Wednesday, February 11, 2015

Tagged Under: , ,

Police chase gunman in car across LA

By: Prosperity Tech On: 2:15 AM

ලොස් ඇන්ජලීස් නගරය දෙවනත් කළ අමෙරිකානු පොලීසියේ කාර් හොරා ඇල්ලීමේ මෙහෙයුම (VIDEO)

(SCROLL DOWN FOR THE VIDEO)
මෝටර් රථයක් සොරාගෙන යමින් සිටි කොල්ලකරුවෙක් අමෙරිකානු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අල්ලා ගනු ලබන ආකාරය මෙම වීඩියෝවෙන් දැක්වේ.
මෙහි විශේෂත්වය වන්නේ, ලොස් ඇන්ජලීස්හි ජනාකීර්ණ මාර්ග පද්ධතියක් තුළ මෙම කොල්ලකරුවා ලුහුබැඳ ගොස් අල්ලා ගැනීම ය.
අදාළ කොල්ලකරු බේරීම සඳහා පළා යමින් සිටියදී ඔහුගේ මෝටර් රථය රිය අනතුරු කිහිපයකට ම ලක් වන අතර පසුව වෙනත් මෝටර් රථයක් කොල්ල කා පළා යාමට සැරසෙයි.
අවසානයේ අමෙරිකානු පොලිස් නිලධාරීන් ඔහුට වෙඩි තබා අත්අඩංගුවට ගැනීමට සමත් විය.
සැකකරු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව බීබීසී පුවත් සේවය පවසයි.
මෙහි විශේෂත්වය වන්නේ, සැකකරු මේසා විශාල අනතුරු රැසක් සිදු කර පළා යාමට උත්සහ කළ ද පොලිස් නිලධාරීන් ඔහු ඝාතනය නොකර අවම බලය පාවිච්චි කර ඔහු අත්අඩංගුවට ගැනීම ය.

(newsfirst.lk)

0 comments:

Post a Comment