Saturday, February 14, 2015

Tissa Attanayake's Daughter Dulmini Attanayake Makes Sri Lankan Headlines

By: Prosperity Tech On: 3:42 AM

මේ දවස්වල වැඩියෙන්ම කතාවන දුල්මිණි චරිතේ

 පසුගිය සතියේ ලංකාවේ අන්තර්ජාලයේ ආන්දෝලනාත්මක පුවත් මැවූ තැනැත්තියක බවට පත්වන්නට හිටපු එජාප මහලේකම් තිස්ස අත්තනායගේ එංගලන්තයේ සිට ආ සුරූපී දියණිය වන දුල්මිණි අත්තනායක සමත්වුණා.

තිස්ස සිරගතවන්නට පළමුව ඈ ගැන කිසිවෙකු කතා නොකළත් බන්ධනාගාර ඇමතිවරයා සහ හිටපු ජනපති තිස්ස බලන්නට ආ දවසේ මාධ්‍ය කැමරා කණ්ඩායම් බන්ධනාගාර රෝහල අසළට ගොස් සිටි අවස්ථාවේ
කැමරාවලට හසුවීම නිසා ඇගේ සුන්දර රුව සහිත ඡායාරූප හා වීඩියෝ මාධ්‍යයේ පළවීමත් සමග මේ උනන්දුව ඇති විය.

ඇගේ ඡායාරූප සොයා දසදහස් සංඛ්‍යාත අන්තර්ජාල සැරිසරන්නන් ගූගල්හි සෙවුම් කර ඇත.

ඇය 11 වනදා අප්පච්චිට ඇප ගන්න බලනවා.. යනුවෙන් මාධ්‍ය අමතා කියූ ලෙසින්ම තිස්සට 11 වනදා ඇප ලැබුනේ ඇගේ ආකර්ෂණයේ ආනුභාවයෙන් බවට ඇතැම් අය කමෙන්ට් කර තිබුණා. සමහරු මවිතය පළකරමින් කමෙන්ට් කර තිබුනේ තිස්ස වැනි zහැලපෙයෙකුZට මෙවැනි zමොඩ්Z දුවක සිටීම ගැන තමා පුදුම වන බව දක්වමිනි.

මේ අතර 11 වනදා තිස්සට ඇප ලැබුණ අවස්ථාවේ කළු කෝට් බෑයක් ගසාගෙන නාමල් රාජපක්ෂ හදිසියේ එතැනට කඩා වැදුනේ තිස්සට ඇති ආදරය නිසා නොව ඔහුගේ දුව නරඹන්නට ඇති සැ`ගවුණ ආසාවක් නිසා බවටද කමෙන්ට් කරුවන් කටකතා හැදුවා.

මේ අතර අන්තර්ජාලයේ ගූගල් සෙවුම් යන්ත්‍රයේ නිශ්චිත යෙදුමක් ලෙස තිස්සගේ දුව හා ඇගේ නම සොයායාම් වාර්තා පොතට ඇතුළත්ව ඇති අතර zදුල්මිණි අත්තනායකZ නමින් අලූතින් ෆේස් බුක් පිටු හා ව්‍යාජ ප්‍රොෆයිල් හදන්නටද ඇතැමුන් උනන්දුවී තිඛෙනවා.

මේ අතර වඩාත් හාස්‍යජනක නිර්මාණය වන්නේ තිස්ස අත්තනායකගේ බෑණාවරුන්ගේ සංගමය නමින් ෆේස් බුක් පිටුවක් නිර්මාණයවී ඒ වෙත මේ වනවිට 14000 කට අධික පිරිසක් එක්ව සිටීමත් එහි විවිධ හාස්‍යජනක අදහස් එකතු කර තිබීමත්ය.
ඇතැමුන් එහි අදහස් දක්වා තිඛෙන ආකාරයට මේතාක් රූපය නිසා හදබැඳගත් හිරුණිකාගේ තැන ඇගෙන් ගිළිහී දුල්මිණි වෙත එකතුවී තිඛෙන අතර ඇය අනාගතයේ සන්ධානයේ අපේක්ෂිකාවක කර ඡන්දය ලබාදීමටද ෆේස් බුක් තරුණ පිරිස් සූදානම්ය.

