Showing posts with label Meadia. Show all posts
Showing posts with label Meadia. Show all posts

Wednesday, December 14, 2016

Chatura Alwis wedding photos

By: Prosperity Tech On: 10:01 PM

“සොඳුරු මාධ්‍යවේදියා" චතුර අල්විස්ගේ විවාහ උත්සවය (ඡායාරූප)


දෙරණ නාලිකාවේ සොදුරු මාධ්‍යවේදියා චතුර අල්විස් මහතාගේ විවාහයේ උත්සවය පසුගිය දා පැවැත්වුණි. ඡායාරූප පහතින් බලන්න.

Monday, April 11, 2016

Weather girl Susana Almeida has unfortunate wardrobe

By: Prosperity Tech On: 10:31 AM

,sx.sl wjhj lemS fmakak wekqï we|mq rEmjdysks ksfõÈldjf.a riaidj ke;s fj,d

rEmjdysks kd,sldjl isák ksfõÈldjla weh we|f.k isá we÷ula fya;=fjka ish rdcldßh wysñùfï mqj;la jd¾;d fjkjd'

my; ùäfhdaj kerUqfjda;ska wehg  ish rdcldßh wysñ jQ fya;=j meyeÈ,s fõú'

Friday, June 19, 2015

Venezuelan TV Reporter Gets Nakedd to fulfils her promise

By: Prosperity Tech On: 9:48 PM

jevigyk w;r;=r ksrej;a jQ rEmjdyskS ksfõÈldj

fjksishq,dj yd fldf,dïìhdj w;r óg Èk lsysmhlg fmr mej;s mdmkaÿ ;rÛfhka fjksishq,dj ch.%yKh l<fyd;a" ;rÛ m%;sM, oekqï fok wjia:dfõ§ ;ud ksrej;a jk nj fjksishq,dkq rEmjdyskS ksfõÈldjla mjid isáhd h'

flfia fyda fjksishq,dj tu mdmkaÿ ;rÛfhka f.da, 1 0 f,i fldf,dïìhdj mrojd ch.%yKh w;a lr.ekSug iu;a jQ w;r tu ksfõÈldj ;u fmdfrdkaÿj bgq lr isá whqre my; ùäfhdafjka krUkak

Friday, March 6, 2015

ITN Chat & Music Niroshan to enter politics through Wimal Weerawansa's party

By: Prosperity Tech On: 9:05 PM

"ITN"යෙන් දොට්ට දැමු නිරෝෂන් මහ මැතිවරණයට මහින්ද අගමැති කරන සටනට විමලෙත් එක්ක සෙට් වෙලා  


ස්වාධීන රූපවාහිණියේ ජනප්‍රිය නිවේදයකු වූ "නිරෝෂන් ප්‍රේමරත්න" ස්වාධීන රූපවාහිණිය හරහා විකාශණය වුණු "Chat & Music" වැඩසටහන වසර ගණනක් තිස්සේ ඉදිරිපත් කළ අතර, පසුගිය දා ආණුඩු පෙරළීමත් සමඟින්, තව දුරටත් ඔහුගේ සේවය අවශ්‍ය නැති බව පවසමින් නිරෝෂන්ව ''ITN'' නාළිකාවෙන් ඉවත් කර තිබුණේ කිසිදුන් කිසිදු හේතු සාදකයක් ගැන කරනු ඉදිරිපත් කිරීමකින් තොරවයි.

මේ හේතුව නිසාවෙන්ම පසුගිය දිනවල තරමක් කතාබහට ලක් වූ නිරෝෂන් ඉදිරි මහ මැතිවරණයේ දී විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වීමට සූදානමින් පසුවන බව දැන ගැනීමට තිබේ. ඔහු කඹුරුපිටිය ආසනයෙන් දේශපාලන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බව ද වාර්තා වේ.

පසුගිය වසර ගණනාවක් තිස්සේ ශ්‍රීලංකා නිදහස පක්ෂයට සමීපව හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියාකාරි වැඩ කොටසක නිරතව සිටි නිරෝෂන් ප්‍රේමරත්න ආණ්ඩු පෙරළියත් සමඟ ස්වාධීන රූපවාහිණී අයතනයේ කටයුතුවලින් ඉවතට විසිවුයේ, රාජපක්ෂවාදියකු වීම නිසා දේශපාලන පලිගැනීමක් ලෙස බවට ප්‍රචාරයක් ගෙන ගියද එවැන්නක් සිදුව තිබුණේ නැත.

