Monday, October 13, 2014

I lost that LOVE

By: Prosperity Tech On: 12:49 AM

ඒ ආදරේ නැති වුණා.

* මේ දවස්වල කොහොමද වැඩ කටයුතු? 

මේ දවස්වව ලෝකුවට මුකුත් නෑ. ලොකු වැඩකට අත ගහන්න තමයි මේ දවස් වල සුදානම් වෙන්නේ.  මේ දිනවල ටිකක් නිදහසේ ඉන්නවා.  අධික කාර්යය බහුලත්වයක් නෑ.



ඔබ රංගනයට පිවිසුණේ කොහොමද?

 මගේ ආරම්භය සිද්ධ වෙන්නේ පාසල් කාලයේ හතරවන වසරේ සිට. මම ඉස්සල්ලාම වේදිකා නාට්‍යය වලට සහභාගී වෙනවා. එහෙම රංගනය හදාරගෙන යනකොට මට රාජ්‍ය සම්මාන උළෙලෙන්  හොඳම නළුවා සම්මානය  ඒ කාලයේ ලබා ගන්නවා. එතකොට මං හතරවන වසරේ. මම ඒ කාලයේ රංගනය විතරක් නෙවෙයි.   මම ක්‍රිකට් ක්‍රීඩකයෙක්.  පාසල් මට්ටමින් අවුරුදු 13න් පහළ සහ අවුරුදු 19න් පහළ ලුම්බිණි විද්‍යාලයේ නායකයා විදියට ක්‍රීඩා කළා.  මගේ  බලාපොරොත්තුව වුණේ ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන්න.  ඊට පස්සේ මම උසස් පෙළ කරන්න ගත්තාම මගේ ඔලුවට නළු පිස්සුව ගැහුවා. ඊට පස්සේ තමයි මට මේ ක්ෂේත්‍රය හැඳුණේ. මං හිතනවා ඉතින් මේ ක්ෂේත්‍ර‍ෙයන් ඉදිරියටම යන්න.

* ඔබ   ක්ෂේත්‍රයට පැමිණිලා කෙටි කාලයක් වෙන්නේ මොනවගේ අත්දැකීම්ද තියෙන්නේ ක්ෂේත්‍රය තුළ?

ඇත්තටම ක්ෂේත්‍රෙය් මම තවමත් ඉන්නේ පෙර පාසල් අවධියේ. ඉතින් මං හිතනවා මට ඉදිරියට යන්න පුළුවන් කියන එක සහ ඒ පිළිබඳව දැඩි විශ්වාසයක් තියෙනවා මට. මෙතෙක් කාලයක් පැමිණි ගමන්මග තුළ මිනිස්සු මාව හඳුනාගත්තේ ප්‍රධාන චරිතයක් හැටියට.  මං මිනිස්සු අතරට ආවේ මීට අවුරුදු එකහාමාරක් දෙකක් විතර කාලය තුළ.  ඒ කාලයේ හැටියට මං පුළුවන් තරම් උපරිම දේවල් කරලා තියෙනවා.  මේ වගේ පොඩි කාලයක් තුළ මං මගේම විදියේ දෙයක් ගොඩ නගාගෙන තියෙනවා සහ යම්කිසි දෙයක් මං කලාවට කරලා තියෙනවා. මොකද මං කලාවට ගොඩක් ආදරය කරන කෙනෙක් කියලා  මං හිතනවා. මං කලාව සෑහෙන්න ඉගෙන ගත්තා කියලත් මං හිතනවා . තව ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ලංකාවේ කලාව ගොඩාක් ඉහළට ගන්න පුළුවන් අපිට. මොකද ලංකාව කියන්නේ පොඩි රටක්. ඉන්දියාව වගේ නෙවෙයි.
 


* අමතක නොවන සිදුවීම් එහෙම අනිවාර්යෙන් ඇති ක්ෂේත්‍රයේ ඒ ගැනත් මතක් කරමු?

