Wednesday, February 11, 2015

Tagged Under: , , ,

Hirunika accuses government

By: Prosperity Tech On: 7:53 PM

'අපිටත් පාරේ බැහැල යන්න බෑ' - හිරුණිකාගෙන් රජයට දෝස්මුරයක් (VIDEO)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අත්අඩංගුවට නොගැනීම ගැන බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය ප්‍රශ්න කළාය.
ඇය මේ බව පැවසූවේ ඊයේ (11) මාධ්‍ය හමුවක් අමතමිනි.
“මගේ පියාව ඝාතනය වීමට මූලික හේතුව තමයි දුමින්ද සිල්වාගේ කුඩු ජාවාරම ගැන ප්‍රසිද්ධියේ හෙළි කිරීම එහෙම කියලා තියෙද්දිත් මට තියෙන ගැටලුව තමයි ඇයි මේ පුද්ගලයාව අත්අඩංගුවට ගන්නේ නැත්තේ කියලා.“ යැයි මන්ත්‍රීවරිය පැවසුවාය.
මේ රටේ ජනතාව මෛත්‍රීපාල ජනාධිපතිතුමාට ඡන්දේ දුන්නේ බඩුමිල අඩුකරන එකට විතරක් නෙමෙයි. මේ හොරු අල්ලියි කියලා. ජනාධිපතිතුමා, මම, රන්ජන් රාමනායක ඇමතිතුමා අනෙකුත් සියලුම මැති ඇමතිවරුන් ප්‍රධාන වශයෙන්ම කතා කරපු චම්පික රණවක ඇමතිතුමා, රාජිත සේනාරත්න ඇමතිතුමා මේ හැම කෙනාම කිව්වේ ස්ටේජ්වල මෙතෙක් කාලයක් මේ රට ඇතුළේ රාජපක්ෂ පවුල ඒ වටේ ඉන්න උදවිය ඇමති මණ්ඩලයේ සමහර අය කරපු හොර වංචා දූෂණ පිළිබඳව. ජනතාව ඡන්දය දුන්නේ ඒවා වලක්වයි ඒ දේවල් ඔක්කොටම නැවතීමේ තිත තියයි. ඒ හැම දේකටම දඩුවම් දෙයි කියලා තමයි අපිට ඡන්දේ දුන්නේ දැන් අපිටත් පාරේ බැහැල යන්න බැරි තත්ත්වයක් තියෙන්නේ.“ යැයි ඇය අවධාරණය කළාය.
එම වීඩියෝව පහතින් නරඹන්න
(asianmirror.lk)

0 comments:

Post a Comment