මේ වන විට ඔහු වෙළඳ ප්‍රචාරක ආයතනයක් ද පවත්වාගෙන යයි. කෙසේ නමුත් විමල් වීරවංශ ප්‍රමුඛව කණ්ඩායම විසින් මහින්ද රාජපක්ෂව අගමැති කළ යුතු බවට ගෙන යන ව්‍යාපාරයේ ද ප්‍රමුඛ හවුල්කරුවකු ලෙස ඔහු ක්‍රියාකාරීව සිටී.





Wednesday, March 4, 2015

Buddhika's jobs available for pretty girls

By: Prosperity Tech On: 9:34 PM

බුද්ධික කුලසේකරගේ හිත යන ගැටිස්සියන්ට ස්වර්ණවාහිනියේ ඇබෑර්තු ඇත




ස්වර්ණවාහිනියේ වැඩසටහන් අංශයේ ප්‍රධානියා වන බුද්ධික කුලසේකරට රුවැති ගැටිස්සියන් පේන්නට  බැරි යැයි එහි අභ්‍යන්තර තොරතුරු කරුවන් අනාවරණය කරති. කිසියම් වෙළෙද දැන්වීමකට පෙනී සිටින හෝ වෙනත් නාළිකාවක විකාශය වන ටෙලි නාට්‍යයක රගපාන හෝ රූමත් තරුණියක වෙත බුද්ධික කුලසේකරගේ හිත ඇදී ගියහොත් ඔහු ඊට පසුදාම ඒ තරුණියගේ නම, ගම හා දුරකථන අංකය සොයා ගන්නා බවත්, පසු දිනයේදී  ස්වර්ණවාහිනියේ තිර පරීක්ෂණයක් සදහා පැමිණෙන ලෙස එවන් රූබරියන් වෙත දන්වා යැවෙන බවත් සඳහන්.


එමෙන්ම ඊළග සතියේ දී ස්ථීරවම එකී රුවැත්තියන්ට ස්වර්ණවාහිනියේ පූර්ව ප්‍රචාරක පටයකට පෙනී සිටීමට හෝ ටෙලි නාට්‍යයක රගපෑමට හෝ නොඑසේ නම් ස්වර්ණවාහිනියේ වැඩසටහනක් ඉදිරිපත් කිරීම සදහා හෝ අවස්ථාව හිමිවන්නේ යැයි දැනගන්නට තිබේ.


මෙරට විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ රූමත් තරුණියන්ට රූපවාහිනී මාධ්‍යයෙන් මුහුණ පෙන්වා ප්‍රසිද්ධියට පත්වීම සදහා නිර්ලෝභීව අතහිත දෙන්නන් ලෙස කුප්‍රකටව සිටි සිරස ටී.වී. නාලිකාවේ හිටපු නාලිකා ප්‍රධානියා වූ සුසාර දිනාල් හා  හිරු ටී.වී. නාලිකාවේ වත්මන් වැඩසටහන් අංශ ප්‍රධානියා බව කියන වැලිවත්ත නමැත්තාටත් වඩා රූමතියන්ට උදව් කිරීම සම්බන්ධයෙන් ස්වර්ණවාහිනියේ බුද්ධික කුලසේකරට හිමිවන්නේ ප්‍රධාන තැනකි.

බුද්ධික කුලසේකර තම නාළිකාවේ වැඩසටහන් නිෂ්පාදකවරුනට ලබා දී තිබෙන උපදෙස්වලට අනුව එහි සියළු වැඩසටහන් ඉදිරිපත්කිරීම සදහා යොදාගත යුත්තේ ආකර්ශණීය පෙනුමකින් යුත් තරුණියන් පමණකි.

එමෙන්ම ඔහු විසින් ස්වර්ණවාහිනි නාලිකාවේ දෛනිකව විකාශය කෙරෙන විවිධ වැඩසටහන් ඉදිරිපත් කිරීමේ වගකීම වැඩි වශයෙන්ම පවරා ඇත්තේද ටෙලි නාට්‍ය නිළියන්ට ය.


බුද්ධික කුලසේකරගේ මතයට අනුව ප්‍රේක්ශකයින් වැඩි ප්‍රියතාවයක් දක්වනුයේ රූමත් තරුණියන් දෙස බලාසිටීමට ය.

