Thursday, March 19, 2015

Most popular Facebook pages in Sri Lanka

By: Prosperity Tech On: 2:09 AM

ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම Facebook වෙබ් ගිණුම හිමි කාට ද?

Facebook භාවිත කරන්නන් අතර වැඩි ම කැමැත්තක් දිනාගෙන ඇති ශ්‍රී ලාංකිකයා වන්නේ, බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් ය.
ඇයගේ නිල වෙබ් පිටුවෙහි ඇති Facebook likes සංඛ්‍යාව 13036781කි.
දෙවන ස්ථානයේ පසුවන සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සතු Facebook likes සංඛ්‍යාව 3246718කි.
තුන් වන ස්ථානය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමිව ඇති අතර එම Facebook පිටුවෙහි likes සංඛ්‍යාව 1587073කි.

fbnewsfirst.lk

Wednesday, March 18, 2015

Samanthabhadra Eating FROG MEAT

By: Prosperity Tech On: 8:48 PM

ගෙඹි මස් වළදනවද බලන්න අරන් එන්න. කිසි දවසක සිරිසමන්තබද්‍ර හිමි අපවත් වෙන්නෙ නෑ. විවෙචන ඉවසන් ඉන්නෙ මෝඩයෝ

පිටිදුවේ සිරිධම්ම හිමියන්ගේ අදෝලනාත්මක ප්‍රකාශ


පසුගිය දවස්වල පිටිදුවේ සිරිධම්ම හිමි නැතහොත් සිරිසමන්තබද්‍ර හාමුරුවන් කාගේත් අවධානයක් දිනා ගැනිමට සමත්වු අතර ඒ වෙනස් ආකාරයකට තම උපන්දිනය දා දානමය පිංකමක් පැවැත්විමත් සමගයි.මේ අතර උන්වහන්සේ පිටිදුවේ සිරිධම්ම හිමියන් අපවත් වි ලුත් කෙනෙක් ජිවමාන වුණ බව ප්‍රකාශ කර සිටියා.තවද කිසි දවසක සිරිසමන්තබද්‍ර හිමි අපවත් වෙන්නෙ නැති බවද ප්‍රකාශ කර සිටියා.

උන්වහන්සේ දැක්වු සම්පුර්ණ අදහස් මෙසේයි
සිරි සමන්තබද්‍ර හාමුදුරුවන් ගැන කෙටියෙන් හැදින් වුවොත්?
ඔහු රහතෙක්

පිටිදුවේ සිරිධම්ම හිමියන් අපවත් වුවාද? අපවත් කළාද?
උන්වහන්සේ අපවත්වි අලුත් කෙනෙක් ජිවමාන වුණා.

පිටිදුවේ සිරිධම්ම හිමියන් අපවත් වුණ විදියට සිරිසමන්තබද්‍ර හිමියනුත් අපවත් වෙයි ද?
කිසි දවසක සිරිසමන්තබද්‍ර හිමි අපවත් වෙන්නෙ නෑ.ඔහු සත්‍ය අවබෝධකල මුනිවරයෙක්,ඔහු විශ්වයට එකතු වෙනවා පමණයි.ඔහු පරිනිර්වාණ ධාතුවට එකතු වෙනවා විතරයි.

ඔබ වහන්සේට සෘද්ධි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්ද ?
සෘද්ධි භාවය නෙමෙයි රහත්බවට පත්වුණ බුද්ධ ශ්‍රාවකයෙක් පාන්නෙ අනුශාසනා ප්‍රාතිහාර්ය,බුදු දහම කියන්නෙ මැජික් කාරයින්ගේ දහමක් නෙමෙයි.එහෙනම් ඩේවිඩ් කොපර් පිල් රහතෙක් වෙන්න ඕනි.

විවෙචන ඉවසන්න බැහැ නේද?
විවෙචනය ඉවසන්න ඕනි නැ,විවෙචනයට පිළිතුරු දෙන්නයි ඕනි.විවෙචනය ඉවසන් ඉන්නෙ මෝඩයෝ.එවාට පිළිතුරු දෙන්නෙ ප්‍රඥ්ඥාවන්තයෝ.

ඔබ වහන්සේ දානය ලෙස ඔනෑම දෙයක් වළදනවාද?
යකඩ කන්න බෑනේ,යකඩ වළදන්නෙ නෑ.සාමාන්‍ය මිනිස්සු සාමාන්‍ය සම්ප්‍රදාය තුල මිනිස්සු ආහාරයට ගන්න දෙවල් බුද්ධ නීතියට අනුගත දෙවල් ආහාරයට ගත්තට කිසි ප්‍රශ්ණයක් නැ

ඔබ වහන්සේ ගෙඹි මස් පුජා කලොත් එය වළදනවාද?
ගෙඹි මස් වළදනවද කියලා බලන්න ඔය ප්‍රශ්ණ අහන කෙනා ගෙඹි මස් ඇරන් ආවොත් තමයි හොද.ඒ හෙම නැතිව එයට උත්තර දුන්නොත් වැරදි.

භික්ෂුවකට තිබිය යුතු හික්මිම ඔබවහන්සේට තියෙනවාද ?
තියෙනවා.ඇසින් රූප දුටුවාම ඒ රුපවලට නොඇලි සිටින්නා භික්ෂුවයි.කනෙන් ශබ්ද ඇසුවාම ඒ ශබ්ද කෙරෙහි නොඇලි සිටින්නා භික්ෂුවයි.

උන්වහන්සේ අදහස් දැක්වු විඩියෝව පහතින් බලන්න

Vietnam kite death: boy snared in kite string falls 65 feet in horrific video

By: Prosperity Tech On: 8:10 PM

සරුංගලයේ නූලේ පැටලී ඉහළ අහසට ගිය දරුවෙකුට අත්වූ සෝචනීය ඉරණම - වීඩියෝ සහිතයි

ප්‍රමාණයෙන් අති විශාල සරුංගලයක නූලක පැටලී කුඩා දරුවෙක් ඉහළ අහසට ඇදී ගොස් බිමට වැටී මියගිය පුවතක් වියට්නාමයෙන් වාර්තා වේ. මෙම දරුවා හා තවත් පිරිසක් සරුංගල් යැවීම සඳහා පිට්ටනියක් වැනි ස්ථානයකට ගොස් ඇති අතර එහිදී අහසට නංවා ඇත්තේ ප්‍රමාණයෙන් විශාල සරුංගල් වේ.


එක්වරම සරුංගලයක නූලක් එය ඉහළට යැවූ පුද්ගලයා අතින් ගිලිගී ගොස් අදාල දරුවාගේ පාදයේ පැටලී ඇත. එම අවස්ථාවේ හැමූ දැඩි සුළඟ හේතුවෙන් දරුවාද සරුංගලය සමඟින් ඉහළ අහසට ඇදී ගොස් ඇති අතර ඔහු එය වැළැක්වීමට දැඩි උත්සාහයක් දරා ඇත.

අවට සිටි පිරිසට කරකියාගත නොහැකි වී ඇති අතර මෙලෙස අඩි 65ක් පමණ ඉහළට ගිය දරුවා පසුව නූල කකුලෙන් ඉවත්වීම හේතුවෙන් බිමට පතිත වී ඇත. කෙසේ නමුත් ඔහුව අල්ලා ගැනීමට කිසිවෙකු සමත් වී නොමැති අතර රෝහලට ගෙනයන විටත් ඔහු ජීවිතයෙන් සමුගෙන ඇත.

