Thursday, April 2, 2015

Tagged Under: ,

I cant go to my parents

By: Prosperity Tech On: 6:58 AM

එක්සත් හැරදා මව්පියන් ලඟට යන්න මට බැහැ – දැරිය කියයි

අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුතු වන එක්සත් සේනාරත්න විසින් රඳවාගෙන ඇතැයි කියන දැරිය සම්බන්ධයෙන් වන පැමිණිල්ල විභාග කිරීමට මහාධිකරණය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට යොමුකර තිබේ.

පැහැරගනු ලැබීයයි කියනු ලබන දැරියගේ පියා වන ගාමිණී රණසිංහ යන අය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ අතර මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ගෙන් විමසා සිටියේ 2014 වසරේ සිදුවූ
මෙම පැහැරගැනීම සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට මෙතරම් ප්‍රමාද වූයේ මන්ද යන්නයි.
ඊට ප්‍රතිචාර දක්වමින් පැමිණිල්ලේ නීතිඥයින් සඳහන් කර ඇත්තේ පසුගිය කාලයේ ජනාධිපතිවරණයක් පැවති නිසා පැමිණිලි ඉදිරිපත් කිරීමට ප්‍රමාද වූ බවයි. එහෙත් දරුවෙකු පැහැරගෙන ගිය අවස්ථාවක කඩිනමින් පැමිණිලි කිරීම සාමාන්‍ය ක්‍රියාදාමය බැව් වගඋත්තරකාර පාර්ශවයෙන් නීතිඥයින් මෙහිදී පෙන්වාදී තිබේ.
එසේ හෙයින් මෙතරම් ප්‍රමාදවී පැමිණිලි ඉදිරිපත් කිරීම පිටුපස සද්භාවය පිළිබඳ ගැටළුවක් ඇතැයි වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරුන් විසින් අධිකරණය හමුවේ කරුණු දක්වා ඇත.
මෙම අවස්ථාවේදී පැහැරගිය බව කියන දැරිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥයින් අධිකරණයට‍ දන්වා සිටියේ තම සේවාදායකයා දෙමව්පියන් වෙත යාමට කැමැත්තක් නොදක්වන බවත්, ඇයට ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නයක් නැතැයි පොලීසිය හමුවේ ප්‍රකාශ කර ඇති බව ද ඇයගේ නීතිඥවරයා විසින් පෙන්වාදෙන ලදී.
කෙසේවෙතත් මහාධිකරණ විනිසුරුවරයා මෙහිදී නියෝග කර සිටියේ මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට යොමුකිරීම සුදුසු බවත් ඒ අනුව අදාළ පැමිණිල්ල වැඩිදුර විභාග කිරීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා මේ පිළිබඳ වාර්තාවක් ජූනි මස 03 වන දින අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවද දන්වා ඇතැයි අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.
අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුතු වන එක්සත් සේනාරත්න සහ ඔහුගේ පවුලේ සමඟ ඇය සිටින ඡායාරූප කිහිපයක්..
susith-senarathne-01
rajitha-2
rajitha-3

 

0 comments:

Post a Comment