Saturday, March 14, 2015

Raini Charuka Goonatillake

By: Prosperity Tech On: 3:41 AM

තාත්තාගේ බෑන්ඩ් එකෙන්ම සහකරුවා සොයාගත් රයිනි විවාහ ගිවිසගනී - PHOTOS


රූකාන්ත හා චන්ද්‍රලේඛා යන ජනප්‍රිය ගායක යුවලගේ දියණිය වන රයිනි චාරුකා කියන්නෙත් ශ්‍රී ලාංකික රසික රසිකාවියන් අතර ඇයගේ මියුර කටහඬ නිසාම ජනප්‍රියත්වයට පත්වුනු චරිතයක්.

සජීවී වේදිකාවෙදි වුනත් ඇය ගයන ගීත වලට වශීවුනු රසික රසිකාවියන් බලන් හිටියේ ඇයගේ අතගන්න පෙම්වතා කවුරු වෙයිද කියන එක ගැන. මේ වෙනකොට හංගාගෙන හිටපු ඒ ආදර කතාව රයිනි අපිත් එක්ක මුළු ලෝකෙටම කීවා. ඒ විතරක් නෙවෙයි ඇය විවාහ ගිවිසගෙනලු.

ඇමරිකාවේ වොෂින්ටන් වලදී තමයි රයිනි මේ විදියට ඇයගේ විවාහ ගිවිස ගැනීම සිද්ධකරලා තියෙන්නේ. නමින් අකිල වුනු ඇයගේ පෙම්වතා මීට අවුරුදු 8කට කලින් තමයි ඇයට හමුවෙලා තියෙන්නේ.
හැබැයි ඒ ආදරේ හරිම අමුතු එකක්. මොකද තාත්තගේ බෑන්ඩ් එකේ සෙල්ලම් කරනකොට තමයි ඇයට අකිල මුණගැහිලා තියෙන්නේ.

ඔහුත් සංගීත ක්ෂේත්‍රයට සම්බන්ද නිසා මේ දෙන්නාගේ ආදරය තවත් සාර්ථක වුනා කියලා තමයි රයිනි අපිත් එක්ක කීවේ. ඔහුව මුණ ගැහුණාට පස්සේ දැන් වසර 6ක ඉඳන් මේ ආදර කතාව ගලාගෙන ආවා වගේම රයිනිගේ දෙමාපියනුත් මේ සම්බන්දයට කිසිම ප්‍රශ්නයක් නැතුව කැමතිවෙලා තියෙනවා.

විවාහයෙන් පස්සේ දෙන්නා ලංකාවේම ජීවත් වෙන්න පොඩි අදහසකුත් තියෙනවා කියලා රයිනි අපිත් එක්ක කීවා.

ඇයගේ සම්පූර්ණ කතාව පහතින් අහන්න


Friday, March 13, 2015

Beware from Prostitutes In Sri Lanka

By: Prosperity Tech On: 8:46 PM

ලංකාවේ ගණිකාවන්ගෙන් ප්‍රවේසම් වන්න

එච්.අයි.වී. හා ඒඩ්ස් රෝගය ව්‍යාප්ත වීම ලිංගික වෘත්තියේ යෙදෙන කාන්තාවන් අතර බහුල වී ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන කළ නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

මෙරට ලිංගික වෘත්තියේ යෙදෙන කාන්තාවන් 15,000 කට අධික පිරිසක් සිටින බවත් ඇතැම් විට මේ සංඛ්‍යාව දෙගුණයකින් වැඩි විය හැකි බවත් මේ සමීක්ෂණයට අනුව වාර්තා වී ඇත.

වසර 2006 දී සියයට 0.2 ක් වූ එච්.අයි.වී. ආසාදිතයන්ගේ සංඛ්‍යාව වර්තමානය වන විට සියයට 1 දක්වා ඉහළ ගොස් ඇති බවත් එම වැඩි වීම පස් ගුණයක් වන බවත් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා ප්‍රකාශ කෙළේය.
අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවන් පැවැත්වීම මීට ප්‍රධාන හේතුව වන අතර මේ සමීක්ෂණය වසර 2013 හා 2014 වල පැවැත්වූ බව ඒ මහතා කීය.

මේ වන විට ආසාදිතයින් 2074 ක් වාර්තා වී ඇති අතර ඉන් 1038 ක්ම වාර්තා වී තිඛෙන්නේ බස්නාහිර පළාතෙනි. වයඹ පළාතෙන් 157 ක් ද, මධ්‍යම පළාතෙන් 136 ක් ද, දකුණු පළාතෙන් 126 ක් ද ලෙස වාර්තා වී ඇත.

සමීක්ෂණයට අනුව ලිංගික වෘත්තියේ යෙදෙන කාන්තාවන් අතරින් සියයට 75 ක් පමණ කොළඹ ස්ථිර පදිංචිකරුවන් වන අතර සියයට 25 ක් පමණ පිටපළාත්වලින් පැමිණි කාන්තාවන් බව වාර්තා වේ.

ඔවුන් අතරින් සියයට 18 ක් පමණ වෙනත් රැකියාවන් කරන අතර මේ වෘත්තියේ යෙදෙන බව හෙළි වී ඇත.

ඔවුන්ගෙන් සියයට 35 ක් පමණ කම්කරුවන් ලෙස සේවයේ යෙදෙන බවටත් සියයට 16 ක් සැලුන් සහ සම්භාහන ආයතනවල සේවයේ යෙදෙන බවටත් හඳුනා ගෙන ඇති බව වෛද්‍ය ලියනගේ මහතා පැවැසුවේය.

වසර 2005 දී කළ සමීක්ෂණය හා සන්සන්දනය කරන විට ලිංගික වෘත්තියේ යෙදෙන කාන්තාවන් 1000 ක් අතරින් එච්.අයි.වී. වෛරසය ආසාදනය වී ඇත්තේ දෙදෙනකුට පමණක් වුවත් එය වර්තමානයේදී දහ දෙනකු දක්වා වැඩි වී ඇතැයි ද වෛද්‍යවරයා පැවැසුවේය.