මීට කලකට පෙර කිසියම් මල්පැල ප්‍රදර්ශනයකට ස්වර්ණවාහිනියේ ප්‍රචාරක අනුග්‍රහය ලබාගැනීම සදහා බුද්ධික කුලසේකර හමුවීමට පැමිණි එක්තරා රූමත් කාන්තාවකගෙන් ; “ ඔයා අපේ Live@8 (ලයිව් ඇට් එයිට්) එකේ නිවුස් කියන්න කැමතිදැ යි ” කියා බුද්ධික අසා ඇති බවට වන කටකතාවක් ද විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ප්‍රකටව තිබේ.




eGossip.lk

Tuesday, February 17, 2015

Neth FM Thugs

By: Prosperity Tech On: 7:29 PM

නෙත් FM නිවේදක චණ්ඩි සැඟවෙන්නෙ ඇයි ? -GO RIGHTS COLLECTIVE

පසුගිය දා නෙත් නාලිකාවේ බැලුම්ගල නම් වැඩසටහන මගින් වැලිකඩ සමූහ මිනිස් ඝාතනය සම්බන්ධයෙන් වාර්ථා වැඩසටහනක් විකාශය වූ අතර ඒ වැඩ සටහන මගින් ඔවුන් කියන්නට උත්සහ කළේ මේ රැදවියන් ඝාතනය පිටුපස සිටින්නේ සිංහල කොට් බවත්,එන්.ජී.ඕ නඩයක් බවත් මේ නිසා මෙය රටට එරෙහි කුමන්න්‍රණයක් වන බවත්ය.
ඒ අනුව මේ වැඩටහන පුරා මෙය මෙහෙය වන මාධ්‍යෙව්දීන් දෙදෙනා මෙය රටට එරෙහි කුමණ්න්‍රණයක් බව ජනතාවට ඒත්තු ගන්වන්නට උත්සහ ගත්හ. එහිදී ඔවුන් දැනට සේවයේ සිටින බන්ධනාගාර නිළධාරියෙකු ගේ සහයද ලබා ගන්නා අතර එම වැඩසටහන පුරා ඔවුන් කියන්නේ එහෙන් මෙහෙන් අහුල්ලා ගත් තොරතුරය.

අප සංවිධානය විසින් මෙම සමූහ මිනිස් ඝාතනයේ වරදකරුවන් නීතියේ රැහැනට හසුකර දී වරදකරුවන්ට අධිකරණය මගින් දඩුවම් ලබා දියයුතු බව මුල පටන්ම විශ්වාස කලෝය. ඒ අනුව මුල්නම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටත් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් අප සමග සම්බන්ධ වී සිටින සුදේශ් නන්දිමාල් නම් ඇසින් දුටු සාක්ෂිකරුවා විසින් පැමිණිලි ඉදිරිපත් කරනු ලැබීය.
පසුව එම ඝානය මගින් අගතියට පත් රැදවියන්ගේ ඥාතී වින්දිතයන් සමග අප වට කිහිපයක් සාකච්ඡා කරනු ලැබුවේ ඉදිරියට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදවය. ඒ පිළිබදව මාධ්‍ය මගින් කිසිදු ප්‍රසිද්ධත්වයක් ලබා නොදුන්නේ එකී ඥාතීන්ගේ ආරක්ෂාව ගැන සලකාය. තවද නන්දිමාල්ට අමතරව අප සමග සිටින ඇසින් දුටු සාක්ෂිකරුවන් කිසිවකු මේ වන තුරු මාධ්‍ය මගින් ප්‍රසිද්ධ නොකලේ එකී සාක්ෂිකරුවන් ගේ ආක්ෂාව පිණිසය.
මේ මහා මිනිස් ඝාතනය යළි කිසිදු දිනක ඉතිහාසයේ ඇති නොවන්නට නම් අප එකී අපරාධයට සම්බන්ධ සියලු පාර්ශවයන්ට නීතියට අනුව දඩුවම් ලබා දිය යුතුය.

