Tuesday, April 7, 2015

Vimukthi Kumaratunga helps to catch five-foot boa constrictor

By: Prosperity Tech On: 3:31 AM

දේශපාලනයට පයින් ගැහුව විමුක්ති වැඩ පෙන්වයි

වාහනය ඇතුළේ ඉඳන් පැය තුනක් තිස්සේ කරපු මෙහෙයුම සාර්ථකයි

බ්‍රිතාන්‍යයේ මෝටර් රථයක් තුළ සිරවී සිටි සර්පයෙකු කිසිදු හානියක් නොමැතිව අල්ලා ගැනීමට හිටපු ජනාධිපතිනියගේ පුතු වන විමුක්ති කුමාරතුංග මහතා සමත් වී තිබේ.

අදාළ මෝටර් රථයේ සුක්කානම ආසන්යේ පිඹුරු වර්ග‍යට අයත් සර්පයෙකු සිට ඇති බවත්, එහිදී මොටර් රථයේ හිමිකරු විසින් විමුක්ති කුමාරතුංග මහතාට දුරකථනයෙන් පණිවිඩයක් ලබාදී ගෙන්වා ගෙන ඇති බවත් විදේශ වාර්තා පෙන්වා දෙයි. එහිදී අදාළ සර්පයාට හෝ කිසිදු පුද්ගලයෙකුට හානියක් නොවන ආකාරයෙන් ඔහු විසින් සර්පයා එම ස්ථානයෙන් මුදා ගැනීමට සමත්වී ඇත.

පිඹුරු විශේෂයක් බව පැවසෙන එම සර්පයා අඩි පහක් පමණ දිගින් යුතු බව කියැවෙයි.

එම සර්පයා වාහනයෙන් එළියට ගැනීමට කාර්මික ශිල්පියෙකුගේද සහය ලබාගෙන ඇති අතර සම්පූර්ණ මෙහෙයුම සඳහා පැය තුනක පමණ කාලයක් ගතවී ඇති බව විදේස් වාර්තා අනාවරණය කරයි.

විමුක්ති කුමාරතුංග මහතා උසස් අධ්‍යාපනය සඳහා 2005 වසරේදී බ්‍රිතාන්‍යයේ බ්‍රිස්ටල් සරසවියට සුදුසුකම් ලබාගෙන ඇති අතර ඔහු පශු වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් විශේෂඥවරයෙකු බවද පැවසෙයි.





eGossip.lk


Friday, April 3, 2015

Actress Nadeesha hemamali to quit politics

By: Prosperity Tech On: 6:55 PM

නදීෂා හේමමාලී දේශපාලනයෙන් සමුගනී


යහපාලන ආණ්ඩුව නදීෂාටත් එපා වෙලා... 

පසුගිය දකුණු පළාත් සභා මැත්වරණයේ දී මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත් වූ ජනප්‍රිය නිළි නදීෂා හේමමාලී දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

එම මැතිවරණයයෙන් පරාජයට පත් වූවද ඌව මැතිවරණයේදී 'හරින් ප්‍රනාන්දු' ජයග්‍රහණය කරවීම වෙනුවෙන් මෙන්ම රාජපක්ෂ රෙජීමය පළවා හැරීම සඳහා ද ඇය එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වී පොදු අපේක්ෂකයා දිනවීම වෙනුවෙන් දේශපාලන ක්‍රියාකරකම්වල අඛන්ඩව යෙදී සිටියා ය. කෙසේ නමුත් මේ වනවිට නදීෂා හේමමාලි වත්මන් දේශපාලනය සම්බන්ධයෙන් වන යම් යම් කළකිරීම් නිසා දේශපාලනයෙන් සමුගෙන නැවත වෘත්තීමය නිළියක් ලෙස කලා ක්ෂේත්‍රයේ නිරත වී කටයුතු කිරීමට තීරණය කර තිබේ.



