Monday, December 15, 2014

Salman Khan Is The Richest Indian Celebrity In Forbes List

By: Prosperity Tech On: 9:15 PM

ඉන්දියාවේ වැඩි ම ආදායම් ලැබූ ජනප්‍රිය තරු අතර පළමු තැන සල්මන්ට: ජැක්ලින් 62වන තැනට (Full List)


ඉන්දියාවේ වැඩි ම ආදායම් ලැබූ ජනප්‍රිය තරු අතර පළමු තැන සල්මන්ට: ජැක්ලින් 62වන තැනට (Full List) බොලිවුඩ් නළු සල්මන් ඛාන් 2014 වසරේ ඉන්දියාවේ කීර්තිමත් පුද්ගලයින් අතරින් වැඩි ම අදායමක් ඉපයූ පුද්ගලයින්ගේ ලැයිස්තුවේ ‍පළමු ස්ථානයට  පත්ව සිටී.
ෆෝබ්ස් සඟරාවට අනුව ඔහුගේ වාර්ෂික අදායම ඉන්දීය රුපියල් කෝටි 244.5 කි.
පසුගිය වසරේ එම ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටි ශාරුක් ඛාන්
මෙවර දෙවන ස්ථානය දක්වා පසුබැස තිබේ.
ශාරුක් ඛාන් 2014 වසරේ උපයා ඇති ආදායම ඉන්දීය රුපියල් කෝටි 202.4කි.
ෆෝබ්ස් සඟරාවට අනුව සල්මන් ඛාන් ප්‍රසිද්ධිය අතින් ද පළමු ස්ථානයට පත්ව සිටින අතර ශාරුක් එම ලැයිස්තුවේ 7වන ස්ථානය දක්වා පසු බැස තිබේ.
සල්මන් ඛාන් රංගනයෙන් දායක වූ Jai Ho සහ Kick  චිත්‍රපට මෙම වසරේ වාර්තාගත ලෙස අදායාම් ඉපයී ය.
ශ්‍රේණිගත කිරීම්වල අබිතාබ්         බච්චන් ඉපයීම්වලින් 3 වන ස්ථානයට ද ප්‍රසිද්ධියෙන් සිව් වන ස්ථානයට ද පත්ව සිටී.
ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි සිව් වන ස්ථානයේ පසු  වන්නේ ඉන්දීය රුපියල් කෝටි 141.8ක් උපයමිනි.
අක්ෂේ කුමාර් ඉන්දීය රුපියල් කෝටි 172කට හිමිකම් කියමින් ඉපයීම් ලැයිස්තුවේ 4වන ස්ථානයට පත්ව සිටී.
ශ්‍රී ලාංකික බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් ඉපයීම්වලින් 85වන ස්ථානයට ත් ප්‍රසිද්ධිය අතින් 45 වන ස්ථානයට ත් පත්ව සිටීම විශේෂත්වයකි.
f1 f2 f3 f4 f5 f6 f7 f8 f9 f10 f11 f12 f13

(newsfirst.lk)

Sunday, December 14, 2014

Bery was killed

By: Prosperity Tech On: 9:20 PM

බර්ටි මැරුනෙ නෑ හිටන්.. බර්ටි මැරුවා හිටන්..

උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමති බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහත මරුණා නොව මරා දමූ බව ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.
ඔහු මෙසේ සඳහන් කලේ අනුරාධපුරයේ පැවති මැතිවරණ ප‍්‍රචාරක රැුළියක් අමතමිනි.
ඔහු එහිදී මෙසේද කීය.
‘මහින්ද රාජපක්ෂ ජනාධීපතිතුමා දිනවන්න 2005, 2010 මැතිවරණවල බර්ටි දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ කැපවීම මට වඩා හොදින් තමුන්නාන්සේලා දන්නවා. නමුත් මේ ඓතිහාසික පුරව‍රයේදී මම වේදනාවෙන් හා කණගාටුවෙන් කියනවා මා මිත්‍ර බර්ටි මැරුණේ නැහැ බර්ටිව මැරුවා කියලා හිටන්’
(lankacnews.com)

 

