Monday, January 26, 2015

Nadeesha Hemamali New Photo Shoot

By: Prosperity Tech On: 2:38 AM

Nadeesha Hemamali New Photo Shoot



පහත දැක්වෙන පසුගිය පින්තූර සදහා ඔබ කැමති දැයි බලන්න


Comments (6)


Loading... Logging you in...

Eeeeeee.... yaaaaa............................
Typical goday look!!! No class nor quality! We have to go more far to develope international standard models or actresses in Srilanka.
Dan business adui.... Aluth amthi mandalayata podi promotion ekkak.... "Mama hodada.... mage meka hodada...." Laaabi.... Laaabi......
chandadayakaya's avatar
chandadayakaya · 3 hours ago
ගල් කැටයම් වලට නම් හොදයි වගේ. හැබැයි කපන්න පුළුවන් වෙයිද දන්නෙ නැහැ
meyanam pattai
Desha palaneta pravistawena aluth karame wenna athi, Anit ayath ohoma shooting parak dala enawanam hondai, apitat meyala koi taram awalssanada kiyala balaganna puluwanne,

Post a new comment

Posting as lankaart (Logout)
Comments by

Natalia Kostanova obama tatoo

By: Prosperity Tech On: 2:19 AM

ඉන්දියාවට ආ ඔබාමාව බොලිවුඩ් නිලි නටාලියා පිටේ ඇඳන්


කැපී පෙනීම සඳහා විවිධ විකාර වැඩ කරන බොලිවුඩ් නිළියන් එමටය. බොලිවුඩ් නිළියක හා නිරූපිකාවක වන නටාලියා කොසනෝවා ඇගේ පිටේ ඔබාමා හා මෝදිව පිටේ ඇඳගත්තේ මේ දිනවල ඔබාමා ඉන්දියාවේ ජනරජ දිනය නිමිත්තෙන් සිදු කරන සංචාරය නිසාය.

















Vass's wife complains against Shiranthi

By: Prosperity Tech On: 2:06 AM

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස්ට නඩු පිට නඩු දැම්මේ ශිරන්ති මැඩම් රත්තරන් හොරෙන් විකුණන ජාවාරම අල්ලන්න හදපු නිසා - වාස්ගේ බිරිය ශ්‍යාමලී

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ වන ෂ්‍යාමලී පෙරේරා අද (26) පෙරවරුවේ හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමි‚ල්ලක් ගොනු කළා.
ඇය කියා සිටියේ ඇගේ සැමියා කොළඹ උතුර භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස සේවය කරන කාලයේ රජයේ භාණ්ඩාගාරයේ රත්‍රං කිලෝ 100 ක් (රුපියල් ලක්ෂ 5000 ක පමණි වටිනාකමක් ඇති) වංචනික ලෙස  අලෙවි කරන බවට
හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත පරීක්ෂණ සිදුකර කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත් අවස්ථාවේ එයට හිටපු ජනාධිපති ආර්යාව සම්බන්ධව සිටි නිසා තම සැමියාට එම පරීක්ෂණ නවත්වන්නට

බලපෑම් ඇතිවූ බවයි.
පසුව ඒ සම්බන්ධයන් පරීක්ෂණ කටයුතු නවත්වන ලෙස හිටපු බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හරහා තදබල බලපෑම් එල්ලවූ අතරම තම සැමියාට හා පුතාට විවිධ වෙනත් චෝදනා ගොනුකර සිරගත කරන්නට පැවති රජය කටයුතු කළ බවයි.

වාස් ගුණවර්ධනට බලපෑම් කිරීමත් සමග එහි පරීක්ෂණ කටයුතු නවත්වනු ලැබූ බවද ඇය සඳහන් කළ අතර ජීවිත තර්ජන නිසා ඒ කිසිවක් හෙළි නොකර සිටි බවද කියා සිටියා.
අලූත් ආණ්ඩුවෙන් පැවති රජයේ වංචා දූෂණ ගැන එළිකරන්නට ජනතිවට සිදු කළ ඉල්ලීම අනුව තම සැමියා මේ ගැන දන්වන්නට අවශ්‍ය වූ බවත් ඔහුට එන්නට බැරි නිසා තමා මේ ගැන පැමිණිලි ක්රීමට මෙසේ ආ බවද ඇය කියා සිටියා.

ඒ සම්බන්ධයෙන් නැවතත් පරීක්ෂණ කටයුතු ආරම්භ කරන ලෙස ශ්‍යාමලි පෙරේරා අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමි‚ල්ලක ගොනු කර ඉල්ලා සිටියා.
ඇය මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ පහත පරිදිය.

