Friday, March 6, 2015

ITN Chat & Music Niroshan to enter politics through Wimal Weerawansa's party

By: Prosperity Tech On: 9:05 PM

"ITN"යෙන් දොට්ට දැමු නිරෝෂන් මහ මැතිවරණයට මහින්ද අගමැති කරන සටනට විමලෙත් එක්ක සෙට් වෙලා  


ස්වාධීන රූපවාහිණියේ ජනප්‍රිය නිවේදයකු වූ "නිරෝෂන් ප්‍රේමරත්න" ස්වාධීන රූපවාහිණිය හරහා විකාශණය වුණු "Chat & Music" වැඩසටහන වසර ගණනක් තිස්සේ ඉදිරිපත් කළ අතර, පසුගිය දා ආණුඩු පෙරළීමත් සමඟින්, තව දුරටත් ඔහුගේ සේවය අවශ්‍ය නැති බව පවසමින් නිරෝෂන්ව ''ITN'' නාළිකාවෙන් ඉවත් කර තිබුණේ කිසිදුන් කිසිදු හේතු සාදකයක් ගැන කරනු ඉදිරිපත් කිරීමකින් තොරවයි.

මේ හේතුව නිසාවෙන්ම පසුගිය දිනවල තරමක් කතාබහට ලක් වූ නිරෝෂන් ඉදිරි මහ මැතිවරණයේ දී විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වීමට සූදානමින් පසුවන බව දැන ගැනීමට තිබේ. ඔහු කඹුරුපිටිය ආසනයෙන් දේශපාලන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බව ද වාර්තා වේ.

පසුගිය වසර ගණනාවක් තිස්සේ ශ්‍රීලංකා නිදහස පක්ෂයට සමීපව හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියාකාරි වැඩ කොටසක නිරතව සිටි නිරෝෂන් ප්‍රේමරත්න ආණ්ඩු පෙරළියත් සමඟ ස්වාධීන රූපවාහිණී අයතනයේ කටයුතුවලින් ඉවතට විසිවුයේ, රාජපක්ෂවාදියකු වීම නිසා දේශපාලන පලිගැනීමක් ලෙස බවට ප්‍රචාරයක් ගෙන ගියද එවැන්නක් සිදුව තිබුණේ නැත.

මේ වන විට ඔහු වෙළඳ ප්‍රචාරක ආයතනයක් ද පවත්වාගෙන යයි. කෙසේ නමුත් විමල් වීරවංශ ප්‍රමුඛව කණ්ඩායම විසින් මහින්ද රාජපක්ෂව අගමැති කළ යුතු බවට ගෙන යන ව්‍යාපාරයේ ද ප්‍රමුඛ හවුල්කරුවකු ලෙස ඔහු ක්‍රියාකාරීව සිටී.





piyumi botheju's chield hood

By: Prosperity Tech On: 8:31 PM

චුටි කා‍ලේ නයි නටවන්න ගිහින් තාත්තා පියුමිව පාර අයිනේ දණගස්සල තිබ්බලු

ඩබ්.කේ.ආර්. බොතේජු සහ දයා පද්මිණි යුවළ පදිංචිවෙලා හිටියේ කළුබෝවිල පිහිටි පත්මිණිගේ මහගෙදර. මේ අයට පුත්තු තුන්දෙනෙක්ම හිටියා. ඔය අතරේ පද්මිණිට සිවු වැනි දරුවා බිහිවන ලකුණු පහල වුණා. පවුලට පිරිමි දරුවො දෙනෙක් ඉන්න හිංදා තුන්වැනියා උපදින්න ආපු අවස්ථාවෙත් මේ අඹුසැමි යුවළ හීන මැවුවේ දුවෙක් ගැන. ඒත් තුන්වැනියත් පුතෙක්. ඒ හින්දම හතරවැනි දරුවාවත් දුවෙක් වෙනවා නම් හොඳයි කියලා මේ දෙන්නා බලාපාරොත්තු වුණේ.
දින සති මාස ගෙවිලා ගියා. ජූලි කලබල සමය උදාවුණා. ඔය අතරේ පද්මිණිට දරුවා ලැබෙන ලකුණු පහළ වුණා. වාහනයක් හොයාගන්නට විදියක් නැහැ. අන්තිමට පාන් රැගෙන ගිය වෑන් රථයක තමයි ගැබිනි මාතාව රෝහලට ගෙනයන්න සිදුවුණේ. රටේ පැවැති කලබලකාරි වාතාවරණය හිංදා පාරේ හැම තැනම ‍පොලීසිය. දරුවකු ලැබෙන්නට ඉන්න කාන්තාවක් නිසා ‍පොලිස් බාධක මැද වැල්ලවත්ත පෞද්ගලික රෝහලකට යන්න මේ අයට හැකිවුණා. එහිදී පද්මිණිගේ හතරවැනි දරුවා මෙලොව එළිය දුටුවා. එතැන සිටි වෛද්‍යවරයා පද්මිණිගේ පාසල් මිතුරෙක්.

