Wednesday, March 4, 2015

Prathibha Hettiarachchi, going to be a mom

By: Prosperity Tech On: 10:10 PM

අලුත බැඳපු ප්‍රතිභා මවක් වන ලකුණු

පසුගිය අවුරුද්දේ විවාහ වුන ගාමිණි හෙට්ටිආරච්චිගේ දෝණි ප්‍රතිභා හෙට්ටිආරච්චි මේ අවුරුද්දේ මවක් වෙනවා.

ඒ පදවියට තව මාස හතරක් පහක් විතර තියෙනවා. ප්‍රතිභා එයාගේ සැමියාට ආදරේට සුන්ඩා බුන්ඩා කියන නිසා කුසේ ඉන්න දරුවට ආදරේට කතා කරන්නේ බුන්ඩා කියලාලු....
හැබැයි කුසේ වැඩෙන්නේ බුන්ඩා ද බුන්ඩි ද කියලා තාම දන්නේ නැතිලු.

Buddhika's jobs available for pretty girls

By: Prosperity Tech On: 9:34 PM

බුද්ධික කුලසේකරගේ හිත යන ගැටිස්සියන්ට ස්වර්ණවාහිනියේ ඇබෑර්තු ඇත




ස්වර්ණවාහිනියේ වැඩසටහන් අංශයේ ප්‍රධානියා වන බුද්ධික කුලසේකරට රුවැති ගැටිස්සියන් පේන්නට  බැරි යැයි එහි අභ්‍යන්තර තොරතුරු කරුවන් අනාවරණය කරති. කිසියම් වෙළෙද දැන්වීමකට පෙනී සිටින හෝ වෙනත් නාළිකාවක විකාශය වන ටෙලි නාට්‍යයක රගපාන හෝ රූමත් තරුණියක වෙත බුද්ධික කුලසේකරගේ හිත ඇදී ගියහොත් ඔහු ඊට පසුදාම ඒ තරුණියගේ නම, ගම හා දුරකථන අංකය සොයා ගන්නා බවත්, පසු දිනයේදී  ස්වර්ණවාහිනියේ තිර පරීක්ෂණයක් සදහා පැමිණෙන ලෙස එවන් රූබරියන් වෙත දන්වා යැවෙන බවත් සඳහන්.


එමෙන්ම ඊළග සතියේ දී ස්ථීරවම එකී රුවැත්තියන්ට ස්වර්ණවාහිනියේ පූර්ව ප්‍රචාරක පටයකට පෙනී සිටීමට හෝ ටෙලි නාට්‍යයක රගපෑමට හෝ නොඑසේ නම් ස්වර්ණවාහිනියේ වැඩසටහනක් ඉදිරිපත් කිරීම සදහා හෝ අවස්ථාව හිමිවන්නේ යැයි දැනගන්නට තිබේ.


මෙරට විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ රූමත් තරුණියන්ට රූපවාහිනී මාධ්‍යයෙන් මුහුණ පෙන්වා ප්‍රසිද්ධියට පත්වීම සදහා නිර්ලෝභීව අතහිත දෙන්නන් ලෙස කුප්‍රකටව සිටි සිරස ටී.වී. නාලිකාවේ හිටපු නාලිකා ප්‍රධානියා වූ සුසාර දිනාල් හා  හිරු ටී.වී. නාලිකාවේ වත්මන් වැඩසටහන් අංශ ප්‍රධානියා බව කියන වැලිවත්ත නමැත්තාටත් වඩා රූමතියන්ට උදව් කිරීම සම්බන්ධයෙන් ස්වර්ණවාහිනියේ බුද්ධික කුලසේකරට හිමිවන්නේ ප්‍රධාන තැනකි.

බුද්ධික කුලසේකර තම නාළිකාවේ වැඩසටහන් නිෂ්පාදකවරුනට ලබා දී තිබෙන උපදෙස්වලට අනුව එහි සියළු වැඩසටහන් ඉදිරිපත්කිරීම සදහා යොදාගත යුත්තේ ආකර්ශණීය පෙනුමකින් යුත් තරුණියන් පමණකි.