I am not dead yet

By: Prosperity Tech On: 1:40 AM

‘මම මියගිය කතාව අසත්‍යයි‘‘ - නාමල් උඩුගම හිරු අමතයි

ශ්‍රී ලාංකීය සංගීත කලාවට නොමැකෙනා මතක රැසක් මෙන්ම රසිකයින්ගේ සිත්වලට අමතක නොවන අපූර්ව ගීත ගායනා කරමින් ඔවුන්ගේ සිත් දිනාගත් නාමල් උඩුගම නම් වූ අසහාය ගායකයා රෝගී තත්වයක් නිසා රෝහල් ගතකොට ඇති බවට අප වෙත වාර්තා වුනා.

කෙසේ නමුත් මේ වන විට ඔහු රෝහලෙන් නැවත නිවස වෙත පැමිණ ඇති බවයි වැඩිදුරටත් තොරතුරු සොයාබැලූ අපවෙත වාර්තාවුනේ. ඔහුගේ අක්මාවේ ඇති වූ රෝගී තත්වයක් මෙයට හේතුවී ඇති බවට පැවසෙන අතර ඔහුගේ මෙම තත්වය නිසා විවිධ මාධ්‍ය ඔස්සේ ඔහු පිළිබඳව පුවත් මැවෙන්නට වුනා.


යම් අවස්ථාවල ඔහු ඉතාමත් අසධ්‍ය තත්වයෙන් පසුවන බවත් ඔහු මියගොස් ඇති බවත් ඇතැම් වෙබ් අඩවි ඔස්සේ තොරතුරු පළවුනා. කෙසේ නමුත් හිරු ගොසිප් අපි මෙහි ඇත්ත තත්වය දැනගැනීමට නාමල් උඩුගම දුරකථනයෙන් සම්බන්ධ කරගත්තා.
ඔහු ප්‍රකාශකර සිටියේ තමන් පිළිබඳව පළවෙන කටකතා අසත්‍ය ඒවා බවයි. එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ තමන් දින 12ක් පමණ රෝහල් ගත වී සිටි බවත් දැනට දින 3කට පෙර නැවත නිවස වෙත පැමිණි බවත්ය. එමෙන්ම ඔහුගේ රෝගී තත්වය මේ වන විට සුව අතට හැරෙමින් පවතින බවත් තව දින කිහිපයකින් ශල්‍යකර්මයකට ලක්කිරීමට ඇති බවත් ඔහු ප්‍රකාශ කර සිටියා. තමන් මියගියායැයි පැවසෙන කටකතා අසත්‍ය බවත් වැඩිදුරටත් අප සමඟින් අදහස් දැක්වූ නාමල් උඩුගම සඳහන් කලා. දශක කීපයක් තිස්සේ අප හදවත් තුල අමන්දානන්දනීය ගී මතක සටහන් ගැබ්කල මේ අසහාය ගායකයාට ඉක්මන් සුවය හිරු ගොසිප් අපි ප්‍රාර්ථනා කරන්නෙමු.



(hirufm.lk)

Sunday, January 25, 2015

Namal Udugama in ICU

By: Prosperity Tech On: 6:55 AM

නාමල් උඩුගම දැඩි සත්කාර ඒකකයේ


ජනප්‍රිය ගායක නාමල් උඩුගම රෝහල් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා.

නාමල්ගේ බිරිය ටෙලි නිළි රුවන්ති මංගලා පවසන ආකාරයට වෛද්‍යවරු දන්වා තිඛෙන්නේ සති කීපයක් ඇතුළතදී නාමල්ට අක්මාවක කොටසක් බද්ධ කළ යුතු බවයි.
නාමල්ගේ රුධිර වර්ගය ඒ’පොසිටිව් වන බවත් ඒ සඳහා උපකාර කරන්නට ඉදිරිපත්වන්නෙකු සොයන බවත් ඇය පවසනවා.
රුවන්තිගේ දුරකථන අංක
0777281513
0773936555

Dilani Abeywardena's daughter to Sinhala cinema

By: Prosperity Tech On: 6:05 AM

ඇමරිකාවේ සිටින ඩිලානිගේ 18 වියැති දුව සිංහල සිනමාවට 

ඇමරිකාවේ පදිංචිව සිටින ප්‍රකට ටෙලි හා සිනමා නිළි ඩිලානි අබේවර්ධන හා ගායක සමන් පුෂ්පවර්ණගේ දියණිය 18 හැවිරිදි කවීෂා කාවින්දි සිංහල චිත්‍රපටයක ර`ගපෑම සඳහා දැන් ලංකාවට පැමිණ තිබේ. ලාල් වීරසිංහ විසින් අධ්‍යක්ෂණය කරනු ලබන සිංග මචන් චාලි නමැති චිත්‍රපටයට රංගනයෙන් දායකවන්නට නියමිත ඇය ලංකාවේ සති තුනහමාරක සංචාරයෙන් පසු නැවත ඇමරිකාවට යනු ඇත. ඇයගේ ඡායාරූප කිහිපයක් පහතින්





Friday, January 23, 2015

Man accused Maithripala was having unofficial affair with chamila is arested

By: Prosperity Tech On: 9:32 PM

බිරිඳ සමග අනියම් සම්බන්ධයක් ඇතැයි මෛත්‍රීට අපහාස කළ පුද්ගලයා අත් අඩංගුවට 

දරුවා පහැර ගෙන ගොස් බලහත් කාරයෙන් ප්‍රකාශ ලබාගෙන !