“ඔන්න ඔයාට සුදුම සුදු ලස්සන දුවෙක් ඉපදිලා..”
වෛද්‍යවරයා ඒ විදියට කියද්දි පද්මිණිගේ හිතේ තිබුණු සියලු දුක් දෝමනස්සයන් මැකිල ගියා. වෘත්තියෙන් ගුරුවරියක් හිංදා ඇයම තමයි තමන්ගෙ දරුවන්ට නම් දැම්මේ. ලැබූ දියණියට තමන්ගේ නමේ අරුත එන විදියට නමක් දාන්න ඇයට ඕනෑ වුණා. පද්මය කියන්නේ නෙළුම් මල. ඒ අරුත එන විදියට පුංචි දියණියට පියුමි කියන නම යෙදුණා. ඒ අනුව “වැලිකඩගේ පියුමි ශානිකා බොතේජු” කියන නම තමයි පුංචි දෝනිට ලැබුණේ. ඒ පුංචි දියණිය තමයි ‘පියුමි ශානිකා බොතේජු’ නමින් අද රටේම ආදරය දිනූ නිළියක වී සිටින්නේ.
හතරවැනියා දියණියක් වීම අශුභයි කියලා ඇතැමුන් තුළ මතයක් තියෙනවා. ඒ හිංදා පියුමි මවු පියන්ගෙන් වෙන්කළ යුතු බව ඇතැම් වැඩිහිටියන් පැවසුවාලු. ඒ හිංදම පුංචි දියණියගේ නැන්දා කෙනෙක් මේ දැරියව තමන්ගේ භාරයට අරගෙන. ඒත් සති දෙකක් වත් යන්න කලින් පියුමිගෙ අම්මයි තාත්තයි ආයෙමත් පියුමිව තමන්ගෙ භාරයට අරගෙන.