පහත පළවන්නේ අන්තර්ජාලයේ පැතිරුණ දුල්මිණිගේ හාස්‍ය නිර්මාණ එකතුවකි. සියල්ල මෙතැනින්

Friday, February 13, 2015

Facebook to Allow 'legacy Contacts' for When You Die

By: Prosperity Tech On: 8:57 PM

මැරුණට පස්සෙ Facebook යන්නේ මෙහෙමයි

Facebook සමාජ ජාලය 'Legacy Contacts' නමින් නව විශේෂාංගයක් හඳුන්වා දෙයි.
මරණයෙන් පසුව සිය ගිණුම් කළමණාකරණයට යහළුවෙකු නම් කිරීමේ හැකියාව මෙම විශේෂාංය මගින් Facebook පරීශිලකයින්ට හැකියාව ලැබේ.
දැනට මෙම විශේෂාංගයෙන් පහසුකම් සැලසෙන්නේ අමෙරිකාව තුළ භාවිතකරන්ට පමණක් වුවත් නොදුරු අනාගතයේ දී ම සෙසු රටවලට ද එය හඳුන්වා දෙනු ලැබේ.
මරණයෙන් පසුව ගිණුමක වෙනස්කම් සිදුකිරීමට තමන් නම් කරන පුද්ගලයාට මේ මගින් හැකියාව ඇත.
නම් කරනු ලබන පුද්ගලයාට මිය ගියවිට භාවිතා කරන්නාගේ Profile Picture ද වෙනස් කිරීම මෙන්ම සිහිවටනයක් ලෙස මිය ගිය පුද්ගලයාගේ Wall එකේ සටහනක් දැමීමේ හැකියාව ද තිබේ.
එමෙන්ම ගිණුමෙහි ඇති සියළුම ඡායරූප ආදිය Backup කරගත හැකිවීමත් තවත් විශේෂයකි.


(asianmirror.lk)

Thursday, February 12, 2015

Lalith Kotelawala doesn't know anything about Golden Key

By: Prosperity Tech On: 10:01 PM

ලලිත් කොතලාවලට ගෝල්ඩන් කී ගැන මතක නැතිලු! 

ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගම විසින් සිදුකරන ඇතැයි කියන රුපියල් බිලියන 26 ක් පමණ වන මූල්‍ය වංචාවට ප්‍රධාන සැකකරු වූ එවක සෙලින්කෝ සමුහයේ සභාපතිවරයා වූ ලලිත් කොතලාවල මහතා සිය ව්‍යාපාර කඩාවැටීම හමුවේ මෙතෙක් හෙළි නොවූ කරුණු පිළිබඳව පසුගියදා මාධ්‍ය වෙත හෙළිකොට තිබුණි. සිය ව්‍යාපාර බිඳ වැටීම හා තැන්පත් කරුවන්ට යලි මුදල් ගෙවීමට නොහැකි වුයේ පසුගිය ආණ්ඩුවේ සිටි එක්තරා පිරිසකගේ ක්‍රියාකලාපය හේතුවෙන් බව ලලිත් කොතලාවල චෝදනා කර සිටියේය. ඊයේ දිනයේ (12) ස්වාධීන රූපවාහිනීයේ විකාශය වූ "සත්‍යාගාරය" නම් වැඩසටහනට ලලිත් කොතලාවල මහතා සහභාගී වූ අතර එහිදී උපුල් ශාන්ත සන්නස්ගල මහතා යොමුකළ බොහෝ ප්‍රශ්න හමුවේ "මතක නෑ..මට ඕවා අදාල නැහැ..." වැනි පිළිතුරු දෙමින් පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළ ආකාරය දක්නට ලැබුණි.
 
ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ අගතියට පත්වූ තැනපත් කරුවන් පිළිබඳව නොදන්නා කියූ කොතලාවල මහතා එම තැන්පත් කරුවන්ට වගකීමට නොහැකි වූ බව කියුවේ තමා සෙලින්කෝ ආයතන සමුහයේ පාලනාධිකාරිවරයා නොව සභාපතිවරයා බව පවසමිනි. තමාට ආයතන 450 කට වැඩි ප්‍රමාණයක් ඇති බවත් ඒවායින් සිදුවන සියලු කටුතු පිළිබඳව තමා නොදන්නා බවත් ඒවාට වගකීමට නොහැකි බවත් ඔහු මෙම සාකච්චාව අතරතුරේදී හෙළිකොට සිටියා. ගෝල්ඩන් කී හි මුදල් තැන්පත් තැන්පත් කරුවන්ට මුදල් ආපසු ගෙවීමට ආරම්භ කලත් පසුගිය ආණ්ඩුව තමා සිරගත කළ හෙයින් එය දිගටම කරගෙන යාමට නොහැකි වූ බවත් දැන් එම මුදල් ඔවුන්ගෙන්ම ඉල්ලාගත යුතු බවත් කොතලාවල විසින් එහිදී අවධාරණය කළේය. 
 
වැඩසටහන අවසානයේ සන්නස්ගල කියා සිටියේ ප්‍රතිරූප වඳින්නට අවශ්‍ය නැති බවත් ලංකාවේ "කම්බ හොරුන්" දේශපාලන ක්ෂේත්‍රයේ පමණක් නොව ආර්ථීක ක්ෂේත්‍රයේද සිටින බවත්ය.
 
එම වැඩසටහනේ කොටස් කිහිපයක් බලන්න පහතින්

Trailer - 'Ek Paheli Leela' | Sunny Leone | T-Series

By: Prosperity Tech On: 9:13 PM

සනී ලියෝන්ගේ කිරි නාන වීඩියෝව


සනී ලියෝන් රංගනයෙන් දායකවන ඇයගේ අලුත් ම චිත්‍රපටයවන “Ek Paheli Leela” අප්‍රේල් මස 10 වැනි දා තිරගතවීමට නියමිතයි.

එම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය (Trailer) සඳහා විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබී ඇති අතර මේ වනවිට මිලියන 0 7ක් පමණ
මෙය නරඹා තිබේ.

සනී ලියෝන් මෙම චිත්‍රපටයේ වර්තමාන නැටුම් ශිල්පිනියක්, පැරණි කාලයේ විසූ ජනපද කල්‍යාණියක් හා කුමාරිකාවක් ලෙස චරිත 03ක් නිරූපණය කරයි.

බොබී ඛාන්ගේ අධ්‍යක්ෂණයෙන් යුත් Ek Paheli Leela චිත්‍රපටය සඳහා ජේ භනුශාලි, රජ්නිෂ් ඩගල්, රාහුල් දෙව් යන රංගන ශිල්පින් රැසක් රංගනයෙන් දායක වෙති.

ඡායාරූප සහ එම වීඩියෝව පහතින් නරඔන්න

Sunny Leone  (1)
Sunny Leone  (1)
Sunny Leone  (2)