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ චරිතය ඝාතනය වන පරිදි බාලවයස්කාර දරුවකු යොදා ස්වාධීන රූපවාහිනි සේවය හා ජාතික රූපවාහිනිය විසින් ප්‍රචාරය කළ ප්‍රවෘත්තිය එම ආයතනවලට ප්‍රචාරය කිරීමට කවුරුන් ලබා දුන්නේ ද? යන්න සම්බන්ධයෙන් පොලිසියට ප්‍රකාශ ලබා දෙන ලෙසට එම ආයතනවල අධ්‍යක්ෂවරුන්ට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ  නියෝගයක් නිකුත් කෙළේය.
මීට අමතරව එම සී.ඩී පට කාන්තා හා ළමා කාර්යාංශය වෙත ලබා දෙන ලෙසට මහෙස්ත්‍රාත්වරයා ස්වාධීන රූපවාහිනි සේවයට හා ජාතික රූපවාහිනි සේවයේ අධ්‍යක්ෂවරුන්ට නියම කළේය. ගොඩකවෙල, දංඔවිට පදිංචි කලංසුරියමුදියන්සේලාගේ ජනක සුසිල් කුමාර යන දරුවාගේ පියා මෙම සිද්ධියේ සැකකරු ලෙස කාන්තා කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට ඉකුත් 15 වන දින රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතර ඊයේ ඔහු ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරයා නියම කෙළේය.
ඉකුත් දෙසැම්බර් 30/31 වන දෙදින තුළ රූපවාහිනි සේවයන්හි ප්‍රචාරය වූ මෙම වීඩියෝ පටය මඟින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පෞද්ගලික හා දේශපාලන චරිත ඝාතනයට සැකකරු දැනුවත්ව හෝ නොදැනුවත්ව දායක වී ඇති බවත් බාලවයස්කාර දරුවා ද මෙයට දායක වී ඇති බවට කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.
බාලවයස්කරුවකු රහසිගතව සිර කර අපහරණය කොට පැහැරගෙන යාමේ අදහසින් කෲරත්වයට පත් කළ බවට දිසානායක මුදියන්සේලාගේ චමිලා කුමාරි දිසානායක මහත්මිය ‍කාන්තා කාර්යාංශයට කළ පැමිණිල්ලකට අනුව මෙම සිද්ධියේ විමර්ශන ආරම්භ කර තිබිණ. සිය දරුවා මිත්තණිය භාරයේ සිටින බවත් 2012/12/26 සිය පියා විසින් පී.බී.4246 දරන දුඹුරු පැහැති කාර් රථයෙන් අලිමංකඩ ප්‍රදේශයට දරුවා රැගෙන ගිය බව සඳහන්ය.
අනතුරුව මින්නේරිය කාලතුවක්කු රේජිමේන්තුව අසලට පැමිණ කැබ් රථයක සමිත යන අයකු රැගෙන ගිය බවත් මවගේ හා පියාගේ විරසකය පිළිබඳ කරුණු අසා පසුව " මෛත්‍රිපාල ඇමතිතුමනි අම්මා හිර කර ඉන්න එපා." යැයි පවසමින් හඩ ප්‍රකාශයක් ලබා ගෙන ඡන්දය නිම වන තුරු එම ස්ථානයේ රඳවා ගැනීමට කටයුතු කළ බවට පැමිණිල්ලේ සඳහන්ය.
           අදාළ කරුණු සළකා බැලු මහෙස්ත්‍රාත්වරයා අදාළ රූපවාහිනි සේවාවන්ට ප්‍රචාරය කිරීම සඳහා මෙම හඩ පට ලබා දුන්නේ කවුරුන් ද ? යන්න සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් කොට වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කාන්තා හා ළමා කාර්යාංශය වෙත නියෝග කළේය. කාන්තා හා ළමා කාර්යාංශයේ ප්‍රධාන‍ පොලිස් පරික්ෂක එන්.ඒ .රූපසිංහ මහතා අධිකරණයට කරුණු වාර්තා කෙළේය.
(sithtv.com)