Friday, December 12, 2014

Jaipur girl Astha Agarwal gets Rs 2 cr job offer from Facebook

By: Prosperity Tech On: 7:14 PM

කෙල්ලගේ වයස 20යි වැටුප මිලියන 20යි 


ඉන්දීය රුපියල් කෝටි දෙකයි දශම එකක වැටුපකට ඉන්දීය තරුණියක් සදහා ෆේස් බුක් සමාගමෙන් රැකියාවක් ලබාදී තිබෙනවා. විසි හැවිරිදි වියේ පසුවන අස්තා අගර්වාල් නම් වු මෙම තරුණිය ජෙයිපූර් ප‍්‍රාන්තයේ පදිංචිකාරියක්. 2009 වසරේදී ඇය ෆේස් බුක් සමාජ ජාලය සමග එක්වී ඇත්තේද කිසියම් හෝ දිනක තමන්ට ෆේස් බුක් සමාගමෙන් රැුකියාවක් ලැබේවි යැයි යන විශ්වාසය අනුවයි. ඇය ෆේස් බුක් වෙබ් අඩවිය භාවිත කරමින් වැඩි වශයෙන් සිදුකර ඇත්තේ ජාත්‍යන්තර කණිෂ්ඨ ඔලිම්පියාඞ් තරගාවලියට එක් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග දැනුම හුවමාරු කර ගැනීම බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. පසුව අස්තාහට ඉකුත් මැයි මාසයේදී ෆේස්බුක් මූලස්ථානයේ පැවති මාස 2 ක අධ්‍යාපනික වැඩමුළුවකට එක්වීමටද අවස්ථාව උදාවී තිබුණා. ඇයට ෆේස්බුක් සමාගමේ මෘදුකාංග ඉංජිනේරුවරියක් ලෙස රැකියාවක් ලැබී ඇත්තේ ඉන් අනතුරුවයි.

lessons learned from husband

By: Prosperity Tech On: 12:09 AM
සැමියා නිසා ඔයාගෙ ජීවිතේ හදාගන්න සිද්ධවුණ දේවල් මොනවද?


හිමාලි සයුරංගි නිළියක් වගේම නිවේදිකාවක් විදිහටත් ජනප‍්‍රියත්වයේ ඉහළම තැනකයි ඉන්නෙ. හිමාලි රඟපාන ”ලොක්කි” ටෙලිනාට්‍යය මේ දවස්වල විකාශනය වෙනවා. ඒ විතරක් නෙවෙයි හිමාලි දැන් අවුරුදු එකහමාරක විතර පුංචි දියණියක් ඉන්න අම්මා කෙනෙක් ද වෙනවා. අද ඇත්තම කියන්න කියලා අපි කියන්නෙ හිමාලි සයුරංගිටයි.


star සයුරංගි විවාහවෙලා දැන් කොච්චර කල්වෙනවද?
අවුරුදු තුනයි

star ඔයත් විවාහයෙන් පස්සෙ රඟපෑම් සීමා කර ගත්තු නිළියක්ද?
”නෑ... මට එහෙම සීමා කර ගැනීමේ ප‍්‍රශ්නයක් තිබුණෙ නෑ.. ඒ මොකද මම කොහොමටත් රඟපෑම් සීමා කරගෙන... තෝරා බේරා ගෙනයි... මේ ක්ෂේත‍්‍රයෙ රැුඳිලා ඉන්නෙ... දුව ලැබෙන්න ළංවෙනකම්ම මම රඟපෑවා.’’

starඇයි ඒ විදිහෙ ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන්න ඔයා හිතුවෙ?
”මම කලාවට ආදරෙයි. හරිම ආදරෙයි. රඟපෑම... නිවේදනය, හඬ කැවීම.. ඒ තමයි මගේ වෘත්තිය. ඉතින් ඒ වෘත්තිය කරද්දි ගරුත්වයක්... වැදගත්කමක් ඇතිව ඒක කරගෙන යන්නයි මට  ඕනැවුණේ. මම කවදාවත්ම මට ලැබෙන හැම නිර්මාණයක්ම භාර අරගෙන නෑ. රඟපාපු නිර්මාණ ප‍්‍රමාණය වැඩි කර ගැනීමේ හීනයක් මට තිබුණෙ නෑ. ඊට වඩා මම හිතුවෙ මට තෘප්තිමත්වෙන දේවල් භාර අරගෙන ඒ දේවල් මගේ උපරිමයෙන් කිරීමයි. එතනදී මම ඒ නිර්මාණකරුවන් ගැන වගේම එයාල කලින් කටයුතු කරපු නිර්මාණ ගැනත් හිතනවා. කරන දේ හරි දෙයක්.. ඒ හරි දේ හරි විදිහට කරන්නයි මට  ඕනැ.”
SEDG
star විවාහයෙන් පස්සෙ... මොනම වෙලාවකවත් රඟපෑම් සීමා කර ගන්න කියලා සැමියාගෙන් බලපෑම් ආවෙ නැද්ද?
”නෑ... කිසිම වෙලාවක නෑ...”

