Monday, January 26, 2015

Tagged Under: , ,

Vass's wife complains against Shiranthi

By: Prosperity Tech On: 2:06 AM

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස්ට නඩු පිට නඩු දැම්මේ ශිරන්ති මැඩම් රත්තරන් හොරෙන් විකුණන ජාවාරම අල්ලන්න හදපු නිසා - වාස්ගේ බිරිය ශ්‍යාමලී

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ වන ෂ්‍යාමලී පෙරේරා අද (26) පෙරවරුවේ හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමි‚ල්ලක් ගොනු කළා.
ඇය කියා සිටියේ ඇගේ සැමියා කොළඹ උතුර භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස සේවය කරන කාලයේ රජයේ භාණ්ඩාගාරයේ රත්‍රං කිලෝ 100 ක් (රුපියල් ලක්ෂ 5000 ක පමණි වටිනාකමක් ඇති) වංචනික ලෙස  අලෙවි කරන බවට
හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත පරීක්ෂණ සිදුකර කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත් අවස්ථාවේ එයට හිටපු ජනාධිපති ආර්යාව සම්බන්ධව සිටි නිසා තම සැමියාට එම පරීක්ෂණ නවත්වන්නට

බලපෑම් ඇතිවූ බවයි.
පසුව ඒ සම්බන්ධයන් පරීක්ෂණ කටයුතු නවත්වන ලෙස හිටපු බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හරහා තදබල බලපෑම් එල්ලවූ අතරම තම සැමියාට හා පුතාට විවිධ වෙනත් චෝදනා ගොනුකර සිරගත කරන්නට පැවති රජය කටයුතු කළ බවයි.

වාස් ගුණවර්ධනට බලපෑම් කිරීමත් සමග එහි පරීක්ෂණ කටයුතු නවත්වනු ලැබූ බවද ඇය සඳහන් කළ අතර ජීවිත තර්ජන නිසා ඒ කිසිවක් හෙළි නොකර සිටි බවද කියා සිටියා.
අලූත් ආණ්ඩුවෙන් පැවති රජයේ වංචා දූෂණ ගැන එළිකරන්නට ජනතිවට සිදු කළ ඉල්ලීම අනුව තම සැමියා මේ ගැන දන්වන්නට අවශ්‍ය වූ බවත් ඔහුට එන්නට බැරි නිසා තමා මේ ගැන පැමිණිලි ක්රීමට මෙසේ ආ බවද ඇය කියා සිටියා.

ඒ සම්බන්ධයෙන් නැවතත් පරීක්ෂණ කටයුතු ආරම්භ කරන ලෙස ශ්‍යාමලි පෙරේරා අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමි‚ල්ලක ගොනු කර ඉල්ලා සිටියා.
ඇය මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ පහත පරිදිය.

0 comments:

Post a Comment