අමතක නොවන අත්දැකීම් නම් සෑහෙන්න තියෙනවා. ඉස්සල්ලාම කියන්න ඕන. ටෙලි නාට්‍යයක කියලා ඉස්සල්ලාම රඟපාන්න එනකොට මම දන්නේ නෑ   කාත් එක්කද රඟපාන්න තිබුණේ කියලා.  අදාළ තැනට ගියාම තමයි දැනගත්තේ ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා සමඟ රඟපාන්න තියෙන්නේ කියලා. ඒක මගේ ජීවිතයේ අමතක නොවන අත්දැකීමක්.  ඊට පස්සේ ගොඩක් අමතක නොවන අත්දැකීම් තියෙනවා.  රූපගත කිරීම් කරන  අවස්ථාවල හොඳට නිදාගෙන වතුර නාපු අවස්ථා තියෙනවා. හොඳට නිදාගන්න පුළුවන් මට.  ගොඩක් කතා කරනවා අඩුයි මම.  කතා කරන තැනට කතා කරන එක්කෙනෙක්  .  තව තියෙනවා තිසුරිව උස්සගෙන ගිහින් වැටිලා තියෙනවා. ඊට පස්සේ දෙන්නම කඳු වලින් පහළට වැටුණු අවස්ථා තියෙනවා.  ගැහැණු ළමයිගෙන් ගුටි කාපු අවස්ථා තියෙනවා.  

* අපිට දැනගන්න විදයට ධනුක සිනමාවටතත් එන්න අදහසක් තියෙනවා නේද ළඟදීම?

මට විතරක් නොවෙයි. ඒක කලාකරුවන් විදියට හැමෝගෙම වගේ ජීවිත වල තියෙන හීනයක්නේ. ඉතින් මටත් ඒ දේ උදාවෙලා තියෙනවා. ඉතින ඒ හරහා  මට ලොකූ ගමනක් යන්න පුළුවන් වෙයි. ලංකාවේ කලාවත් ගෙඩක් දුරට ඉදිරියට ගෙන යන්න පුළුවන් වෙයි.  සාරංග මෙන්ඩිස් කියන අධ්‍යක්ෂකවරයාගේ පළමු චිත්‍රපටයේ ප්‍රධාන නළුවාගේ චරිතය මට ලැබිලා තියෙනවා. ලංකාවේ මෙතෙක් දුරට කරන දැවැන්තම සිනමා නිර්මාණය මේ චිත්‍රපටය.  අපි රට රටවල් වල ගිහින් ගොඩාක් රූපගත කිරීම් කරනවා.  කොහොම හරි ඉදිරියට ලංකාවේ නම්බර් වන් චිත්‍රපටය මේක වෙයි.
 
 
* ප්‍රසිද්ධ හෝ ජනප්‍රිය පුද්ගලයින් සමාජයේ කටකතා හැ‍ඳෙනවා වැඩියි. ඔබට කට  කතා හැදිලා තියෙනවාද? කටකතා සම්බන්ධයෙන් ඔබ දරන අදහස කුමක්ද?


ඇත්තටම කලා ක්ෂේත්‍රය තුළ මං අවුරුදු දෙකයිනේ තාම ඉඳළා තියෙන්නේ.  ඇත්තටම මං හිතුවේ නෑ මේ අවුරුදු දෙක තුළ මේ වගේ වෙනසක් මට වෙයි කියලා.  මට කියන්න බැරි තරම් කටකතා හැදිලා තියෙනවා. ගෙදරට කොල් කරළ මරණ තරජන පවා කරපු අවස්ථා තියෙනවා. කටකතා නිසා. මං දන්නේ නෑ මොකක්ද හේතුව කියලා.  එහෙම දේවල ගොඩාක් තියෙනවා. ලංකාවේ මිනිස්සු ගොඩාක් බලන්නේ උඩට යන මිනිස්සු කොහොම හරි කරලා කකුලෙන් ඇදලා පහළට දාන්නයි හදන්නේ.  ඕක තමයි ලංකාවට වෙලා තියෙන්නේ. මං හිතන්නේ මේ තත්ත්වය වෙනස්  කර ගන්න ඕන.  සාම්‍යනයෙන් කටකතා කියන දේවල් ගණන් ගන්නේ නැතුව හිටියාම හරි.  ඵල තියෙන ගහටනේ ගල් ගහන්නේ. ඉතින් ඒ ඵල තියෙන ගහ මං කියලා හිතාගෙන හිටියානම් හරි. 


* ආදරය ගැන මොනවගේ අදහසක් තියෙන්නේ?