About the President Sirisena expressed by daughter

By: Prosperity Tech On: 2:58 AM

‘‘මගේ තාත්තා පාරම්පරික දේශපාලනඥයෙක් නොවෙයි. බොහොම සරල - සාමාන්‍ය මිනිසකු ලෙස සමාජයට අවතීර්ණවී බොහෝම කැපවීමෙන්, ඉතාමත් උනන්දුවෙන් අප‍්‍රතිහත වූ ධෛර්යයෙන් විටෙක ජීවිත තර්ජන හමුවේ නිදි වර්ජිත කටුක අත්දැකීම්වලට මුහුණ දෙමින් ඉතා ඉවසීමෙන් පොළොවේ පය ගහලා ගමනක් ආව විශිෂ්ට මනුස්සයෙක්. ජනනායකයෙක් දක්වා තාත්තා ආ ඒ ගමන ඇත්තටම ශ්‍රේෂ්ඨයි.’’


 

මෙලෙසින් තම ආදරණීය තාත්තා ගැන පවසන ඇය චතුරිකා සිරිසේන වන්නීය. ඒ අභිනව ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ වැඩිමල් දියණියයි. අඩසියවසකට ආසන්න කාලයකට සමීපව දේශපාලනයේ යෙදී සිටින තම ආදරණීය පියාණන් ගැන අන් කවරකුටත් වඩා මේ දියණිය දන්නා දේ බොහෝය. ඇය තාත්තාගේ සුසුම, කඳුළ, සිනහව, හෘදස්පන්දනය හොඳින්ම හඳුනන්නීය. ඒ සියල්ලට සාපේක්‍ෂව ‘‘ජනපති තාත්තා’’ ගැන තවත් බොහෝ දේ ප‍්‍රකාශ කිරීම වෙනුවෙන් ජනපතිතුමන්ගේ වැඩිමල් දියණිය චතුරිකා සිරිසේන ප‍්‍රථම වතාවකට පුවත්පත් පිළිසඳරකට එක්වූවේ මෙලෙසිනි.
 

button ඔබ ගැන වූ සඳහනක් කළොත්?


පාසල් කීපයකින්ම අධ්‍යාපනය ලැබුවා. මුලින්ම පාසල් අධ්‍යාපනය පටන් ගත්තෙ පොළොන්නරුවේ සිටයි. ඉන්පසු ගම්පහ ගෝතමී සහ රත්නාවලී බාලිකා වෙතින් අධ්‍යාපනය ලැබුවා. නමුත් තාත්තා ජනතා සේවයට කැපව ජීවිත ගමන යද්දී, අපි එක්තැනෙක තාත්තා තවත් තැනෙක විදියට හිටියෙ. අම්මා පුංචි මල්ලි අරගෙන බස් එකේ නැගලා අපිව බලන්න පොළොන්නරුවෙ සිට ගම්පහට ආවා. උදේ ඇවිත් හවසට ආයෙත් පොළොන්නරු ගියා. මේ දුෂ්කරතා අතරේ අපට පවුලක් ලෙස එකට සිටිය යුතුය කියන දේ තාත්තාගේ හිතේ නිතරම තිබුණු දෙයක්.

ඒ නිසා නැවතත් මං පොළොන්නරුවට ගියා. ගිහින් උසස් පෙළ දක්වා රාජකීය මධ්‍ය මහා විද්‍යාලයෙන් ඉගෙන ගත්තා.

ඉන්පසුව මාලබේ තොරතුරු තාක්‍ෂණ සරසවියෙන් මෘදුකාංග ඉංජිනේරු උපාධිය දක්වා අධ්‍යාපනය ලැබුවා. ඊටත් අමතරව කළමනාකරණය සහ අලෙවිකරණය ගැන උසස් අධ්‍යාපනය ලැබුවා. මම විවාහකයි. දියණියක සහ පුතකු සිටිනවා. අපි ඉගෙන ගත් දේ ප‍්‍රයෝජනයට ගෙන මමයි මගේ සැමියයි එකතුවෙලා ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා.

button ඔබගේ මව හා පියාට සාපේක්‍ෂව ඔබ, ඔබ ගැන සසඳන්නෙ මොන විදියටද?

කාන්තාවක ලෙස මම සීයයට සීයක්ම අපේ අම්මා වගේ කියලයි මට හිතෙන්නෙ. ඒත් රාජකාරියේ දී මා තාත්තා වගෙයි. ජීවිතයේ දී මට හීනයක් තිබුණා. ඒ මට මගේ අම්මා වගේ වෙන්න පුළුවන් නම් කියන හීනයයි.
 

button ඒකට විශේෂ හේතුවක් තිබුණද?