අප විසින් විධිමත්ව ඒ සම්බන්ධයෙන් කටයුතු කරමින් යන අතරවාරයේ නෙත් නාලිකාවෙන් කිසිදු තාර්කික පදනමකින් තොරව කිසිදු සාක්ෂියක් නොමැතිව කොටි සටන් පාඨය කරලියට ගෙන වැඩ සටහන් දෙකක් කලෝය. අප එයට එරෙහිව බම්බලපිටිය පොලීසියට පැමිණිල්ලක් කරන ලද අතර අද දිනයේ එකී පැමිණිල්ල විභාගයට නියම වුණි. එම අවස්ථාට අප සංවිධානනයේ නීතීඥවරුන් පිරිසක් සහභාගි වූ අතර අප 2.30ට ලබා දුන් වේලාවට පොලීසියට පැමිණියද මෙම නාලිකාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක සහ නීතීඥවරියක පැමිණියේ 4.30 ටය. පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේ මෙම නාලිකාවේ අය ඊට කිසිදු සූදානමකින් නොපැමිණි නිසා යළි පැමිණිල්ල විභාගයට ලබන 16 වනදාට දින ලබා දුනි.
අප මේ සම්බන්ධයෙන් කිසිදු සමථයක් බලාපොරොත්තු නොවන අතර විමර්ශන අවසානයේ අධිකරණයට කරුණු වාර්ථා කිරිමෙන් පමණක් ප්‍රශ්න නිමාකර ගන්නට අප බලාපොරොත්තු වන්නේමු. අධිකරණයට අපහාස කිරීම, සිවිල් අයිතිවාසිකම් සදහා වූ සම්මුති පනත උල්ලංඝණය කිරීම, සාක්ෂිකරුවන්ට අනිසා බලපැම් කිරීම සහ ඔවුන් බිය වැද්දීම, අපරාධයක් සගවන්නට සහය ලබාදීම, ජාතීන් අතර අසමගිය ගොඩ නගන්නට කටයුතු කිරීම ඇතුලු බරපතල චෝදනා රැසක් දැනටමත් මෙම නාලිකාවට විරුද්ධව අප විසින් ගොනුකර තිබේ.
අපට කුක්කන් යැයි කියමින් චන්ඩිපාට් දැමු මේ මහා මාධ්‍යවේදීන් පොලීසියට නොපැමිනෙන්නේ මන්ද යැයි අප නොදනිමු. කෙසේ නමුත් ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂාකර දීම උදෙසා අප විසින් ඇරඹි අරගලය ජාතිවාදී බොරු සටන්පාඨ වලින් යටපත් කරන්නට කිසිවිටෙකත් අප ඉඩ නොතබන අතර ප්‍රශ්න අධිකරණයේ දී විසදා ගන්නට අප කැමතිය.
-GO RIGHTS COLLECTIVE-

(lankadaily.com) 



 

Tuesday, December 16, 2014

I don't have any affair with politicians

By: Prosperity Tech On: 10:33 AM

දේශපාලනඥයන් සමඟ අනවශ්‍ය සුහදතා මගේ ළඟ නෑ - දිල්කා සමන්මලී

• ලංකාවේ රූපවාහිනී නාළිකා අතර දේශපාලනික සංවාදාත්මක වැඩසටහනක් ඉදිරිපත් කරන එකම මාධ්‍යවේදිනිය ඔබ නේද?
ඔව්, ඒක ඇත්ත. මීට කලින් දේශපාලනික සංවාද ඇතුළත් වැඩසටහන් ඉදිරිපත් කිරීමට කාන්තාවන් ඉදිරිපත් වුණේ නෑ. යම් යම් අවස්ථාවලදී කෙටිකාලීනව ඇතැම් මාධ්‍යවේදිනියන් දේශපාලනික වැඩසටහන්වලට සම්බන්ධ වුණත් 360 වැනි වැඩසටහන් දීර්ඝ කාලයක් ඉදිරිපත් කරන එකම මාධ්‍යවේදිනිය මම කියලයි මට හිතෙන්නේ.