starඑහෙම බලපෑම් ආවනම්?
”එහෙම බලපෑම් එන්න විදිහක් නෑ.. ඒ මොකද අපි දෙන්නා දැන හඳුනාගෙන එකපාරටම නෙවෙයිනෙ විවාහ වුණේ... දැන හඳුනා ගැනීම් තුළින් දෙන්නට දෙන්නගෙ අදහස් තේරුම් අරගෙනනෙ විවාහවුණේ. ඉතින් එයා මගේ සිතුම්... පැතුම්... මගේ විදිහ හොඳින්ම දන්නවා...”

star ඒත් බැරිවෙලාවත් එයා ඔයාට රඟපෑමෙන් අයින් වෙන්න කිව්වා නම්
”ඒක එහෙම වෙන්නෙ නෑ කියලා මම දන්නවනෙ... එයත් දන්නවා මට රඟපෑමෙන් ඈත්වෙලා ඉන්න බෑ කියලා... මම ජීවිතය බොහෝම කළමනාකරණය කරගෙනයි වැඩ කටයුතු කරන්නෙ. ඒ තුළ.. හැම දෙයක්ම මට හොඳින් සමබරව කරගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා.”

star විවාහයෙන් පස්සෙ ඔයාලගෙ ජීවිත ඇතුලෙ වැඩිපුරම සිද්ධවුණේ ඔයා සැමියා කියන විදිහට හැඩ ගැහුණු එකද නැත්නම් සැමියා ඔයා වෙනුවෙන් හැඩ ගැහුණු එකද?
”අපි දෙන්නගෙන් කාටවත් එහෙම විශේෂයෙන් කියලා හැඩගැහෙන්න දේවල් තිබුණෙ නෑ. සිතුම් පැතුම් තේරුම් ගැනීම තුළ ඒ ඒ දේවල් අඩු වැඩියෙන් දෙපැත්තෙන්ම සිද්ධවෙන්න ඇති.”

starඔයා හිතනවද බිරිඳක් විදිහට ඔයාගෙන් සැමියට ඉටුවිය යුතු යුතුකම් හැම එකක්ම නොපිරිහෙලා ඉටුවෙනවා කියලා?
”මම හිතනවා මගෙන් ඉටුවිය යුතු යුතුකම් අතපසුවෙනවා අවමයි කියලා.”

star සැමියා නිසා ඔයාට ඔයාගෙ ජීවිතයෙ හදාගන්න සිද්ධවුණ දේවල් මොනවද?
”සමහර වෙලාවට සමහර දේවල්වලට මට කේන්ති යනවා. ඒ වෙලාවලට කියන්න තියෙන දේ මූණටම කියනවා. අන්න ඒ වගේ අවස්ථාවලදී ඉවසීමෙන් කටයුතු කරන විදිහ එයා නිසා මම ඉගෙනගෙන තියෙනවා.”

star මොන මොන වගේ දේවල්වලට ද ඔයාට කේන්ති යන්නෙ?
”බොරු කියනවට.... බොරු කරනවට මම ආස නෑ. අසාධාරණයට කැමති නෑ. අකටයුතුකම්වලට කැමති නෑ.

star විවාහ ජීවිතයක් සාර්ථක කර ගන්නෙ කොහොමද කියලා ඇහුවොත් ඔයාලගෙ අත්දැකීම් එක්ක ඔයා ඒකට දෙන කෙටිම පිළිතුර මොකක්ද?
කවදාවත්ම දෙන්නෙකුගෙ අදහස් සියයට සියයක්ම සමාන වෙනවා කියලා මට හිතෙන්නෙ නෑ. ඒත් අදහස්වලට සමීප වෙන්න පුළුවන්.. දෙන්නෙක් එකතු වුනහම ගැලපීම් වගේම නොගැලපීම් තියෙන්න පුළුවන්. විවාහ ජීවිතයක් ඇතුලෙදී කරගන්න තියෙන හොඳම දේ තමයි.... ඒ ගැලපීම්... නොගැලපීම් අවම කර ගැනීම හා සමබර කර ගැනීමට උත්සාහ කිරීම. විවාහ ජීවිතයක් පවත්වාගන යන්න පුළුවන් වෙන්නෙ එතකොටයි.

