Wednesday, March 4, 2015

Tagged Under: , , ,

Buddhika's jobs available for pretty girls

By: Prosperity Tech On: 9:34 PM

බුද්ධික කුලසේකරගේ හිත යන ගැටිස්සියන්ට ස්වර්ණවාහිනියේ ඇබෑර්තු ඇත




ස්වර්ණවාහිනියේ වැඩසටහන් අංශයේ ප්‍රධානියා වන බුද්ධික කුලසේකරට රුවැති ගැටිස්සියන් පේන්නට  බැරි යැයි එහි අභ්‍යන්තර තොරතුරු කරුවන් අනාවරණය කරති. කිසියම් වෙළෙද දැන්වීමකට පෙනී සිටින හෝ වෙනත් නාළිකාවක විකාශය වන ටෙලි නාට්‍යයක රගපාන හෝ රූමත් තරුණියක වෙත බුද්ධික කුලසේකරගේ හිත ඇදී ගියහොත් ඔහු ඊට පසුදාම ඒ තරුණියගේ නම, ගම හා දුරකථන අංකය සොයා ගන්නා බවත්, පසු දිනයේදී  ස්වර්ණවාහිනියේ තිර පරීක්ෂණයක් සදහා පැමිණෙන ලෙස එවන් රූබරියන් වෙත දන්වා යැවෙන බවත් සඳහන්.


එමෙන්ම ඊළග සතියේ දී ස්ථීරවම එකී රුවැත්තියන්ට ස්වර්ණවාහිනියේ පූර්ව ප්‍රචාරක පටයකට පෙනී සිටීමට හෝ ටෙලි නාට්‍යයක රගපෑමට හෝ නොඑසේ නම් ස්වර්ණවාහිනියේ වැඩසටහනක් ඉදිරිපත් කිරීම සදහා හෝ අවස්ථාව හිමිවන්නේ යැයි දැනගන්නට තිබේ.


මෙරට විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ රූමත් තරුණියන්ට රූපවාහිනී මාධ්‍යයෙන් මුහුණ පෙන්වා ප්‍රසිද්ධියට පත්වීම සදහා නිර්ලෝභීව අතහිත දෙන්නන් ලෙස කුප්‍රකටව සිටි සිරස ටී.වී. නාලිකාවේ හිටපු නාලිකා ප්‍රධානියා වූ සුසාර දිනාල් හා  හිරු ටී.වී. නාලිකාවේ වත්මන් වැඩසටහන් අංශ ප්‍රධානියා බව කියන වැලිවත්ත නමැත්තාටත් වඩා රූමතියන්ට උදව් කිරීම සම්බන්ධයෙන් ස්වර්ණවාහිනියේ බුද්ධික කුලසේකරට හිමිවන්නේ ප්‍රධාන තැනකි.

බුද්ධික කුලසේකර තම නාළිකාවේ වැඩසටහන් නිෂ්පාදකවරුනට ලබා දී තිබෙන උපදෙස්වලට අනුව එහි සියළු වැඩසටහන් ඉදිරිපත්කිරීම සදහා යොදාගත යුත්තේ ආකර්ශණීය පෙනුමකින් යුත් තරුණියන් පමණකි.

එමෙන්ම ඔහු විසින් ස්වර්ණවාහිනි නාලිකාවේ දෛනිකව විකාශය කෙරෙන විවිධ වැඩසටහන් ඉදිරිපත් කිරීමේ වගකීම වැඩි වශයෙන්ම පවරා ඇත්තේද ටෙලි නාට්‍ය නිළියන්ට ය.


බුද්ධික කුලසේකරගේ මතයට අනුව ප්‍රේක්ශකයින් වැඩි ප්‍රියතාවයක් දක්වනුයේ රූමත් තරුණියන් දෙස බලාසිටීමට ය.

මීට කලකට පෙර කිසියම් මල්පැල ප්‍රදර්ශනයකට ස්වර්ණවාහිනියේ ප්‍රචාරක අනුග්‍රහය ලබාගැනීම සදහා බුද්ධික කුලසේකර හමුවීමට පැමිණි එක්තරා රූමත් කාන්තාවකගෙන් ; “ ඔයා අපේ Live@8 (ලයිව් ඇට් එයිට්) එකේ නිවුස් කියන්න කැමතිදැ යි ” කියා බුද්ධික අසා ඇති බවට වන කටකතාවක් ද විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ප්‍රකටව තිබේ.




eGossip.lk

0 comments:

Post a Comment