දුරකථන, අන්තර්ජාලය හරහා විවිධ සම්බන්ධතා ගොඩනගා ගැනීමෙන් මෙවැනි අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා කෙරෙහි යොමු වී ඇතැයි ද අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පැවැත්වීමෙන් වැළකී සිටින්නේ නම් වෛරසය ශරීරගත වීම වළක්වා ගත හැකි යැයි ද ඒ මහතා ප්‍රකාශ කෙළේය.

Valentine's Day with Jacqueline Fernandez

By: Prosperity Tech On: 1:51 AM

ජැකලීන් නිදියන්නේ හෙළුවන් බව හෙළිවූ අයුරු

ලාංකීය සම්භවයක් ඇති ජැක්ලින් ෆ්‍රනැන්ඩස් රෑට නිදියන්නෙ නිරුවතින් බව විදේස් මාධ්‍ය සාකච්චාවක් හා එක් වෙමින් හෙළි කර ඇත. දවසින් දවස පුවත් මවන්නට සමත් ජැක්ලින් පසුගිය දා කළ එම ප්‍රකාශය කාගේත් අවධානයට ලක්වෙලා.. පහතින් දැක්වෙන්නේ ඈ ඒ බව පැවසු අයුරු දැක්වෙන වීඩියෝවයි.



Thursday, March 12, 2015

'Hero' remake starring Sooraj Pancholi and Athiya Shetty

By: Prosperity Tech On: 10:08 PM

සුනිල් ෂෙට්ටි දියණිය සිනමාවට

තරු දිළෙන බොලිවුඩයට අලුත් තරුවත් පායන්න සූදානම්. මේ තරුවත් සහජ හැකියාව වගේම මව් පිය උරුමයත් සමඟිනුයි බොලිවුඩ් තිරයට පැමිණෙන්නේ. රන්බීර් කපූර්, සෝනම් කපූර්, අර්ජුන් කපූර්, ශ්‍රැති හසන්, ආලියා භාත්, ශ්‍රද්ධා කපූර් පසුගිය කාලයේ මේ අයුරින් තිරය හැඩකළ නවක තරුකා වුණා.

නිඛිල් අද්වානි තමයි මේ නවක තාරකාවිය තිරයට කැඳවාගෙන එන්නේ. ඔහු අධ්‍යක්ෂණය කළ අලුත්ම චිත්‍රපටය ඩ්ඥපධ කරුණු දෙකක් නිසා වැදගත් වෙනවා. එකක් මේ අලුත් තරුව. අනිත් කාරණය මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ සුපිරි නළු සල්මන් ඛාන්ගේ සල්මාන් ෆිල්ම්ස් ආයතනය විසිනි.

අත්‍යා ෂෙට්ටි නිඛිල්ගේ Hero චිත්‍රපටයෙන් සිනමාවට පිවිසෙන නවතම තරුවයි. අත්‍යා බොලිවුඩ් නළු සුනිල් ෂෙට්ටි සහ මෝස්තර නිර්මාණ ශිල්පිනි මෝනා ෂෙට්ටිගේ දියණිය යි.
1992 වසරේ උපත ලද ආත්‍යා දැන් මා පිය ආශිර්වාදයෙන් සිනමාවට පිවිසෙනවා.

කුඩා කළ සිටම සිනමාවට කැමැත්තක් දැක්වූ ආත්‍යා නිව්යෝර්ක් චිත්‍රපට ආයතනයෙන් හැදෑරූ චිත්‍රපට නිර්මාණකරණය පිළිබඳ පාඨමාලාව සම්පූර්ණ කළේ වයස අවුරුදු දහඅටේදී යි.

යතේජා ඥානරත්න

Sarana Gunawardena arrested by CID

By: Prosperity Tech On: 5:47 AM

සරණ ගුණවර්ධන රක්ෂිත බන්ධනාගාරයට

අත්අඩංගුවට පත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතා ලබන 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, රුපියල් ලක්ෂ 96ක මුදලක් වංචා කිරීම හා විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බව ය.

අදාළ චෝදනා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා සරණ ගුණවර්ධන මහතා අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවනු ලැබී ය.
ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනිණ.

Monday, March 9, 2015

All are asking about my marriage

By: Prosperity Tech On: 5:57 AM

විවාහය ගැන හැමෝම මගෙන් අහන්නේ ඔය දේම තමයි - ලෝචනා ඉමාෂි

*ලෝචනා මොනවද ඔබේ අලුත්ම තොරතුරු?
මේ දවස්වල ටෙලිනාට්‍ය කීපයකම ෂූටින්වලට සහභාගි වෙනවා. ඒත් එක්කම සුපුරුදු නිවේදන කටයුතුවලත් නිරත වෙනවා. තව මම රඟපාපු චිත්‍රපට කීපයක් තිරගත වෙන්න නියමිතයි. ඒ වගේම චිත්‍රපට කීපයකට ආරාධනා ලැබිලත් තිබෙනවා.
*ඔබ මේ දවස්වල ජීවිතේ වි‍ශේෂම පැතුමක් ඉටුකර ගන්නට සූදානම් වෙනවා කියලා ආරංචියි...?
කවුද කිව්වේ. කතාව නම් ඇත්ත තමයි. තව මාස දෙකකින් මම විවාහ වෙන්නයි සූදානම් වෙන්නේ.
*ඔබේ අත ගන්නේ කවුද කියල දැන ගන්න ඔබට ආදරය කරන රසිකයන් කැමැත්තෙන් ඇති?
ඒ කවුද කියලා තව සති කීපයකින් රසඳුනෙන්ම මම මගේ රසිකයන්ට කියන්නම්. මේ දවස්වල අපි විවාහය සඳහා සූදානම් වෙමිනුයි ඉන්නේ.