(lankadeepa.lk)

Thursday, December 11, 2014

Man Fails To Get 'Eaten Alive' By Anaconda

By: Prosperity Tech On: 11:23 AM

ඇනකොණ්ඩා සර්පයෙකුගේ කුස තුළට පණ පිටින් ගොස් යළි පැමිණි මිනිසෙක් (VIDEO)



ඇනකොණ්ඩා සර්පයෙකුගේ කුස තුළට පිවිස යළි පිටතට පැමිණි පුද්ගලයෙකු පිළිබඳව ජාත්‍යන්තර වෙබ් අඩවි සහ සමාජ ජාල වෙබ් අඩවිවල පළවී තිබේ.
පෝල් රොසලී නමැත්තෙකු එලෙස ඇනකොණ්ඩා සර්පයෙකුගේ කුස තුළට පිවිස ඇත්තේ, ලොව සුප්‍රකට රූපවාහිනී චැනලයක් මගින් නිෂ්පාදනය කෙරෙන Eaten Alive නමැති වැඩසටහනක් සඳහා ය.
ආරක්ෂිත ඇඳුම් ඇඳ කැමරාවක් ද අතැතිව කුස තුළට පිවිසිය ද පෝල් රොසලීට එම සර්පයාගේ කුස තුළට සම්පූර්ණයෙන් ඇතුළු වීමට හැකි වූයේ නැත.
ඒ, එම පුද්ගලයාට ඇතුළු වීමට තරම් අවකාශයක් එම සර්පයාගේ කුස තුළ නොපැවතීම හේතුවෙනි.
විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, මෙම වැඩසටහන සඳහා අඩි 26ක ඇනකොණ්ඩාවෙකු යොදා ගැනීමට තීරණය කර තිබුණ ද ඒ සඳහා අඩි 20ක සර්පයෙකු යොදාගෙන තිබීම හේතුවෙන් එම පුද්ගලයා කුස තුළ සිරවී ඇති බව ය.
කුස තුළ සිටියදී සිරවූ පෝල් රොසලී තමන් බේරා ගන්නා ලෙස නිෂ්පාදන කණ්ඩායමෙන් ඉල්ලා සිටීමෙන් අනතුරුව ඔහු බේරා ගන්නා අයුරු වීඩියෝවෙහි දැක්වේ.

(newsfirst.lk)


Menaka is the best lover - Nehara

By: Prosperity Tech On: 10:56 AM

මේනකට වැඩියෙන්ම ගැලපෙන පෙම්වතිය මමයි

 

නෙහාරා සහ මේනක විවාහයෙන් පසුව පුවත්පත් පිළිසඳරවලට එක්වූයේ නැති තරම්ය. එහෙත් ඒ නිහඬතාවය බිඳ හැර නෙහාරා සඳැල්ල සමග කතා බහකට එක් වූයේ මෙලෙසිනි. ඇයගේ ජීවිතයේ වෙනසක් වෙන්නත් යනවලූ. මොකක්ද මේ වෙන්න යන වෙනස? මේ දෙදෙනාම ක‍්‍රියා කාරී දේශපාලනයට පිවිසෙන්න ද? මේ සූදානම් වන්නෙ? නෙහාර ඒ සියල්ල ගැන සඳැල්ලට කීවේ මෙලෙසිනි.

Untitled-1

button නෙහාරා අද දවසේ වැඩ කටයුතු කොහොම ද?

නිහාල් ප‍්‍රනාන්දු මහතාගේ නවතම ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට දායක වෙනවා. එය 1920 ගණන්වලට අයත් වූ කතාවක් පදනම් කරගෙන කරන නිර්මාණයක්. ඒත් එක්කම මෙවර ‘‘රිදී රැයක්’’ රියසල්වලට දායක වෙනවා. සිරස ප්ලැටිනම් එවෝඞ් එකටත් රියසල් කරනවා. ඒ ඔක්කෝටම අමතරව දෙරණ ටී පාටි සහ මල්බර දෙරණ වැඩ සටහන්වලට නිවේදනයෙන් දායක වෙනවා.
 

button පසුගිය දිනවල ඩුබායි ගියේ ඇයි?

