Showing posts with label Singers. Show all posts
Showing posts with label Singers. Show all posts

Thursday, March 10, 2016

Nirosha Virajini's Hot video

By: Prosperity Tech On: 5:04 AM

ksfrdaId úrdðkSf.a ird.S k¾;kh fukak (ùäfhda)

ljqre;a oel,d ;sfhkjdo  ksfrdaId  fjk;a .S;hlg fõÈldjla ;=< hot k¾;khla bÈßm;a lr,d ;sfhkjd' tu ùäfhdaj  my;ska krUkak
Condom Challenge Compilation

Thursday, December 31, 2015

Enrique Iglesias sings Sri Lankan Sinhala Song

By: Prosperity Tech On: 6:42 PM

enrique .ehQ isxy, isxÿj fukak (ùäfhda)

uy;a wdkafoda,k /ila iu.ska wjika jQ iqmsß .dhl tkaßla b.af,aishiaf.a m‍%ix.h ;ju;a l;dnyg ,lafjkjd'

m‍%ix.fha b;du;a ñ, wêl m‍%fõY m;‍%h" ;reKshla m‍%ix. fõÈldfõ§  ism.ekSu" ;j;a ;reKshla wehf.a ;sir mgh Tyq foig úislsÍu jeks fndfyda isÿùï fuu m‍%ix.h w;r;=f¾§  isÿjqkd'

fï w;r tkaßla isxy, .S;hla lshk wdldrfhka ixialrKh jqk .S;hla fï Èkj, wka;¾cd,fha ießirkjd' fYaka isxf.a  .S;hla fufia tkaßla .dhkd lrhs'

tu .S;h my;ska


Thursday, January 22, 2015

Justin Bieber's over-the-top Calvin Klein underwear ad campaign

By: Prosperity Tech On: 9:38 PM

"නැවතත් බීබර් ප‍්‍රසිද්ධියේ යට ඇඳුමෙන්" 

ජස්ටින් බීබර් මීට පෙර වේදිකාවේදී තම රසිකාවියන් පුදුමයට පත් කරමින් එකින් ඉවත් කරමින් යට ඇදුමින් සිට ගේත ගායනා කරපු අවස්තාව  පුරා විවිධ  මාධ්‍ය වාර්තා කර තිබුනා.


යොවුන් ගායක, ජස්ටින් බීබර් නිතරම කැමැතියි අසාමාන්‍ය ‘රඟපෑම්’වල යෙදෙන්න. පෞද්ගලික ජීවිතයේදී නම් ඔහුගේ මේ රංගනය සීමාව ඉක්මවා සිදු වෙනවා. ඒවා නම් බොහෝ දෙනෙකුට අනුමත කරන්න බැහැ. ඔහුගේ තිබෙන මේ දඩබ්බරකම් නිසාදෝ ඇතැම් අවස්ථාවලදී ඔහුට අසාමාන්‍ය නිරූපණ කිරීමටත් වැඩ කටයුතු පැවරෙනවා.

පසුගිය දා ජස්ටින් බීබර්ට සිදුවුණා, යට ඇඳුමක් පමණක් හැඳගෙන ඩ්‍රම් සෙට් එකක් වාදනය කරන අයුරු නිරූපණය කරන්න. ඒ, එක්තරා රූපවාහිනී වෙළෙඳ දැන්වීමකටයි.

පිරිමින්ගේ යට ඇඳුම් නිෂ්පාදනයන් වෙනුවෙන් නිර්මාණය වූ මේ වෙළෙඳ දැන්වීමෙහි ජස්ටින් ඉදිරිපත් කළ රංගනයට කාගේත් අවධානය යොමුවෙලා. ඔහු පසුගිය වසරේදී පෙනී සිටි වෙළෙඳ දැන්වීමක් ද ප්‍රේක්ෂක අවධානය දිනා ගත්තා. ජස්ටින් එහි පෙනී සිටියේ කමිසය අඩක් විවර කරගෙනයි. ඒ වුණත් මේ වතාවේදී ජස්ටින් ඉදිරිපත් කළ රංගනයට ලැබී ඇති ප්‍රතිචාරය වැඩි බවයි පැවසෙන්නේ.

 
(shaafm)

Thursday, October 9, 2014

Chethana Ranasinghe, Baila singer

By: Prosperity Tech On: 8:57 PM
බයිලා චැම්පියන් වොලී බැස්ටියන්ගෙ පරපුරේ සිංදු කියන චේතනා
නිල්වන් ජලාසේ
දියරැලි සිනාසේ
කිමිදෙන්න පීනා
හද විලෙහි මාගේ...

කසුන් පැස්කුවල් ආදරණීයව එසේ ආමන්ත‍්‍රණය කරද්දී, චේතනා රණසිංහගේ ලයාන්විත හඬ ගලායන්නේ මෙලෙසිනි.
සඳකැන් වැටිලා
පෙම්වන්ත යායේ
නැලවෙන්න  ඕනෑ
තුරුලේ ඔයාගේ...