ආදර සම්බන්ධතාවයක් නම් ඇත්තටම නෑ.  මොකද මං අම්මට බාර දීලා තියෙන්නේ ඒ කටයුතු කරන්න කියලා. එයා කියලා තියෙන්නේ දැන්ම ඕවා ඕන නෑ. තව අවුරුදු ගොඩාක් තියෙනවා.  ඒ කාලය වෙද්දි තමයි මං ඔයාට හොයලා දෙන්නේ කියලා. ඉතින් මං කියලා තියෙනවා අම්මාට ඒක ප්‍රශ්නයක් නෑ කියලා.  ආදර සම්බන්ධතාවයක් තිබිලත් තියෙනවා. අවුරුදු පහකට විතර කලින්. ඒක නැති වුණා. ඉතින්  ඊට පස්සේ ආදරය කරන්න කෙනෙක් හම්බ වුණෙත් නෑ. එක්කෙනෙක් හොයන්න ගියෙත් නෑ.  ඉතින් අම්මගෙයි තාත්තගෙයි කියන දේවල් වලට තමයි මං කැමති වෙන්නේ.

  
* එහෙනම් ඔබ මොනවගේ සහකාරියක්ද බල‍ාපොරොත්තු වෙන්නේ?
 
මොනවගේ සහකාරියක්ද අවශ්‍ය කියලා හැමෝටම තිබුණු අදහසක් ඉස්කෝලේ යන කාලේ ඉඳළා මටත් තිබුණා.  ඊට පස්සේ එහෙම කෙනෙක්ව මං හොයා ගත්තා.ඉතින් එහෙම ආදර සම්බන්ධතාවය තියාගෙන යද්දි මට තේරුණා ඒ කෙනාගේ තියෙන අදහස් සමහරක් දේවල් වෙනස් කියලා . අපි මිනිස්සුන්ව  ඇස් මට්ටමේන්  බලනවාට වඩා එයාගේ ඇතුළට ගිහින් බලද්දි සම්පුර්ණයෙන් වෙනස්නේ. ඉතින් ඕන්න ඔහෝම දේවල් වෙලා ඒක ඉවර වුණා.

මම දැන් නම් හිතන් ඉන්නේසහකාරිය කියන කෙනා අම්මට තෝරලා දෙන්න කියලා.ගොඩාක් වෙලාවට අම්මටයි තාත්තටයි නංගිටයි සලකගෙන ඉන්න කෙනෙක් වෙන්න ඕන. මට කන්න හදන්න පුළුවන්  කෙනෙක් වෙන්න ඕන අනිවාර්යෙන්ම.
 
* ආදර සම්බන්ධතා‍වයක් කසාදයකින් කෙලවර විය යුතුයි කියලා ඔබ හිතනවාද?
 
මම හිකන්නේ නෑ ආදරය කරන දෙන්නෙක් විවාහයකින් ඉවර වෙන්න ඕන කියලා. මොකද ආදර සම්බන්ධයක් පටන් ගන්නේ දෙන්නෙක් හඳුනාගන්න.  ආදරයක් පටන්ගෙන සතියක් විතර කාලයක් දෙන්න හඳුනගැනීම කරන්නේ.  දෙන්න හඳුනාගත්තට පස්සේ දෙන්නා ගොඩාක් කාලයක් ආදරය කරනවානේ. සමහරක් කට්ටිය අවුරුදු නවයක් දහයක් අතර කාලයක් ආදරය කරනවානේ.  තේරුම් ගැනීම කියන දේත් එක්ක තමයි මේ ආදර සම්බන්ධය ගොඩාක් දුරට ගෙනියන්න පුළුවන් වෙන්නේ.  මං දන්න විදියට ආදරය කරන දෙනනෙක් ගොඩක් දුරට අඩුයි.  ආදරය කරන දේ ඇති වුණාම ඉරිසියාව ඇති වෙනවා. වෙනින් මොකක්දෝ දෙයක් ඇති වෙනවා. තමන්ගේ තියෙන සිතුම් පැතුම් ළඟාකර ගැනීමක් තමයි ගොඩාක් දෙනෙක් කරන්නේ.    හරියට තේරුම් ගැනීමත් එක්ක තමයි ආදරයක් සාර්ථක වෙන්නේ. අන්න එතනදී විවාහයකින් කෙළවර වීම අවුලක් නෑ.