එමෙන්ම ඔහු විසින් ස්වර්ණවාහිනි නාලිකාවේ දෛනිකව විකාශය කෙරෙන විවිධ වැඩසටහන් ඉදිරිපත් කිරීමේ වගකීම වැඩි වශයෙන්ම පවරා ඇත්තේද ටෙලි නාට්‍ය නිළියන්ට ය.


බුද්ධික කුලසේකරගේ මතයට අනුව ප්‍රේක්ශකයින් වැඩි ප්‍රියතාවයක් දක්වනුයේ රූමත් තරුණියන් දෙස බලාසිටීමට ය.

මීට කලකට පෙර කිසියම් මල්පැල ප්‍රදර්ශනයකට ස්වර්ණවාහිනියේ ප්‍රචාරක අනුග්‍රහය ලබාගැනීම සදහා බුද්ධික කුලසේකර හමුවීමට පැමිණි එක්තරා රූමත් කාන්තාවකගෙන් ; “ ඔයා අපේ Live@8 (ලයිව් ඇට් එයිට්) එකේ නිවුස් කියන්න කැමතිදැ යි ” කියා බුද්ධික අසා ඇති බවට වන කටකතාවක් ද විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ප්‍රකටව තිබේ.




eGossip.lk

How to identify Ven Samanthabadra/Pitidhuwe Siridhamma's birthday dhana

By: Prosperity Tech On: 6:39 PM

සමන්තභද්‍රගේ දාන සාදය තේරුම් ගන්නේ කෙසේ ද?

සිරි සමන්තභද්‍ර නම් මාර්ග ඵල ලත් භික්ෂුවක් ලෙස තමන් හඳුන්වා ගන්නා පිටිදූවේ සිරිධම්ම හිමි විසින් සිය 40වන උපන් දිනය නිමිත්තෙන් පවත්වන ලද දාන සාදය ගැන දැන් කතාබහ කෙරෙමින් තිබේ.

එහි පිංතූර බලන කල ඉතා පැහැදිලිව ම අලුත් ආගමික ප්‍රවණතාවක ලක්ෂණ දකින්නට ලැබේ. ඒ වනාහි කාමසුඛල්ලිකානුභෝගී බෞද්ධ භාවිතාවක් ලෙස හඳුනාගත හැකි දෙයකි.
මෙය සමන්තභද්‍ර හෙවත් පිටිදූවේ සිරිධම්ම භික්ෂුව වෙතින් පමණක් නොව මෑත කාලයේ මතු වූ අසපුවාසී භික්ෂු පරපුරෙන් ම ප්‍රකාශයට පත් වූ ලක්ෂණයක සංකේතාත්මක ප්‍රකාශනයකි.

ඒ වනාහි සුඛෝපභෝගී, අධි වියදම්කාරී, සෝබනකාර ජීවන පැවැත්මකි. එය මුල් බුදු සමයෙන් හඳුන්වා දෙන ලද හා සම්ප්‍රදායිකව මේ රටේ භික්ෂූන් හා බෞද්ධ සැදැහැවතුන් විසින් පරමාදර්ශී ලෙස අනුගමනය කරන ලද අල්පේච්ඡ දිවි පැවැත්මේ ප්‍රතිපාර්ශ්වයයි.

විවෘත ආර්ථිකයත් සමග පන්සල ද ව්‍යාපාරික මධ්‍යස්ථානයක් වන්නට පටන් ගත් අතර අවසන් නො කරන විවිධ ඉදිකිරීම් ව්‍යාපෘති පන්සල්වල ප්‍රධාන ලක්ෂණයක් විය. ඒ වෙනුවෙන් අරමුදල් සම්මාදම් කිරීම භික්ෂූන්ගේ ප්‍රධාන ව්‍යාපාරය විය. ඒ අනුව ලංකාවේ බො‍හෝ පන්සල් සදාකාලික ඉදිකිරීම් වැඩබිම් බවට පත් වී තිබේ. භික්ෂූන් යනු කූට සම්මාදම්කාරයන් පිරිසක් බවට පත් වී තිබේ.