*ඔබට ඔහු හමුවුණේ කොහොමද?
අපි දෙදෙනා ඇත්තටම හමුවුණේ විවාහ යෝජනාවක් අනුවයි. මගේ මව් පියන් තමයි මගේ පෙම්වතාව මට මුණගැස්වුයේ.
*ඔබ නිළියක් කියලා ඔහු දන්නවාද?
අපි හමුවන විට මම රඟපාන බව ඔහු දැන සිටියේ නැහැ. මං ගැන තොරතුරු හරිම අඩුවෙන් තමයි ඔහු දැනගෙන ඉඳලා තිබෙන්නේ. අනෙක මම රඟපාපු ටෙලිනාට්‍යත් ඔහු එතරම් දැක තිබුණේ නැහැ.
*ඔහුත් කලාවට සම්බන්ධද?
ඔව්. ඒත් ඔහුගේ පදිංචිය ලංකාවේ නෙවෙයි. ඔහු කරන රැකියාවත් එක්ක ඔහු විදේශයක තමයි පදිංචිව සිටින්නේ. විවාහය ළං වෙලාම ඔහු ලංකාවට ඒවි. ඔහු කලාව ගැන දන්න ඒ ගැන හොදින්ම හදාරපු කෙනෙක්. එනිසා කලාවට සෑහෙන සම්බන්ධයක් ඔහුට තිබෙනවා.
*ඔහුගේ ගතිගුණ මොන වගේද?
එයාට තරහ යන්නෙ නැහැ. ගොඩක් හොඳයි. මම ටිකක් කියවනව වැඩි බව නම් ඔහු දන්නවා. මට හරි ආදරෙයි. ඒත් මම කෑ ගනහනවට කැමැති නැහැ.
*ඔබ තරමක් දඟකාරයි නේද?
මම දඟයි තමයි. ඒ මම රඟපාන චරිතවල විතරයි. එතනින් එහාට මම වෙනස් චරිතයක්. මම කවදාවත්ම කලා ක්ෂේත්‍රයේ නම කැත කරගෙනවත් ඕපාදූප හදාගන්නවත් වැඩ කරලා නැහැ.
*විවාහ වෙන්න ඉක්මන් වැඩිනැතිද?
මගේ විවාහය ගැන අහන හැමෝම මගෙන් අහන්නේ ඔය දේම තමයි. මගේ වයස තවමත් හුඟදෙනෙක් හිතන්නේ අවුරුදු 21ක් 22ක් වගේ කියලයි. දැන් මට අවුරුදු 27ක් වෙනවා. දැන් ජීවිතේ වගකීම් දරන්න සුදුසු වයස. එයට මම සූදානම්.
*ලෝචනාට ඉවුම් පිහුම් වැඩත් හොඳින් පුළුවන් ඇති?
මට රසට කෑම හදන්න පුළුවන්. බටහිර කෑම වර්ග තමයි වැඩියෙන්ම හදන්න පුළුවන්.
*ලෝචනා ඉදිරියේදී නිළියක් නොවී බිරිඳක් වෙන්නද බලාපොරොත්තුව?
එහෙම වෙන්නත් මම ආසයි. ගෙදරට වෙලා උයලා පිහලා ඉන්න ආසයි. ගෙදර අයත් එක්ක යාළුවොත් එක්ක මම ඉන්නේ හරිම විනෝදයෙන් සැහැල්ලුවෙන්. ඒත් ඉදිරියේදී බිරිඳක් ගෘහණියක් මවක් ලෙස වගකීමක් ගන්නත් මම කැමැතියි.
*විවාහයෙන් පස්සේ ඔබත් විදේශ ගත වෙනවාද?
ඔව්. මමත් විදේශගත වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද මම පුංචි කාළෙදි තමයි කලාවට සම්බන්ධ වුණේ. එදා සිට අද දක්වා මම පැමිණි ගමන් මග ගැන මට සතුටක් තිබෙනවා. හෙමිහෙමින් තමයි මම කලා ලොව ජයගත්තේ. වේදිකාව, ටෙලිනාට්‍ය, චිත්‍රපට කියන මාධ්‍ය ත්‍රිත්වයේම කටයුතු කළා.
එනිසා විවාහයෙන් පසුව විදේශ ගත වුණත් හිතට දුකක් නැහැ. ඒත් කලාවෙන් කිසිවිටෙක සමුගන්න නම් අදහසක් නැහැ. පුළුවන් හැම වෙලේම කලා නිර්මාණවලට මම දායක වෙනවා.
*ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?
හැමදාම මේ වගේ සතුටින් ඉන්න තමයි බලාපොරොත්තුව.

 silumina.lk

Sunday, March 8, 2015

Mahinda's next step

By: Prosperity Tech On: 10:06 PM

මහින්දගේ කුරුමානම කුමක් සඳහා ද? මහාචාර්ය සරත් විජේසූරිය

යම් කුමාරයෙකු විසින් අත්පත් කර ගනු ලබන රාජ්‍යය කලින් ඊටම විශේෂ වූ නීති අනුව නිදහසේ පැවැතීමට පුරුදුව සිටි රාජ්‍යයක් නම්, එය තමන්ගේ සම්පූර්ණ ග‍්‍රහණයට ගත හැකි ක‍්‍රම තුනක් තිබේ. ඉන් පළමුවැන්න එය විනාශ කිරීමය. එය නතු කර ගත් කුමාරයාම එහි ගොස් පදිංචි වීම දෙවැන්නය. නව පාලක කුමාරයා සමඟ රාජකීය මිත‍්‍රත්වය පවත්වා ගන්නා පුද්ගලයන් සුළු පිරිසකගෙන් සැදි ආණ්ඩුවක් එහි පිහිටුවීම හා පාලක කුමාරයාට ගරු බුහුමන් කරන ලෙස එ් ආණ්ඩුවට බල කරන අතරම, තමන්ගේ නීති යටතේ පැවැතීමට ඊට ඉඩ දීම තුන් වැනි ක‍්‍රමය යි.’’: නිකලොයි මකියා වෙලී. අදින් බොහෝ කලකට පෙර, රාජ්‍ය බලය සම්බන්ධයෙන් මකියාවෙලී විස්තර කර තිබෙන කාරණා අද අපට වඩාත් හොඳින් අවබෝධ වන්නේය. අද අප ජීවත් වන්නේ බලය වෙනුවෙන් බලය අවිනීත අන්දමින් පරිහරණය කරන සංදර්භයකය.

වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන් බොහෝදෙනා වෑයම් කරන්නේ රටේ දැවෙන ප‍්‍රශ්නවලට නිසි විසඳුම් සෙවීමට නොව, තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීමට බව පැහැදිලිය. විපක්ෂය කටයුතු කරන්නේ රටට අත්‍යවශ්‍ය දේශපාලන ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාවලිය සාපරාධී ලෙස අඩපණ කිරීමට බව පෙනේ. එ් පිටුපස වගකිව යුතු අන්දමින් රාජපක්ෂවරුන්ගේ අතපෙවීම් මෙන්ම හොල්මන් කිරීම් පවතින බව පැහැදිලිය. මහින්ද රාජපක්ෂ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සාවද්‍ය අන්දමින් සියතට ගෙන සිය පැවැත්ම වෙනුවෙන් එහි ශක්තිය දුබල කළේය. පක්ෂයට නායකත්වය දුන්නේ අවිනීත විලාසයකිනි. එපමණක් නොව ඔහු සන්ධානයේ මැති ඇමතිවරුන් බොහොමයක් නිවටයන් සහ නපුංසකයන් බවට පත් කළ බව ද පැහැදිලි කාරණාවකි. මහින්ද රාජපක්ෂ සිය පවුලට අසීමිත බලයක් පවරා ගෙන සිදු කළ විනාශයන් දැන දැනම ඔහු වෙනුවෙන් අදත් හඬ නඟන හා කතා කරන, පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන්ගේ අරමුණ කුමක් ද? ඔවුන් සිහි විකල්ලෙන් දැයි සැක සිතේ.

අපේ රටේ පැවතුණ දේශපාලන සංස්කෘතිය සහ දේශපාලන සදාචාරය නැත්තටම නැති කර දමා සිය පවුලට පමණක් රාජ්‍ය බලය උරුම කර ගැනීම මහින්ද රාජපක්ෂගේ එ්කායන අරමුණ විය. තමන් හැකිතාක් කල් රට පාලනය කොට ඉක්බිතිව නාමල් රාජපක්ෂට රට බාරදීම මහින්ද රාජපක්ෂගේ කල්පනාව වූ බව නොරහසකි.

කවර මට්ටමකින් කටයුතු කළ පාලකයෙකු වුව ඡන්ද බලයෙන් පරාජය වුණ විට ඔහු හෝ ඇය ශීලාචාර අන්දමින් එ් පරාජය භාර ගත යුතුය. මේ රටේ මෙතෙක් සිටි ශීලාචාර නායකයන්ගේ ස්වභාවය ද එයයි. අවාසනාව වන්නේ මහින්ද රාජපක්ෂ බලය අතට ගත්තේ කිසි විටක පරදින අදහසකින් නොවීමය. ඔහු පමණක් නොව, ඔහුගේ මුළු පවුලම බලය අශීලාචාර අන්දමින් පරිහරණය කළේ බලය තමන්ට සදාකාලිකව උරුම වී ඇත යන මානසිකත්වයකිනි. එ් විශ්වාසය ඔවුන්ට තිබුණේ නීතිය සියතට ගෙන කටයුතු කිරීමට පුළුවන් වූ බැවිනි.

මහින්දට ලැබුණ ඡන්ද ලක්ෂ පනස් අටක් ගැන කතා කරමින් බල අරගලයකට පේවී සිටින්නේ, මේ වන විට දේශපාලනික නන්නත්තාර වී සිටින දෙතුන් දෙනෙකි. මේ දෙතුන්දෙනාගේ බහට අනුව අවිචාරවත්ව මහින්ද කටයුතු කරන්නේ ද? සැබැවින්ම නැත. මේ වූ කලි බළලූන් ලවා කොස් ඇට බෑවීමකි. මේ ප‍්‍රයත්නයට ඉතා පැහැදිලි අරමුණක් ඇත. එ් අරමුණ වන්නේ යළිත් කෙසේ හෝ, කවර මට්ටමකින් හෝ බලය අත් පත් කර ගැනීමය. මහින්ද රාජපක්ෂ බලය වෙනුවෙන් කුරුමානම් අල්ලන්නේ කුමට ද යන්න මහජනතාව අවබෝධ කර ගත යුතුය.


මහින්ද රාජපක්ෂ බලය වෙනුවෙන් බළලූන් ලවා කොස් ඇට බාවන තැනකට පත්ව සිටින්නේ මන් ද? ඊට එකම හේතුව වී තිබෙන්නේ තම පුත‍්‍රයාගේ ආරක්ෂාව සහ දේශපාලන පදනම උදෙසා බව මේ වන විට හොඳින් අනාවරණය වී ඇත.


රාජ්‍ය බලය ඉවහල් කර ගෙන අශීලාචාර අන්දමින් පවත්වන ලද මැතිවරණයකින් ලද පරාජය වටහා ගෙන මහින්ද රාජපක්ෂට දේශපාලනයෙන් සමු ගැනීමට නොහැකි තත්ත්වයක් ඇත. ඊට හේතුව වන්නේ ඔහුට විශාල වගකීමක් පැවරී තිබීමය. එ් වගකීම ඔහුට පවරා දී තිබෙන්නේ ඔහුගේ බිරිඳ බව නොරහසකි. එ් වගකීම නම් නාමල් රාජපක්ෂට මොන විදිහකට හෝ තැනක් හැදීමය. නාමල් රාජපක්ෂට තම ශක්තියෙන් දේශපාලනයේ නිමග්න වීමට නොහැකිය. සැබැවින්ම ඔහුගේ දේශපාලන චරිතය කෘති‍්‍රම එකකි. ඔහු බ්‍රොයිලර් කුකුළෙකු වැනිය.