• කොහොම ද ඔබ මුලින්ම 360 වැඩසටහනට සම්බන්ධ වුණේ?
මම ටී. වී. දෙරණ නාළිකාවට එක්වුණේ ප්‍රවෘත්ති නිවේදන කටයුතුවලට. පූර්ණකාලීනව ප්‍රවෘත්ති අංශයේ වැඩ කරන විට තමයි ටී. වී. දෙරණ ආයතනයේ ප්‍රධානීන් මට කිව්වේ ‘360’ වැඩසටහන මෙහෙයවන ලෙස. දේශපාලනය කියන විෂය මගේ ජීවිතයට කිසිම සම්බන්ධයක් තිබුණේ නෑ.
උසස් පෙළට මම කළේ ජීව විද්‍යා විෂයන්. ඊට පසුව මම මනෝ විද්‍යාව හැදෑරුවා. මාධ්‍ය ක්ෂේත්‍රයට තිබුණු කැමැත්ත නිසා ටික කලක් මම නිදහස් මාධ්‍යවේදිනියක ලෙස ‘සිළුමිණ’ පුවත්පතේ වැඩ කළා. ඉන් පසුව ටී. වී. ලංකා ආයතනයටත් පසුව දෙරණ ආයතනයටත් සම්බන්ධ වුණා. මේ කොහෙදිවත් දේශපාලනය මම කැමැති විෂයක් වුණේ නෑ.
ඒ නිසයි දෙරණ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානීන් 360’ වැඩසටහන ඉදිරිපත් කරන්න කියල මට කළ යෝජනාව මම ප්‍රතික්ෂේප කළේ. නමුත් මේ වැඩසටහනට මීට කලින් සම්බන්ධ වෙලා සිටි කෙනෙකු වෙතින් මට එල්ල වුණු අභියෝගයක් නිසා තමයි මම 360 මෙහෙයවන්න ඉදිරිපත් වුණේ. දැන් අවුරුදු 7 ක් තිස්සේ මම මේ වැඩසටහන කරගෙන යනවා. මගේ ප්‍රධානීන් මෙම වැඩසටහනින් බලාපොරොත්තු වූ දේ ලබා දෙන්න මට හැකිවෙලා තියෙනවා කියල මම විශ්වාස කරනවා.
• 360 වැඩසටහනේදී ඔබ ආරාධිත දේශපාලනඥයින්ගෙන් කරන ඇතැම් ප්‍රශ්න කිරීම් සැර වැඩියි කියලා හිතන්නේ නැත්ද?
නැහැ මම එහෙම හිතන්නේ නෑ. මම නියෝජනය කරන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාව. ඒ මිනිසුන්ට තිබෙන ප්‍රශ්න තමයි මම වැඩියෙන්ම දේශපාලනඥයින්ට ඉදිරිපත් කරන්නේ. මහජනතාව දේශපාලනඥයින්ගේ කටයුතු පිළිබඳ අපෙන් ප්‍රශ්න කරන ආකාරයටම මමත් ඇතැම් ප්‍රශ්න ඉදිරිපත් කරන අවස්ථා තියෙනවා. සැර වැඩියි කියල හැ‍ඟෙන්නේ එවැනි ප්‍රශ්න වෙන්න ඇති. ඇතැම් දේශපාලනඥයින් එහෙම ප්‍රශ්න කරනවට කැමැතියි.
එවැනි අය මට කියල තියෙනවා දිල්කා ඔයා ඔය විදියට ප්‍රශ්න අහන එකට අපි කැමැතියි, ඒක අපට උත්තර දෙන්නත් පහසුවක් කියලා. 360 වැඩසටහනේ ස්වරූපය තමයි ඒක.

• 360 වැඩසටහනින් ඔබට හමුවුණු පළමු දේශපාලනඥයා කවුද?
වාසුදේව නානායක්කාර මහතා. මගේ පළමු 360 වැඩසටහනට සහභාගි වන ආරාධිතයා එතුමා කියලා දැනගත් විට මට තරමක චකිතයක්, තැති ගැන්මක් ඇතිවුණා. ඒ මොකද වාසුදේව නානායක්කාර මහතා කියන්නේ ලංකාවේ දේශපාලනය තුළ දැවැන්ත චරිතයක්. ඒ වගේම ඔහුගේ දේශපාලනික දැනුම ඉතාම ඉහළයි. වයස අතිනුත් වාසුදේව මහතා මගේ වයස මෙන් දෙගුණයකටත් වඩා වැඩිමහල්. ඉතින් එවැනි පුද්ගලයකුගෙන් සෘජුව ප්‍රශ්න කරන්නේ කෙසේ ද කියන ගැටලුව මට තිබුණා.
නමුත් මම පාසල් යන කාලෙ පටන් හැප්පිලා වැඩ කරන්න පුළුවන් චරිතයක්. ඒ නිසා මම පුංචි චකිතයකින් වුණත් අධිෂ්ඨානශීලීව මගේ පළමු වැඩසටහන ඉදිරිපත් කළා. එය සාර්ථක වුණා. ඉන් පසුව මට ලංකාවේ සිටි ප්‍රධාන පෙළේ දේශපාලනඥයින් සියලුම දෙනා සමඟ 360 ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණා.
මුල් යුගයේ ඉඳලම මම මේ වැඩසටහනට එන ආරාධිතයා පිළිබඳ හොඳ හැදෑරීමක් කරල තමයි වැඩසටහනට ගියේ. ලේක්හවුස් ආයතනයේ මාධ්‍ය පුස්තකාලය මෙම වැඩසටහන ඉදිරිපත් කළ මුල් කාලයේ මට එය සාර්ථකව ඉදිරිපත් කරන්න කරුණු සොයා ගන්න බෙහෙවින් උපකාර වුණා. ඒ වගේම එදා ඉඳල ෂෙහාන් බරණගේ සහ දිනූෂ ජයකොඩි යන මහත්වරු ඇතුළු දෙරණ කණ්ඩායමෙන් මට ලැබෙන්නේ උපරීම සහයෝගයක්.