ඒ නිසාවෙන්ම මේවන විට නදීෂා රංග අභ්‍යාසයන්හී නිරත වෙමින් සිටින බවත්,
ඉදිරියට වසර දෙකක කාලයක් පූර්ණ කාලිනව කලා ක්ෂේත්‍රයේ ‍රැඳී සිටින බවත් නදීශා පවසා සිටී.





eGossip.lk

Multiracial Miss Universe Japan hopes to change homeland's thinking on identity

By: Prosperity Tech On: 10:07 AM

විශ්ව රූ රැජින තරග බිමට කළුජාතික ජපන් තරුණියක් 

2015 විශ්ව රූ රැජින තරඟ බිම නියෝජනය කරන ජපන් රූමතිය තේරීමේ තරගය පසුගියදා නිමාව දුටුවේ අරියානා මියෝමොටෝට කිරුළ හිමිකරදෙමිනි. විසි හැවිරිදි අරියානා අප්‍රිකානු සම්භවයක් ඇති ඇමෙරිකානු පියෙකුට දාව ඉපදීම හේතුවෙන් ඇයට ජපානය නියෝජනය කිරීමට සුදුසුකමක් නොමැති බවට විවේචන එල්ල වෙයි. කෙසේ වෙතත් නාගසාකි නගරයේ ඉපිද ජපන් භාෂාව හා සංස්කෘතිය අනුව හැදීවැඩුණු ඇයට ජපානය නියෝජනය කිරීමට නෛතික හැකියාවක් ඇති බව තරග සංවිධායකයන් පවසා තිබේ.

 



(ada.lk) 
 

Sanath Jayasuriya-led selection panel resigns after Sri Lanka Cricket revamp

By: Prosperity Tech On: 8:02 AM

ජයසූරිය තනතුරින් අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඉල්ලා අස්වීමට අදාළ ලිපිය අද උදෑසන ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමු කළ බව සනත් ජයසුරිය මහතා සඳහන් කළේය.

නව ක්‍රිකට් අතුරු කමිටුවට සිය කාර්යයන් ඉටු කිරීමට අවශ්‍ය සහයෝගය දැක්වීමක් වශයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවද ඔහු පැවසුවේය.

මේ අතර තේරිම් කමිටු සාමාජික හෂාන් තිලකරත්න මහතාද එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

Youth Dies After Run Away from Police at Pasyala (CCTV)

By: Prosperity Tech On: 7:44 AM

පොලිසියෙන් බේරෙන්න පස්යාලේ තරුණයා තට්ටු තුනේ නිවසින් පැනලා මියගිය හැටි - CCTV දර්ශන

නිට්ටඹුව - පස්යාල ප්‍රදේශයේදී පහරදීමකින් මියගිය බව සඳහන් වූ පුද්ගලයා මියයාමට හේතුව මහල් ගොඩනැගිල්ලකින් පහළට ඇදවැටීම බව හෙළි වී තිබෙනවා. කෙසේ වෙතත්, සිද්ධිය පිළිබඳ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

ඊයේ (02) රාත්‍රි 8.30 ට පමණ පස්යාල ප්‍රදේශයේදී බීමත් පුද්ගලයෙකු නවතා තිබූ ලොරි රථයකට පහරදී තිබෙනවා. ඉන් අනතුරුව ලොරි රථය තුළ සිටි පුද්ගලයන් දෙදෙනාද ඔහුට පහරදී ඇති බව සඳහන්.
පසුව ඒ ආසන්නයේ රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු එම ස්ථානයට පැමිණ බීමත් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කර තිබෙනවා. එහිදී පොලිස් නිලධාරීයා සහ බීමත් පුද්ගලයා අතර ගැටුමක් ඇති වී තිබෙන බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිස් නිලධාරියාගේ ග්‍රහණයෙන් මිදී බීමත් පුද්ගලයා පළාගොස් ඇති අතර, ටික වෙලාවකට පසු ඔහුගේ සිරුර හමුවී ඇත්තේ ගැටුම වූ ස්ථානය සමීපයේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක් ආසන්නයේ තිබියදීයි.

පොලිස් නිලධාරීයා සමඟ පොර බැදීමෙන් පසුව මොහු දිවගොස් ඇත්තේ මෙම තෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලයටයි. අනතුරුව එම මහලේ සඳළුතලයෙන් පහළට බැසීමට උත්සාහ කිරීමේදී ඇද වැටී ඇති බවයි පොලිසිය පවසන්නේ. මීට අදාළ සී.සී.ටී.වී. දර්ශනද පොලිසිය වෙත ලැබී තිබෙනවා. එම දර්ශන පොලිසිය අද දහවල් මාධ්‍ය වෙත ද නිකුත් කළා.

