Friday, March 6, 2015

Tagged Under: , , ,

ITN Chat & Music Niroshan to enter politics through Wimal Weerawansa's party

By: Prosperity Tech On: 9:05 PM

"ITN"යෙන් දොට්ට දැමු නිරෝෂන් මහ මැතිවරණයට මහින්ද අගමැති කරන සටනට විමලෙත් එක්ක සෙට් වෙලා  


ස්වාධීන රූපවාහිණියේ ජනප්‍රිය නිවේදයකු වූ "නිරෝෂන් ප්‍රේමරත්න" ස්වාධීන රූපවාහිණිය හරහා විකාශණය වුණු "Chat & Music" වැඩසටහන වසර ගණනක් තිස්සේ ඉදිරිපත් කළ අතර, පසුගිය දා ආණුඩු පෙරළීමත් සමඟින්, තව දුරටත් ඔහුගේ සේවය අවශ්‍ය නැති බව පවසමින් නිරෝෂන්ව ''ITN'' නාළිකාවෙන් ඉවත් කර තිබුණේ කිසිදුන් කිසිදු හේතු සාදකයක් ගැන කරනු ඉදිරිපත් කිරීමකින් තොරවයි.

මේ හේතුව නිසාවෙන්ම පසුගිය දිනවල තරමක් කතාබහට ලක් වූ නිරෝෂන් ඉදිරි මහ මැතිවරණයේ දී විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වීමට සූදානමින් පසුවන බව දැන ගැනීමට තිබේ. ඔහු කඹුරුපිටිය ආසනයෙන් දේශපාලන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බව ද වාර්තා වේ.

පසුගිය වසර ගණනාවක් තිස්සේ ශ්‍රීලංකා නිදහස පක්ෂයට සමීපව හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියාකාරි වැඩ කොටසක නිරතව සිටි නිරෝෂන් ප්‍රේමරත්න ආණ්ඩු පෙරළියත් සමඟ ස්වාධීන රූපවාහිණී අයතනයේ කටයුතුවලින් ඉවතට විසිවුයේ, රාජපක්ෂවාදියකු වීම නිසා දේශපාලන පලිගැනීමක් ලෙස බවට ප්‍රචාරයක් ගෙන ගියද එවැන්නක් සිදුව තිබුණේ නැත.

මේ වන විට ඔහු වෙළඳ ප්‍රචාරක ආයතනයක් ද පවත්වාගෙන යයි. කෙසේ නමුත් විමල් වීරවංශ ප්‍රමුඛව කණ්ඩායම විසින් මහින්ද රාජපක්ෂව අගමැති කළ යුතු බවට ගෙන යන ව්‍යාපාරයේ ද ප්‍රමුඛ හවුල්කරුවකු ලෙස ඔහු ක්‍රියාකාරීව සිටී.





0 comments:

Post a Comment