මෙම දරුවාගේ වයස අවුරුදු 5ක් පමණ වන බවත් වැඩිදුරටත් වාර්තා වේ. මෙම සරුංගල්වල විශාලත්වය අනුව එය ගුවනට යාමේදී වැඩුණු පුද්ගලයෙකු පවා ඉහළට එසවීමේ හැකියාවක් ඇති බවටද වාර්තා වේ.


 


Gossip Chat With Lalkantha & Dilhani

By: Prosperity Tech On: 5:55 AM

මම කවදාවත් බිරියට ආදරේ කළේ නෑ - ලාල්කාන්ත


දිල්හානි : එතකොට විවාහ වුණේ?
ලාල්කාන්ත : විවාහ වෙන්න ආදරේ කරන්නම ඕනද?

අරු‚ :දෙන්නා මීට කලින් හොඳින් අඳුරන මිත්‍රයෝද?

ලාල්කාන්ත:පෞද්ගලිකවත් ටිකක් යාළුවෝ, හම්බවෙලත් තියෙනවා

දිල්හානි  : ඔව්, හම්බවෙලා තියෙනවා.



අරු‚ : කොහොමද දෙන්නට දෙන්නව දැනෙන්නේ?

දිල්හානි : මම ලාල්ගේ කෙළින් කතාවට පෞරුෂයට කැමැතියි. මම කැමැති දේශපාලන චරිතයක්. මම ඉතින් කැමැතියි ඒ කතා අහන්න.

ලාල්කාන්ත :  නිළියක් විදියට මාත් දිල්හානිට කැමැතියි. ඒත් මට ඔයා ගැන පැහැදීමක් ඇති වුණේ මේ ජනාධිපතිවරණයට සම්බන්ධව දීපු වොයිස් කට් එකක් අහලා.

දිල්හානි : මොනවද හිතුණේ?

ලාල්කාන්ත : මට හිතුණා ඔයාට යම් දේශපාලන දැනුමකුත් තියෙනවා කියලා. කලින් නම් එහෙම හිතුණේ නැහැ.

අරු‚: දිල්හානි රඟපාපු ෆිල්ම් බලලා තියෙනවාද?

ලාල්කාන්ත : බලලා තියෙනවා.

දිල්හානි : මොනවද බලලා තියෙන්නේ?

ලාල්කාන්ත : දැන් නම් මතක නෑ. ළඟදි නම් බැලූ‍වේ නෑ. ඒත් රංජන් එක්ක ඉන්න එකක්.

දිල්හානි : ආහ්... නිලම්බරේ

ලාල්කාන්ත : ඔව්. පරණ ඒවානේ මෙයාගේ තියෙන්නේ. හොඳම නිළියටත් තුන් හතර පාරක් තේරුණා මට මතකයි. වැඩිපුරම මෙයාගේ තියෙන්නේ මල් ගස් වටේ දුවන චිත්රාපටනේ. මම දිල්හානිගේ එහෙම හරවත් චරිත අවංකව දැකලා නැහැ.

දිල්හානි : අනේ... මෙයා... එහෙනම් ඔයා බලලා නැහැ.

ලාල්කාන්ත : ඔව්. මම බලලා නැතිව ඇති. වැඩිපුරම දැක්කේ ඒවා හරි හරි ඒකත් හරි සුන්දරයි ඉතින් හැමෝටම මල්ගස් වටේ නටන්න බෑ. ඒත් ඔයාට නම් ඒක හොඳට පුළුවන්

දිල්හානි : මල් ගස් වටේ, පාරවල් දිගේ නටනවා කියන එකත් ලේසි නෑ හැමෝටම කරන්නත් බැහැ. මට වැඩිපුර වා‚ජ චිත්රටපටවල ලැබුණේ එවැනි චරිත. ඒක අමාරු වැඩක්.

ලාල්කාන්ත : ඒක තමයි මම කිව්වේ. ඒක හරි සුන්දරයි. මම ඉතින් බලන්නේ ටිකක් විතර වෙනස් සම්භාව්යත මට්ටමේ චිත්රිපට. ස්වර්ණාගේ චිත්රඅපට බලනවා. දිල්හානිව රූපයක් විදියට මතක තියෙනවා. ඒත් රංගනය පැත්තෙන් හැදෑරීමක් වෙලා නෑ කියලා හිතුණා... චරිත ගැන නම් ම්ම්ම්...

දිල්හානි : ඇයි?

ලාල්කාන්ත : වයසේ විදියද මං දන්නෙ නෑ. මට මතකයි ඛමං ්ා එකේ හිටියා. ඒ කාලේ ලේසියෙන් නිළියකට ඛමං ්ා එකට යන්න බෑ. නිළියක් විදියට මට දිල්හානිව ඒ තරම් දැනිලා නෑ. නමුත් සුන්දරයි, ලස්සනයි, කොහොම හරි අල්ලලා ගියා ඉතින්.

දිල්හානි : මං හිතන්නේ මගේ චිත්රිපට එකසිය ගාණෙන් ඔයා තුන හතරක්වත් බලලා නැහැ. ඒකනේ ඉතින්.

ලාල්කාන්ත : දැන් නම් ඉතින් මම මෙයාගේ ඒවා බලන්න ටිකක් උනන්දු වෙනවා. මොකද දැන් යාළුකමක් තියෙනවානේ මෙතැනදි තමයි මට පෞද්ගලිකව ඔයාගේ චිත්ර්පට බලන්න හිතුණේ. අර වොයිස් කට් එකත් එක්ක.

දිල්හානි : ඒ ඇයි?

ලාල්කාන්ත : ඒ දේශපාලනමය කතාව මං හිතං හිටපු දිල්හානි කියයි කියලා මම හිතුවේ නෑ.

දිල්හානි : ඇයි කලින් හිතන් හිටියේ මොන විදියටද?

ලාල්කාන්ත : ඔයාව කලින් එහෙම දේශපාලනයත් එක්ක නාමකරණය වුණේ නැහැ. සමහර අය ඉතින් වෙන වෙන දේවල් ලබා ගන්න ඡන්දේ කාලෙට එක එක ඒවා කියනවානේ. ඒත් දිල්හානි එදා එහෙම කිව්වට අද එහෙම පස්සෙන් යනවා කියලා පේන්නෙත් නැහැ. ඉතින් මට හැඟීමක් ආවා ඒ ප්රෙකාශය සමඟ.

අරු‚  : ලාංකේය ගැහැනිය ගැන මොකද හිතන්නේ?

ලාල්කාන්ත : ගෙදරටම හිරවෙලා වැඩ ගොඩයිනේ.

දිල්හානි : අපෝ... පීඩාවට හසුවෙලා මට මං ගැනම එහෙම හිතුණා.

ලාල්කාන්ත : ඇයි?

දිල්හානි : එකම පිළිවෙළක්. උයනවා, කනවා, රෙදි සෝදනවා, ළමයි ගැන හොයනවා, මුළු ඛසෙැ එකම ඒකාකාරී වෙලා දෙවියනේ ජීවිතේටම අපි කරන්න ඕන මේ ටික විතරද? මට මේ දේවල් එපාම වෙලා.

ලාල්කාන්ත : මෙහෙමනේ දිල්හානි. ගෙදර ‍දොර වැඩපළ කරන කාන්තාව හරි හොඳයි කියලානේ මේ සමාජය හිතන්නේ. අපි පුරුදු වෙලා ඉන්නෙත් එහෙම හිතන්නෙ.

මම කියන්නේ කාන්තාව ගෙදර උයන පිහන සෝදන මේ මැෂින් ටික ගලවලා එළියට දාන්න ඕනෑ. නැත්නම් ඒ අයට වෙන මොනවත් කරන්න ඉඩක් නෑ. කොහොමද මේ ටික එක්ක හුස්මක්වත් ගන්නේ.

