිනවා. මොහු යානය හිතාමතා විනාශ කළ බව දැන් තහවුරු වී ඇති අතර, මානසික ආබාධයකට ප්‍රතිකාර ලැබූ අයෙකු බවද හෙළි වී අවසන්. මොහු යානයේ නියමු කුටියේ දොරටුවල ආරක්ෂාව මෙන්ම දිවිනසා ගැනීමේ උපක්‍රම සොයා බැලූ බව හෙළි වී ඇත්තේ ඔහුගේ නිවසේ තිබී හමුවු ටැබ්ලට් පරිගණකයකින්. කඩා වැටුණු ගුවන් යානයේ දෙවැනි කළු පෙට්ටියද දැන් හමු වී තිබෙනවා.
hirunews.lk
0 comments:
Post a Comment