Thursday, March 12, 2015

Tagged Under: , ,

Sarana Gunawardena arrested by CID

By: Prosperity Tech On: 5:47 AM

සරණ ගුණවර්ධන රක්ෂිත බන්ධනාගාරයට

අත්අඩංගුවට පත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතා ලබන 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, රුපියල් ලක්ෂ 96ක මුදලක් වංචා කිරීම හා විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බව ය.

අදාළ චෝදනා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා සරණ ගුණවර්ධන මහතා අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවනු ලැබී ය.
ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනිණ.

0 comments:

Post a Comment