මේ දක්වා මගේ ජීවිතයේ දී මා දුටු හොඳම ආචාරවරිය ඇයයි. මම හොඳ දියණියක්, හොඳ බිරිඳක්, හොඳ මවක් වුණොත් අපේ ඒ ශ්‍රේෂ්ඨ අම්මා නිසයි. මම ජීවිතයේ අනුගමනය කරන ආදර්ශවත් චරිතය ඇයයි. ජයන්ති පුෂ්පකුමාරී වන ඇය බොහෝම සරල, සුන්දර අව්‍යාජ චරිතයක්. අද ජනපති බිරිඳ වෙලත් තාත්තාගේ කෑමවේල හදලා දෙන්නේ ඇයගේම අතින්. ඇය එහෙම කරන්නේ බොහෝම ගෞරවයෙන්, දැඩි ස්වාමි භක්තියකින්. ඒක අතිශයෝක්තියකින් කියන දෙයක් නොවෙයි. බොහෝම ආඩම්බරයෙන් මම කියන්නෙ. තාත්තාගේ කෑමවේල පිළියෙළ කරදෙන්න අප කුස්සියට එනවාටවත් අම්මා කැමති නැහැ. තාත්තගෙ පිඟාන - කෝප්පයවත් අපට අල්ලන්න දෙන්නෙ නැහැ. තාත්තාත් එහෙමයි. මොන තැන, මොන රාජකාරියෙ යෙදුණත්, අම්මා උයන කෑම විතරයි කන්නෙ. ඒක තාත්තා වටේ සිටින  ඕනෑම කෙනෙක් දන්න දෙයක්. ඇයගෙ සැමියා මෙලෙසින් ජනපතිවරයා වුණත් ඇය අපට වගේම මේ මුළු රටේ සමස්ත ලක්වැසි දරු දැරියනට සැබෑම මවක් වේවි. ඒ මවගේ දියණියක වීම මා ලැබූ විශේෂම දෙයයි. ඇත්තටම අපේ අම්මා - තාත්තා කියන්නෙ බොහෝම සරල - සුන්දර යුවළක්. ඒ දෙන්නාගේ ආදර කතාවත් බොහෝම සුන්දරයි.

1

button ඒ ආදර කතාව ගැන ඔබට කියලා තියෙනවද?
එවිට තාත්තා රැකියාව කරලා තියෙන්නෙ සමුපකාර සැපයුම් නිලධාරියකු ලෙසයි. අම්මා ඒ වන විට අධ්‍යාපනය ලබමින් සිටියලූ. දැකපු මුල්ම දවසේ අම්මා ගැන පුදුමාකාර බැඳීමක් තාත්තාට ඇති වුණාලූ. පසුව අම්මාගේ තාත්තාගෙන් මේ ගැන කෙළින්ම අහලා තියෙනවා. ඉන්පස්සෙ වසර ගණනාවක ආදර කතාවකට මුල පුරලා විවාහ දිවියට ඇතුළත් වෙලා. ඒ ආදරණීය කතාවේ ප‍්‍රතිඵල තමයි මම, නංගි ධරණීචාරිකා සහ මල්ලි දහම් තාරක. ඒ විතරක් නෙවෙයි අද ඒ ආදරණීය යුවළට මිනිබිරියක සහ මුනුබුරකු සිටිනවා. අපේ ඒ කැදැල්ල ඇත්තටම බොහෝම සුන්දරයි.
 

button ඒ සුන්දර කැදැල්ලේ සිටින ඔබගේ තාත්තා දින චර්යාව පටන් ගන්නෙ මොන විදියටද?

අවදි වූ විගස තාත්තා කරන්නෙ මෛත‍්‍රී භාවනාවේ යෙදීමයි. එය අපි කුඩා කාලයේ ඉඳලාම දුටු දෙයක්. අම්මා බුදු පහන තියලා පිරිත් දාලා දවසේ වැඩ ආරම්භ කරනවා. ඒ අතරවාරයේ දී තාත්තා වතුර වීදුරුවක් බීලා නැවත භාවනාවේ යෙදෙනවා. අම්මා තේ එක හදලා දුන්නාම ඒක බොන අතරේ පත්තර කියවනවා. ඒ වගේම තාත්තාට උදේට අනිවාර්යයෙන්ම පොතක් කියවන්නට  ඕනෑ. අද ජනපති වෙලත් ඒ සියල්ල ඒ විදියටම කරනවා. දිනපතා කරන ව්‍යායාම් ඒ විදියටම කරනවා. ඒ විදියට දවසට එළැඹෙද්දී, අම්මා තාත්තාගේ කෑමවේල පිළියෙල කර උණුවෙන්ම එය සකසා දෙනවා. පොල් සම්බල, කඩල වර්ගයක් සමඟ බත් තමයි ප‍්‍රධාන වෙන්නෙ. ගැමි පරිසරයක හැදුණ නිසාදෝ අපට තුන්වේලම බත්  ඕනෑ. රාත‍්‍රී ආහාර වේලට නිවුඞ්ඩ සහිත (කුරක්කන්) වැනි දේ තමයි අම්මා තාත්තාට පිළියෙල කර දෙන්නෙ. සෑහෙන කාලයක සිට අම්මා මාංශ අනුභව කරන්නෙ නැහැ. කාලයක් තාත්තාට ත‍්‍රස්තවාදී තර්ජන තිබුණා. ඒ වගේම අවංක දේශපාලනය කිරීම නිසාත් විවිධ තර්ජන තිබුණා. ඉතින් තාත්තාගේ ආරක්‍ෂාව පතා අම්මා ප‍්‍රතිපත්තිමය වශයෙන් ගත්ත තීරණයක් එය.
 