දිල්හානි : මම නිතරම ඉව්වේ නැතත් මට මොකක්දෝ හිරවීමක් දැනෙනවා ජීවිතය ඇතුළේ. බැරිවෙලාවත් අපිට ඒ දේවල් කඩාගෙන යන්න බෑ. එහෙම වුණොත් මගේ ගෙදර අම්මා, සහෝදරයෝ, සැමියා, සමාජය මං දිහා අමුතු සතෙක් දිහා බලනවා වගේ බලයි.

ලාල්කාන්ත : ඇත්තටම පිරිමි ඔයා දිහා බලන්නේ මොන විදියටද? අපි හිතමු ඔයා හන්දියට ගියා කියලා.

දිල්හානි : එයාලා මාව නිළියක් විදියට බලන්නේ නෑ. මොකද නිතරම හන්දිගාණේ මාව දැකලාම සාමාන්යි වෙලා. මාළු ලෑලි එළවළු ගන්න ගියාම මම ඒතැන්වල සුහදව ඉන්නවා.

ලාල්කාන්ත : ඒ තැන්වලත් රඟපානවා?

දිල්හානි : නෑ. නෑ. රඟපානවා නම් ඒ කැමරාව ඉස්සරහා. අනෙක් වේලාවට මම මංමයි.

ලාල්කාන්ත : දැන් මම දේශපාලනය කරනවා කියලා මිනිසුන් දන්නවානේ භෑඋීවලින් පත්තරවලින් දැකලා. ඉතින් මමත් එළියට බැස්සම මිනිස්සු දිහාත් බලනවා, ළංවෙන්න කතා කරන්න බලනවා, මට පිරිමියෙක් වෙලත් එහෙම නම් ඔයාට ඒ තත්ත්වේ වැඩි ඇතිනේ?

දිල්හානි : එහෙම බලනවා, කතා කරනවා තමයි. ඒත් මමත් ඉතින් ගෙදර ඉන්න විදියටම කඩේ, පොළේ යනවා. මාව ඒ අයට සාමාන්යා වෙලා. හරි ඒක වැඩක් නෑ. මේ පාර ඡන්දේ ඉල්ලනවද?

ලාල්කාන්ත : පක්ෂයෙන් කිව්වොත් අනිවාර්යයෙන් ඉල්ලනවා. හරි ඉල්ලූ‍වොත් ඡන්දෙ දෙනවද කියන්නකෝ?

දිල්හානි : ඔයා ඉල්ලූ‍වොත් අපි දෙනවා.

ලාල්කාන්ත : අපි?

දිල්හානි : නෑ. නෑ. මම. මම ඇයි ගිය පාරත් දුන්නනේ.

අරු‚  : ආදරේ ගැන මොකද හිතන්නේ.

ලාල්කාන්ත : ආදරේ ඇතුළේ අන්තර්ගත වෙලා තියෙන්නේ පෞද්ගලික ලිංගික ආලයනේ ඒක ඛෙදන්න බෑ. ˜‍සඟවාගනු මැන ඔබ රුව සොඳුරිය˜‍ වගේ තමයි ඉතින් ඕක පටන්ගත්තට පස්සේ. මට විතරයි, මගේ විතරයි.

දිල්හානි : ඔව්. මාත් එකඟයි. ආදරේදී මාත් හරිම ඊර්ෂ්යටයි. මම හරි සංවේදියි. මගේ ආදරය වෙන කෙනෙක් එක්ක කතා කරනවා ඇති, හිනාවෙනවා ඇති, ඔය වගේ සියුම් ඉරිසියානම් ඇති වෙනවා. මම ඒක කියලත් නෑ. කියන්නෙත් නෑ. හිතේ තියන් ඉන්නවා. මම හිතන්නෙත් ඒක පෞද්ගලික තණ්හාව.

ලාල්කාන්ත : ඒක ඉවර වුණොත් ආදරය කියන සංකල්පයම ඉවරයි.

අරු‚  : ඉතින් පෙමින් නොබැඳී පෙම් කළා නම් හරිනේ.

ලාල්කාන්ත : ඒ කිව්වේ. අයිතියෙන් තොරව භුක්ති විඳීමද? මෙහෙමයි මට මෙහෙම පුරුද්දක් තියෙනවා. දැන් මට වාහනයක් තියෙනවා. ඒක අයිති මට නෙවෙයි. ගෙයක් තියෙනවා. අයිති මට නෙවෙයි. නමුත් මම භුක්ති විඳිනවා. අයිතිය කියද්දීම ඒක පෞද්ගලික වෙනවා.

අරු‚  : හරි ඒ වාහනේ, ගේ, අයිති කෙනාට පවරන්න වෙනවානේ කවදාහරි.

ලාල්කාන්ත : ආදරේ කියන්නේ පොතේ ලියන එකම නෙවෙයිනේ. ආධ්යාවත්මිකව තමන්ගේ කරගන්නත් පුළුවන්. ලිංගික සබඳතා සඳහා කීදෙනකු ඇසුරු කරන්න පුළුවන්ද බැරිද මම දන්නේ නෑ. නමුත් ආදරේ කරනවා නම් එක් අයකුට විතරයි. වැඩි තීව්රෙතාවය යොමුවෙන්නේ.

දිල්හානි : ඔව්. ඒක ඇත්ත. ඒක එක් අයකුට ත‍දජමි වෙනවා.

දිල්හානි : ඇත්තටම මාත් ඊයේ දවස පුරාම හිතුවා ආදරේ කියන්නේ මොකක්ද කියලා. මගේ අතීතයේදී මට පෙම් සබඳතා කිහිපයක් තිබුණා. නමුත් මට හිතෙනවා ඒවා ඇත්තම ආදරේද කියලා. ආදරේ කියනදේ ගැඹුරටම දැනෙන විදිය මම තවම හොයනවා. ඒක ටිකක් විතර හිත රිද්දවන දෙයක්.

ලාල්කාන්ත : මම මුලින්ම ආදරේ කළේ 11 වසරේදී 9 වසරේ නංගියෙක්ට. එතකොට මාත් පොඩි මල්ලි කෙනෙක්නේ. ඒත් ඒක වුණේ නෑ. නොවුණු එක හොඳයි. මම හිතන්නේ අත්පත් වුණා නම් ඒ ආදරේ අද ඇත්තෙන් නෑ.

දිල්හානි : ඒ කියන්නේ එයාට තාම ආදරේද?

ලාල්කාන්ත : නෑ නෑ. මම කියන්නේ එතැන තියෙන්නේ මනසින් ගොඩනඟපු දේ විතරනේ, ඊගාවට එකතු වුණාමනේ ජීවිතේ එතැනට එන්නේ. එතකොට තමයි එකට ගමනක් යන්න පුළුවන්ද බැරිද තේරෙන්නේ.

අරු‚  : බිරියට තවම ආදරෙයිද?

ලාල්කාන්ත : එයා දන්නවා මම කවදාවත් ඇයට ආදරේ කළේ නෑ කියලා.

දිල්හානි : එතකොට විවාහ වුණේ?

ලාල්කාන්ත : විවාහ වෙන්න ආදරේ කරන්නම ඕනද? ඇය කවදාවත් මගෙන් ආදරේ ඉල්ලනෙ නෑ. ආදරේ කරන්න කියලත් නෑ. ඇය ඒ ගැන මැසිවිලි නඟලත් නෑ. අපි විවාහ වුණා. දරුවෝ හැදුවා දැන් ඇය දරුවෝ හදාගෙන ඉන්නවා. මමත් ඔවුන් සමඟ ජීවත් වෙනවා. මම දැන් ඇයට කියන්නේ දුවගේ අම්මා කියලා.

