Thursday, February 12, 2015

Tagged Under: , ,

Lalith Kotelawala doesn't know anything about Golden Key

By: Prosperity Tech On: 10:01 PM

ලලිත් කොතලාවලට ගෝල්ඩන් කී ගැන මතක නැතිලු! 

ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගම විසින් සිදුකරන ඇතැයි කියන රුපියල් බිලියන 26 ක් පමණ වන මූල්‍ය වංචාවට ප්‍රධාන සැකකරු වූ එවක සෙලින්කෝ සමුහයේ සභාපතිවරයා වූ ලලිත් කොතලාවල මහතා සිය ව්‍යාපාර කඩාවැටීම හමුවේ මෙතෙක් හෙළි නොවූ කරුණු පිළිබඳව පසුගියදා මාධ්‍ය වෙත හෙළිකොට තිබුණි. සිය ව්‍යාපාර බිඳ වැටීම හා තැන්පත් කරුවන්ට යලි මුදල් ගෙවීමට නොහැකි වුයේ පසුගිය ආණ්ඩුවේ සිටි එක්තරා පිරිසකගේ ක්‍රියාකලාපය හේතුවෙන් බව ලලිත් කොතලාවල චෝදනා කර සිටියේය. ඊයේ දිනයේ (12) ස්වාධීන රූපවාහිනීයේ විකාශය වූ "සත්‍යාගාරය" නම් වැඩසටහනට ලලිත් කොතලාවල මහතා සහභාගී වූ අතර එහිදී උපුල් ශාන්ත සන්නස්ගල මහතා යොමුකළ බොහෝ ප්‍රශ්න හමුවේ "මතක නෑ..මට ඕවා අදාල නැහැ..." වැනි පිළිතුරු දෙමින් පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළ ආකාරය දක්නට ලැබුණි.
 
ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ අගතියට පත්වූ තැනපත් කරුවන් පිළිබඳව නොදන්නා කියූ කොතලාවල මහතා එම තැන්පත් කරුවන්ට වගකීමට නොහැකි වූ බව කියුවේ තමා සෙලින්කෝ ආයතන සමුහයේ පාලනාධිකාරිවරයා නොව සභාපතිවරයා බව පවසමිනි. තමාට ආයතන 450 කට වැඩි ප්‍රමාණයක් ඇති බවත් ඒවායින් සිදුවන සියලු කටුතු පිළිබඳව තමා නොදන්නා බවත් ඒවාට වගකීමට නොහැකි බවත් ඔහු මෙම සාකච්චාව අතරතුරේදී හෙළිකොට සිටියා. ගෝල්ඩන් කී හි මුදල් තැන්පත් තැන්පත් කරුවන්ට මුදල් ආපසු ගෙවීමට ආරම්භ කලත් පසුගිය ආණ්ඩුව තමා සිරගත කළ හෙයින් එය දිගටම කරගෙන යාමට නොහැකි වූ බවත් දැන් එම මුදල් ඔවුන්ගෙන්ම ඉල්ලාගත යුතු බවත් කොතලාවල විසින් එහිදී අවධාරණය කළේය. 
 
වැඩසටහන අවසානයේ සන්නස්ගල කියා සිටියේ ප්‍රතිරූප වඳින්නට අවශ්‍ය නැති බවත් ලංකාවේ "කම්බ හොරුන්" දේශපාලන ක්ෂේත්‍රයේ පමණක් නොව ආර්ථීක ක්ෂේත්‍රයේද සිටින බවත්ය.
 
එම වැඩසටහනේ කොටස් කිහිපයක් බලන්න පහතින්

0 comments:

Post a Comment