සිය දෙපයින් දේශපාලනය කිරීමට කිසිම ශක්තියක් නාමල් රාජපක්ෂට නොමැති බව මහින්ද රාජපක්ෂ වටහා ගෙන ඇතුවාට සැකයක් නැත. එබැවින් ඔහු වෙනුවෙන් මොන විදිහකට හෝ බලය අත් පත් කර ගැනීමට මහින්ද රාජපක්ෂට සිදුව තිබේ. මහින්ද සිය පුත‍්‍රයා වෙනුවෙන් කවර දෙයක් කිරීමට වුව සූදානම් නිසා, දේශපාලනිකව අනාථව සිටින කිහිප දෙනෙකු පවතින සංදර්භය තුළ බල අරගලයක් දියත් කිරීමට සැදී පැහැදී සිටින බව මේ වන විට ඉතා හොඳින් පැහැදිලිය. එහිදී ඔවුන්ට ද යළි හිස ඔසවා ගැනීමට හැකිය යන උපකල්පනය පවතී.


නාමල් රාජපක්ෂ කිසි කවර කලෙකවත් රටේ නායකයා වීමට සුදුස්සෙකු නොවන බව ඉහළම ප‍්‍රමිතියකින් විදහා පෑ පුද්ගලයෙකි. ඔහු දේශපාලන බලය අවභාවිත කර තිබෙන අන්දමට නිසි ලෙස නීතිය කි‍්‍රයාත්මක වුවහොත් ජීවිතාන්තය දක්වා හිරදඬුවම් විඳින්නට සිදු වන බවට සැකයක් නැත. නොසිතූ විරූ පරාජයෙන් පසුව ඔහු පාඨලී චම්පික ඇමතිවරයා අමතා පවසා සිටින්නේ, තමන්ගෙන් රටට අලාභයක් සිදු වී නම් ඊට මුදලින් වන්දි ගෙවීමට සූදානම් බවත්, තමා සිරගත නොකරන ලෙසත්ය. ඔහු වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ද කතා කළ බවය වාර්තා වී තිබුණේ.


රටට අලාභයක් වී නම් එය මුදලින් ගෙවීමට හැකි බව පැවසීමෙන් විශද වන්නේ ඔහු සන්තකව අසාමාන්‍ය ධනයක් තිබෙන බව නොවේ ද? මේ තරුණයා සන්තකව අසාමාන්‍ය ධනයක් තිබෙන්නේ කෙසේ ද? කවර කාලයක සිට උපයා ගත් ධනයක් ද මේ! මේ ධනය සොරකම් කළ ධනයක් නොවන්නේ කෙසේ ද?

නාමල් රාජපක්ෂ තරුණයා වැදගත් අන්දමට අධ්‍යාපනයක් ලබා, කිසියම් රැුකියාවක නිමග්නව සාධාරණව රුපියල් සීයක්වත් උපයා නැති පුද්ගලයෙකි. එනමුත් ඔහු අද මේ රටේ මහා ධනවතෙකි. ඔහු ධනවතෙකු වන්නේ පියාගේ අනුදැනුම සහ අනුග‍්‍රහය මත රාජ්‍ය බලය අවභාවිත කිරීමට සමතෙකු වූ බැවිනි. ඔහු පියාට උරුම වන විධායක බලතල පරිහරණය කරමින්, තාරුණ්‍යයට හෙටක් නමින් දේශපාලන ව්‍යාපෘතියක් අභිමත අන්දමින් බලසම්පන්න ලෙස ගොඩනැඟීය. නිල් බලකාය නමින් දේශපාලන ව්‍යාපෘතියක් සාවද්‍ය ලෙස ගොඩනැඟීය. එ් ව්‍යාපෘතිවලට ධනය ඇති තරම් ලබා දීමට ඔහු පියවර ගත්තේය.


නාමල් රාජපක්ෂ සිය පියාට පමණක් දෙවෙනි තැනකය සිටියේ. කැබිනට් මණ්ඩලයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන්ට පවා ඔහු ‘සර්’ විය. රටේ ආර්ථිකය විනාශ කළ පීබී ජයසුන්දර කැබිනට් ඇමතිවරුන් මායිම් නොකළ ද නාමල් රාජපක්ෂට අභිමත සෑම සියලූ කටයුත්තකටම අනුග‍්‍රහය ලබා දී ඇත. රටේ අගමැතිවරයාට වඩා ආරක්ෂක පිරිවරක් ඔහු වෙනුවෙන් වෙන් කර තිබුණි. බහුතරයක් රාජ්‍ය නිලධාරීන් ඔහුට දැක්වූයේ විධායක ජනාධිපතිට දක්වන සැලකිලිය. ති‍්‍රවිධ හමුදාවට සහ පොලීසියට බලපෑම් කිරීමට ඔහුට හැකියාව තිබුණි. මේ රටේ සිවිල් නිලධාරීන්ගේ වෘත්තීය ගැටලූවක් විසඳීම, පීබී ජයසුන්දර ප‍්‍රතික්ෂේප කළ විට, එ් සිවිල් නිලධාරීන් හමු වී තිබෙන්නේ නාමල් රාජපක්ෂවයි. එ් ගැටලූව ඔහු එක දුරකථන ඇමතුමකින් විස\ ඇත. එ් ඔහු බලය භාවිත කළ ස්වරූපය වටහා ගැනීමට නිදසුනකි. කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ කී‍්‍රඩා පිට්ටනියේ පවත්වන ලද රගර් තරගයක් අවසන දී එහි මත්පැන් අලෙවි කිරීමට සූදානම් වන විට ඊට ඉඩ දීම අපහසු බව එහි අධ්‍යක්ෂවරයා දන්වා සිටි විට එය තුට්ටුවකට ගණන් නොගෙන ඔහු තම සගයන්ට පිස්සු කෙළින්නට දී සිය ආරක්ෂක සේනාව ලවා ආරක්ෂාව සපයමින් බලයේ තරම විදහා පෑවේය.