• 360 වැඩසටහනට ආරාධනා කළ විට එය ප්‍රතික්ෂේප කළ දේශපාලනඥයින් සිටිනවා ද?
360 ට ගෙන්වන ආරාධිතයා පිළිබඳ තීරණය කරන්නේ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානීන්. එසේ කළ ආරාධනා ප්‍රතික්ෂේප කළ දේශපාලනඥයින් ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ද සිටිනවා. ඔවුන්ගෙන් ඇතැමෙක් කියල තියෙනවා “දැන්ම ආරාධනය බාරගන්න බැහැ, පස්සේ බලමු” කියලා.

• මෙම වැඩසටහන ඉදිරිපත් කිරීමේදී ඔබ විශේෂ ක්‍රම අනුගමනය කරනවා ද?
ඔව්. මෙහිදී වැඩසටහන ආරම්භයට පෙර හෝ වෙළෙඳ දැන්වීම් සඳහා වැඩ සටහන නවත්වන කෙටි කාලය තුළදී හෝ මම ආරාධිතයා සමඟ ආගිය තොරතුරු කතා කරන්නේ නෑ. ඒක මගේ හැටි. ඒක පහසුයි මට වැඩසටහන කරගෙන යන්න. ඒ මොකද ආරාධිතයා සමඟ එම අවස්ථාවේදී අනවශ්‍ය සුහදතාවක් වර්ධනය වුණොත් මට සෘජුව ප්‍රශ්න කරන්න හැකි වෙන්නේ නෑ. ඒ නිසයි මම එහෙම කරන්නේ.
මේ ළඟදී 360 ට ආව ප්‍රසිද්ධ දේශපාලනඥයෙක් මගේ ආයතනයේ ප්‍රධානියකුට කියල තිබුණා “දිල්කා හරිම දුෂ්ට චරිතයක්, දැන්වීම් විවේකයකදීවත් සුහදව වචනයක්වත් කතා කරන්නේ නැතැයි” කියලා.
ඒකට පිළිතුරු විදියට මගේ ප්‍රධානියා කියල තිබුණා “දිල්කා දුෂ්ට කෙනෙක් නෙමෙයි, ඒ; එයා වැඩසටහන ඉදිරිපත් කරන හැටි. 360 වැඩසටහනින් පිට ඔබව හමු වුණාම දිල්කා ඔබ සමඟ කතාකරයි. ” කියලා. ඒක තමයි ඇත්ත කතාව.

• 360 වැඩසටහනේදී තරහ ගිය දේශපාලනඥයින් සිටිනවා ද?
ඔව් එවැනි දේශපාලනඥයින් සිටිනවා. 360 මම කරන්න පටන්ගන්න මුල්ම දවස්වල ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇමැතිවරයා සමඟ කළ වැඩසටහන මට අමතක වෙන්නේ නෑ.
ඔහු වැඩසටහනට ගෙන්වනවා කියල දැනගත්තාම අපේ ආයතනයේම ඇතැමුන් මට කිව්වා ඔහු සමඟ වැඩසටහන කරන්න ලේසි වෙන එකක් නැහැ කියලා. එක්කෝ දිල්කා, එක්කෝ ජෙයරාජ් කියලත් ඇතැමුන් කිව්වා. මමත් දැනගෙන හිටියා ඔහු කට සැර පුද්ගලයෙක් කියලා. කොහොමහරි එදා වැඩසටහන ආරම්භ කළ පළමු ප්‍රශ්නයේ ඉඳලම ජෙයරාජ් ඇමැතිවරයා හිටියේ කෝපයෙන්.
මෙම වැඩසටහනේදී දේශපාලනඥයින් අමාරුවේ දමන ප්‍රශ්න අහනවා කියන හැඟීමකින් ඔහු එදා පැමිණ සිටි බවයි මට පෙනී ගියේ. කොහොමහරි මගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ තරහින්, වේගවත්ව. මම ඔහුගෙන් කෙළින්ම ඇහුවා “ඔබතුමාට කේන්ති ගිහිං නේද?” කියලා. එතකොට කිව්වා නැහැ එහෙම එකක් නැහැ කියලා. ඊට පසුව මම කිව්වා, එහෙමනම් ඔය ඔබට කේන්ති ගිහිං නෙමෙයි ඔය ඔබගේ හැටි නේද කියලා. “ඔව් ඒ මගේ හැටි” කියලා පෙරළා පිළිතුරු දුන්නා. ඉන් පසුව ජෙයරාජ් ඇමැතිවරයා ඉතාම සුහදව වැඩසටහනට සහභාගි වුණා.

