Monday, January 26, 2015

Tagged Under: ,

I am not dead yet

By: Prosperity Tech On: 1:40 AM

‘මම මියගිය කතාව අසත්‍යයි‘‘ - නාමල් උඩුගම හිරු අමතයි

ශ්‍රී ලාංකීය සංගීත කලාවට නොමැකෙනා මතක රැසක් මෙන්ම රසිකයින්ගේ සිත්වලට අමතක නොවන අපූර්ව ගීත ගායනා කරමින් ඔවුන්ගේ සිත් දිනාගත් නාමල් උඩුගම නම් වූ අසහාය ගායකයා රෝගී තත්වයක් නිසා රෝහල් ගතකොට ඇති බවට අප වෙත වාර්තා වුනා.

කෙසේ නමුත් මේ වන විට ඔහු රෝහලෙන් නැවත නිවස වෙත පැමිණ ඇති බවයි වැඩිදුරටත් තොරතුරු සොයාබැලූ අපවෙත වාර්තාවුනේ. ඔහුගේ අක්මාවේ ඇති වූ රෝගී තත්වයක් මෙයට හේතුවී ඇති බවට පැවසෙන අතර ඔහුගේ මෙම තත්වය නිසා විවිධ මාධ්‍ය ඔස්සේ ඔහු පිළිබඳව පුවත් මැවෙන්නට වුනා.


යම් අවස්ථාවල ඔහු ඉතාමත් අසධ්‍ය තත්වයෙන් පසුවන බවත් ඔහු මියගොස් ඇති බවත් ඇතැම් වෙබ් අඩවි ඔස්සේ තොරතුරු පළවුනා. කෙසේ නමුත් හිරු ගොසිප් අපි මෙහි ඇත්ත තත්වය දැනගැනීමට නාමල් උඩුගම දුරකථනයෙන් සම්බන්ධ කරගත්තා.
ඔහු ප්‍රකාශකර සිටියේ තමන් පිළිබඳව පළවෙන කටකතා අසත්‍ය ඒවා බවයි. එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ තමන් දින 12ක් පමණ රෝහල් ගත වී සිටි බවත් දැනට දින 3කට පෙර නැවත නිවස වෙත පැමිණි බවත්ය. එමෙන්ම ඔහුගේ රෝගී තත්වය මේ වන විට සුව අතට හැරෙමින් පවතින බවත් තව දින කිහිපයකින් ශල්‍යකර්මයකට ලක්කිරීමට ඇති බවත් ඔහු ප්‍රකාශ කර සිටියා. තමන් මියගියායැයි පැවසෙන කටකතා අසත්‍ය බවත් වැඩිදුරටත් අප සමඟින් අදහස් දැක්වූ නාමල් උඩුගම සඳහන් කලා. දශක කීපයක් තිස්සේ අප හදවත් තුල අමන්දානන්දනීය ගී මතක සටහන් ගැබ්කල මේ අසහාය ගායකයාට ඉක්මන් සුවය හිරු ගොසිප් අපි ප්‍රාර්ථනා කරන්නෙමු.



(hirufm.lk)

0 comments:

Post a Comment