නාමල් රාජපක්ෂ සිය සහෝදරයන් සමඟ රග්බි කී‍්‍රඩාව තමන්ගේ බූදලයක් බවට පත් කර ගත්තේය. ඔවුන් කී‍්‍රඩා කරන විට හමුදා බල ඇණි සහ පොලීසිය අවට පාරවල් වසා දමා මහජනතාවගේ සාමාන්‍ය දිවි පෙවෙතට හිරිහැර පැමිණවීම නිතර නිතර දක්නට ලැබුණි. ඔවුන් සමඟ කී‍්‍රඩා කරන කිසිම කණ්ඩායමක් ජයග‍්‍රහණය ලැබීම ඔවුන්ට ඉවසිය නොහැකි වීම තවත් අපූරු සංසිද්ධියකි. රාජ්‍ය ආයතනවලට බඳවා ගැනීමට විභාග පැවැත්වූවත්, එ් විභාගවලින් සමත් වන පිරිසගේ ලැයිස්තුව පසෙකට විසි කර නාමල් රාජපක්ෂගේ ලැයිස්තුවේ සිටින උදවියට රැුකියා දෙන්නට සිදු වුණ බව නොරහසකි.


මෙරට සිටි කිසිම විධායක ජනාධිපතිවරයෙකු කිසි විටක නොකළ කටයුත්තකි විශ්වවිiාලවලට ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළත් කිරීම. නාමල් රාජපක්ෂ එ් කටයුත්තට ද නිර්භය විය. අධ්‍යාපනය හා සම්බන්ධ සම්ප‍්‍රදායයන් හා නෛතික කාරණා ඔහුට වැදගත් නොවීය. ඔහු කිසිම විශ්වවිiාලයකට ඇතුළත්වීමට තරම් අධ්‍යාපනයක් නොලද කෙනෙකු නිසා ඔහු එ් ආයතන අවප‍්‍රමාණ කිරීමට පෙළඹෙන්නේ සාපරාදී අන්දමටය. ඔහු නීතිඥයෙකු වන්නේ ලෝක වාර්තාවක් පිහිටුවමිනි. නීතිඥයෙකු ලෙස දිවුරුම් දෙන්නේ සියලූ සම්ප‍්‍රදායයන් උල්ලංඝනය කරමිනි. ජයවර්ධනපුර විශ්වවිiාලයේ හිටපු උපකුලපතිවරයෙකු නාමල් රාජපක්ෂට පශ්චාත් උපාධියක් ලබා ගැනීමට පරීක්ෂකවරයා වන්නේ එය මේ තරුණයාට ගෞරවනීය අන්දමට ලෝක වාර්තාවක් පිහිටුවමින් ප‍්‍රදානය කිරීමටය. මේ කෙටි කාලයක දී බලයෙන් උමතුව සිදු කළ සාවi හා සාපරාධී වැඩවලින් කිහිපයකි. මෙහෙම තරුණයෙකුට රටේ බලය ලැබුණොත් ඔහු කරන්නේ මොනවාදැයි කිසිවෙකුට විස්තර කිරීම පවා අපහසුය.

මහින්ද රාජපක්ෂට මේ රටේ මහජනයා වරමක් ලබා දුන්නේ ඔහුගේ පවුලට රිසි ලෙස භුක්ති විඳින්නට නොවන බව කිව යුතු නැත. රටේ නායකයා වූ පසු මහින්ද රාජපක්ෂ හිරිකිතයකින් තොරව දරුවන්ට සහ බිරිඳට විධායක බලය මුල් කරගෙන රාජ්‍ය දේපළ හා රාජ්‍ය සම්පත් අවභාවිත කිරීමට ඉඩ ලබා දුන්නේය. සිය දරුවන් වෙනුවෙන් අය වැය ලේඛනයෙන් බදු ඉවත් කර ලැම්බෝග‘නි ගෙන එ්මට පියවර ගත්තේය. බිරිඳගේ කාල්ටන් පෙර පාසලට රාජ්‍ය මුදල් හා රාජ්‍ය බලය යෙදවීය. ඊට අවශ්‍ය ග‘ණුම් අරඹා ඇත්තේ අසාමාන්‍ය හැªනුම්පත් වර්ගයකිනි. මේවා නිර්ලජ්ජිත හා සාපරාදී වැඩ නොවන්නේ ද?


යුද ජයග‍්‍රහණයෙන් පසුව මහා ධනස්කන්දයක් වැය කරමින් අයිෆා සම්මාන උළෙල පවත්වන්නේ මහින්ද රාජපක්ෂගේ දරුවන්ගේ මනෙදාළ සංසිඳුවාලීම පිණිසම ය. දැවැන්ත කී‍්‍රඩා පිටි ලෝකෙට ණය වෙමින් මහින්ද රාජපක්ෂ ඉදි කළේ මේ රටේ යහපතට නොව සිය දරුවන්ගේ මන ෙදාළ සංසිඳවීමටය. සිය දරුවන්ගේ අභිමතයට අනුව මෝටර් රථ ධාවන තරඟ පැවැත්වීමට, අගනුවර පාරවල් වසා දමන්නේය. සිය දරුවන්ගේ අභිමතයට අනුව මෝටර් රථ ධාවන තරඟ පැවැත්වීමට දළදා මාලිගාව අබියස පවා කටයුතු කරන්නේය.