මගේ බිරිය නෙවෙයි. මේක ඇතුළේ මට බිරියක් නැහැ. ඇත්ත කතාව එයත් දන්නවා. ඒකනේ මම මේක ප්ර සිද්ධියේ කියන්නේ. නැත්නම් පසුවදාට ෘසඩදජැ නේ. සමහර විට අපි දරුවෝ නිසා එකට ජීවත් වෙනවා ඇති.

අරු‚  : දිල්හානිට ප්රිකයංකර එවැනි දෙයක් කළොත්

දිල්හානි : අනේ මෙන්න යන්න කියලා යන්න දෙනවා. ඇයි අල්ලගන්නේ මට. ඕන වේලාවක එහෙම කරන්න පුළුවන්.

දිල්හානි : ඒක තමයි හොඳම දේ. ආධ්යාවත්මිකව බිඳුණාට පස්සේ ඒක ආයේ ගොඩගන්න බෑ.

ලාල්කාන්ත : ඒක තමයි පදනම. ඕනනම් එක ගෙදරක රණ්ඩු වෙවී, මරාගෙන, එයා උඩ මම යට කියලා ජීවත් වෙන්න පුළුවන් එල්ලිලා.

අරු‚  : ඉතිං ඇයි ලෝකෙට පේන්න බොරු කරන්නේ?

ලාල්කාන්ත : බොරු නෙවෙයි. ඒක තමයි ජීවන ආකෘතිය ඒ අයත් ප්රෙට්මයේ ආධ්යා,ත්මිකව බැඳුණු තැන් ඇති. හොරෙන් ඒ ප්රෙන්මය භුක්ති විඳිනවා ඇති. චලිතය නැති නම් වෙනස්වීමනේ ඔතැන තියෙන්නේ. බුදුන් වහන්සේ, මාක්ස් එංගල්ස් තම තමන්ගේ දර්ශනවලත් ඕක කිව්වානේ. ඉතිං ඒක මේ ආදරේට බලනොපායිද?

දිල්හානි : අමාරුවෙන් වුණත් ඒක තේරුම් ගන්න වෙනවා.

ලාල්කාන්ත : ඔව්. නැති වෙනවා, ඇති වෙනවා.

˜‍කලාවැව පිරෙනවා, ආයෙමත් හැදෙනවා

මගේ හිත කැඩෙනවා, ආයෙමත් හැදෙනවා

ඒ සින්දුවේ වගේම මිනිස් සිත සැනසිලා තියෙන්නේ බිදෙන්න නැවත නැවත සැනසෙන්න. සමහර බිරින්දෑවරු හදිසියේ සැමියා මැරුණොත් අ~නවා වැලපෙනවා, එතැන ඉඳන් ජීවිතයක් නෑ කියල හිතනවා. ඒත් වසර කිහිපයක් ගියාම සමහරු විවාහත් වෙනවා. ඉතිං ඕක තමා හිතේ සැකැස්ම. ඒක තේරුම් ගැනීම තමයි වටින්නේ.

අරු‚ මල්ලවාරච්චි

ඵ්අඉසප් ක‍ය්එ අසඑය Aරමබස

Piumi Hansamali, Gossip,

By: Prosperity Tech On: 5:26 AM

ඒ කටකතාව හින්දා මට යහපතකුත් වුණා

ජනප්‍රිය යොවුන් නිළි  පියුමි හංසමාලි
නව යොවුන් වියේදීම මෝස්තර නිරූපණ ශිල්පයට යොමු වූ පියුමි හංසමාලි ඒ තුළින් තරග කිහිපයකින්ම. විවිධ ජයග්‍රහණයන් ලබා අද වන විට ක්‍ෂේත්‍රයේ නමක් දිනූ කාර්යබහුල නිරූපණ ශිල්පිනියක වී සිටියි. ඒ අතරතුර රිතු ටෙලි නාට්‍යය තුළින් රංගනයටත් සතියේ දිනවල සවස හයට ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වන මියුසික් සංගීත වැඩසටහන තුළින් රූපවාහිනී නිවේදනයටත් යොමු වූ පියුමි  වඩාත් කතා බහට ලක්වන චරිතයක් බවට පත් විය. මෙවර සංවාදයට අප ඇය එක්කර ගත්තේ පියුමිගේ කලා ජීවිතයේ තොරතුරු සේම සාමාන්‍ය ජීවිතය ගැන ද විමසීමටය.
මොනවද පියුමිගේ අලුත්ම තොරතුරු
මම මෝස්තර නිරූපණ ක්‍ෂේත්‍රය තුළ ගොඩක් කාර්යබහුලයි. සුපුරුදු විදියට ස්වර්ණවාහිනියේ මගේ වැඩසටහන කරගෙන යනවා. ඒ අතර අලුත් ටෙලි නාට්‍ය කීපයකට ආරාධනා ලැබුණා. ඒවා ගැන නම් තවම තීරණයක් අරගෙන නැහැ.