• මෙම වැඩසටහනේදී ඔබට තර්ජනය කළ දේශපාලනඥයින් සිටිනවා ද?
ඔව් එහෙම අවස්ථාත් තියෙනවා. ඇතැමුන්ගෙන් මම කළ ප්‍රශ්න කිරීම්වලදී වැඩසටහන අතරතුර පිළිතුරු දෙන්න බැරිව, මට බනින්න බැරිව, වැඩසටහන අතරතුර තිබෙන සුළු විවේක කාලවලදී දරුණු වාග් ප්‍රහාර එල්ල කළ අවස්ථා තිබෙනවා. ඒ වගේම පූර්ණ කාලීනව දේශපාලන ක්ෂේත්‍රයේ නොසිටින වෙනත් වෙනත් දේවල් කරල දේශපාලනයට පැමිණි පුද්ගලයින් තර්ජනය කළ අවස්ථාත් තිබුණා. නමුත් පූර්ණ කාලීන දේශපාලන ක්ෂේත්‍රයේ සිටින පරිණත දේශපාලනඥයින් ගෙන් කිසිම විටෙක තර්ජන එල්ල වී නෑ.

(silumina.lk)

Saturday, October 25, 2014

MUNCHEE SUPER CREAM CRACKER TVC - (SUPER MAN)

By: Prosperity Tech On: 5:29 AM

මේ දිනවල ජනප්‍රිය Super Man ඇඩ් එක හැදුණු හැටි


මන්චි සුපර් ක්‍රීම් කැකර් සඳහා නිර්මාණය කරන ලද "සුපර් මෑන්" වෙළඳ දැන්වීම මේවනවිට බොහෝ දෙනෙකු අතර කතා බහට ලක්වූ දැන්වීමකි. 

එම දැන්වීම නිර්මාණයකොට තිබුනේ නිලාන් කුරේගේ හිමිකාරිත්වය යටතේ පවතින Sky Entertainment ආයතනය විසිනි. 

එම වෙළඳ දැන්වීම රූගත කිරීම් අතරතුර ඡායාරූප එකතුවක් බලන්න පහතින්.


(gossipbook.lk)

Tuesday, October 21, 2014

I Have No Idea to act

By: Prosperity Tech On: 6:22 PM

රඟපාන්න අදහසක් තවම නම් නෑ - මුල් පිටුවේ රිද්මාලි

http://www.rivira.lk/online/images/2014/10/19/r.jpgස්වර්ණවාහිනියේ මුල් පිටුවත් ලෝක සිතියමත් හැඩ කරන හැඩකාරිය රිද්මාලි නගරනායක ගැන මෙවර රිවි සරසි පිටුවක් හැඩ කළා. මේ ඇය ගැනයි.
රිද්මාලි කොහොමද තොරතුරු?
හොඳයි. හොඳින් ඉන්නවා.

වෘත්තීය ජීවිතේ කාලසටහන වෙනස් වුණා නේද?
දැන් නිවේදන වෘත්තියට අමතරව මනෝ විද්‍යා පරීක්ෂණ ආයතනයේ අලෙවි විධායකවරියක් හැටියට වැඩ කරනවා. උදේ පහ වෙනකොට ස්වර්ණවාහිනියට යනවා. මුල් පිටුව කරන දවසට ඒ වැඩ කටයුත්ත කරලා රැකියා ස්ථානයට යනවා. මුල් පිටුව නැති දවසට ලෝක සිතියම කරලා කාර්යාලයට යනවා.

විශ්ව විද්‍යාල ගමන නතර වුණේ මාධ්‍ය ජීවිතයට සමීප වුණ නිසාද?
මම සෞන්දර්ය විශ්ව විද්‍යාලයට තේරුණේ සංගීත අංශයෙන්. සංගීත විෂයෙන් උපාධිය ගත්තොත් ගුරු වෘත්තියට හෝ මාධ්‍යයට තමයි සම්බන්ධ වෙන්නේ. අවුරුදු හතරක් ඒකට කාලය ගත කරනවාට වඩා වෙනත් විෂයකින් වැඩිදුර අධ්‍යාපනය ලබන එක හොඳයි කියලා හිතුණා. ඒ නිසා විශ්ව විද්‍යාල ගමන නතර කළා. ඒ වුණාට අලෙවිකරණ පාශ්චාත් උපාධියකට මම මේ දවස්වල සූදානම් වෙනවා.

ඇයි අලෙවිකරණය තෝරා ගත්තේ ?
මම ඒ විෂයට කැමතියි. ඒ වගේම මාධ්‍යයට සම්බන්ධ වෙලා වැඩ කරන නිසා ප්‍රයෝජනවත් වෙනවා. භාණ්ඩ අලෙවි කරන්න ඕන මිනිස්සුන්ට ආකර්ෂණය වෙන විදියට. අලෙවිකරණය ගැන වැඩිදුර ඉගෙන ගත්තොත් මටත් අලුත් දෙයක් කරන්න පුළුවන් වෙයි.