ආයෝජනය කාගේ දැයි හරිහැටි කිව නොහැකි මුත් මහින්ද රාජපක්ෂගේ දරුවන් ආරම්භ කළ රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකාවට අවශ්‍ය වාහන ඇතුළු බොහෝ දේ ලබා ගෙන තිබෙන්නේ ජනාධිපති කාර්යාලයෙන්ය. මේ නාලිකාවට කි‍්‍රකට් තරඟ විකාශනය ලබාදුනහොත් ඉන් රූපවාහිනියට විශාල පාඩුවක් අත්වන බව පීබී ජයසුන්දර කිසියම් අවස්ථාවක දී මහින්ද රාජපක්ෂට පවසා සිටි විට, ඔහු ප‍්‍රතිචාර දක්වා තිබෙන්නේ, නාමල් අවශ්‍ය විදිහට වැඩ කරන ලෙසයි. මේ ආදි කරුණු කාරණ අනුව බලන විට පෙනී යන්නේ නාමල් බලය යනු මහින්ද රාජපක්ෂගේ අනුදැනුම ඇතිව නිර්මාණය වූ එකක් බවයි.


කැබිනට් ඇමතිවරයෙකුට ද නැති අතිනවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත කාර්යාලයක් නාමල් රාජපක්ෂට අගනුවර තිබුණි. අරලියගහ මන්දිරයේ ද ඔහු වෙනුවෙන් වෙන් වුණ එක් තට්ටුවක ඉදිකළ අංග සම්පූර්ණ සම්මන්ත‍්‍රණ ශාලාවක් තිබුණි. එ් සා ශක්තියක් තරුණයෙකු අතට ලැබෙන්නේ කවර බලයකින් ද?

අගමැති රනිල් වික‍්‍රමසිංහ හෝ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන, මැදමූලන ක‍්‍රම සහ විධි රාජ්‍ය පාලනයේ දී ඉවහල් කර නොගන්නා බවට රාජපක්ෂවරුන් වටහා ගෙන ඇත. එ් බව මහින්ද වෙනුවෙන් පෙනී සිටින දේශපාලන අනාථයන් මෙන්ම දූෂිතයන් ද වටහා ගෙන ඇත. මැදමූලන තියරියට වැඩ කටයුතු කෙරුණේ නම්, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, පමණක් නොව මහින්ද රාජපක්ෂගේ පුතුන් ද හිරකූඩුවල නැතිනම් නිවාස අඩස්සියේ මේ වන විට සිටිය යුතුය. ශිරන්ති රාජපක්ෂ ද සිර කුටියක සිටිය යුතුය. මේ සැහැසි චරිත වගේවගක් නැතුව සිටින්නේ, බලය ලැබී තිබෙන්නේ බලය පරිහරණයට නොදන්නා පිරිසකටය යන ආකල්පයක පිහිටාය. වත්මන් ආණ්ඩුවේ පිළිවෙළ ගැන පොදු ජනතාවට කණස්සල්ලක් තිබෙන්නේ, මේ සැහැසි පිරිසට රිදෙන්නට කිසි දෙයක් සිදු නොවන නිසාය. පොදු ජන මනස තුළ කාලයක් තිස්සේ වැඞී වර්ධනය වී තිබෙන්නේ මැදමූලන ක‍්‍රම සහ විධි මත කටයුතු සිදු වුණ ස්වරූපයන්ය. එ් මානසිකත්වය රටක අනාගතයට මොන අන්දමකින්වත් යහපත් නොවේ.


විරුධවාදීන්ගෙන් පළිගැනීම එකකි. එය මහින්දගේ ක‍්‍රමයයි. දූෂිතයන්ට අපරාධකරුවන්ට නීතිය කි‍්‍රයාත්මක කිරීම තව එකකි. එය අයත් වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සම්ප‍්‍රදායයන්ටයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සම්ප‍්‍රදායයන් වේගවත් නූනත් මන්දගාමීයයි කිව නොහැකිය.

බලයෙන් උමතුව ජීවත් වූ පාලක පන්තියකට නොසිතූ විරූ ලෙස බලය අහිමි වූ විට ඔවුන් නිහඬව පැත්තකට නොවන බව වටහා ගැනීම අසීරු නොවේ. එපමණක් නොව, ඔවුන් බලය වෙනුවෙන් යළි යළිත් ප‍්‍රයත්න දරන බව ද වටහා ගැනීම අසීරු නොවේ. එබැවින් ජරාජීර්ණ වූ දේශපාලන සංස්කෘතියක් වෙනස් කිරීමට අවබෝධයෙන් සහ දැක්මකින් මහජනතාවගේ කැපවීම දිග‘න් දිගටම අවශ්‍ය වන්නේය.

Hiru & Welgama Son

By: Prosperity Tech On: 6:46 AM


හිරු වෙල්ගමගේ කොල්ලත් එක්ක සෙට්වෙලා

බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර හා ඇමති කුමාර වෙල්ගමගේ පුත් වන සෙනල් වෙල්ගම සම්බන්ධ කොටගෙන පසුගිය දිනවල මාධ්‍ය තුළ විවිධ කටකතා පැතිරිණි.

මේ සම්බන්ධයෙන් හිටපු ප්‍රවාහන අමාත්‍යවරයා පසුගිය පළාත් පාලන මැතිවරණ කාලය තුළ ද විවිධ අදහස් පලකර තිබුණි.

කෙසේ නමුත් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියගේ ෆේස්බුක් ගිණුමේ ද විවිධ අවස්ථාවල දී සෙනාල් වෙල්ගම සමග සමීපයේ හිදිමින් ගත් ඡායාරූප දක්නට ලැබේ.දැනට දින දෙකකට පෙර ද සෙනල් සමග සිටින ඡායාරූපයක් ඇගේ ෆේස් බුක් ගිණුමට ඇතුලත් කර තිබේ.
ඔවුන් දෙදෙනාගේ ඡායාරූප පහතින් නරඹන්න.















