Wednesday, March 18, 2015

Tagged Under: , , ,

Samanthabhadra Eating FROG MEAT

By: Prosperity Tech On: 8:48 PM

ගෙඹි මස් වළදනවද බලන්න අරන් එන්න. කිසි දවසක සිරිසමන්තබද්‍ර හිමි අපවත් වෙන්නෙ නෑ. විවෙචන ඉවසන් ඉන්නෙ මෝඩයෝ

පිටිදුවේ සිරිධම්ම හිමියන්ගේ අදෝලනාත්මක ප්‍රකාශ


පසුගිය දවස්වල පිටිදුවේ සිරිධම්ම හිමි නැතහොත් සිරිසමන්තබද්‍ර හාමුරුවන් කාගේත් අවධානයක් දිනා ගැනිමට සමත්වු අතර ඒ වෙනස් ආකාරයකට තම උපන්දිනය දා දානමය පිංකමක් පැවැත්විමත් සමගයි.මේ අතර උන්වහන්සේ පිටිදුවේ සිරිධම්ම හිමියන් අපවත් වි ලුත් කෙනෙක් ජිවමාන වුණ බව ප්‍රකාශ කර සිටියා.තවද කිසි දවසක සිරිසමන්තබද්‍ර හිමි අපවත් වෙන්නෙ නැති බවද ප්‍රකාශ කර සිටියා.

උන්වහන්සේ දැක්වු සම්පුර්ණ අදහස් මෙසේයි
සිරි සමන්තබද්‍ර හාමුදුරුවන් ගැන කෙටියෙන් හැදින් වුවොත්?
ඔහු රහතෙක්

පිටිදුවේ සිරිධම්ම හිමියන් අපවත් වුවාද? අපවත් කළාද?
උන්වහන්සේ අපවත්වි අලුත් කෙනෙක් ජිවමාන වුණා.

පිටිදුවේ සිරිධම්ම හිමියන් අපවත් වුණ විදියට සිරිසමන්තබද්‍ර හිමියනුත් අපවත් වෙයි ද?
කිසි දවසක සිරිසමන්තබද්‍ර හිමි අපවත් වෙන්නෙ නෑ.ඔහු සත්‍ය අවබෝධකල මුනිවරයෙක්,ඔහු විශ්වයට එකතු වෙනවා පමණයි.ඔහු පරිනිර්වාණ ධාතුවට එකතු වෙනවා විතරයි.

ඔබ වහන්සේට සෘද්ධි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්ද ?
සෘද්ධි භාවය නෙමෙයි රහත්බවට පත්වුණ බුද්ධ ශ්‍රාවකයෙක් පාන්නෙ අනුශාසනා ප්‍රාතිහාර්ය,බුදු දහම කියන්නෙ මැජික් කාරයින්ගේ දහමක් නෙමෙයි.එහෙනම් ඩේවිඩ් කොපර් පිල් රහතෙක් වෙන්න ඕනි.

විවෙචන ඉවසන්න බැහැ නේද?
විවෙචනය ඉවසන්න ඕනි නැ,විවෙචනයට පිළිතුරු දෙන්නයි ඕනි.විවෙචනය ඉවසන් ඉන්නෙ මෝඩයෝ.එවාට පිළිතුරු දෙන්නෙ ප්‍රඥ්ඥාවන්තයෝ.

ඔබ වහන්සේ දානය ලෙස ඔනෑම දෙයක් වළදනවාද?
යකඩ කන්න බෑනේ,යකඩ වළදන්නෙ නෑ.සාමාන්‍ය මිනිස්සු සාමාන්‍ය සම්ප්‍රදාය තුල මිනිස්සු ආහාරයට ගන්න දෙවල් බුද්ධ නීතියට අනුගත දෙවල් ආහාරයට ගත්තට කිසි ප්‍රශ්ණයක් නැ

ඔබ වහන්සේ ගෙඹි මස් පුජා කලොත් එය වළදනවාද?
ගෙඹි මස් වළදනවද කියලා බලන්න ඔය ප්‍රශ්ණ අහන කෙනා ගෙඹි මස් ඇරන් ආවොත් තමයි හොද.ඒ හෙම නැතිව එයට උත්තර දුන්නොත් වැරදි.

භික්ෂුවකට තිබිය යුතු හික්මිම ඔබවහන්සේට තියෙනවාද ?
තියෙනවා.ඇසින් රූප දුටුවාම ඒ රුපවලට නොඇලි සිටින්නා භික්ෂුවයි.කනෙන් ශබ්ද ඇසුවාම ඒ ශබ්ද කෙරෙහි නොඇලි සිටින්නා භික්ෂුවයි.

උන්වහන්සේ අදහස් දැක්වු විඩියෝව පහතින් බලන්න

0 comments:

Post a Comment