Wednesday, March 4, 2015

Tagged Under: ,

President's house Jaffna

By: Prosperity Tech On: 6:26 PM

හිටපු ජනපති ඉදිකල මන්දිරය බලන්න ජනපති මෛත්‍රී යයි (VIDEO) 

යාපනයේ ඉදිකරන ලද ජනාධිපති මන්දිරයේ පදිංචියට තමා නොයන බවත් මෙම මන්දිරය ජනතා සේවයට යොදවන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
යාපනය කන්කසන්තුරේ ප්‍රදේශයේ ඉදිකරමින් පැවති එම ජනාධිපති මන්දිරය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිරීක්ෂණයට ලක්විය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය සමයේදී ඉදි කරමින් පැවති යාපනය, කන්කසන්තුරෙයිහි ජනපති මන්දිරය සඳහා රුපියල් කෝටි 250 ක් වියදම් කර ඇති බව වාර්තා වේ.

මේ වනවිට යාපනය ජනාධිපති මන්දිරයේ ඉදිකිරීම් කටයුතු සියයට 90කින් අවසන් බවත් එම ජනාධිපති මන්දිරය තමා සියැසින් දුටු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
එහි ඇතුළත දර්ශන පහතින් දැක්වේ.


(asianmirror.lk)

0 comments:

Post a Comment