ඇත්තටම අපට විවේකයක්  ඕනෑ වුණා. ඉතින් අපි සති තුනක විතර කාලයක් ඩුබායිහි සංචාරයේ නිරතව හිටියා.
 

button කොහොම ද විවාහයෙන් පසු ජීවිතය? ඒ ගැන හිතෙන්නෙ කොහොමද?

ඉතාම සතුටින්, ඒත් කාර්ය බහුලව ගෙවුනු බව කියන්න පුළුවනි.
 

button තිරයේදී මේනක ඔබගෙ පෙම්වතා වුණා. සැබෑ ජිවිතයේ දී සැමියකු ලෙස ඔහුගේ භූමිකාව මොන වගේ ද?

සැමියකු ලෙස බොහෝම වගකීමක් ඇතිව ජීවත්වන කෙනෙක්.  ඕනෑම දෙයක් ගැන බොහොම ලෙංගතුව කතා කළ හැකි චරිතයක්. නළුවකුගෙ චරිතය ඔහු ගෙදර දී කරන්නෙ නැහැ. බෙහෙවින්ම සාමාන්‍ය සරල චරිතයක්. එයාට මා කෙරෙහි ලොකු තේරුම් ගැනීමක් තියෙන්නෙ. හරිම ලෙහෙසියි ඒ වගේ කෙනෙක් එක්ක ජීවත් වෙන්න.
 

buttonඔහු වෙතින් ඔබ දකින විශේෂම දේ?

ඔහු කරන්නන් වාලේ කිසිවක් කරන්නෙ නැහැ. හැම දෙයක්ම මා එක්ක සාකච්ඡුා කරලා තමයි තීරණ ගන්නෙ. අපි දෙදෙනා අතරේ ඉතා හොඳ අවබෝධයක් තිබෙනවා.
 
button ගෙදර වැඩටත් උදව් කරනව ද?

ගෙදර වැඩට උදව් කරන්න හරිම ආසයි. මොන විදියකින් හෝ සහයෝගය දෙන්න අහනවා. අඩු තරමින් ලූණු ගෙඩියක් හෝ සුද්ද කරලා දෙන්න ද කියලාවත් ඒත් මම ඒකට කැමති නැහැ.
 

button හේතුව?

මට  ඕනෑ කරන්නෙ ගෙදර ගෘහණියක ලෙස මගෙන් ඉටුවිය යුතු සියලූ දේ එයා වෙනුවෙන් කරලා දෙන්නයි.
 

button ඔබට හොඳට උයන්න පුළුවන් ද?

හොඳ රසට උයන්න පුළුවන් කියලා හිතනවා.
 

button නෙහාර ස්පෙෂල් වට්ටෝරුවක් ගැන සඳැල්ල පාඨකයන්ට කිව්වොත්?

අපි රස චිකන් කරියක් හදමු. ඒකට අවශ්‍ය ප‍්‍රමාණයට චිකන් (ස්කින්ලස්) කෑලි කපලා. එකට තුනපහ, වතුර, ලූණු, මිරිස් කහ සෝයා සෝස් ගල්වා විනාඩි 20ක් විතර පදම්වෙන්න තියන්න. අමතරව සුදුළුණු, ඉඟුරු, කරපිංචා, සියඹළා සියල්ල පිළියෙල කර තබා ගන්න. පසුව ඒවා තෙම්පරාදුකර පොල්කිරි සහ වතුර ස්වල්පයක් යොදා චිකන් මිශ‍්‍රණය ලිප තබා පිසගන්න.
 

button ඔබ ගෙදර වැඩ කරන අතරේ මේනක මොනවද කරන්නෙ ?

අපි දෙන්නට පැරණි ගීත අහන්න හරි ආසයි. ඉතින් ඒවා අහනවා. චිත‍්‍රපට නැරඹීමත් බහුලව සිදු වෙනවා
 

buttonඉස්සර කතාවක් තිබුණා. ඔබ එක්ක හැර මේනකට වෙනත් නිළියන් එක්ක රඟපාන්න දෙන්න නැහැ කියන එක ගැන?