Wednesday, February 11, 2015

Ayesha Sandamali speaks

By: Prosperity Tech On: 8:06 PM

මම ජීවිතේ කළ ලොකුම මෝඩකම මෝස්තර නිරූපිකාවක් වීම

අයේෂා සඳමාලිව සෑහෙන්න කාලෙකින් අපි දුටුවේ නැහැ.
කොහෙද අයේෂා මෙච්චර කල් හිටියේ?
ගෙදර, ගෙදර . . .
ඒ මොකෝ?
මගේ පවුලට පුංචි අමුත්තෙක් එකතු වුණා. මව් පදවිය ලැබුණු හින්දා පුංචි විවේකයක් ගත්තා කලාවෙන්. නමුත් බබත් එක්ක බොහොම කාර්යබහුල වුණා.
සාමාන්‍යයෙන් රංගන ශිල්පිණියක් මවක් වන්නට සිටියදී සෑහෙන්න පුවත්පත් ලිපි පළවෙනවා. නමුත් ඔබට වැඩි ප්‍රචාරණයක් ලැබුණේ නැහැ?
කොහොමත් මම මව් පදවිය ලැබීමට ආසන්නව සිටිය කාලයේදී මාධ්‍යයට පෙනී සිටියේ හරිම අඩුවෙන්. සමහරු මම අම්මා කෙනෙක් වුණා කියලා දන්නේවත් නැහැ. මම රට හැර ගිහිල්ලා කියල ඇතැම් අය හිතාගෙන හිටියා. කලාවෙන් මම සදහටම සමු අරගෙන කියලත් කතා හැදුණා.
මව් පදවිය ලැබිලත් ඔබ කාලයක් තිස්සේ ඔබ හිටියේ මාධ්‍යයට වහං වෙලා. ඇයි ඒ?
මම ටිකක් මහත් වුණා. ඒ විදිහට මාධ්‍යය ඉදිරියට එන්න මම කැමැති වුණේ නැහැ. අනික නිළියක් කැතට දකින්න මිනිස්සු ආසත් නැහැනෙ. මම හිතුවා පෙර පරිදිම ඇඟ හදාගෙන නැවතත් මිනිස්සු අතරට ආවොත් හොඳයි කියලා.
සෑහෙන්න ව්‍යායාම් කරන්නට ඇති ඇඟ අඩු කර ගන්න?
කිව්වට විශ්වාස කරයි ද මන්දා මම කිසිම ව්‍යායාමයක් කළේ නැහැ. ඇඟ අඩු කරගන්න කාත්‍රිම බෙහෙත් වර්ග බිව්වෙත් නැහැ. ස්වාභාවික ලෙසම කෙට්ටු වෙනකම් ඉවසීමෙන් හිටියා.
මේ වන විට ඔබ යළිත් කලා ලොවට ඇවිත්. මොන වගේ නිර්මාණවලට ද දායක වුණේ?
තවම නම් රඟපෑවේ නැහැ. හැබැයි නිවේදනයට සම්බන්ධ වුණා.
හිරු නාළිකාවේ?
ඔව්. එහි වින්දනීය උදෑසන නම් වූ සජීවි වැඩසටහනයි මම මෙහෙය වන්නේ.
ඔබේ පුතු ඔබේ වැඩසටහන බලනවද?
එයාට දැන් අවුරුදු දෙකයි. බබා ටීවී එක දිහා බලාගෙන ඊඳලා ගෙදර ආවම කියනවා යන්න එපාලු මට වැඩසටහන කරන්න. හරිම අකැමැතියි එයා මම හැම උදෑසනකම ඒකට යනවට.
ආයේ පෙම්වතියගේ චරිතය රඟපානවාද?
Why Not  මවක් වුණා කියලා මං වයසට ගිහිල්ලා නැහැනෙ. ඒත් මම දැන් කැමැති ගැමි චරිතයකින් මතුවෙන්න.
කැතවෙයි කියන බයට සමහර නිළියෝ මව් පදවිය ලබන්න පමා කර ගන්නවා. ඒ අය ගැන මොනවද කියන්න තියෙන්නේ?