* දැන් අපිට කියන්න පාසලේ සහ ඔබේ පවුලේ  තොරතුරු?

ඇත්තටම කියන්න ඕන. මගේ පාසලෙන් මට ලෝකු සහයෝගයක් ලැබුණා. මොකද කොළඹ ලුම්බිණි විද්‍යාලයේ ලුම්බිණි රඟහල කියන්නේ  ලංකාවේ කවුරුහරි රඟහලේ රඟපාල තියෙනවා නම් එතන තමයි අම්මා.  ඉතින් ලුම්බිණි අම්මගෙන් මට හම්බවෙච්ච දේ බොහෝමයි.  විද්‍යාලයෙන් මම හදාරපු දේවල් බොහොමයි. ලුම්බිණි විද්‍යාලයේ ගුරුවර ගුරුවරියෝ මට ගොඩාක් ආදරයෙන් හටියා.  එයාලගේ ඒ ශක්තියත් එක්ක තමයි මං හිතන්නේ මං ළඟ  මොනවා හරි දෙයක් තියෙනවානම් මං හැමෝටම පෙන්වන්නේ.
පවුලේ විස්තර ගත්තොත් මට අම්මා, තාත්තා, නංගී, මල්ලී කියන හතර දෙනෙක් ඉන්නවා. ඉතින් දැන් ඉන්නේ තුන්දෙනයි. මගේ මල්ලී නැති වුණා 2001 දී.  මගේ තාත්තා තමයි මාව පොඩි කාලේ ඉඳළාම බලාගත්තේ. මාව පාසල් එක්කගෙන ගියේ.  තාත්තා ගොඩාක් ආශාවෙන් හිටියා මං ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙයි කියලා. තාත්තා මාත් එක්ක ගොඩක් අමනායෙන් හිටියා මං මේ ක්ෂේත්‍රයට යොහු වුණ නිසා. ඒත් දැන්නම් ඒක නෑ.  ඉතින් තාත්තා තමයි මගේ ජීවිතයේ නම්බර් වන්.  අම්මා, මල්ලී, නිංගී තමයි එයාලගේ ජීවිතයේ මම නම්බර් වන්. මං හිතනවා මං මගේ පවුලත් එක්ක තමයි ගොඩාක් රැඳෙන්නෙත්,   ගොඩාක් ආදරය කරන්නෙත් මං මගේ ජීවිතය තුළ.  ඉතින් මගේ ජීවිතයේ වටිනාම තැන. නිදහස්ම තැන මගේ පවුගේ කටිටයත් එක්ක ඉන්න එකයි. 

 
  
* ධනුක කියන්නේ ඇත්තටම මොනවගේ චරිතයක්ද? 

 ධනුක දිල්ෂාන්  කියන්නේ නළුවෙක් නම් නෙවෙයි. මං කැමති නෑ නළුවෙක් විදියට මාව කවුරුවත් අමතනවාට. ඇත්තටම මං කොළඹ ජීවත් වෙච්ච. කොළඹ හැදිච්ච.  මං හොඳ කොළඹ කොල්ලෙක් .  ඒ වගේම ධනුක කියන චරිතය ගොඩාක් නිහතමානී. යාළුවන්ට ගොඩාක් ආදරය කරන. මිනිස්සුන්ට කවදාවතක් කරදරයක් කරන්නේ නැති. හොඳින් ජීවිත්වෙන පට්ට කොල්ලෙක්.

(adaderana.lk)

Sunday, October 12, 2014

දැඩි ආන්දෝලනයකට තුඩු දුන් ස්ටීවන් ස්මිත්ගේ විස්මිත උඩ පන්දු රැකීම (VIDEO)

By: Prosperity Tech On: 11:29 PM


දැඩි ආන්දෝලනයකට තුඩු දුන් ස්ටීවන් ස්මිත්ගේ විස්මිත උඩ පන්දු රැකීම (VIDEO)
  ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ස්ටීවන් ස්මිත් ඊයේ විස්මිත ආකාරයේ උඩ පන්දු රැකීමක නිරත විය.
ඒ, Slip ස්ථානයේ පන්දු රකිමින් කඩුල්ලෙන් විරුද්ධ පසට දිවගොස් රැකගත් අසාමාන්‍ය ආකාරයේ උඩ පන්දු රැකීමකි.