පියුමි රඟපෑ රිතු ටෙලි නාට්‍යය අතරමග නතර වුණේ දේශපාලන හේතු මත බවට රාවයක් පැතිර ගියා.
මම කළේ නාට්‍යයේ රඟපාන එක විතරයි. එතැනින් එහා ඒ ගැන මම දන්නේ නැහැ. හොයන්න ගියෙත් නැහැ.
නමුත් ඔබ ප්‍රධාන චරිතය රඟපෑ ටෙලි නාට්‍යයක් අතරමග නතර වුණාම ඒක ගැන ටිකක් විමසලා බලන්න තිබුණා නේද?
මුලින්ම අපට කියල තිබුණෙත් රිතු කොටස් පනහක් කරන්න කියලා. ඒ කොටස් පනහ කළා. ඒ කොටස් විකාශය වුණා. කවර හෝ හේතුවක් මත එතැනින් ඒ ටෙලි නාට්‍යය නැවතුණු නමුත් රිතු නිසා මට විශාල ජනතා ප්‍රසාදයක් ලැබුණා.
පියුමි නියුක්ත වෙලා ඉන්න වෙනත් කලා ක්‍ෂේත්‍රයන් මොනවාද?
මම මෝස්තර නිරූපණ ශිල්පිනියක විදියට 2010 ඉඳන් රැඳී සිටිනවා. ඒ තුළින් නිරූපණ ක්‍ෂේත්‍රයේ නමක් ගොඩනැගුණත් සාමාන්‍ය ජනතාව අතර විශාල ජනප්‍රියත්වයක් ලැබුණේ රිතු හින්දා. ටෙලි නාට්‍යය විකාශය වන කාලෙදී පාරේ තොටේදීත් මිනිස්සු මට කතා කළේ රිතු කියලා. රිතු ටෙලි නාට්‍යය දිගටම විකාශය නොවුණත් රිතූට සම්බන්ධ වීමට ලැබිම සතුටක්, රිතූ ටෙලි නාට්‍යයට මාව සම්බන්ධ කරගත් ශාන්ත අයියට (ශාන්ත සොයිසා) මම ස්තුතිවන්ත වෙනවා.
රිතුගෙන් පසු අලුතින් ටෙලි නාට්‍යයකට දායක වීම තවම පමා වන්නේ ඇයි ?
මගේ ප්‍රධානතම ක්‍ෂේත්‍රය මෝස්තර නිරූපණ ශිල්පය. ටෙලි නාට්‍ය සඳහා කාලය වෙන් කළාම නිරූපණ ශිල්පයට බාධා ඇති වෙන අවස්ථාත් තියෙනවා. ඒ වුණත් මම කැමතියි කාලය කළමනාකරණය කරගෙන රඟපාන්න. මේ වන විට ආරාධනා කීපයක්ම ලැබිලා තියෙනවා. ඒ අතුරින් යම් නිර්මාණ තෝරාගෙන ඉදිරියේදී රඟපාන්න හිතාගෙන ඉන්නවා. අලුත් නිර්මාණයකට දායක වූ දවසට ඒ ගැන කියන්නම්.
Piumi-Hansamali1ඔබ නිවේදිකාවක් ලෙසත් කටයුතු කරනවා
ස්වර්ණවාහිනියේ සතියේ දවස් පහේම හවස හයට විකාශය වන මියුසික් වැඩසටහන ඉදිරිපත් කරනවා.
ඔබ එම වැඩසටහනින් ඉවත් කළ බවට රාවයක් පසුගිය කාලයේ පැතිර ගියා නේද ?
ඒක බොරු කතාවක්. අද හවසත් මම එම වැඩසටහනට යන්න තමයි මේ සූදානම් වෙන්නේ.
ඔබ අසභ්‍ය ඉංග්‍රීසි වදනක් සහිත ඇඳුමක් ඇඳගෙන වැඩසටහන ඉදිරිපත් කිරීම නිසා ඔබව වැඩසටහනින් ඉවත් කළ බවට සමහර අන්තර්ජාල වබේ අඩවිවල පවා තිබුණා.
ඒක සම්පූර්ණ බොරු කතාවක්. මට මඩ ගහන්න ගොතපු එකක්. හැබැයි ඉතින් ඔය වගේ මඩ ප්‍රහාරවලින් නම් මම සැලෙන්නේ නෑ.
ඔය සිදුවීම වූ දිනයේ අදාළ වැඩසටහනට ඔබ ඇඳගෙන සිටි ඇඳුමේ කවර හෝ ඉංග්‍රීසි වදනක් තිබුණාද?
මගේ ටී ෂර්ට් එකේ ඉංග්‍රීසි වදනක් තිබුණා. ඒත් අසභ්‍ය වචනයක් එහි තිබුණේ නැහැ. යම් වචනයක් තුළින් වැරදි අදහසක් මවාගන්න කෙනෙකුට පුළුවනි. එතැනදී වරද තියෙන්නෙ බලන කෙනාගේ ඇස්වල. නිළියක්, නිවේදිකාවක්, නිරූපණ ශිල්පිනියක් විදියට මම ඇඳුම් ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. සජීවී රූපවාහිනී වැඩසටහනකට අසභ්‍ය වදන් සහිත ටී ෂර්ට් එකක් අඳින්න තරම් පහත් මට්ටමක මම නැහැ. මම අසභ්‍ය වදනක් සහිත ටී ෂර්ට් එකක් ඇඳගෙන වැඩසටහනක් කළා නම් මාව ආයේ කවමදාකවත් එම නාලිකාවට සම්බන්ධ කරගන්න එකක් නැහැ.
ඒ වුණත් ඔය සිදුවීම වූ දිනයේ අදාළ වැඩසටහන අතරමග නතර කළා නේද ?
සිකුරාදා දවසට වැඩසටහන ඒ විදියට නතර කරනවා. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් සමහරුන් ඒක දැකලා තියෙන්නේ වැඩසටහන අතරමග නතර කිරීමක් විදිහට.
ඇයි එතකොට මේ වගේ රාවයක් පැතිර ගියේ ?
කටකතා හදන්න මඩ ගහන්නම සූදානමින් ඉන්න අය නැති සිදුවීමක් මවල හෝ මේ විදියේ ප්‍රවෘත්ති නිර්මාණය කරනවා. අනුන්ට මඩ ගහලා විකෘති සතුටක් විඳින අයත් අපි අතරේ ඉන්නවනේ.
මේ වගේ වැරදි කටකතා පැතිරිලා යනකොට ඒවාට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න පුළුවනිනේ ....?
මම මුලිනුත් කිව්වේ ඔය වගේ මඩ ප්‍රහාරවලින් මම සැලෙන්නේ නෑ කියලා. මේ කටකතාව පැතිරෙන්න කලින් මම හවස හයට ස්වර්ණවාහිනියේ වැඩසටහනක් කරනවා කියලා දැනගෙන හිටියේ නැති මගේ සමහර රසිකයෝ, ඒක දැනගත්තෙත් මේ කටකතාව පැතිරුණාට පස්සේ. ඒ අය මගෙ එෆ්. බි. එකේ ඒක සඳහන් කරල තිබුණා. ඉතින් මේ කටකතාව පැතිරයාමෙන් එක පැත්තකින් මට ඇතිවුණේ යහපතක්.
පියුමිගේ පෞද්ගලික තොරතුරු ටිකක් දැනගන්නත් ඔබේ රසික පිරිස කැමැති ඇති ?
මගේ ගම රාජගිරිය. මම අධ්‍යාපනය ලැබුවේ ශ්‍රී සෝභිත විදුහලින්. මම උසස් පෙළ නිමා කරපු හැටියෙම තමයි නිරූපණ ශිල්පයට යොමු වුණේ. ඒ 2010 දී. මට පුංචි පුතෙක් ඉන්නවා. එයා කාවිංග. නිරූපණ ශිල්පය. නිවේදනය සහ රංගනය තුළින්
ඉදිරියට යාම තමයි මගේ බලා‍පොරොත්තුව.
ආරියවංශ කුලතිලක

'Khuda Bhi' Video Song | Sunny Leone | Mohit Chauhan | Ek Paheli Leela

By: Prosperity Tech On: 12:06 AM

සනී ලියෝන්ගේ අලුත්ම වීඩියෝව එළියට

බොලිවුඩයේ සුපිරි සරාගී නිළි සනී ලියෝන් රංගනයෙන් දායකත්වය ලබාදෙන "ලීලා" හින්දි චිත්‍රපටයේ ගීත මේ වන විට අන්තර්ජාල හරහා නිකුත් වෙමින් තිබෙනවා. "ලීලා" බොබී ඛාන්ගේ අධ්‍යක්ෂනයක් වන අතර මෙය ලබන අප්‍රේල් මස 10 වැනිදා ලොව පුරා තිරගත වීමට නියමිතයි. මෙහි ප්‍රධාන චරිතයට රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ සනී ලියෝන් විසින්.



ලීලා චිත්‍රපටය් සනී ලියෝන්ගේ ගීත කිහිපයක් පහතින් බලන්න.....

Tuesday, March 17, 2015

Minister Rajitha's 2nd son Kidnapped an 'Under Aged' girl by force Update

By: Prosperity Tech On: 11:39 PM

පොලීසිය සත්‍ය විකෘති කරන බවට රාජිතගේ පුතු පැහැර ගත් දැරියගේ දෙමව්පියන් කියයි

අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත‍්‍රයෙකු බාලවයස්කාර දැරියක් පැහැරගෙන ගොස් රඳවාගෙන සිටින බව අදාළ දැරියගේ මව්පියන් මීට පෙර අනාවරණය කළා. කෙසේ වෙතත් එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කරුණු පැහැදිලි කිරීමේදී සත්‍ය විකෘති කර අදහස් දක්වා ඇති බවට එම දෙමව්පියන් පෙරේදා නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කළා.



පසුගිය වසරේ පෙබරවාරි මස 24 වන දින අමාත්‍ය රාජිත සේනාරත්නගේ දෙවන පුත‍්‍රයා වන එක්සත් සේනාරත්න තම දියණිය පැහැරගත් බවට මෙම මව්පියන් චෝදනා කරනවා. පොල්හේන්ගොඩ ලයනල් එදිරිසිංහ මාවතේ පදිංචිව සිටි දිනිති ආලෝකා රණසිංහ නැමති එම 16 හැවිරිදි තම දියණිය මෙලෙස පැහැරගැනීමට ලක්වූ බවයි ඔවුන් මාධ්‍ය හමුවක් පවත්වමින් ප‍්‍රකාශ කළේ.