ඒ ප‍්‍රශ්නය ඇසීම ගැන මගේ ස්තුතිය. එහෙම කිසිම වර්ග කිරීමක් තිබුණේ නැහැ. තහංචියක් තිබුණෙත් නැහැ. එක කාලයක අපි දෙන්නා ගැන කතා කළ අවස්ථා තිබුණා. ඒ අපි එකට රගපෑ නිසා. නමුත් මේනක සහ මා අතර එවැනි ප‍්‍රශ්න නැහැ. ඔහු මගේ සැබෑ පෙම්වතා සහ සැමියා. සැබෑ ජීවිතයේ දී එයා අයිති මටයි.
 

button ඔබ අධ්‍යක්‍ෂවරියක් නම්, ඒ නිර්මාණයෙහි පෙම්වතාගේ චරිතය රඟපාන්නෙ මේනක නම්? ඔහුට පෙම්වතිය ලෙස ඔබ යෝජනා කරන්නෙ කවුද?

මමම තමයි. ඔහුට වඩාත් ගැලපෙන පෙම්වතිය මමම තමයි.

button ඒ කියන්නෙ යටිහිත කැමති නැද් ද? වෙන කෙනෙක් පෙම්වතිය වෙනවට?

මම අධ්‍යක්‍ෂිකාව නිසාත්, ඒ නිර්මාණය වඩා සාර්ථක වන්න අපි දෙන්නාගෙ පෑහීම නිසා එය වඩාත් සාර්ථක වේවි. මේනක, සුජානි අක්කා, කාංචනා, හිමාලි අක්කලා එක්ක වගේම මහේෂි දක්වා බොහෝ දෙනා එක්ක රඟපාලා තියෙනවා.

buttonඔබ ඔහු වෙතින් දකින ගුණාංග මොනව ද?

අසාධාරණයට බොහෝම විරුද්ධ කෙනෙක්.  ඕනෑම අසාධාරණයක දී කෙලින් කතා කරන කෙනෙක්. සැමියකු ලෙස මට උපරිම ආරක්ෂාවක් වගේම උපරිම ගෞරවයක් දෙන කෙනෙක්. ඇත්තටම හරි යුතුකම් වගකීම් දන්න කෙනෙක්. කෙටියෙන්ම කිව්වොත් අසාධාරණයට කතා කරන්න තරම් කොන්ද පණ තියෙන නියම පිරිමියෙක්.
DSC_0406

button ඒ වගේ අය දේශපාලනයට හොදයි නේද?

ඒ වගේ අය තමයි සුදුසු. ඒත් නැත්තෙත් ඒ වගේ අයනේ.
 
 
button ඔහුට දේශපාලනයට ආරාධනා ලැබුණ ලූ නේද?
මේනකටයි - මටයි දෙන්නටම ආරාධනා නම් ලැබුණා. ඒත් අපි ප‍්‍රතික්ෂේප කළා.
 

button කොහොම වුණත් ජීවිතයේ වෙනසක් වෙන්න යනවලූ නේද?

ජීවිතය ගැන කතා කළොත් අත්දැකීම් රාශියක් සමග ගලා යන දෙයක්. සෑම තීරණයක්ම ගන්න  ඕනෑ දෙතුන් පාරක් ඒ ගැන හිතලයි. මේනකට සහ මට ඒ ගැන අත්දැකීම් තියෙනවා. ඒ නිසා අපි ජීවිතය ගැන සුළු පටුවට හිතන්නෙ නැහැ. ජීවිතයේ අරුත අපි දන්නවා. සමාජයට හෙට දවසේ වඩා යහපත් දේ කිරීම අපේ අරමුණයි. 

(lankadeepa.lk)

Monday, December 8, 2014

Legs & Personality

By: Prosperity Tech On: 7:01 PM

"කකුල දිහා බලලා අනාවැකි කියන්නේ මෙහෙමයි" 

අද කාලේ පාවහන් පළඳින්නේ දෙපා වල ආරක්ෂාවට පමණක්ම නොවෙයි. හැම දේම වගේ පාවහන් පවා දැන් විලාසිතාවක් වෙලා.
ඔබ දන්නවද ඔබ පළඳින පාවහන් දිහා බලල ඔබේ ගැන අනාවැකි කියන්නට පුළුවන් බව.