මෙය සිදුවූයේ, අබුඩාබිහිදී පකිස්ථානය සහ ඔස්ට්‍රේලියාව අතර ඊයේ පැවති තෙවන එක්දින ක්‍රිකට් තරගයේදී ය. ‍මෙම උඩ පන්දු රැකීමට ගොදුරු වූයේ, පකිස්ථාන පිතිකරු ෆවාඩ් අලාම් ය.
ඔස්ට්‍රේලියාවේ ෂේවියර් ඩෝහර්ටි විසින් යවන ලද පන්දුවක් ෆවාඩ් අලාම් සිය පා ඉන්න දෙසින් යොමු කිරීමට උත්සහ කළ අතර පන්දුව ඔහු දෙසට යොමු වනවා ත් සමග ක්‍රියාත්මක වූ ස්ටීවන් ස්මිත් දිවගොස් උඩ පන්දුව රැක ගැනීමට සමත් විය.
එම අවස්ථාවේ ෆවාඩ් අලාම් පිටියේ රැඳී සිටිය ද ප්‍රධාන විනිසුරුවරුන් තෙවන විනිසුරුවරයාගේ උපදෙස් මත ඔහු දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කෙරිණි.
මේ සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි ආන්දෝලනයක් ගොඩ නැගිණි.
ඇතැම් පිරිස් ප්‍රකාශ කළේ, එම උඩ පන්දු රැකීම නීත්‍යනුකූල නොවන බව ය.
මෙම උඩ පන්දුව නීත්‍යනුකූල බව හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක සිය නිල Twitter වෙබ් පිටුවෙහි සඳහන් කර තිබිණි.
steven smith catch_dean jones
ඒ අනුව, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව නීති අනුව (LawICC 41:8 වගන්තිය) පිතිකරුවෙකු පන්දුව පැමිණීමට පෙර ඊට පහර දීම සඳහා සැරසුණහොත් පන්දු රකින්නාට ද ඒ සඳහා ක්‍රියාත්මක විය හැකි ය.
මෙවැනි ම අවස්ථාවක් 2009 වසරේදී සිදු විය. ඒ, ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවති ටෙස්ට් තරගයකදී බ්‍රෙන්ඩන් මැකලම් විසින් රාහුල් ඩ්‍රාවිඩ් දවා ගැනීමේ සිද්ධිය යි.


(newsfirst.lk)

Sri Lankan Chat | Free Chat Room ~ podigossip.com

By: Prosperity Tech On: 2:18 AM
Chat | Sri Lankan, Sinhala Chat room


Saturday, October 11, 2014

Maliagawatta Car Parts Robbery - CCTV Footage

By: Prosperity Tech On: 11:30 AM

මාලිගාවත්තේ වාහනවල Parts උස්සන හැටි (වීඩියෝ සහිතයි) 

මාලිගාවත්ත ප්‍රදේශයේ මාවතක් අසල නවතා තිබෙන වාහන වල උපාංග හොරෙන් ගලවා ගැනීමේ කල්ලියක් ක්‍රියාත්මක වන ආකාරය ඒ අසල සවිකොට තිබූ CCTV කැමරාවක පටිගත වී තිබේ. සංවිධානාත්මක කල්ලියක් විසින් ත්‍රි රෝද රථයකින් පැමිණ වාහනය ආසලටම කොට නවත්වන අතර ත්‍රි රෝද රථයෙන් බැස ගන්නා එක් පුද්ගලයෙකු දුරකථන ඇමතුමක් ගන්නා මුවාවෙන් පාරේ සිට ඔත්තු බැලීම සිදුකරනු ලබයි.


ඒ අතරතුරේ වාහනය සමීපයේ නැවතූ ත්‍රී රෝද රියේ සිටින පුද්ගලයා විසින් එම වාහනයේ පිටුපස වීදුරු පිස්නය (wiper) ගලවාගනු ලැබේ. මෙලෙස විනාඩි කිහිපයක් ඇතුලත එම කණ්ඩායම විසින් වාහන දෙකක විදුරු පිස්නා ගලවාගන්නා ආකාරය එම වීඩියෝවේ සටහන් වී තිබේ. මෙම වීඩියෝවේ සිටින අදාළ සොරකම පුද්ගලයන් ඔබ දන්නවානම් අප වෙත දන්වන්න. 
 