රිද්මාලිව හඳුනාගන්නේ ලෝක සිතියම හා මුල් පිටුව නිසයි. එතැන දැන් හුරු පුරුදුද?
මාව මුලින්ම තෝරා ගත්තේ ලෝක සිතියම කරන්න. ලෝක සිතියම කරන්න පටන් අරන් අවුරුදු හතරක් ගත වුණා. දර්ශිකා අක්කා විදෙස් ගතවුණ නිසා මට මුල් පිටුව කරන්න අවස්ථාව ලැබුණා. අවුරුදු තුනක ඉඳලා මුල් පිටුව කරනවා. මුල් දවස්වල වගේ නමෛයි දැන් හරිම හුරු පුරුදු තැනක් වෙලා. වරදිනවත් අඩුයි. ඉස්සර මගේ කටහඬ මුල් පිටුවට බර මදියි කියලා හුඟ දෙනෙක් කිව්වා. ඒත් දැන් මගේ කටහඬටත් කවුරුත් හුරු වෙලා.

පත්තර විස්තර කියන මුල් පිටුව වගේම ලෝක සිතියම කරද්දී දැනුමෙන් යාවත්කාලීන වෙන්න ඕන නේද?
ප්‍රවෘත්ති බලන්න නම් මට වේලාවක් ලැබන්නේ නැහැ. ඒ වුණාට වබේ අඩවිවලින් මම දවසේ ප්‍රවෘත්ති ටික ගැන දැනුවත් වෙනවා. උදේට ස්වර්ණවාහිනියට ගියහම නිෂ්පාදකතුමා මුල් පිටුවට ගන්න ඕන ප්‍රවෘත්ති සටහන් කරලා තියෙනවා. ඒවා බලා ගන්නවා. ඒ දේවලට ලෑස්තිවෙලා තමයි ස්ටුඩියෝ එකට යන්නේ.

කොහොමද ලැබෙන ප්‍රතිචාර?
මම දැන් වැඩසටහන ඉදිරිපත් කරන විදිය ගොඩක් වෙනස් කියලා සමහර අය කියනවා. ඉස්සරට වඩා ගොඩක් දියුණුවෙලා කියලා තමයි කියන්නේ. බන්දුල පද්මකුමාර සර් නැති දවසට මම කාටුන් ඉදිරිපත් කරනවා. ලොකු පිරිසකගෙන් මට ප්‍රතිචාර ලැබෙන්නේ කාටුන් ඉදිරිපත් කරන විදිහට. ඒ තරම් ප්‍රතිචාර ලැබෙන්නේ බන්දුල සර් නිසයි.
වැඩසටහන හරියට හසුරුවන්නත් සර් හුඟක් උදව් කරනවා. ඒ නිසා සර්ට ස්තූති කරන්න ඕන.

ගෙදරින් ලැබෙන සහයෝගය කොයිවගේද?
මගේ අම්මා කුමාරි නාගරනායක. ශ්‍රී ලංකා මහ බැංකුවේ වැඩ කළේ. දැන් විශ්‍රාමිකයි. අප්පච්චි ආනන්ද බණ්ඩාර නාගරනායක. ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වැඩ කළේ. අප්පච්චිත් විශ්‍රාමිකයි. මට හුඟක් උදව් කරන්නේ ඒ දෙන්න. අම්මයි අප්පච්චියි විවාහ වෙලා අවුරුදු පහළොවක් ගියාට පස්සේ තමයි මාව ලැබිලා තියෙන්නේ. ඒ නිසාත් පවු‍ලේ එකම දරුවා හැටියටත් මට ශක්තියක් වෙන්නේ ඒ අය. කවදාවත් මට නීති රීති දාන්නෙවත් නැහැ.

රිද්මාලි රඟපාන්න කැමති නැද්ද?
තවම රඟපාන්න අදහසක් නම් නැහැ. ඊට වඩා නිවේදන වෘත්තියට කැමතියි.
හර්ෂණී වීරරත්න
ඡායාරූප - ප්‍රදීප් දඹරගේ
පසුතලය-ස්වර්ණමහල්
http://www.rivira.lk/online/images/2014/10/19/img_2234.jpg
http://www.rivira.lk/online/images/2014/10/19/img_2284.jpg

(rivira.lk)http://www.rivira.lk/online/images/2014/10/19/img_2292.jpg