පාවහන් වල අඩිය ගෙවෙන ආකාරය එක එක අයගේ වෙනස් කියලා ඔබ නිරීක්ෂණය කරලා තිඛෙනවාද? එසේ වන්නේ එක එක්කෙනා ඇවිදින ආකාරය වෙනස් නිසා.
පුද්ගලයා ඇවිදින ආකාරය අනුව එයා ගැන කියන්නට පුළුවන්.
සමහරුන්ගේ සපත්තු වල හෝ සෙරෙප්පු වල අඩිය ගෙවෙන්නේ සමාන්තරවයි.
ඒ කියන්නේ ඉදිරියෙනුත්  පිටුපසිනුත් එක ගානට ගෙවෙනවා.
එහෙම අය රටට සේවයක් කරන්නට කැමති , අරපිරිමැස්ම හොඳින් දන්නා, පිනට දහම කැමති අය.
ඒ වගේම ඔවුන් ඔවුන් තීක්ෂණ බුද්ධියක් ඇති කාලය නාස්ති නොකරන දීමට කැමති පුද්ගලයින්.
ඔවුන් ලෙහෙසියෙන් රවටිලිකාරයන්ට හසු වන්නේත් නැහැ. සමහරුන්ගේ වම් පැත්තේ සෙරෙප්පුව දකුණු පැත්තට වඩා වැඩිපුර ගෙවෙනවා.

එවැනි පුද්ගලයින් උත්සාහයට ගැලපෙන ප්‍රතිපල නොලැඛෙන, නිතර චිත්ත පිඩාවන්ගෙන් පෙලෙන, බොහෝ විට අනුන්ගේ නින්දා අපහාස වලට ගොදුරු විය හැකි අයයි.

ඔවුන් බොහෝ දුරට තමන්ගේ හිතේ තිඛෙන දේවල් ඉටු කරගන්නට අපහසු වන අයද වනවා.

දකුණු පැත්තේ අඩිය වම් පැත්තට වඩා ගෙවෙනවා නම් හම්බ කරන දේවල් අපතේ යන, අනුන් වෙනුවෙන් කාලය ගත කරන්නට කැමති, දරුවන්ගේ පවුලේ ප්‍රශ්න ඕනෑවටත් වඩා කල්පනා කරන කෙනෙක්.
මේ වගේ අය අඹු සැමි ප්‍රශ්න වලට මුහුණ දෙන ආත්ම තෘප්තිය නොලබන කෙනෙක් විය හැකියි.

සෙරෙප්පුවේ අඩිය ඉස්සරහින් වැඩිපුර ගෙවෙනවා නම් ඔවුන් ආගමට දහමට ලැදියි.
දියුණුවට කැමතියි.

පුහු අලංකාරයට අකමැති වනවා වගේම නිතර රැවටිලි කාරයන්ට ගොදුරු වන කෙනෙකුද වනවා.
ඔවුන් උපයන දේවල් නිකරුනේ විනාශ වනවාට අකමැතියි වගේම අනිත් අයව පහත් කොට සලකන අයද වනවා.

අඩිය වැඩිපුර පිටුපසින් ගෙවනවා නම් එවැනි අය රට ජාතිය ආගම ගැන නිතර කතා කරන නමුත් කිසිවක් ක්‍රියාවට නගන්නට මැලි වන ටිකක් නපුරු ගති ඇති බොරු ආටෝප වලට කැමති අය වනවා. මොවුන්ට මසුරු ගති ගුණාත් තිඛෙන්නට ඉඩ තිඛෙනවා. 

(shaafm.lk)

Is it legal to be topless here?

By: Prosperity Tech On: 6:50 PM

නිරුවත් වී අමුතු තාලේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වු මාධ්‍යවේදීනිය (වීඩියෝ සහිතයි)

 අමුතු තාලේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වු මාධ්‍යවේදීනියක් පිළිබඳව පුවත්පතක් කැනඩාවෙන් වාර්තා වේ. කැනඩා ජාතික ලොරි වෙල්බෘන් මාධ්‍යවේදිනිය කාන්තා අයිතිවාසිකම් පිළිබදව මාධ්‍ය සාකච්ඡාව පැවැත්වුයේ  කෙලෙව්නා නුවර නගරාධිපති වෝල්ටර් ග්‍රේ සමගය.
එහිදී මාධ්‍යෙව්දීනිය තම අයිතිවාසිකම් ප්‍රදර්ශනය කරමින් ඇද සිටි ඇඳුම උනා දමා  උඩු කය නිරුවත් වුවාය.

නගරාධිපතිවරයාද  ඇගේ අයිතිවාසිකම හා සියලු කාන්තා අයිතිවාසිකම් පිළිගනිමින් උඩුකය නිරුවත් මාධ්‍යවේදිනිය සමග දිගටම මාධ්‍ය සාකච්ඡාවේ නිරත වී ඇත.

උඩුකය නිරුවත් මාධ්‍යවේදිනියගේ එම වීඩියෝව පහතින්.

(shaafm.lk)