ඊයේ (08) දිනයේ දහවල් 03:49 ට පටිගත වූ එම වීඩියෝව බලන්න පහතින්.


Balumgala 2014-10-10 University Girl Fraud

By: Prosperity Tech On: 10:36 AM

"කැම්පස් කියන" ගරානාස් දිනුෂී

පේරාදෙණිය සරසවියෙන් මතු වූ මිස්කෝල් දිනුෂී ගැන දැන ගන්න අද බැලුම්ගල අහන්න. 


Will remove all buddha statues from North as soon as Sri Lanka army withdrawal sivajilingam

By: Prosperity Tech On: 10:07 AM
උතුරු පළාතේ රඳවා සිටින හමුදා බල ඇණි ඉවත් කළ පසුව, ඒ සමග බුදු පිලිමද ඉවත් වන බව උතුරු පළාත් සභා TNA මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් පවසයි.

"හමුදා කෑම්ප් තියෙන ගමක් ගමක් පාසා ගෝඨාභය රාජපක්ෂ විසින් බුදු පිළිම හදලා. මේවට ඉඩ දෙන්න බෑ. ජනපතිවරයෙන් අපි දින්නට පස්සේ ගෝඨාභයව ගෙදර යවනවා. එවිට දෙමළ නිජබිමේ තීරණ ගන්නේ අපි." යයි ඔහු වැඩිදුරටත් පවසයි.

ඔහු මෙසේ පැවසුවේ උතුරු පළාත් සභාවේදී පැවති රැස්වීමක් අමතමිනි.

මෙම වසර අවසන් වනවිට උතුරේ සිටින හමුදාව ඉවත් විය යුතු බව අවධාරණය කරමින් මෙහිදී යෝජනාවක් සම්මත කරගෙන ඇත.

දෙමළ ඊළාම් මාතෘ භූමිය නිසැකවම පිහිටුවනවා - මාවෙයි සේනාධිරාජා

තමනට ප්‍රභාකරන් මල්ලී පෞද්ගලිකව හමු වූ ඓතිහාසික දින කිහිපය අමතක කළ නොහැකි බව දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රධාන පක්‍ෂය වන තමිලරසු පක්‍ෂයේ නායක මාවෙයි සේනාධිරාජා ප්‍රකාශ කරයි.

ස්විට්සර්ලන්තයේ පැවති රැස්වීමක් අමතමින් ඔහු පවසා ඇත්තේ තම අරමුණ දෙමළ ඊළාම් මාතෘ භූමියේ දෙමළ පාලනයක් පිහිටුවීම බවයි.

Jathika hela urumaya to quit from the government

By: Prosperity Tech On: 9:09 AM

ජාතික හෙළ උරුමය ආණ්ඩුවෙන් ඉවත් වෙයි..පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර විධායක  බලතල සීමා කර 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය නැවත ස්ථාපිත නොකරන්නේ නම් තමන් වහන්සේ ඇතුළු ප‍්‍රබල ඇමතිවරු කිහිප දෙනෙක් ආණ්ඩුවෙන් ඉවත් වන බව ජාතික හෙළ උරුමයේ උප සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.
ආණ්ඩුවේ ප‍්‍රධානීන් මේ සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වා නැති නිසා ඉදිරි ජනාධිපතිවරණයේදී තම ඉල්ලීම් පිලිගන්නා අපේක්‍ෂකයෙකුට සහාය දැක්වීමට තීරණය කර ඇති බවත් පවසන එහිමියෝ මේ පිළිබඳ අවසන් තීරණය අඟහරුවාදා දිනයේ ප‍්‍රකාශයට පත් කරන බවද කීහ.
ව්‍යවස්ථාවේ පවතින ස්වරූපය වෙනස් කිරීම දාහත් වැනි සංශෝධනය ක‍්‍රියාත්මක කිරීම, මනාප ජන්ද ක‍්‍රමය අහෝසි කිරීම, ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය එකම දිනකදී පැවැත්වීම, ආණ්ඩුවේ බලය අගමැතිට පැවරීම, ජනාධිපතිවරයාට ආරක්ෂක ඇමතිකම පමණක් භාරදීම සහ ඥාති හිත මිතුරන්ට තනතුරු දීම අහෝසි කිරීම යන යෝජනා මේ අතර වෙයි.