button තාත්තා පිටුපස සිටින මහා හෙවනැල්ල අම්මා කියල ද ඔබ කියන්නෙ?

සහතිකෙන්ම ඔව්. ජනතා මෙහෙවරක යෙදිලා තාත්තා නිවසට එනවිට අම්මා අපට ටී.වී. එකවත් දාන්න දුන්නෙ නැහැ. ඒ වගේම ගෙදර ආවාම තාත්තාගෙ ඔලූවට අනවශ්‍ය දේ දැම්මෙත් නැහැ. තාත්තාත් එහෙමයි. ගෙදරට ගොඩ වෙන්නෙ දේශපාලනඥයෙක් විදියට නෙවෙයි. ආදරණීය සැමියකු සහ පියකු ලෙසයි. ඒ සිනහව ඇත්තටම හරි අව්‍යාජයි. තාත්තාගේ අනිවාර්යය පුරුද්දක් තමයි උදෑසනට ගීතයක් මුමුණන එක. ඒත් නැතිනම් ගී අනුවාදයකට ශ‍්‍රවණය කිරීම. රාත‍්‍රි නින්දට යාමට පෙරත් වාද්‍ය සංගීතයට තාත්තා හරිම ප‍්‍රියයි. එයින් තාත්තා බලාපොරොත්තු වෙන්නෙ මානසික සැහැල්ලූව වෙන්න ඇති. තාත්තා වෙතින් දකින තැන්පත්කමට හේතුවත් ඒවා කියලයි මා හිතන්නෙ.
 

button ඔබ මෙහෙම කියන්නෙ අතිශයෝක්තියකින් නොවෙයිද?

කොහෙත්ම නැහැ. අපට එහෙම අවශ්‍යතාවක් නැහැනෙ. මං බොහෝම ගෞරවයෙන් සහ ආදරයෙන් කියන්නෙ අපේ තාත්තා පන්සිල් පද පහ රකින තාත්තෙක්. නිතරම අපට කියන්නෙත් ගෞරවය රැුකගෙන ගෞරව කරමින් ජීවත් වෙන්න කියලයි. ගෙදරදී කාටවත් ද්වේශයෙන් වෛරයෙන් කතා කරන හැටි අප දැකලා නැහැ. ලස්සන පවුල් ජීවිතයකට එයා ආසා කළා. මේ රටට නායකත්වයට අවශ්‍ය වන්නෙ ඒ වගේ ලස්සන පවුලක් තියෙන තාත්තා කෙනෙක් කියලයි මා හිතෙන්නෙ.

හැබැයි එහෙම වුණාට පවුල් දේශපාලනය නම් අපේ පවුල වෙතින් එන එකක් නැහැ. බොහෝම අඩුවෙන් දැකගත හැකි ජනපති ආර්යාවත් මගේ අම්මා වේවි.

17_SLMA_P_6


button ඔබ මෙන්ම ඔබගේ පවුලේ උදවිය නිතරම දකින්න පෙනෙන්නට සිටියේ නැහැ. එහෙම වෙන්නට හේතුව තාත්තා තහංචි දාලා තිබුණද?

කවදාවත් තාත්තා අපට තහංචි දාලා තිබුණෙ නැහැ. සාමාන්‍ය පෙළ සමත්වෙලා ප‍්‍රතිඵල ගැන කියද්දී තාත්තා මට කිව්වෙ පුතා කැමති අංශයක් උසස් පෙළට තෝරා ගන්න කියලයි. හැබැයි නිතරම අපට තැනකට ගියාම සිටිය යුතු විදිය සහ සාරධර්ම ගුණ දහම් ගැන නිතර පසක් කර දුන්නා. බලය කියන දේ අද තියෙන්න පුළුවන්. හෙට උදේ වෙන කොට නැති වෙන්න පුළුවන්. ඒ නිසා කිසි දවසක බලය කියන තාවකාලික පිරුවටය ගැන හිතන්න එපා කිව්වා. පොළවේ පය ගහලා සිටිය යුතු විදියට තමයි අපිව සමාජ ගත කළේ. ඒ නිසාම දෝ අපට ගමේ සහ නගරයේ සමතුළිත බව එක්ක ජීවිතය ගෙන යන්න පුළුවනි.