මෙම බෞද්ධ ඉදිකිරීම් ප්‍රවණතාවේ අනෙක් ලක්ෂණය වූයේ උසස් කලාත්මක රසඥතාවෙන් තොර වීමයි. මෑත කාලීන බෞද්ධ ගෘහ නිර්මානයන් අතිශය රළු පරළු ඒවා බව සරළ අධ්‍යයනයකින් වටහා ගත හැකි ය.

සාමාන්‍ය පන්සල්වල ආගමික අභිචාර පැවැත්වීම උපාසිකා උපාසක පිරිසට කයට දුක් දෙන කාර්යයක් වී තිබේ. මේවායේ බණ මඩුවල ලී දඬු ගොඩගහලා ය. වැසිකිලි සේදීමක් ඇත්තේ ම නැත. වැලිමලු මඩ කඩිති ය. ඒ වෙනුවට යම් පිළිවෙලකට අභිචාර පැවැත්විය හැකි ස්ථාන ‍ඔවුන්ට අවශ්‍ය විය.

මධ්‍යම පංතික කාන්තාවන් ඉලක්ක කරගෙන බිහි වූ අසපු විසින් මේ සමාජ අවශ්‍යතාව හොඳින් හඳුනා ගන්නා ලදී. අසපු විසින් කරන ලද මූලික ම කාර්යයක් වූයේ අරමුදල් සම්පාදනය හා ආයතන කළමනාකරණය විධිමත් කර ගැනීමයි. එසේම භික්ෂුව හැත්තෑව දශකයේ කිළිටි මුදලාලිගේ තත්වයේ සිට සුන්දර ධර්ම කථිකයකු දක්වා පරිණාමය විය. පන්සල සදාකාලික ඉදිකිරීම් වැඩබිමක තත්වයෙන් කලාත්මක, නිසංසල, නවීන ස්ථානයක් බවට සංවර්ධනය කරන ලදී. සම්ප්‍රදායික පන්සලෙන් වෙනස් වීම සඳහා එය අසපුව ලෙස නම් කෙරිණි.

ඒ හා සමාන්තරව උපාසිකා උපාසක ප්‍රජාව ද බණ මඩුවල දුෂ්කර ක්‍රියා කරන මැහැල්ලන්ගේ තත්වයේ සිට නව බෞද්ධ විලාසිනියකගේ තත්වයට උසස් කරන ලදී.

මේ වනාහි සමාජ අවශ්‍යතාවක් තේරුම් අරගෙන එයට ආමන්ත්‍රණය කිරීමක් මිස අමුතු අපරාධයක් නො වේ. කුමන හෝ ආකාරයකින් මුදල් ඉපයීම උත්කර්ෂයට නංවා තිබෙන වත්මන් සමාජයේ එසේ මුදල් උපයන මිනිසුන්ට සිය වරදකාරී හැඟීම් අකා මකා දමා ගැනීමටත්, සිය පාරිභෝජනවාදී දිවි පැවැත්ම හා අනුගත වන ආගමික අභිචාර ක්‍රියාවලියක් හා සම්බන්ධ වීමටත් අසපු විසින් අවස්ථාව උදා කර දී තිබේ.

පන්සල්වලට එන මිනිසුන්ගේ දත් ගැලවීමට විවිධ උපාය උප්පරවැට්ටි යොදමින් දවස ගෙවන මහණුන්ගෙන් යුත් පන්සල් වෙනුවට වෘත්තික මට්ටමේ ධර්ම සේවාවන් සපයන අසපු විසින් නිරූපණය කරන්නේ අන් කිසිවක් නොව පසුගිය කාලය තුළ සිදු වූ සමාජ පරිණාමයයි.

මේ වනාහි ධනකාමයයි.








