Friday, January 23, 2015

Tagged Under: ,

Man accused Maithripala was having unofficial affair with chamila is arested

By: Prosperity Tech On: 9:32 PM

බිරිඳ සමග අනියම් සම්බන්ධයක් ඇතැයි මෛත්‍රීට අපහාස කළ පුද්ගලයා අත් අඩංගුවට 

දරුවා පහැර ගෙන ගොස් බලහත් කාරයෙන් ප්‍රකාශ ලබාගෙන !

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ චරිතය ඝාතනය වන පරිදි බාලවයස්කාර දරුවකු යොදා ස්වාධීන රූපවාහිනි සේවය හා ජාතික රූපවාහිනිය විසින් ප්‍රචාරය කළ ප්‍රවෘත්තිය එම ආයතනවලට ප්‍රචාරය කිරීමට කවුරුන් ලබා දුන්නේ ද? යන්න සම්බන්ධයෙන් පොලිසියට ප්‍රකාශ ලබා දෙන ලෙසට එම ආයතනවල අධ්‍යක්ෂවරුන්ට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ  නියෝගයක් නිකුත් කෙළේය.
මීට අමතරව එම සී.ඩී පට කාන්තා හා ළමා කාර්යාංශය වෙත ලබා දෙන ලෙසට මහෙස්ත්‍රාත්වරයා ස්වාධීන රූපවාහිනි සේවයට හා ජාතික රූපවාහිනි සේවයේ අධ්‍යක්ෂවරුන්ට නියම කළේය. ගොඩකවෙල, දංඔවිට පදිංචි කලංසුරියමුදියන්සේලාගේ ජනක සුසිල් කුමාර යන දරුවාගේ පියා මෙම සිද්ධියේ සැකකරු ලෙස කාන්තා කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට ඉකුත් 15 වන දින රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතර ඊයේ ඔහු ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරයා නියම කෙළේය.
ඉකුත් දෙසැම්බර් 30/31 වන දෙදින තුළ රූපවාහිනි සේවයන්හි ප්‍රචාරය වූ මෙම වීඩියෝ පටය මඟින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පෞද්ගලික හා දේශපාලන චරිත ඝාතනයට සැකකරු දැනුවත්ව හෝ නොදැනුවත්ව දායක වී ඇති බවත් බාලවයස්කාර දරුවා ද මෙයට දායක වී ඇති බවට කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.
බාලවයස්කරුවකු රහසිගතව සිර කර අපහරණය කොට පැහැරගෙන යාමේ අදහසින් කෲරත්වයට පත් කළ බවට දිසානායක මුදියන්සේලාගේ චමිලා කුමාරි දිසානායක මහත්මිය ‍කාන්තා කාර්යාංශයට කළ පැමිණිල්ලකට අනුව මෙම සිද්ධියේ විමර්ශන ආරම්භ කර තිබිණ. සිය දරුවා මිත්තණිය භාරයේ සිටින බවත් 2012/12/26 සිය පියා විසින් පී.බී.4246 දරන දුඹුරු පැහැති කාර් රථයෙන් අලිමංකඩ ප්‍රදේශයට දරුවා රැගෙන ගිය බව සඳහන්ය.
අනතුරුව මින්නේරිය කාලතුවක්කු රේජිමේන්තුව අසලට පැමිණ කැබ් රථයක සමිත යන අයකු රැගෙන ගිය බවත් මවගේ හා පියාගේ විරසකය පිළිබඳ කරුණු අසා පසුව " මෛත්‍රිපාල ඇමතිතුමනි අම්මා හිර කර ඉන්න එපා." යැයි පවසමින් හඩ ප්‍රකාශයක් ලබා ගෙන ඡන්දය නිම වන තුරු එම ස්ථානයේ රඳවා ගැනීමට කටයුතු කළ බවට පැමිණිල්ලේ සඳහන්ය.
           අදාළ කරුණු සළකා බැලු මහෙස්ත්‍රාත්වරයා අදාළ රූපවාහිනි සේවාවන්ට ප්‍රචාරය කිරීම සඳහා මෙම හඩ පට ලබා දුන්නේ කවුරුන් ද ? යන්න සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් කොට වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කාන්තා හා ළමා කාර්යාංශය වෙත නියෝග කළේය. කාන්තා හා ළමා කාර්යාංශයේ ප්‍රධාන‍ පොලිස් පරික්ෂක එන්.ඒ .රූපසිංහ මහතා අධිකරණයට කරුණු වාර්තා කෙළේය.
(sithtv.com)

0 comments:

Post a Comment