ගැහැණු ළමයකු වුණාම නිසි කාලෙදි නිසි විදිහට නිසි දේවල් කරගන්න ඕනෑ. මව් පදවිය වුණත් එහෙමයි. මට දැන් හිතෙනවා අනේ මම මීට කලින් මවක් වුණා නම් හොඳයි කියලා. වෘත්තීය ජීවිතය තුළ නිළියක් විදිහට වැඩ කරන්න පටන් ගත්තම කාල වේලාව යනවා දැනෙන්නේ නැහැ. එය බොහෝ දෙනාට තියෙන ගැටළුවක්. ඒක හින්දා මව් සිහිනය නෙදැනුවත්වම පමා වෙනවා. ඒක නොවිය යුත්තක්.
අන්තිමට ඔබ සම්බන්ධ වුණු නිර්මාණ මොනවාද?
සක්විත්තෝ සහ ලොක්කයියා.
ටෙලි සිතුවම්වලින් අයේෂාගේ රුව නිතර දුටුවත් සිනමාවට තවමත් ඔබ සම්බන්ධ වුණේ නැහැ. ඇයි එහෙම වුණේ?
මම පුදුම ආසාවකින් ඉන්නේ සිනමාවට එකතු වෙන්න. නමුත් මට ආරාධනා ලැබුණේ නැති තරම්. එයට හේතුව නම් මට කියන්න තේරෙන්නේ නැහැ. මම හිතන්නේ මාව සිනමාවට ගැළපෙන්නේ නැතිව ඇති.
රංගන ශිල්පිනියන්ගෙන් බහුතරයක් ව්‍යාපාරිකයෝ. අයේෂාත් එහෙම ව්‍යාපාරවලට යොමු වෙලා හිටියා?
ඒ සේරම බංකොලොත් වුණානේ.
හේතුව?
මම කාර්යබහුල වෙලා හිටිය කාලෙදි තමයි ව්‍යාපාර ආරම්භ කළේ. සැලොන් එකකුත් කළා. නමුත් මට නිතර ව්‍යාපාරික ස්ථානවල රැඳෙන්න කාල වේලාවක් නැති වුණා. අන්තිමේ ඒවා සේරම වහලා දැම්මා.
අයේෂා කාලයක් මෝස්තර නිරූපණ ශිල්පිනියක වශයෙන්ද කටයුතු කළා නේද?
ඔව්. අන්න ඒ කාලේ තමයි මම ජීවිතේ කළ ලොකුම මෝඩකම කළේ.
ඒ මොකක්ද?
ඒ කාලේ හිතාගෙන හිටියේ කලාවේ එක අංශයක් නියෝජනය කළොත් තවත් අංශයකට නොයා ඉන්න ඕනෑ කියලා. ඒ හින්දා ඒ කාලේ මට රංගනයට ලැබුණු ආරාධනා සියල්ල ප්‍රතික්ෂේප කළා. අද හිතෙනවා ඒ අවස්ථාව මම බාර ගත්තා නම් අද වන විට කොච්චර නම් මම ඉදිරියට ගිහිල්ලා ද කියලා.
අද හදන නාට්‍යවලට අයේෂා ඒතරම්ම කැමැති නැහැ වගෙයි?
මෙහෙමයි, මම ගෙදර හිටපු කාලය තුළ නාට්‍ය බොහොමයක් නැරැඹුවා. ඒවායින් බහුතරයකට කිසිම පදනමක් නැහැ. කරන්න ඕනෑවට කරනවා වගෙයි. හැබැයි අප නිර්මාණකරුවන්ට හොඳ නිර්මාණ හැකියාවක් තියෙනවා. එහෙම තියෙද්දිත් මෙවන් වූ නිර්මාණ කිරීම මට මහත් වූ ගැටළුවක්.
ඔබ රඟනොපෑ කාලය තුළදී නවපරපුර නියෝජනය කරමින් රංගන ශිල්පිණියෝ රැසක් බිහි වුණා. ඒ අතරට ඔබට පහසුවෙන් එක්වෙන්න පුළුවන් වේවිද?
කොච්චර අය ආවත් මට එයාලව අභියෝගයක් හැටියට දැනෙන්නේ නැහැ. මම බොහොම ආසයි තවත් අය මේ ක්ෂේත්‍රයට එනවට. මට හැමෝමත් එක්කම සුහදව වැඩ කරන්න හැකියාව තියෙනවා.
ඔබේ පුංචි පවුල ගැන සඳහන් කරමින් මේ කතාව නිමා කරමු?
මගේ මහත්තයා දුලිප් සහ පුතු අකේන් එක්ක හරිම සුන්දර ජීවිතයක් ගත කරනවා මම.

