Wednesday, March 18, 2015

Tagged Under: ,

Vietnam kite death: boy snared in kite string falls 65 feet in horrific video

By: Prosperity Tech On: 8:10 PM

සරුංගලයේ නූලේ පැටලී ඉහළ අහසට ගිය දරුවෙකුට අත්වූ සෝචනීය ඉරණම - වීඩියෝ සහිතයි

ප්‍රමාණයෙන් අති විශාල සරුංගලයක නූලක පැටලී කුඩා දරුවෙක් ඉහළ අහසට ඇදී ගොස් බිමට වැටී මියගිය පුවතක් වියට්නාමයෙන් වාර්තා වේ. මෙම දරුවා හා තවත් පිරිසක් සරුංගල් යැවීම සඳහා පිට්ටනියක් වැනි ස්ථානයකට ගොස් ඇති අතර එහිදී අහසට නංවා ඇත්තේ ප්‍රමාණයෙන් විශාල සරුංගල් වේ.


එක්වරම සරුංගලයක නූලක් එය ඉහළට යැවූ පුද්ගලයා අතින් ගිලිගී ගොස් අදාල දරුවාගේ පාදයේ පැටලී ඇත. එම අවස්ථාවේ හැමූ දැඩි සුළඟ හේතුවෙන් දරුවාද සරුංගලය සමඟින් ඉහළ අහසට ඇදී ගොස් ඇති අතර ඔහු එය වැළැක්වීමට දැඩි උත්සාහයක් දරා ඇත.

අවට සිටි පිරිසට කරකියාගත නොහැකි වී ඇති අතර මෙලෙස අඩි 65ක් පමණ ඉහළට ගිය දරුවා පසුව නූල කකුලෙන් ඉවත්වීම හේතුවෙන් බිමට පතිත වී ඇත. කෙසේ නමුත් ඔහුව අල්ලා ගැනීමට කිසිවෙකු සමත් වී නොමැති අතර රෝහලට ගෙනයන විටත් ඔහු ජීවිතයෙන් සමුගෙන ඇත.

මෙම දරුවාගේ වයස අවුරුදු 5ක් පමණ වන බවත් වැඩිදුරටත් වාර්තා වේ. මෙම සරුංගල්වල විශාලත්වය අනුව එය ගුවනට යාමේදී වැඩුණු පුද්ගලයෙකු පවා ඉහළට එසවීමේ හැකියාවක් ඇති බවටද වාර්තා වේ.


 


0 comments:

Post a Comment