Saturday, March 7, 2015

Thissa Aththanayaka's daughter likes to act

By: Prosperity Tech On: 3:36 AM

තිස්සගේ දුව රඟපාන්න ආසයිලු

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකට වඩා දැන් ජනප්‍රිය එයාගේ දුව දුල්මිණි. දුල්මිණිගේ ලස්සනට වහ වැටුණු කොල්ලෝ කුරුට්ටෝ එයාට පණ වුනත් දෙන්න සූදානමින් හිටිය බවට හොදම සාක්ෂිය තමයි මූණු පොත. තාත්තා වගේම දුවත් දේශපාලනයට එයිද කියලා බොහෝ දෙනෙක්ගේ කසුකුසුවක් තිබුනා.
පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකට වඩා දැන් ජනප්‍රිය එයාගේ දුව දුල්මිණි. දුල්මිණිගේ ලස්සනට වහ වැටුණු කොල්ලෝ කුරුට්ටෝ එයාට පණ වුනත් දෙන්න සූදානමින් හිටිය බවට හොදම සාක්ෂිය තමයි මූණු පොත. තාත්තා වගේම දුවත් දේශපාලනයට එයිද කියලා බොහෝ දෙනෙක්ගේ කසුකුසුවක් තිබුනා.

තාත්තාට රහ වුනාට දුවට දේශපාලනය අරහංලු. ඒත් ඔන්න දුල්මිණි රඟපාන්න ආසයිලු. දැන් මේක කිව්වා කියලා අධ්‍යක්ෂකවරු පෝලිමේ දුල්මිණිලගේ ගෙදර යන්න ලෑස්ති වෙන්නනම් එපා.   

Kandy Meeting

By: Prosperity Tech On: 3:26 AM

මහින්ද නෑ, මන්ත්‍රී 100ත් නෑ, ලක්ෂ 8 ජනතාවත් නෑ, වැඩකුත් නෑ

මහින්ද රාජපක්ෂ අගමැති කිරීම සඳහා යැයි කියමින් අද මහනුවර නගරයේ පැවැති ‍රැළිය එම සංවිධායකයන් බලාපොරොත්තු වූ තරමේ අහලකටවත් ගැනීමට සමත් වී නැත. මෙම ‍රැළිය සඳහා මහින්ද රාජපක්ෂට ආරධානා කළ මුත් ඔහු මඟුල් ගෙයක් තිබෙනවා යැයි කියමින් ඒ මඟ හැර තිබේ.
එමෙන්ම ශ්‍රී ලනීපයේ පාර්ලිමේන්තු මන්තීවරු පළාත් සභා මන්ත්‍රීවරු 100ක් සහභාගී වන බවට ප්‍රචාරයක් දියත් කළ ද ශ්‍රී ලනීපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට සහභාගී වී සිටියේ දිළුම් අමුණුගම පමණි. ශ්‍රි ලනීප පළාත් සභා මන්ත්‍රීවරු පහක් පමණ සහභාගී වීසිටිනු දකින්න ලැබිණි. මෙම වැඩ පිලිවෙලට මහත් උනන්දුවෙන් මුලදී පෙනී සිටි ප්‍රසන්න රණතුංග මහතාද ‍රැළිය මඟ හැර හදීසියේම ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේය.

මෙහි වැදගත සිදු වීම නම් අඩු ජනතා සහභාගිත්වයයි. ලක්ෂ 08 ක ජනතා සහභාගිත්වයක් බලාපොරොත්තු වන බව මෙම සංවිධායකයන් පැවැසූ නමුත් පන්දහසකවත් ජන සහභාගිත්වයක් තිබුණේ නෑත.
නුගේගොඩ ‍රැළිය සඳහා ලක්ෂ 05ක ජනතාවක් ‍රැස්වූ බව විමල් වීරවංශ මහාතා පැවැසූවද පොලිස් වාර්තා අනුව ඒ දොලොස් දහසකට ආසන්න විය.
කෙසේ නමුත් මෙම ‍රැළියෙන් අපෙක්ෂා කළ බලාපොරොත්තු බිඳ වැටීම සිදුව තිබේ. තවදුරටත් මහින්ද රාජපක්ෂගේ මූනත් තහඩුව ඔසවාගෙන යෑමේ තේරුමක් නැති බව තේරුම් ගැනීමට මෙම අනාත දේශපාලකයන්ට නොහැකි වේ නම් ඒ ඔවුන්ගේ දේශපාලන මෙන්ම පෞද්ගලික පෞර්ෂයේ බංකොළොත් කම ලෙස තේරුම් ගැනීම වරදක් නොවේ.
මෙම ‍රැළියේදී වඩාත්ම විසුළු කාරී ප්‍රකාශය කළ වාසුදේව නානායක්කාර මහතා 'වර්තමානයේ තම පාර්ශ්වය අනාථ වී ඇතැයි ද අහිමිවු බලය යළි අතට ගැනීම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් නැගි සිටිය යුතු.. බවත් සඳහන් කළෙය.
වීරවංශ කීවේ වත්මන් පාලනය පෙරළිය හැකි බලවේගයක් අවශ්‍ය බවත්, එම බලවේගය මහින්ද රාජපක්ෂ මහතා බවත්, ජනතාව ඔහු වටා එක්වන්නේ කාන්දමක් ලෙස බවත්, කැඳයින් වටා ජන බලවේග එක්වන්නේ නැති බවත්ය. මේ කැඳයන් කීවේ මහනුවර වේදීකාවේ සිටි ඔහු ඇතුළු අනෙක් නඩයට දැයි  සැකසහිත බව දේශපාලන විචාරකයෝ පවසති. මන්ද මහින්දගේ මූණත් තහඩුව නොමැතිව මේ අනාතයන්ට ගමනක් නැති බව මේවන විටත් පැහැදිලි බැවිනි.

 සැබැඳි පුවත්:

මහනුවරට මහින්ද සමඟ ශ්‍රීලනිප මන්ත්‍රීවරු 100 ක් ! ලක්ෂ 8 ක සෙනඟකුත් !!

මහින්ද හෙට මහනුවර එනවාමයි ! - ජනිපෙ

kandy-wimal.1