ජාතික හෙළ උරුමය ආණ්ඩුවෙන් ඉවත් වෙයි..
(lankacnews.com)

Friday, October 10, 2014

Today daily horoscope, daily asrology forecast - 11-10-2014

By: Prosperity Tech On: 8:43 PM

අද දින ඔබගේ කල දසාව 2014 ඔක්තෝබර් 11 දින

මේෂ
තම අභිමතාර්ථයන් බොහෝ දුරට ක්‍රියාවට නැංවිය හැකි අද දින සමාජ සේවා කටයුතුවලට යොමුවීමෙන් අලුත් හිතවතුන් ද, ප්‍රසිද්ධිය ද ගෙනදිය හැකි අතර රැකීරක්ෂා හා ව්‍යාපාර කටයුතුවල උසස් ප්‍රගතියක් පෙන්නුම් කරයි. අවිවේකී බව නිසා මනසට දැඩි වෙහෙසකාරී බවක් දැනේ.
වෘෂභ
ව්‍යාපාරික හා රැකියා කටයුතුවල සාර්ථකත්වයක් දක්නට ලැබෙන අද දින උසස් තනතුරු බලා‍පොරොත්තු වූවන්ගේ පැතුම් ඉටුවිය හැකි අතර මිල මුදල් පිළිබඳ තිබූ ගැටලු නිරාකරණය කරගැනීමට හැකිවන දවසකි. අතරමග නවතා තිබූ වැදගත් කටයුත්තක් සාර්ථක කර ගැනීමට හැකිවනු ඇත.

මිථුන
රැකියා ස්ථානයේ බලා‍පොරොත්තු නොවූ ගැටලු බාධක ගෙනදීමේ ප්‍රවණතාවක් පවතින අද දින රැකියාව පිළිබඳ කලකිරීමක් ඇතිවිය හැකි බව පෙන්නුම් කරයි. ආර්ථික අපහසුතා මතුවිය හැකි අතර අමතර වියදම් පියවාගැනීමට තැන්පත් මුදලක් වැයවිය හැකි දවසකි. ගෘහ ජීවිතය පී්‍රතිමත්ය.

කටක
තම අරමුණු බොහොමයක් සාර්ථක වන අද දින රැකියාව සම්බන්ධයෙන් වෙනදාට වඩා වගකීම් හිමිවන බව පෙනීයයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභදායක වන අතර ආර්ථිකය යහපත් මට්ටමක පවතින බව දක්නට ලැබේ. ගෘහ ජීවිතයේ අවිවේකී බවක් ගෙනදෙයි.

සිංහ
ආගමික කටයුතුවලට සිත වැඩි වශයෙන් යොමුවන අද දින වැඩිහිටියන්ගේ උදව් උපකාර ලබාගත හැකි වන බව පෙන්නුම් කරන අතර රැකියා කටයුතුතවල උසස් ප්‍රගතියක් දක්නට ලැබෙන දවසකි. ව්‍යාපාරිකයන්ට නොසිතූ ලාභ ලබාගත හැකි බව පෙනී යයි. ගෘහජීවිතය යහපත්ය.

කන්‍යා
රැකීරක්ෂා කටයුතු සම්බන්ධයෙන් තිබූ බාධක ඉවත් වේ. නව රැකියා ලැබිමටත් රැකියා උසස්වීම් ලැබිමටත් යහපත්ය. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් වාසි සැලසෙන අතර සිතට සහනදායී බවක් ගෙනදෙන දවසකි. යුගදිවිය සතුටින් ගතකිරීමට හැකි වේ.

තුලා
රැකියා කටයුතුවල කාර්ය බහුලත්වයක් දක්නට ලැබෙන අද දින ව්‍යාපාරිකයන්ට පාඩු සිදුවිය හැකි බව පෙනී යයි. අධ්‍යාපන කටයුතුවලට යහපත් වන අතර සම්මුඛ පරීක්ෂණවල යෙදෙන අයට ශුභදායකය. අතපසුවීම් නිසා අනපේක්ෂිත ගැටලු ගෙනදිය හැකි දවසකි.