(w3lanka.com)

President's house Jaffna

By: Prosperity Tech On: 6:26 PM

හිටපු ජනපති ඉදිකල මන්දිරය බලන්න ජනපති මෛත්‍රී යයි (VIDEO) 

යාපනයේ ඉදිකරන ලද ජනාධිපති මන්දිරයේ පදිංචියට තමා නොයන බවත් මෙම මන්දිරය ජනතා සේවයට යොදවන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
යාපනය කන්කසන්තුරේ ප්‍රදේශයේ ඉදිකරමින් පැවති එම ජනාධිපති මන්දිරය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිරීක්ෂණයට ලක්විය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය සමයේදී ඉදි කරමින් පැවති යාපනය, කන්කසන්තුරෙයිහි ජනපති මන්දිරය සඳහා රුපියල් කෝටි 250 ක් වියදම් කර ඇති බව වාර්තා වේ.

මේ වනවිට යාපනය ජනාධිපති මන්දිරයේ ඉදිකිරීම් කටයුතු සියයට 90කින් අවසන් බවත් එම ජනාධිපති මන්දිරය තමා සියැසින් දුටු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
එහි ඇතුළත දර්ශන පහතින් දැක්වේ.


(asianmirror.lk)

Kumar Sangakkara Plays Violin

By: Prosperity Tech On: 3:37 AM

සංගා දක්ෂ ක්‍රිකට්වලට විතරද?- (වීඩියෝ බලන්න)

11න් පහළ බැඩ්මින්ටන් ශ්‍රී ලංකා ශූරතාව සහ 11න් පහළ ටෙනිස් ශ්‍රී ලංකා ශූරතාව දිනා ගැනීමට සමත් වූ සංගා ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණව ඇත්තේ ඉහත සඳහන් සියල්ලම සිදු කරන අතරවාරයේදීයි. 

එසේම සංගාගේ දෙවැනි අක්කා සාරංගා ද දක්ෂ ටෙනිස් ක්‍රීඩිකාවකි. ඇයද ශ්‍රී ලංකා ශූරියක් වී තිබේ.

සංගාගේ අයියාද ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දක්ෂ පන්දු යවන්නෙකි. 
බැඩ්මින්ටන්, ටෙනිස් ශූරයෙක් වූ සංගා පසුව පිහිනුම් අංශයේදීද දක්ෂතා දක්වා ඇති අතර ගායනයට මෙන්ම වයලීන් වාදනයට එලෙසින්ම දක්ෂතා පෙන්වන ලදී.


විද්‍යාලයීය සංගීත සංධවනියේ සාමාජිකයෙකු වූ ඔහු පන්තියේ නිතරම පළමුවැනියා නොවුණත් විෂයයන් සඳහා ඉහළ ලකුණු ලබාගෙන තිබේ. ඒ සියල්ලටම අමතරව ගීත ගායනයටද සංගාට ඇත්තේ සුවිශේෂී දක්ෂතාවයකි

 

Tuesday, March 3, 2015

Man Climbs Out of Buckingham Palace In England. (Watch The VIDEO)

By: Prosperity Tech On: 5:37 PM
බකිම්හැම් මාලිගාවේ ජනේලෙන් පැනනේ කාගේ හරි හොර පෙම්වතෙක් ද? - වීඩියෝ
බකිම්හැම් මාලිගාවේ නිරුවතින් එල්ලුණු මිනිසාගේ කතාවේ ඇත්ත නැත්ත වීඩියෝව සමගින්

එංගලන්තයේ බකිම්හැම් මාලිගාව ඉදිරිපිට සිට ඡායාරූප ගැනීමට සහ එය නැරඹීමට එන දේශීය විදේශීය සංචාරකයින්ගේ සිරිතක් වී තිඛෙනවා, යුවළක් විසින් අශ්වයින් පැදයන අශ්වාරෝකයින් ඡායාරූප ගනිමින් සිටි අවස්ථාවකදී අහම්ඛෙන් අපුර්ව සිද්ධියක් කැමරා කාචයට හසුවී තිඛෙනවා.


