Tuesday, April 7, 2015

Tagged Under: , ,

Vimukthi Kumaratunga helps to catch five-foot boa constrictor

By: Prosperity Tech On: 3:31 AM

දේශපාලනයට පයින් ගැහුව විමුක්ති වැඩ පෙන්වයි

වාහනය ඇතුළේ ඉඳන් පැය තුනක් තිස්සේ කරපු මෙහෙයුම සාර්ථකයි

බ්‍රිතාන්‍යයේ මෝටර් රථයක් තුළ සිරවී සිටි සර්පයෙකු කිසිදු හානියක් නොමැතිව අල්ලා ගැනීමට හිටපු ජනාධිපතිනියගේ පුතු වන විමුක්ති කුමාරතුංග මහතා සමත් වී තිබේ.

අදාළ මෝටර් රථයේ සුක්කානම ආසන්යේ පිඹුරු වර්ග‍යට අයත් සර්පයෙකු සිට ඇති බවත්, එහිදී මොටර් රථයේ හිමිකරු විසින් විමුක්ති කුමාරතුංග මහතාට දුරකථනයෙන් පණිවිඩයක් ලබාදී ගෙන්වා ගෙන ඇති බවත් විදේශ වාර්තා පෙන්වා දෙයි. එහිදී අදාළ සර්පයාට හෝ කිසිදු පුද්ගලයෙකුට හානියක් නොවන ආකාරයෙන් ඔහු විසින් සර්පයා එම ස්ථානයෙන් මුදා ගැනීමට සමත්වී ඇත.

පිඹුරු විශේෂයක් බව පැවසෙන එම සර්පයා අඩි පහක් පමණ දිගින් යුතු බව කියැවෙයි.

එම සර්පයා වාහනයෙන් එළියට ගැනීමට කාර්මික ශිල්පියෙකුගේද සහය ලබාගෙන ඇති අතර සම්පූර්ණ මෙහෙයුම සඳහා පැය තුනක පමණ කාලයක් ගතවී ඇති බව විදේස් වාර්තා අනාවරණය කරයි.

විමුක්ති කුමාරතුංග මහතා උසස් අධ්‍යාපනය සඳහා 2005 වසරේදී බ්‍රිතාන්‍යයේ බ්‍රිස්ටල් සරසවියට සුදුසුකම් ලබාගෙන ඇති අතර ඔහු පශු වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් විශේෂඥවරයෙකු බවද පැවසෙයි.





eGossip.lk


0 comments:

Post a Comment