වෘශ්චික
බලා‍පොරොත්තු මුදුන්පත්වන අද දින මතෛක් පැවැති කරදර බාධා නිමාවට පත්වේ. රැකියා ස්ථානයේ ප්‍රධානීන්ගේ ප්‍රශංසාව හිමිවන අතර වෙළෙඳ ව්‍යාපාරිකයන්ට වැඩිපුර ලාභ ලබාගැනීමට හැකිවන දවසකි. පවු‍ලේ වගකීම් තමන් වෙත යොමුවීම නිසා අවිවේකී බවක් පෙන්නුම් කරයි.

ධනු
ෙදෙනික කටයුතුවලින් උත්සාහයේ තරමට සාර්ථකත්වයක් ලබාගැනීමට නොහැකි වනු ඇත. රැකියා කටයුතුවල පසුබෑමක් දක්නට ලැබෙන අතර වෙළෙඳ ව්‍යාපාරිකයන්ට පාඩු ගෙනදෙන බව පෙනීයයි. ඉගෙනීමේ යෙදීසිටින සිසු සිසුවියන්ට යහපත් දවසකි. ගෘහ ජීවිතය යහපත්ය.

මකර
අනවශ්‍ය ඉක්මන්කාරී බවක් දක්නට ලැබෙන අද දින රැකීරක්ෂා, ව්‍යාපාර කටයුතු සම්බන්ධව බලපෑ බාධක තුරන්වන අතර සුළු ධන ලාභයක් ලැබිය හැකි බව පෙන්නුම් කරයි. අන්‍යයන්ගේ උපදෙස්වලට අනුකූලව ක්‍රියාකිරීමෙන් පාඩු ගෙනදිය හැකි දවසකි. ගෘහජීවිතය පී්‍රතිමත්ය.

කුම්භ
වෙළෙඳ ව්‍යාපාරිකයන්ට සුවිශේෂී දියුණුවක් ගෙනදෙන බව දක්නට ලැබේ. රැකීරක්ෂා කටයුතුවලින් ශුභඵල ලබාගන්නා අද දින ආර්ථිකය යහපත් මට්ටමක පවතින අතර අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ට තරග විභාගවලින් ජය අත්කර ගැනීමට හැකිවන දවසකි.

මීන
ස්වයං රැකියාවල නියුතු වූවනට ජංගම වෙළෙඳාම්වල යෙදී සිටින්නන්ට ශුභදායක දවසකි. රැකීරක්ෂා කටයුතුවල දියුණුව පෙන්නුම් කරන අතර විවිධ තරාතිරමේ අය අතර සම්බන්ධකම් පැවැත්වීමට අවස්ථාව උදා වේ. ප්‍රිය සම්භාෂණ උත්සවයකට සහභාගි වීමට හැකිවන බව පෙනී යයි.
ලෙස්ලි ජයසිංහ - රද්දොළුගම නිවාස

(rivira.lk)

 

Monk playing guitar with a beauty model

By: Prosperity Tech On: 8:17 PM

හිමි නම සමඟ රිතිකා ගිටාර් ගැසූ මියුසික් වීඩියෝව

එක්තරා තරු‚යක් සමඟ හිමිනමක් ගිටාර් වාදනයේ සිටින ජායාරූප කිහිපයක් පසුගිය ජනවාරි මාසයේ මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ වූ අතර එය තරමක් ආන්දෝලනාත්මක පුවතක්ද වියග
එම අවස්ථාව පිළිබඳ සොයාබැලු අපට දැනගන්නට ලැබුනේ එක්තරා මියුසික් වීඩියෝවක් රූගත කරනා අවස්ථාවේ එම ජායාරූප ගෙන ඇති බවයිග
එම ජායාරූප වල සිටි තරු‚ය රිතිකා කොඩිතුවක්කු වන අතර ගිටාර් ගැසූ හිමියන් වූයේ ගිගුම්මඩුවේ විමලබුද්ධි හිමියන්යග
එම ගිටාර් ගැසීම සිදුවූ අවස්ථාවේ රූගත කරමින් පැවති මියුසික් වීඩියෝව මේ වනවිට නිකුත්වී තිඛෙන අතර එහි පසුබිම් රංගනයෙන් දායක වන්නේ රිතිකායග
එම වීඩියෝව පහත


 



 චීවරය දරා සිටින චායාරූපයක්