ඒ බකිම්හැම් මාලිගාවේ ඉහළ මාලයක සිට ලණුවක් ආකාරයට පෙරවීමට යොදාගන්න පොරවනයක් සකස් කොට නිරුවතින් පහළට බසින මිනිසෙකි. පහළට බසින අවස්ථාවේදී අවසාන භාගයේදී එම ලණුව අතහැරි යන ආකාරයද කැමරාවේ සටහන් වුණා

Monday, March 2, 2015

Sajin Vass Gunawardena's flights found in Rathmalana

By: Prosperity Tech On: 9:48 PM

සජින්ට අයත් ගුවන් යානය මෙන්න (ඡායාරූප බලන්න)

පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට අයත් බව කියන ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් වසරකට ආසන්න කාලයක් තිස්සේ කටුනායක ගුවන් තොටුපළේ නවතා තිබෙන බව මේවනවිට හෙළිව තිබේ.
 
මන්ත්‍රීවරයාට අයත් ගුවන් සමාගමේ නිල වෙබ් අඩවියට අනුව එම සමාගම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර භාණ්ඩ ප්‍රවාහන සේවාවක් පවත්වා ගෙන යන අතර ඒ සඳහා භාවිතා කරන බවට සටහන් කර ඇත්තේ බෝයින් 727 වර්ගයේ "Lanka Cargo" නමින් නම්කොට තිබු ගුවන් යානයකි.

 
මෙම වර්ගයේ ගුවන් යානා මේ වන විට නිෂ්පාදනය නොකෙරෙන අතර පිළිසකර කළ එවැනි යානයක මිල අමෙරිකානු ඩොලර් මිලියන 2ක් පමණ වෙතැයි පැවසේ.
 
මෙම ගුවන් සමාගමට අයත් ගුවන් යානය වසරකට ආසන්න කාලයක් තිස්සේ කටුනායක ගුවන් තොටු‍පළේ නතර කර තබා ඇති අතර මෙසේ ගුවන් යානයක් නතර කර තැබීම වෙනුවෙන් මසකට ඩොලර් 4000ක් ගෙවිය යුතු බවද වාර්තා වේ. 
 
එම ගුවන් යානයේ ඡායාරූප එකතුවක් බලන්න පහතින් 
lankan-cargo-cosmos-aviation-sri-lanka-nethfm (1) OLYMPUS DIGITAL CAMERA lankan-cargo-cosmos-aviation-sri-lanka-nethfm (3) lankan-cargo-cosmos-aviation-sri-lanka-nethfm (4) lankan-cargo-cosmos-aviation-sri-lanka-nethfm (5) lankan-cargo-cosmos-aviation-sri-lanka-nethfm (6) lankan-cargo-cosmos-aviation-sri-lanka-nethfm (7) lankan-cargo-cosmos-aviation-sri-lanka-nethfm (8) lankan-cargo-cosmos-aviation-sri-lanka-nethfm (9)
(nethfm.com)

Bipasha Basu's HOT Photoshoot

By: Prosperity Tech On: 8:28 PM

බිපාෂාගේ අලුත්ම Photoshoot එක

බොලිවුඩයේ සරාගී නිළියන් අතර ඉහළින්ම වැජඹෙන කෙනෙක්නේ බිපාෂා කියන්නේ. කාලයක් ජෝන් ඒබ්‍රහම් එක්ක ආලෙන් වෙලිලා හිටිය ඇය ඒ කාලයේ පුවත් රාශියක් මවන්න වුනා. නමුත් පසු කාලෙකදි වෙනත් තරුණයෙක් එක්කත් ප්‍රේම සම්බන්ධයක් පවත්වපු නිසා ජෝන් ඒබ්‍රහම් ට බිපාෂා හිතාමතාම බූට් එකක් තිබ්බද කියලත් කටකතා පැතිරෙන්න වුනා.
කොහොම නමුත් බිපාෂා ආයෙත් කරළියට ඇවිත්. හැබැයි චිත්‍රපටයකින් නම් නෙවෙයි. ඒ ඇයගේ අලුත්ම Photoshoot එකෙන්. මේ වෙනකොට ඒ Photoshoot එකේ වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙනවා. එය පහතින් නරඹන්න..