දැරියගේ පියා ද එම මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කළේ සිද්ධිය පිළිබඳව පොලීසියට පැමිණිලි කළ ද මෙතෙක් තමන්ට සාධාරණයක් ඉටු නොවූ බවයි.

කෙසේ වෙතත්, ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගෙන සාධාරණ පරීක්ෂණයක් සිදුකරන බව මාධ්‍යයට අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළා.

කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාගේ කරුණු පැහැදිලි කිරීමේදී සත්‍ය විකෘති කර ඇති බව දැරියගේ මව්පියන් පෙරේදා දිනයේදී මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. දැරියගේ උපන් දිනය සනාථ කිරීම සඳහා ඔවුන් මාධ්‍ය වෙත ඇයගේ උප්පැන්න සහතිකය ද එවා තිබුණා. සිය නිවේදනය මගින් ඔවුන් දක්වා ඇත්තේ 2014 පෙබරවාරි මස 24 වැනි දින දැරිය පැහැරගැනීමට ලක්ව ඇති අතර, ඒ වනවිට දැරියගේ වයස අවුරුදු 16 යි මාස 4 ක් වන බවයි.

ඒ අනුව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා එදිනට දැරියගේ වයස අවුරුදු 16යි මාස 11 බවට කළ ප‍්‍රකාශය සාවද්‍ය බව එමඟින් දක්වා තිබෙනවා. පැමිණිල්ල සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පැවැත්වූ බවට පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සිදුකළ ප‍්‍රකාශය අභියෝගයට ලක් කරමින් දිනිති ආලෝකාගේ මව්පියන් සඳහන් කරන්නේ පැමිණිල්ල විභාග කිරීම සඳහා දෙපාර්ශවය කැඳවා තිබුණත් ඊට රාජිත සේනාරත්න ඇමතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් නොපැමිණි බවයි.

රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ පාර්ශවය විසින් පෙර දිනෙක කැඳවා ප‍්‍රකාශයක් ලබාගෙන ඇති බව එම නිවේදනයේ සඳහන්. වැටක ආරවුලක් විසඳීමේදී පවා දෙපාර්ශවයම කැඳවා එම විමර්ශනය සිදුකරන පොලීසිය මෙම පරීක්ෂණයේදී එක් පක්ෂයකට පමණක් ඇහුම්කන් දීමෙන් ඒකපාර්ශවික තීරණයක් ගෙන ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එහි තවදුරටත් දැක්වෙන්නේ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා නොදැන සිටිය ද අදාළ පොලිස් නිලධාරීන්ට එසේ කිරීමට සිදුවූයේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා දිනකට 8 වතාවක් ඔවුන්ට කථා කර සිදුකළ බලපෑම් නිසා බව මෙම නිවේදනය මගින් දක්වා තිබෙනවා. වයස අවුරුදු 16ට වැඩි තැනැත්තියක් පුරුෂයෙකු සමග කැමැත්තෙන් සිටින විට ඇයගේ දෙමව්පියන් ඇයව ලබාදෙන ලෙස ඉල්ලා සිටිය ද පොලීසියට කළ හැකි යමක් නොමැති බවට පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සිදුකළ කරුණු දැක්වීම ද ඔවුන් අභියෝගයට ලක් කරනවා.

කැමැත්ත යනු හුදු කැමැත්තක් නොවන අතර එය ස්වාධීන කැමැත්තක් විය යුතු බව පෙන්වා දෙන මව්පියන් එකී කැමැත්ත කිසිදු පෙළඹවීමකින්, බලපෑමකින් තොරව සිදුවිය යුතු බවයි ප‍්‍රකාශ කළේ. නීතියේ පිහිට නැතත් සමාජයේත්, ස්වාභාවික යුක්තියේත් පිහිට පතන බව මෙම දැරියගේ දෙමව්පියන් වැඩිදුරටත් සිය නිවේදනය මගින් පෙන්වා දෙනවා. hirunews.lk

If my dad become a president - Dulmini

By: Prosperity Tech On: 12:15 AM

තාත්තා  ජනාධිපති වුනොත් දුව කරන ඒවා  - තිස්ස අතත්නායකගේ දුව දුල්මි කියන කතා

නයිට් ක්ලබ් සීමා කරනවා.
ඉන්නේ අරලියගහ මන්දිරයද ජනාධිපති මන්දිරය කියලා තාත්තට තෝරගන්න දෙනවා
ග‚කා වෘත්තිය නීතිගත කරන්නේ නැහැ


මම ජනාධිපති දුවෙක් වුණොත් කරන පළමු වැනිම දේ තමා ලංකාවේ හොඳ Universities ඇති කරන එක. විශේෂයෙන් Private Universities . මොකද ලංකාවේ ගොඩක් ශිෂ්‍යයෝ පිටරට ගිහින් තමා ඉගෙන ගන්නේ. මමත් එහෙමයි. අපේ ලංකාවේ හොඳ Universities තියෙනවා නම් එහෙම වෙන්නෙ නැහැ. ඒ වගේම ලංකාවේ අම්මලා තාත්තලගේ සල්ලි නිකරුණේ නාස්ති වෙන්නෙත් නැහැ. ඒ නිසා අපේ තාත්තා ජනාධිපති වුණොත් කරන ප්‍රධානම දෙයක් තමා රටේ සල්ලි එළියට නොයන විදියට Universities ඇති කරන එක.

Young ක්‍රවුඩ් එකට රස්සාවල් දෙනවා.

Young ක්‍රවුඩ් එකට රස්සාවල් නැති එක අපේ රටේ අද තියෙන ලොකු ප්‍රශ්නයක්. ඒකට අපි විසඳුමක් ගේන්න ඕන. ඒ සඳහා විශේෂයෙන් ආර්ථීකය දියුණු කරලා හදමබට ක්‍රවුඩ් එකට රස්සාවල් ලැඛෙන විදියේ වැඩපිළිවෙළක් අනිවාර්යයෙන් හදන්න ඕන.

තරුණ සංවිධාන හදන්නේ නැහැ.

මම ජනාධිපති දුවෙක් වුණා කියලා කිසිම තරුණ සංවිධානයක් හදන්නේ නැහැ. මම තනියෙන් මට පුළුවන් හැටියට වැඩ කරගන්නවා. ඒ වගේම යූ. එන්. පී. එකේ හෝ වෙනත් ඕනම පක්‍ෂයක ඉන්න

ජ්‍යෙෂ්ඨයන්ගෙන් උදවු අරගෙන ඒ වැඩපිළිවෙළ ඉස්සරහට ගෙනියන්න

අධිෂ්ඨාන කරගන්නවා.

ළමයින්ගේ හා කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය වැඩිදියුණු කරනවා.

සෞඛ්‍ය පැත්තෙන් අපේ ලංකාවේ ජනතාව සියයට 30කට වගේ තමා යම් ස්ටෑන්ඩඩ් එකක් තියෙන්නේ. ඉතිරි සියයට 70ම ශරීර සෞඛ්‍ය අතින් පල්ලෙහා මට්ටමක ඉන්නේ. මම ජනාධිපති දුවෙක් වුණොත්

ළමයින්ගේ හා කාන්තාවන්ගේ සෞඛ්‍ය ගොඩක් හොඳට හදන්න වැඩපිළිවෙළක් හදනවා. ඔවුන්ට හොඳ අනාගතයක් හැදීම අවශ්‍යයි.

නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා.

නීතිය කාටත් සාධරණය ඉටුවෙන ආකාරයෙන් හරියටම ක්‍රියාත්මක විය යුතුයි. හොඳම එක්සාම්පල් එක තමා මගේ තාත්තාට චෝදනා ඉදිරිපත් කරලා හිරේ දැම්මා. ඒක අකුරටම නීතිය ක්‍රියාත්මක කළා කියනවනේ. ඉතින් මම බලාගෙන ඉන්නවා ඉස්සරහටත් ඔය චෝදනා තියෙන අය හිරේට දායි කියලා. මම ජනාධිපති දුවෙක් වුණොත් එහෙමයි කියලා නීතිය ක්‍රියාත්මක කරන්න මට බැහැ. ඒක තාත්තට අයිති දෙයක්. ඒත් ඒක හරියටම ක්‍රියාත්මක කරන්න කියලා මම තාත්තට බලපෑම් කරනවා.

තාත්තගේ උපන් ගමට සේවය කරනවා.

මම ඉපදුණේ කොළඹ. හැබැයි තාත්තා මිනිපේ. තාත්තා ජනාධිපති වුණොත් අනිවාර්යයෙන්ම ඔහුගේ ගමට සේවය කළ යුතුයි. විශේෂයෙන් තාත්තගේ ගමේ අධ්‍යාපනය, සෞඛ්‍යය පල්ලෙහා මට්ටමක තියෙන්නේ. ඒවා වැඩිදියුණු කරලා ගම සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම විශ්වාස කරනවා ගමේ ළමයටත් කොළඹ ළමයට වගේ ඉන්ග්ලිෂ් වලින්  ඉගෙන ගන්න අවස්ථාව දිය යුතුයි කියලා. අපේ ක්ලාස් සිස්ටම් එක හැදෙන්නේ ඉන්ග්ලිෂ්වලින්. එතකොට ගමේ ළමයෙක් හොඳට ඉන්ග්ලිෂ් කතා කරද්දි ඒ ක්ලාස් සිස්ටම් එක නැති වෙලා යනවා. ජොබ් හැදෙනවා. ඒක අනිවාර්යයෙන් විය යුතුයි කියලා මම හිතනවා.

ජනතාවගේ මුදල් නාස්ති කරන්නේ නැහැ.

ජනාධිපති කියන්නේ මිනිසුන්ට සේවය කරන ප්‍රධානම පුරවැසියා. මම හිතන්නෙ නැහැ එයා මිනිසුන්ගේ දේවල් ඕනෑවට වඩා පාවිච්චි කරන එක හරි කියලා. එයා ටොයිලට්ස්වලත් Aරැක‍ හයි කරලා සැප ගන්නවා නම් ටොයිලට්ස් නැති මිනිස්සු ලංකාවේ කොච්චර ඉන්නවද කියලා හිතන්න ඕන. ඒ නිසා ජනතාවගේ මුදල් නාස්ති කරන්න හොඳ නැහැ. ඒ සල්ලි ඩොනේට් කරලා මිනිසුන්ට හොඳ දෙයක් කරන්න ඕන.

අනාගතයේ ජනාධිපති කෙනෙක් වෙන්න පාර කපා ගන්නේ නැහැ.

මම කවදාවත් දේශපාලනයට එන්න හිතන්නේ නැහැ. ඒ වගේම මට අනාගතයේ ජනාධිපති කෙනෙක් වෙන්න වුවමනාවකුත් නැහැ. ඒ සඳහා අවශ්‍ය මඟ පාදා ගැනීමක් කරන්නෙත් නැහැ. මම හිතනවා දැන් ඉන්න ජනාධිපති හා කලින් හිටපු ජනාධිපතිවරු හැමෝම හොඳ පුද්ගලයෝ කියලා. ඔවුන් සියලූ‍දෙනා සමඟ එකතු වෙලා රටට හොඳක් කරනවා මිසක් ජනාධිපති කෙනෙක් වෙන්න මගෙ බලාපොරොත්තුවක් නැහැ.

නයිට් ක්ලබ් සීමා කරනවා.

අපේ රටේ සංස්කෘතිය අනුව නයිට් ක්ලබ් වගේ දේවල් තියෙනවට මම කැමැති නැහැ. මොකද අපේ රට සිංහල බෞද්ධ රටක්. නමුත් අපේ රටට ෆොරිනර්ස්ලා එනවනේ. ඒ නිසා ඒ වගේ දේවල් අවශ්‍යයි. හැබැයි ලංකාවේ සංස්කෘතිය කවුරුහරි නැති කරන්න හැදුවොත් ඒකට විරුද්ධව පෙනී සිටිනවා. අපේ රටේ ආගම් ආරක්‍ෂා කරන්න ඕන. ෆොරිනර්ස්ලා ආවත් අපේ රටේ සංස්කෘතිය අනුව ඉන්න ඕන. ඒ නිසා මම හිතවා නයිට් ක්ලබ් වගේ දේවල් සීමා කරන්න ඕන කියලා.

ජනාධිපති නිල වාහන පාවිච්චි කරන්නේ නැහැ.

අපි සාමාන්‍ය මිනිස්සු. ජනාධිපති නිල වාහන කිසිවක් අපට අවශ්‍ය නැහැ. අපිට පුළුවන් විදියට අපි ජීවත් වෙනවා. තාත්තා අමාරුවෙන් හදාගත්ත ගෞරවය, ඒ වගේම අවුරුදු ගාණක පොලිටිකල් ලයිෆ් එකත් එක්ක එයාගේ බලතල පාවිච්චි කළාට ළමයි ඒ දේවල් පාවිච්චි කරන්න ඕන නැහැ.

අරලියගහ මන්දිරයද ජනාධිපති මන්දිරය කියලා තාත්තට තෝරගන්න දෙනවා.

තාත්තා ජනාධිපති වුණොත් ඉන්නේ කොහෙද කියන එක එයාට තෝරගන්න ඉඩ දෙනවා. තාත්තා කොහෙද ඉන්නේ අපි එතැන ඉන්නවා.

මාධ්‍යයට බලපෑම් කරන්නේ නැහැ.

ජනාධිපති දුවක් වුණා කියලා මාධ්‍යයට කිසිම බලපෑමක් කරන්නේ නැහැ. මාධ්‍ය නිදහස වෙනුවෙන් සම්පූර්ණයෙන්ම පෙනී සිටිනවා. මොකද මාධ්‍ය නිදහස ලංකාවේ තියෙන්න ඕන. එතකොට තමයි ජනතාවට ඇත්ත දැනගන්න පුළුවන් වෙන්නේ.

තාත්තගේ බලය පෙන්නන්න යන්නේ නැහැ.

තාත්තගේ බලය කවදාවත් මම අයුතු විදියට පාවිච්චි කරන්නේ නැහැ. මගේ තාත්තා හිරේ ඉන්නවා බලන්න ගියහමයි මිනිස්සු මාව අඳුරගත්තේ තිස්ස අත්තනායකගේ දුව කියලා. නැත්නම් මිනිස්සු දන්නෙ නැහැ. ඒ වගේම තාත්තා ජනාධිපති වුණොත් බලය කවදාවත් අයුතු විදියට මම පාවිච්චි කරන්නේ නැහැ.

කැම්පස්වල රැග් එක නවත්වනවා.