ඒ දවස්වල පියුමිගෙ අම්මා උදේට කිරි හදල මාරි බිස්කට් එක්ක මේසේ උඩ තියල තියෙන්නේ දරුවෝ 4 දෙනාට. පියුමි අනික් තුන්දෙනාට කලින් නැගිටලා ඇවිත් අයියලාගේ මාරි බිස්කට් ටිකක් කාලා කිරි එක බොනවලු. අයියලා නැගිටලා එද්දී බිස්කට් නැහැ. ඉතින් ඒ වෙලාවට මේ අය අතර ගුටි හුවමාරු පවා ඇතිවෙනවාලු.
පියුමි චූටි කා‍ලේ බයිසිකල් පදින්න බොහොම ආශයිලු. ඉතින් කොට කලිසමයි ටී ෂර්ට් එකයි ඇඳගෙන බයිසිකලයේ ඇවිත් පාර අයිනේ බයිසිකලය හේත්තු වෙලා තාප්පෙ උඩ වාඩිවෙලා යාළුවෝ ටික එකතු වෙන කල් බලා ගෙන ඉන්න එක පියුමිගේ සිරිතක්ලු. ඒ වෙලාවට පාරේ යන අය පියුමිට කතා කරන්නේ ‘මල්ලි‘ කියලාලු. වෙන ළමයින්ට නම් ඉතින් මේවගේ විහිළුවක් කළාම කේන්ති යනවානේ.
හැබැයි පියුමිට නම් කේන්ති යන්නෙ නැහැලු. පිරිමි ළමයෙක් විදියට හැසිරෙන්න ආශාකරන චූටි පියුමි තමන්ට ‘මල්ලි‘ කියලා කතා කරනවාට කැමතියිලු. අදටත් ඒ පළාතේ පැරණි අය පියුමිට පරණ පුරුද්දට ‘මල්ලි‘ කියලලු කතා කරන්නේ.
පියුමි තමන්ගේ අයියලත් එක්ක එකතු වෙලා චූටි කා‍ලේ හරි අපූරු වැඩක් කරලා. පියුමිගෙ ලොකු අයියා බොහොම තැන්පත් කෙනෙක්. අනෙක් අයියලා දෙන්නයි පියුමියි තමයි කරන තරමක් දඟ වැඩ කරන්නේ. මේකත් ඒ අයියලා දෙන්නයි නංගියි එකතු වෙලා කරපු දඟ වැඩක්.
ඒ කා‍ලේ පියුමිගේ ගෙවල් තිබිල තියෙන්නේ පාර අයිනේ. රෑ 7-8 ට විතර පියුමියි අයියලා දෙන්නයි තාත්තගේ පරණ ඉණ පටියක් අරගෙන නූලක ගැට ගහලා ඉණ පටිය පාර මැදට දාලා තමන්ගෙ වත්තෙ හැංගිලා නූලක් අරගෙන ඉන්නවාලු. පියුමියි අයියයි හැංගිලා නූලක් අල්ලගෙන ඉන්න අතරේ අනික් අයියා පාර අයිනට වෙලා කවුද එන්නේ කියලා බලාගෙන ඉන්නවාලු. ඔය වේලාවට මිනිස්සු තමන්ගෙ රාජකාරි නිමාවෙලා ගෙවල් බලා එනවානේ. කවුරු හරි ළංවෙනකොට අයියා විසිල් එකක් ගහනවාලු. ඒ වෙලාවට පියුමියි අනික් අයියයි හිමිට තමන්ගෙ අතේ තිබෙන නූල අදිනවාලු. එතකොට අර කළුපාට ඉණ පටිය ගැස්සිලා ඇදි ඇදි එනවානේ. ඉතින් පාරේ යන අය සර්පයෙක් කියලා හිතලා කෑ ගහගෙන දුවලා යනවාලු.
ඔය විදියට දිගින් දිගටම මේ ක්‍රියාව වෙනකොට වටා පිටාවේ අයට සැක හිතිලා. ඇයි ඉතින් හැමදාම හවස 7 ට විතර මේ නිවස ළඟ පාරෙම සර්පයෙක් ඉඳීම ටිකක් පුදුම සහගතයිනේ.
හොයල බලනකොට හොරේ අහුවෙලා. ඊට පස්සේ වටාපිටාවේ අය ඇවිත් පියුමිගේ තාත්තට මේ ගැන පැමිණිලි කළා. ඊට පස්සේ තාත්තා පියුමිවයි, අයියලා දෙන්නවයි මහ දවල් පාර අයිනේ දණ ගස්සල තිබ්බාලු.

ආරියවංශ කුලතිලක
පියුමිට අයියලා තුන්දෙනෙක් ඉන්නවා. පියුමිගේ එක නැන්දා කෙනෙකුටත් පුත්තු 3 දෙනෙක් ඉන්නවා. අනෙක් නැන්දට 1 පුතෙක් ඉන්නවා. අයියලා 7 දෙනෙක් එක්ක හැදුනු හිංදම පියුමි චූටි කා‍ලේ ඉඳන්ම දඟ මල්ලක්ලු. අයියලා කරන දේවල්ම තමයි ඇයත් කරල තියෙන්නේ. කොට කලිසමකුයි ටී ෂර්ට් එකකුයි ඇඳගෙන දුවන්න, පනින්න, ගස් නගින්න, බයිසිකල් පදින්න තමයි පියුමි නිතරම උත්සහ කරල තියෙන්නේ.

lakbima.lk

Women love & marriage

By: Prosperity Tech On: 6:56 PM

ආදරණීය බැඳීම් මත විවහ වන කාන්තාවන් ප්‍රේමය ජීවිතයේ සැඳෑ සමය තෙක් විඳිනවද?