Hirunika accuses government

By: Prosperity Tech On: 7:53 PM

'අපිටත් පාරේ බැහැල යන්න බෑ' - හිරුණිකාගෙන් රජයට දෝස්මුරයක් (VIDEO)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අත්අඩංගුවට නොගැනීම ගැන බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය ප්‍රශ්න කළාය.
ඇය මේ බව පැවසූවේ ඊයේ (11) මාධ්‍ය හමුවක් අමතමිනි.
“මගේ පියාව ඝාතනය වීමට මූලික හේතුව තමයි දුමින්ද සිල්වාගේ කුඩු ජාවාරම ගැන ප්‍රසිද්ධියේ හෙළි කිරීම එහෙම කියලා තියෙද්දිත් මට තියෙන ගැටලුව තමයි ඇයි මේ පුද්ගලයාව අත්අඩංගුවට ගන්නේ නැත්තේ කියලා.“ යැයි මන්ත්‍රීවරිය පැවසුවාය.
මේ රටේ ජනතාව මෛත්‍රීපාල ජනාධිපතිතුමාට ඡන්දේ දුන්නේ බඩුමිල අඩුකරන එකට විතරක් නෙමෙයි. මේ හොරු අල්ලියි කියලා. ජනාධිපතිතුමා, මම, රන්ජන් රාමනායක ඇමතිතුමා අනෙකුත් සියලුම මැති ඇමතිවරුන් ප්‍රධාන වශයෙන්ම කතා කරපු චම්පික රණවක ඇමතිතුමා, රාජිත සේනාරත්න ඇමතිතුමා මේ හැම කෙනාම කිව්වේ ස්ටේජ්වල මෙතෙක් කාලයක් මේ රට ඇතුළේ රාජපක්ෂ පවුල ඒ වටේ ඉන්න උදවිය ඇමති මණ්ඩලයේ සමහර අය කරපු හොර වංචා දූෂණ පිළිබඳව. ජනතාව ඡන්දය දුන්නේ ඒවා වලක්වයි ඒ දේවල් ඔක්කොටම නැවතීමේ තිත තියයි. ඒ හැම දේකටම දඩුවම් දෙයි කියලා තමයි අපිට ඡන්දේ දුන්නේ දැන් අපිටත් පාරේ බැහැල යන්න බැරි තත්ත්වයක් තියෙන්නේ.“ යැයි ඇය අවධාරණය කළාය.
එම වීඩියෝව පහතින් නරඹන්න
(asianmirror.lk)

Police chase gunman in car across LA

By: Prosperity Tech On: 2:15 AM

ලොස් ඇන්ජලීස් නගරය දෙවනත් කළ අමෙරිකානු පොලීසියේ කාර් හොරා ඇල්ලීමේ මෙහෙයුම (VIDEO)

(SCROLL DOWN FOR THE VIDEO)
මෝටර් රථයක් සොරාගෙන යමින් සිටි කොල්ලකරුවෙක් අමෙරිකානු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අල්ලා ගනු ලබන ආකාරය මෙම වීඩියෝවෙන් දැක්වේ.
මෙහි විශේෂත්වය වන්නේ, ලොස් ඇන්ජලීස්හි ජනාකීර්ණ මාර්ග පද්ධතියක් තුළ මෙම කොල්ලකරුවා ලුහුබැඳ ගොස් අල්ලා ගැනීම ය.
අදාළ කොල්ලකරු බේරීම සඳහා පළා යමින් සිටියදී ඔහුගේ මෝටර් රථය රිය අනතුරු කිහිපයකට ම ලක් වන අතර පසුව වෙනත් මෝටර් රථයක් කොල්ල කා පළා යාමට සැරසෙයි.
අවසානයේ අමෙරිකානු පොලිස් නිලධාරීන් ඔහුට වෙඩි තබා අත්අඩංගුවට ගැනීමට සමත් විය.
සැකකරු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව බීබීසී පුවත් සේවය පවසයි.
මෙහි විශේෂත්වය වන්නේ, සැකකරු මේසා විශාල අනතුරු රැසක් සිදු කර පළා යාමට උත්සහ කළ ද පොලිස් නිලධාරීන් ඔහු ඝාතනය නොකර අවම බලය පාවිච්චි කර ඔහු අත්අඩංගුවට ගැනීම ය.

(newsfirst.lk)

Hirunika Funny Gag

By: Prosperity Tech On: 2:03 AM