මම ලංකාවේ ඹබසඩැරිසඑහ වලට ගිහිල්ලා නැහැ. හැබැයි මම ෑබටක්බා වල ගියපු ඹබසඩැරිසඑහවල අලූ‍ත් ිඑමාැබඑි ආපුහාම සීනියර්ස්ලා මාර ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේ තත්ත්වයක් ලංකාවෙත් ඇති කරන්න ඕන. නීති හරියට ගෙනල්ලා, රැග් කරන ළමයින්ට පනිෂ් කරලා රැග් එක නවත්වන්න ලොකු වැඩපිළිවෙළක් ගේනවා.

ග‚කා වෘත්තිය නීතිගත කරන්නේ නැහැ.

ලංකාවේ සංස්කෘතියත් එක්ක ග‚කා වෘත්තිය නීතිගත කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකයි මම කිව්වේ කාන්තාවන්ට පාට් ටයිම් ජොබ් වැඩි කරන්න ඕන කියලා. අපේ රට බෞද්ධ රටක්. ඒ වගේම මුස්ලිම්, දෙමළ කියන්නෙත් ගැහැනු අයව ආරක්‍ෂා කරන ආගම් දෙකක්. එහෙම තියෙද්දි ලංකාවට කොහෙත්ම ග‚කා වෘත්තිය නීතිගත කිරීමට අවශ්‍ය වෙන්නෙ නැහැ.

අනුරාධ සැමුවෙල්

ඡායාරූප - ගැමුණු වැල්ලගේ



Monday, March 16, 2015

Jacqueline Fernandez Does Sand Ballet in 'Boond Boond' song of Roy

By: Prosperity Tech On: 9:50 PM

බොලිවුඩයේ පලමුවරට ජැකලීන් බැලේ නටයි

“කික් (kick)” චිත්‍රපටයේ “ජුම්මේ කි රාත්” ගීතයේ ඉදිරිපත් කල මනහර රැඟුම් කුසලතා වලින් පසුව ජැකලීන් ෆර්ඩිනැන්ඩස් නර්තනයන් සම්බන්ධව බොලිවුඩය තුළ ඉහල ඉල්ලුමක් සහිත නිළියක් බවට පත්ව තිබේ. නර්තන අධ්‍යක්ෂකවරුන් ද මෙම අපූරු “නැට්ටුක්කාරිය” සමග වැඩ කිරීමටත් ඉමහත් සේ ප්‍රිය කරන බව ද සඳහන් වේ.
ඉදිරියේ දී තිරගත වීමට නියමිත ඇගේ නවතම චිත්‍රපටය වන “රෝයි (Roy)” සඳහා ජැකලීන් සම්පූර්ණයෙන් ම වෙනස් නර්තන ශෛලියක් අනුගමනය කර තිබේ. එනම් එහි එන “බූන්ඩ් බූන්ඩ් (Boond Boond)” ගීතය සඳහා සුප්‍රසිද්ධ බැලේ නර්තනයක් ඉදිරිපත් කිරීමයි.

රෝයි චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන වික්‍රම්ජිත් සිං හට මෙම ගීතය ආත්මීය වශයෙන් බැඳුනු කලාත්මක ආකාරකට ඉදිරිපත් කිරීමට අවශ්‍යව තිබූ අතර ඒ සඳහා චිත්‍රපටයේ නර්තන අධ්‍යක්ෂක අහමඩ් ඛාන් භාවිතා කලේ බැලේ නරන ක්‍රමය යි.
මෙලෙස බොලිවුඩය තුළ බැලේ නර්තනයක් ඉදිරිපත් කරන පලමු නිලිය ජැකලීන් වෙයි.






The President Barack Obama's'Cadillac'

By: Prosperity Tech On: 7:37 PM

ජනපති ඔබාමා එක්ක එහේට මෙහේට යන ඔබාමාගේ තිරිසනා....It's called "The Beast",The President Barack Obama's'Cadillac' !

ඔබටත් ඔබාමාගේ යුධ ටැංකියකට සමාන කරපු කාරයක් ගැන අහලා දැකලා තියෙන්න පුලුවන් පහුගිය දවස්වල අන්තර්ජාලයේ ප්‍රසිද්ධ මාතෘකාවක් වුනා... මේ ඒ ගැන විස්තරයක්...‍
ලොව ප්‍රමුඛතම ආරක්ෂ පද්ධතියට හිමිකම් කියන මේ හයිබ්‍ර්ඩ් වර්ගයේ මෝටර් රථය නිපදවා ඇත්තේ ඇමරිකාවේ ජෙනරල් මෝටර්ස් සමාගම විසිනි. ඒ 2009 වසරේදීයි. චවලට් ( Chevrolet ) හා කෝඩියැක් ( Kodiak ) යන මොටර් රථ නිපදවන සමාගම් වල තාක්ෂණය එකතු කර ගෙන මෙය නිර්මණය කිරීමත් සමග එය 'Cadillac' නමින් හදුන්වන්නට වුනා.
අඩි 18 දිග අඩි 5 අගල් 10 උස,බර 6800 Kg වනමෙය නිලවශයෙන් හදුන්වන්නේ 'Cadillac 1' ලෙසයි.එය “ද බීස්ට්“ නැතිනම් “තිරිසනා“ යන අනුවර්ථ නාමයෙන්ද හදුන්වනු ලබයි. වෙනත් ලිමොසීනයන්ට වඩා ප්‍රමාණයෙන් වෙනස්වන අයුරින් නිපදවා ඇත.

ත්‍රස්තවාදී ප්‍රහාර වලින් වැලකීම සඳහා ඉතා ඝන යකඩයෙන් නිපදවු බඳ හා දොරවල් අඟල් 8 ක ඝනකමින් යුතු ඒවා බෝයිං 757 යානයක දොරකට සමාන බරෙන් යුතු බව සඳහන් වේ.


රසායනික ප්‍රහාර වලින් ද ආරක්ෂා වන ආකාරයෙන් තනා ඇත. 7දෙනෙකුට එහි ආසන සකසා ඇතත් බොහෝ විට ගමන් කරන්නේ රියදුරු ප්‍රධාන බුද්ධි අංශ නිලධාරී හා ජනාධිපති පමණි.

රථය තුළ සිට කදුලු ගෑස් එල්ල කිරීමටත්, බිම් බෝම්බ පිපිරීමකදී ටයර් උණුවී ගියද රිම් මගින් ගමන පවත්වා ගැනීමට හැකිවීම හා ජනපතිගේ රුධිර කාණ්ඩය සහිත ලේ බැංකුවක්ද මේ තුල පිහිටවා ඇති අතර ඔක්සිජන්ද ගබඩා කොට ඇත.
එහි පහසුකම් වැඩිපුර පහත රූපයෙන් දැක ගන්නට පුළුවන්.....

රථයේ සවිකර ඇති ප්‍රධාන කොඩි දෙකකි.එකක් ඇමරිකානු ජාතික ධජය හා අනෙක ඇමරිකානු ජනපති නිල ලාංජනය සහිත කොඩියයි. විදේශ සංචාරයකදි ජනපති ධජය ඉවත් කොට අදාළ රටෙහි කොඩිය සවි කරනු ලබයි.

මෙම රථයේ අංකය ලෙස සඳහන් වන්නේ 800-002 යන්නය.

විදේශ රටක සංචාරයකට පෙර මෙම රථය ගුවන් මගින් එරටට ගෙන යනු ලැබේ. ඒ සඳහා C-17 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් යොදා ගනු ලබයි.

මෙම රථයත් සමඟම තවත් ආදේශක රථයක් ද බර ආයුධ සහිත රථයක්ද ගෙන යනු ලබයි. එය Road Runner යන ආදේශක නාමයෙන් හදුන්වයි.
ජනපති රථ භාවිතයේ අතීතය...