Facebook Plans 200 Acre Zee-Town

By: Prosperity Tech On: 6:28 PM

මාර්ක් සකර්බර්ග් තවත් වැඩකට අතගසයි

Facebook නිර්මාතෘ  මාර්ක් සකර්බර්ග් අලුත්ම වැඩකට අතගහලා කියලයි ආරංචිය.

ඔහු Facebook වෙනුවෙන්ම නගරයක් නිර්මාණය කරන්නට සැලසුම් කරලා.
මෙය ඉදිකිරීමට සැලසුම් කොට තිබෙන්නේ සැන් ෆ්‍රැන්සිස්කො නුවර අක්කර 200ක පමණ භූමි භාගයකයි.

මෙම නගරය නම් කර ඇත්තේ ‘Zee-town’ නමින්ය.
පරිසර හිතකාමී නගරයක් ලෙස ඉදිවන මෙහි ප්‍රධාන අරමුණ Facebook සේවක සේවිකාවන්ට සැන් ෆ්‍රැන්සිස්කෝ හි තම මූලස්ථානයට ආසන්නයේ නිවාස පහසුකම් ලබාදීමය.
නගර සැලසුමට අනුව නිවාස ඒකක 10000ක් ඉදිකිරීමට නියමිතය. මෙම නගරය පොදු වෙළඳසැල්, හෝටල්, ක්‍රීඩාංගණ ඇතුළුව සියළු සුඛෝපභෝගී පහසුකම් සහිතව ඉදිකිරීමට  සැළසුම්කොට ඇත.
නගරයේ සැලසුම් ශිල්පියා ලෙස කටයුතු කරන්නේ ලොව ප්‍රකට සැලසුම් ශිල්පියෙකුවන ෆ්‍රෑන්ක් ගෙරි විසින්ය.


Stop Street Harassment

By: Prosperity Tech On: 4:05 AM

ලිංගික අතවර වැලක්වීමට නිර්මාණය කළ අපූරු ඇඳුම

ඇෆ්ගනිස්‌ථානයේ කාබුල්හි කුබ්රා කාද්මි නම් කලාකාරිනියක විසින් ලිංගික අතවර වලින් බේරීම සඳහා අපූරු ඇඳුමක් නිර්මාණය කොට තිබේ. ඇය මෙම ඇඳුම නිර්මාණය කොට තිබුනේ අන්කිසිවකටත් නොව පිරිමින්ගෙන් කාන්තාවට සිදුවන හිරිහැර පිළිබඳව සංකේතාත්මක උද්ඝෝෂණයක් සිදු කිරීම සඳහාය.
 
ඒ හේතුවෙන් ඇය පසුගියදා මෙම ඇඳුමද ඇඳගෙන වීදි දිගේ සැරිසරා තිබුණි. එහිදී කෝපයට පත් ඇතැම් පුද්ගලයන් ඇයට ගල් ප්‍රහාර පවා එල්ලකොට තිබුණි. ඇයගේ එම විරෝධතාවය හේතුවෙන් මේවනවිට ඇෆ්ගනිස්තානය උණුසුම් වී ඇති අතර ඇතිව තිබෙන ජීවිත තර්ජන හේතුවෙන් කුබ්රා කාද්මි සැඟව කල්ගතකරන බවද විදෙස් මාධ්‍ය විසින් වාර්තා කොට තිබුණි.
කාන්තාවට සම තැන නොලැබෙන ඇෆ්ගනිස්තානයේ ඇය නොබියව කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් කලක් අයගේ මූලික අයිතීන් පවා කප්පාදුවට ලක්කොට තිබුණි. 


B-x7UpRW4AA57j3 B-xBkBeUUAAYHDD B-ygnaNWkAAM-Fa B-ypXjgUcAAARGs

(nethfm.com)B-2AClDUMAEwjSS

 

Amazing Trees

By: Prosperity Tech On: 3:42 AM

මෙහෙම ත් ගස්! (PHOTOS)

ස්වභාව ධර්මය තුළ නිර්මාණාත්මක බොහෝ දේ ඇත ත් ඒවා අප නෙත ගැටෙනුයේ කලාතුරකිනි.
ගස්වලින් මැවුණු නිර්මාණාත්මක රටා කිහිපයක් පහත ඡායාරූපවලින් දැක්වේ.