එම වීඩියෝ දර්ශන පහතින් නරඹන්න

David Cameron reveals he is related to Kim Kardashian

By: Prosperity Tech On: 7:14 AM

සරාගී කිම් හා බ්‍රිතාන්‍ය අගමැති අතර ඇති සම්බන්ධය හෙළිවෙයි

කාලයෙන් කාලයට විවිධ පුවත් හොලිවුඩ් කලා ලොවට නිර්මාණය කරන සරාගී නිළි කිම් කර්ඩේෂියන් පිළිබඳව මේ වන විට නැවතත් කතාබහක් ඇති වී තිබෙනවා.

මෙයට හේතු වී ඇත්තේ ඇය බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් සමඟින් ඥාති සම්බන්ධතාවක් ඇති බවට කැමරන් ප්‍රසිද්ධියේ පිළිගැනීම නිසාවෙනුයි.මෙම සම්බන්ධය පිළිබඳව මීට පෙරද විවිධ වෙබ් අඩවි ඔස්සේ තොරතුරු වාර්තා කර තිබුණද කැමරන් විසින් එයට පිළිතුරක් ලබාදී තිබුණේ නැත. ප්‍රථම වරට ඔහු විසින් හීට් නැමති සඟරාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මෙම ඥාති සම්බන්ධතාවය ගැන තහවුරු කර ඇත.

මෙම සඟරාවේදී ඩේවිඩ් කැමරන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කර ඇති අතර ඔහු කුඩා කල බලපොරොත්තු වූයේ කවරෙකු වීමටද යන්න වගත් විමසා ඇත. ඔහු එහිදී ප්‍රකාශකර ඇත්තේ ගොවියෙකු, ලොරි රියදුරෙකු හා සෙබළෙකු වීමට ඔහු කැමැත්තෙන් සිටි බවයි.



(hirufm.lk)










Germanwings crash: Co-pilot researched suicide methods, cockpit doors

By: Prosperity Tech On: 7:00 AM

රහස - සහය නියමුගේ ටැබ් එකෙන් පනී

පුද්ගලයන් 150 දෙනෙකුට මරු කැඳවමින් පසුගිය මාර්තු 24 වැනිදා ඇල්ප්ස් කඳුකරයේ ගැටී විනාශ වූ ජර්මන්වින්ස් ගුවන් යානයේ සහය නියමුවා යානය සමඟ දිවිනසා ගැනීමට සැලසුම් කළ අයුරු දැන් හෙළිවෙමින් පවතිනවා. මොහු යානය හිතාමතා විනාශ කළ බව දැන් තහවුරු වී ඇති අතර, මානසික ආබාධයකට ප්‍රතිකාර ලැබූ අයෙකු බවද හෙළි වී අවසන්. මොහු යානයේ නියමු කුටියේ දොරටුවල ආරක්ෂාව මෙන්ම දිවිනසා ගැනීමේ උපක්‍රම සොයා බැලූ බව හෙළි වී ඇත්තේ ඔහුගේ නිවසේ තිබී හමුවු ටැබ්ලට් පරිගණකයකින්. කඩා වැටුණු ගුවන් යානයේ දෙවැනි කළු පෙට්ටියද දැන් හමු වී තිබෙනවා.
hirunews.lk

Thursday, April 2, 2015

I cant go to my parents

By: Prosperity Tech On: 6:58 AM

එක්සත් හැරදා මව්පියන් ලඟට යන්න මට බැහැ – දැරිය කියයි

අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුතු වන එක්සත් සේනාරත්න විසින් රඳවාගෙන ඇතැයි කියන දැරිය සම්බන්ධයෙන් වන පැමිණිල්ල විභාග කිරීමට මහාධිකරණය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට යොමුකර තිබේ.