අපි ඇත්තටම යථාර්ථය තේරුම් අරගෙන ජීවත්වන පවුලක්. කවදාහරි මට කෑ ගහලා කියන්න පුළුවනි අපේ තාත්තා හොරකම්, වංචා කළේ නැහැ කියලා.
 

button ඔබ කියන්නෙ තාත්තා ප‍්‍රතිපත්ති ගරුක අවංක දේශපාලනඥයෙක් කියලද?

එහෙමයි කියලා කියන්න  ඕනෑ තරම් සාක්‍ෂි තියෙනවා. පොළොන්නරු වැසියන් ලෙස වගේම දේශපාලන කටයුතු නිසා ත‍්‍රස්තවාදි භීෂණ හමුවේ ඒ පීඩනය තදින්ම අපට දැනුණා. නමුත් දිවි පරදුවට තබා තාත්තා තමුන්ගේ නායකත්වයට ගරු කළා. තාත්තා දේශපාලනය කළේ එහෙමයි. ගරු සිරිමාවෝ මැතිනිය, හිටපු ජනපති චන්ද්‍රිකා මැතිනිය වගේම අපේ හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මැතිඳුන් වෙනුවෙන් විශ්වාසය දරාගෙන කටයුතු කළා. එදා යුද්ධය අවසන් වෙන ජයග‍්‍රාහී මොහොතේ දී ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා විදෙස් ගතව හිටියෙ. ඒ මොහොතේ ආරක්‍ෂක ඇමැති ලෙස රාජකාරී පවරලා තිබුණෙ තාත්තාට. ඒ අවංකකම කොච්චරද කිව්වොත්, ජයග‍්‍රාහී පණිවුඩය රටවැසියන්ට එතෙක් ප‍්‍රකාශ නොකොට තමුන්ගේ ආදරණීය නායකයා රටට එනකල් එය රහසක් ලෙස තබාගෙන සිටියා. අපේ තාත්තා අන්න ඒ වගේ අවංක චරිතයක්.
 

button ඇයි ඒ අවංක චරිතය පසුව වෙනස් වුණේ? ඒ කියන්නෙ පොදු අපේක්‍ෂක වෙන්න තීරණය කළේ?

ඇත්තම කිව්වොත් ජීවිතය පරදුවට තියලා තාත්තා ඒ තීරණය ගත්තෙ දූෂිත රටක් ලෙස මෙය එක පිරිසක් වටා ගොනුවී තිබූ මොහොතකදීයි.
 

button විශේෂම හේතුව එය කියල ද ඔබ කියන්නෙ?

ඒ පැවැති ක‍්‍රමය ගැන කාලයක සිට තාත්තාට පැහැදීමක් තිබුණෙ නැහැ. සුදුස්සන්ට සුදුසු තැන ලැබුණෙත් නැහැ. මේ දේශය සියලූ ලක්වැසියන්ගේ දේශයක් මිසෙක එක් පිරිසකගේ සූරාකන දේශයක් නොවන වග තාත්තා සඵත කළා. මෙය එක්වරම ගත්ත තීරණයක් නෙවෙයි. හොඳට හිතලා මතලා ගත්ත තීරණයක්. තාත්තා එයාගෙ ජීවිතය පරදුවට තියලා ගත්ත තීරණයක්.
 

button නමුත් සමහරු විශ්වාස කළේ එය දේශපාලන කුමන්ත‍්‍රණයක ආදේශයක් කියලයි. ඒ වගේම ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයකට හසුවීමක් ලෙසත් අදටත් සමහරු හිතනවා. ඔබට එහෙම හිතෙන්නෙ නැද්ද?

පක්‍ෂ ගණනාවක් කිසිදු ඉල්ලීම් නැතුව ඇයි තාත්තාව තෝරා ගත්තෙ? ඇයි සහයෝගය දුන්නෙ? ඒ වෙන කිසිවක් නිසා නොවෙයි. තාත්තා ගෞරවනීයව දේශපාලනය කළ නිසයි. අන්න ඒ නිසයි කොන්දේසි විරහිතව සියලූ පක්‍ෂ තාත්තාව පොදු අපේක්‍ෂකයා ලෙස තෝරා ගත්තෙ. ඒක තමයි ඇත්ත කතාව.
 

button තාත්තා පොදු අපේක්‍ෂකයා වන බව පවුලේ අය දැනගෙන හිටියද?