Average penis size revealed in study results

By: Prosperity Tech On: 3:24 AM

ප්‍රධාන ප්‍රශ්ණයකට විද්‍යාත්මක පිළිතුරක්. පුරුෂ ලිංගයේ දළ දිග ප්‍රමාණය පරීක්ෂණයකින් අනාවරණය වේ

ප්‍රිමින්ගේ මෛතුන්‍ය උපධානය වන පුරුෂ ලිංගය හෙවත් ශිශ්නයේ ප්‍රමාණය පිළිබඳව කලක් සිට විවිධ මත පළ විය. එහෙත් පිරිමින් 15,000 ක් යොදා කරන ලද පරීක්ෂණයක් මඟින් විද්‍යාත්මක පිළිතුරක් සැපයීමට බ්‍රිතාන්‍ය පරීක්ෂක කණ්ඩායමක් සමත් විය.

එයට අනුව පුරුෂ ලිංගයේ දිග ප්‍රමාණය


3.6 inches (විශුන)
5.2 inches (ප්‍රාණවත්)

වටප්‍රමාණය

3.7 inches (විශුන)
4.6 inches (ප්‍රාණවත්)
මෙම පර්යේෂණයට සහභාගී කරගන්නා ලද නියැදියට අනුව ශීෂණයේ ප්‍රමාණය ජාතිය සහ ජන වර්ගය අනුව වෙනස් වන බව සොයාගෙන නැත.
 





Thursday, March 5, 2015

Harin fernando's dougher birthday

By: Prosperity Tech On: 10:13 PM

හරීන්ගේ දුවගේ 11 වන උපන් දින සැමරුම

උෟව පලාත් ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ දියණිගේ 11 වන උපන් දින සැමරුම පසුගියදාට යෙදී තිබුණා. එහි ඡායාරූප එකතුවක් පහතින් නරඹන්න



 
Harin dougher birthday www.nethfm.com 01 Harin dougher birthday www.nethfm.com 02 Harin dougher birthday www.nethfm.com 03 Harin dougher birthday www.nethfm.com 04 Harin dougher birthday www.nethfm.com 05 Harin dougher birthday www.nethfm.com 06 Harin dougher birthday www.nethfm.com 07 Harin dougher birthday www.nethfm.com 08 Harin dougher birthday www.nethfm.com 09 Harin dougher birthday www.nethfm.com 10 Harin dougher birthday www.nethfm.com 11 Harin dougher birthday www.nethfm.com 12 Harin dougher birthday www.nethfm.com 13 Harin dougher birthday www.nethfm.com 14 Harin dougher birthday www.nethfm.com 15
- See more at: http://offair.nethfm.com/article/14040#sthash.wjq3bbvL.dpuf

Wednesday, March 4, 2015

Prathibha Hettiarachchi, going to be a mom

By: Prosperity Tech On: 10:10 PM

අලුත බැඳපු ප්‍රතිභා මවක් වන ලකුණු

පසුගිය අවුරුද්දේ විවාහ වුන ගාමිණි හෙට්ටිආරච්චිගේ දෝණි ප්‍රතිභා හෙට්ටිආරච්චි මේ අවුරුද්දේ මවක් වෙනවා.

ඒ පදවියට තව මාස හතරක් පහක් විතර තියෙනවා. ප්‍රතිභා එයාගේ සැමියාට ආදරේට සුන්ඩා බුන්ඩා කියන නිසා කුසේ ඉන්න දරුවට ආදරේට කතා කරන්නේ බුන්ඩා කියලාලු....
හැබැයි කුසේ වැඩෙන්නේ බුන්ඩා ද බුන්ඩි ද කියලා තාම දන්නේ නැතිලු.