පැහැරගනු ලැබීයයි කියනු ලබන දැරියගේ පියා වන ගාමිණී රණසිංහ යන අය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ අතර මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ගෙන් විමසා සිටියේ 2014 වසරේ සිදුවූ
මෙම පැහැරගැනීම සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට මෙතරම් ප්‍රමාද වූයේ මන්ද යන්නයි.
ඊට ප්‍රතිචාර දක්වමින් පැමිණිල්ලේ නීතිඥයින් සඳහන් කර ඇත්තේ පසුගිය කාලයේ ජනාධිපතිවරණයක් පැවති නිසා පැමිණිලි ඉදිරිපත් කිරීමට ප්‍රමාද වූ බවයි. එහෙත් දරුවෙකු පැහැරගෙන ගිය අවස්ථාවක කඩිනමින් පැමිණිලි කිරීම සාමාන්‍ය ක්‍රියාදාමය බැව් වගඋත්තරකාර පාර්ශවයෙන් නීතිඥයින් මෙහිදී පෙන්වාදී තිබේ.
එසේ හෙයින් මෙතරම් ප්‍රමාදවී පැමිණිලි ඉදිරිපත් කිරීම පිටුපස සද්භාවය පිළිබඳ ගැටළුවක් ඇතැයි වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරුන් විසින් අධිකරණය හමුවේ කරුණු දක්වා ඇත.
මෙම අවස්ථාවේදී පැහැරගිය බව කියන දැරිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥයින් අධිකරණයට‍ දන්වා සිටියේ තම සේවාදායකයා දෙමව්පියන් වෙත යාමට කැමැත්තක් නොදක්වන බවත්, ඇයට ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නයක් නැතැයි පොලීසිය හමුවේ ප්‍රකාශ කර ඇති බව ද ඇයගේ නීතිඥවරයා විසින් පෙන්වාදෙන ලදී.
කෙසේවෙතත් මහාධිකරණ විනිසුරුවරයා මෙහිදී නියෝග කර සිටියේ මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට යොමුකිරීම සුදුසු බවත් ඒ අනුව අදාළ පැමිණිල්ල වැඩිදුර විභාග කිරීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා මේ පිළිබඳ වාර්තාවක් ජූනි මස 03 වන දින අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවද දන්වා ඇතැයි අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.
අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුතු වන එක්සත් සේනාරත්න සහ ඔහුගේ පවුලේ සමඟ ඇය සිටින ඡායාරූප කිහිපයක්..
susith-senarathne-01
rajitha-2
rajitha-3

 

Wednesday, April 1, 2015

Shihan Mihiranga Stage Incident

By: Prosperity Tech On: 6:57 PM

ප්‍රවීන ගායකයෙක් ශිහාන් මිහිරංගට ප්‍රසිද්ධ වේදිකා‍වේ බැන්න හැටි - වීඩියෝ සහිතයි


ශිහාන් මිහිරංග කියන්නේ මේ වෙනකොට අපේ රටේ සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන මතක සටහන් රැසක් ඔහුගේ රසික රසිකාවියන්ට තිළිණ කරපු අපූර්ව ගායකයෙක්.

ඒ නිසාම සජීවී ප්‍රසංගයකදී ශිහාන්ටත් වේදිකාවට ආරාධනා කරන්න ගොඩක් දෙනෙක් කැමති වෙලා හිටියා.

දවසක් ඔය වගේ සජීවී ප්‍රසංගයකට සහභාගී වුණු ශිහාන් මිහිරංග ඇතුළු නවක පරපුරේ ගායකින් අතර හිටිය ප්‍රවීන ගායකයෙක් ඔහුට වේදිකාවේ ගීත ගායනා කරන්න අවස්ථාව නොදුන්නු නිසා පොඩ්ඩක් හිත් අමනාපෙන් ඉඳලා තියෙනවා.
ඒ ගැන වටේ ඉන්න අයත් එක්ක බැණ බැණ ඉන්න ගමන් ශිහාන් එතන්ට ඇවිත් තියෙනවා. එකපාරටම කතාව අනිත් පැත්ත හරවපු මෙයා ශිහාන් එක්ක පොඩි කතාවක් පටන් අරන් එයාගේ නම මොකක්ද කියලා අහලා. ඊට පස්සේ තමයි හොඳම සිද්ධිය වෙලා තියෙන්නේ.

මේ ගැන ශිහාන් අපිට කීවේ පසුගිය සතියේ විකාශය වුනු හිරු ටීවී Copy Chat වැඩසටහනේදී. අහලා බලන්නකෝ මොකක්ද ඇත්තටම එදා වුනේ කියලා පහත වීඩියෝ එකෙන්ම..

Riyadh Sand Storm

By: Prosperity Tech On: 10:20 AM