Naaked Milo Moire strolls through German museum with a baby

By: Prosperity Tech On: 5:44 AM

"උපන් ඇඳුමින් ප්‍රදර්ශනයට ආව කලාකාරිය"

කලාව වෙනුවෙන් යැයි කියමින් තම කලාකෘති ප‍්‍රදර්ශනය අතරතුරදී දරුවාද වඩාගෙන උපන් ඇදුමින් නරඹන්නන් අතර ගැවසුණු කලාකාරියක නිසා මහත් කලබගෑනියක් ඇතිවූ පුවතක් ජර්මනියෙන් වාර්තා වේ.

මයිලෝ මොරී නම්වන ඇය හා ඇයගේ දරුවා යන දෙදෙනාම සිට ඇත්තේ නිරුවතිනි.තම කලා කෘති වලට පණ ගෙන දීම සදහා තමන්ද ජීවමාන කලා කෘතියක් බවට පත්වන බව ප‍්‍රදර්ශනය පැවැත්වීමට මත්තෙන් ඇය තම වෙබ් අඩවියේ සඳහන් කර තිබී ඇත.


ඇගේ නූල්පොටකදු නොමැතිව ඇය හා ඇයගේ දරුවා නරඹන්නන් අතර ගැවස තිබෙන්නේ කිසිදු තැතිගැන්මක් නැතිවය.

ප‍්‍රදර්ශනය නැරඹිමට පැමිණි පේ‍්‍රක්ෂකයෝ ඇය නිසා මහත් අපහසුතාවට පත්වී තිබෙන අතර දරුවන් රැගෙන පැමිණි මව්වරුන් හා පියවරුන් වහාම එම ස්ථානයෙන් ඉවතට ගොස් තිබෙන්නේ ඇයට හොද හැටි දෙහි කපමින්ය.

කෙසේ වෙතත් කලා රසිකයින් නම් ඇයගේ උත්සාහයේ ගත යුතු දෙයක් තිබෙන බව පවසමින් අදහස් දක්වා තිබේ.
(shaafm.lk)

HIV spreaded from Uma Oya multipurpose project

By: Prosperity Tech On: 5:30 AM

උමා ඔය ව්‍යාපෘතිය නිසා HIV ආසාදිතයින් වැඩි වෙයි

කරදගොල්ල ගම්මානයේ සමාජ රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ඇති බව ඇල්ල ප්‍රදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රී බන්දුල කරුණාරත්න මහතා සඳහන් කරයි.
 
මේ අතර HIVආසාධිත පුද්ගලයින් සිටින බවත් මෙම වර්ධනයට හේතුව උමා ඔය ව්‍යාපෘතිය සඳහා මෙරටට පැමිණ තිබෙන ඉරාන ජාතිකයින් සමග එම ගම්මානයේ කාන්තාවන් ලිංගික සම්බන්ධතා පැවැත්වීම බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.
 
එම ගම්මානයේ වැඩි පිරිසක් දරිද්‍රතාවයෙන් පෙලීම හේතුවෙන් මෙම ක්‍රියාවට යොමු වී ඇති බව ද ඔහු පෙන්වා දෙයි.
 
කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ මේ පිළිබඳ තොරතුරු දන්නා නමුත් ඒවා ප්‍රසිද්ධ නොකරන බවත් තමා මේ හෙළිකළ කරුණු ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන ඒවා බවත් ඇල්ල ප්‍රදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රී බන්දුල කරුණාරත්න මහතා වැඩි දුරටත් සඳහන් කරයි.
 
වැලිමඩ ප්‍රේමලාල් රත්නායක