Buddhika's jobs available for pretty girls

By: Prosperity Tech On: 9:34 PM

බුද්ධික කුලසේකරගේ හිත යන ගැටිස්සියන්ට ස්වර්ණවාහිනියේ ඇබෑර්තු ඇත




ස්වර්ණවාහිනියේ වැඩසටහන් අංශයේ ප්‍රධානියා වන බුද්ධික කුලසේකරට රුවැති ගැටිස්සියන් පේන්නට  බැරි යැයි එහි අභ්‍යන්තර තොරතුරු කරුවන් අනාවරණය කරති. කිසියම් වෙළෙද දැන්වීමකට පෙනී සිටින හෝ වෙනත් නාළිකාවක විකාශය වන ටෙලි නාට්‍යයක රගපාන හෝ රූමත් තරුණියක වෙත බුද්ධික කුලසේකරගේ හිත ඇදී ගියහොත් ඔහු ඊට පසුදාම ඒ තරුණියගේ නම, ගම හා දුරකථන අංකය සොයා ගන්නා බවත්, පසු දිනයේදී  ස්වර්ණවාහිනියේ තිර පරීක්ෂණයක් සදහා පැමිණෙන ලෙස එවන් රූබරියන් වෙත දන්වා යැවෙන බවත් සඳහන්.


එමෙන්ම ඊළග සතියේ දී ස්ථීරවම එකී රුවැත්තියන්ට ස්වර්ණවාහිනියේ පූර්ව ප්‍රචාරක පටයකට පෙනී සිටීමට හෝ ටෙලි නාට්‍යයක රගපෑමට හෝ නොඑසේ නම් ස්වර්ණවාහිනියේ වැඩසටහනක් ඉදිරිපත් කිරීම සදහා හෝ අවස්ථාව හිමිවන්නේ යැයි දැනගන්නට තිබේ.


මෙරට විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ රූමත් තරුණියන්ට රූපවාහිනී මාධ්‍යයෙන් මුහුණ පෙන්වා ප්‍රසිද්ධියට පත්වීම සදහා නිර්ලෝභීව අතහිත දෙන්නන් ලෙස කුප්‍රකටව සිටි සිරස ටී.වී. නාලිකාවේ හිටපු නාලිකා ප්‍රධානියා වූ සුසාර දිනාල් හා  හිරු ටී.වී. නාලිකාවේ වත්මන් වැඩසටහන් අංශ ප්‍රධානියා බව කියන වැලිවත්ත නමැත්තාටත් වඩා රූමතියන්ට උදව් කිරීම සම්බන්ධයෙන් ස්වර්ණවාහිනියේ බුද්ධික කුලසේකරට හිමිවන්නේ ප්‍රධාන තැනකි.

බුද්ධික කුලසේකර තම නාළිකාවේ වැඩසටහන් නිෂ්පාදකවරුනට ලබා දී තිබෙන උපදෙස්වලට අනුව එහි සියළු වැඩසටහන් ඉදිරිපත්කිරීම සදහා යොදාගත යුත්තේ ආකර්ශණීය පෙනුමකින් යුත් තරුණියන් පමණකි.

එමෙන්ම ඔහු විසින් ස්වර්ණවාහිනි නාලිකාවේ දෛනිකව විකාශය කෙරෙන විවිධ වැඩසටහන් ඉදිරිපත් කිරීමේ වගකීම වැඩි වශයෙන්ම පවරා ඇත්තේද ටෙලි නාට්‍ය නිළියන්ට ය.


බුද්ධික කුලසේකරගේ මතයට අනුව ප්‍රේක්ශකයින් වැඩි ප්‍රියතාවයක් දක්වනුයේ රූමත් තරුණියන් දෙස බලාසිටීමට ය.

මීට කලකට පෙර කිසියම් මල්පැල ප්‍රදර්ශනයකට ස්වර්ණවාහිනියේ ප්‍රචාරක අනුග්‍රහය ලබාගැනීම සදහා බුද්ධික කුලසේකර හමුවීමට පැමිණි එක්තරා රූමත් කාන්තාවකගෙන් ; “ ඔයා අපේ Live@8 (ලයිව් ඇට් එයිට්) එකේ නිවුස් කියන්න කැමතිදැ යි ” කියා බුද්ධික අසා ඇති බවට වන කටකතාවක් ද විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ප්‍රකටව තිබේ.




eGossip.lk