සෞඛ්‍ය ඇමැතිව සිටිය දී තාත්තා සමාජයේ යහපත උදෙසා කළ බොහෝ දේ නිසා ජාවාරම්කාරයින් සහ ගසාකන්නන් නිසා තාත්තාට උසාවියේ බංකුවේ ළගින්න පවා සිදුවුණා. ඒ අතරේ මඩ ප‍්‍රහාර පවා එල්ල කළා. ජීවිතයට තර්ජන පවා එල්ල වුණා.

ඒ පැවැති ක‍්‍රමය ගැන තාත්තා හරිම කණගාටුවෙන් හිටියෙ. නමුත් එයාගෙ සමාජ හිතකර ප‍්‍රතිපත්ති වෙනස් කළේ නැහැ. මේ තීරණය අරගෙන ඇවිත් අපට කිව්වා. මේ නිසා මට මගේ ජීවිතය වගේම ඔයාලටත් ඔයාලගෙ ජීවිත නැති වෙන්න පුළුවන් කීවා. ඒත් තාත්තාගෙ හෙවනැල්ල වූ අම්මාත්, මම - නංගි සහ මල්ලීත් එකහෙළාම තාත්තාට ආශිර්වාද කළා. පුදුමෙ කියන්නෙ මැරෙන්න වුණත් අපට බයක් ආවේ නැහැ. තාත්තා තීන්දු තීරණ ගන්නෙ හොඳට හිතලා බලලා බව අප දැනගෙන හිටියා.
 

button පොදු අපේක්‍ෂකයා ලෙස පත්වීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී තාත්තා ගොඩාක් හැඟුම්බර වුණා. ඒ මොහොත ඔබලාට දැනුණෙ කොහොමද?

කඳුළු පුරෝගෙන තාත්තා සමස්ත ලක්වැසියන් ඇමතූ විදිය ඇත්තටම අපට ගෙන දුන්නෙ ලොකු අභිමානයක්. බුදු දහමට අනුව ජීවත්වන ඒ සරල - සුන්දර ගැමි අව්‍යාජ මිනිසාගේ ස්වභාවය එයම වුණා. ඉතින් අපට ඇතිවුණේ පුදුම ආත්මශක්තියක්. ඒ මොහොතේ ඉඳලාම අපි ඔක්කෝටම දැනුණෙ තාත්තා දිනනවාම කියන සිතිවිල්ල විතරයි.
 

button ඉන්පසුව තාත්තා ජනපති වීම, ඔබ එය දකින්නෙ කොහොමද?

දහමට අනුව ජීවත්වීම, කළ පින් - දහම්වල වගේම සියලූ ආගම් බලවේගවල මහා ඔසවා තැබීමක් කියලයි හිතුණේ.
 

button අද ඔබගේ තාත්තා රටේ ජනපති. ඔබට එය දැනෙන විදිය?

දැනටත් මෙය අහිංසක ජයග‍්‍රහණයක්. අපි හරි සරලයි. කවුරුත් අපට අනාවැකි කියලා තිබුණෙත් නැහැ. තාත්තා අම්මා අනාවැකි පසුපස ගියෙත් නැහැ. සුදුසු වෙලාවට-එයාලා නිතරම සුදුසු දේ කළා. තාත්තා සහ සමස්ත රට ජයග‍්‍රහණය කළ මොහොතේ මම අම්මගෙ මුහුණ දිහා බලාගෙන හිටියා. අලියට - අලියගෙ තරම පෙනෙන්නෙ නැහැ වගේ තාත්තාට කිසිම වගේ වගක් නැහැ. එයා සුපුරුදු පරිදි ඒ වෙලාවෙ සැහැල්ලූවෙන් හිටියෙ. අනේ මේ සුන්දර තාත්තා අපේ රටේ ජනාධිපති නේද කියන හැඟීම ඇති වුණා. යම්කිසි විදියකින් පැරදුණා නම් සමහර විට අද අපි ඔක්කෝගෙම ජීවිත නැතිවෙලා තිබෙන්නෙ පුළුවනි. නැත්නම් තාත්තා හිරබාරයට හරි දමන්න තිබුණා.
 

button ඔබ කිව්වෙ තාත්තා පිරිසුදු දේශපාලනඥයෙක් කියලා. එහෙම නම් එහෙම වෙන්නෙ කොහොමද?

අතීතයේ අපට අත්දැකීම් තියෙනවා. මතකනෙ ජනරාල් සරත් ෆොන්සේකා මහතාට සිදුවූ දේ. ඒ වගේ දේ නිසා තමයි ඒ බිය තිබුණේ. කොහොම වුණත් දැන් කා ගැනවත් වෛරයෙන් බැලිය යුතු මොහොතක් නෙවෙයි. සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට යහපත් මිනිසෙක් නායකත්වයට පත්වුණා. ඔහු රටට කිව්ව විදියටම යහපත් දෙයක් කරාවි.
 

lankadeepa.lkm