එලෙසින් ගී මුමුණමින් තාරුණ්‍යය අතර ජනප‍්‍රියව සිටින මේ චේතනා සඳැල්ල පිළිසඳරකට එක්වූවාය.
5
button චේතනා ඔබ ගැන වූ සඳහනකින් අපි කතා බහ අරඹමු නේද?
මගේ සම්පූර්ණ නම චේතනා ආදේශිකා රණසිංහ. ගම සීදූව. ඉගෙන ගත්තේ කොළඹ බිෂෝප් විද්‍යාලයෙන් සහ දේවි බාලිකා විද්‍යාලයෙන්. පවුලේ අම්මා - තාත්තා සහ නංගියි මමයි. දැන් මගේ වයස් අවුරුදු 22යි. මේ වන විට මම ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ කලා අංශයේ දෙවැනි වසරේ සිසුවියක්. ඊට අමතරව සංගීත විශාරද (ප‍්‍රථම) විභාගයට සූදානම් වෙනවා. ඊටත් අමතරව ජයවර්ධනපුර සරසවියෙන් ජනමාධ්‍ය පිළිබඳව ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරනවා.

button මේ දිනවල ඔබ සහ කසුන් පැස්කුවල් ගයන  ‘‘නිල්වන් ජලාසේ’’ ගීතය ජනප‍්‍රිය වගේම, තවත් අලූත් ගීතයක් තරුණ පරපුර අතර වඩාත් ජනප‍්‍රිය වෙලා නේද?
ඒ ‘‘නොකිව්ව ආදරය’’යි.

button‘‘නොකිව්ව ආදරය’’ කිව්වෙ?
නන්දන වික‍්‍රමගේ රචනා කළ රොමේෂ් සුගතපාල සංගීතවත් කළ  ‘‘නොකිව්ව ආදරය’’ ගීතයට මේ දිනවල ලැබෙන්නෙ හොඳ ප‍්‍රතිචාර. ඒක මගේ අලූත්ම ගීතයයි.

button ගීතයෙන් ඔබ නොකිව්ව ආදරයක් ගැන කිව්වත්, ප‍්‍රකාශ කළ ආදරයක් සැබෑ ජීවිතයේ තියෙනවා නේද?
ඔව්, ඔව්, තියෙනවා.

buttonඑළිමහන් ප‍්‍රසංග වේදිකාවේදී ඔබ මෙතෙක් ගැයූ ගීත නෙවෙයි, නේද ගයන්නෙ. එතැනදි හිංදි සහ දමිළ ගීත නේද ගයන්නෙ?
එළිමහන් වේදිකාවට වඩාත් ගැළපෙන විදියට අපි ගීත ගයන්න  ඕනෑ. ඒ නිසා එතැනදි මම වැඩිපුර ගයන්නෙ හිංදි සහ දමිළ ගීතයි.

buttonනමුත් මේ සියල්ලට වඩා ඔබට ආරාධනා ලැබෙන්නෙ, රඟපෑමටලූ නේද?
ඇත්තෙන්ම රඟපෑමට ගොඩාක් ආරාධනා ලැබුණා. ඒත් ඉගෙනීම් කටයුතු සහ සංගීත ක්ෂේත‍්‍රයේ වැඩ නිසා රඟපෑම් කිසිවක් බාර ගත්තෙ නැහැ.

buttonසංගීතය, ජනමාධ්‍ය සහ කලා අංශයෙන් ඉගෙන ගන්නා ඔබගේ අරමුණ මොකක්ද?
සංගීත කටයුතු අතරේ මාධ්‍යවේදිනියක වීම තමයි අරමුණ.

buttonඇයි පිරිමි ළමුන් ඔබගෙ ගායනයට මෙතරම් ලැදි?
මම හිතන්නෙ ගායන රිද්මය නිසා වෙන්න ඇති.
3
buttonබයිලා ලොවේ රට හොල්ලපු වොලීබැස්ටියන් ඔබගෙ පරපුරේ ඥාතීත්වයක් තියෙනවා නේද?
ඔව්. වොලී බැස්ටියන් සමඟ අපේ ඥාතීත්වයක් තියෙනවා.

buttonඒ විදියට බයිලාවලින් රට හොල්ලන අරමුණක් ඔබටත් නැද්ද?
ආනිවාර්යයෙන්ම ඒ විදියෙ අදහසක් තියෙනවා. අපට අයිතියකුත් තියෙන නිසා ඔහුගේ ගීතයක් ප‍්‍රතිනිර්මාණය කිරීමේ අරමුණකුත් තියෙනවා.

button ඔබගෙ පියා පොලිස් නිලධාරියෙක්. පොලිස් නිලධාරිනියක් වෙන්න ඔබට හිතුණෙ නැද්ද?
එය ඉතා වගකීමකින් මෙන්ම කැපවීමකින් කළ යුතු වෘත්තියක්. අපි කරන දේ හරියට කරන්න  ඕනෑ. මේ දැනට කරන දේ හරියට කිරීම තමයි මගේ අරමුණ.

buttonචේතනා ඔබ හින්දි ගීතයක් සිංහලෙන් ගයනවා නේද?
වාදාරහා කියන හින්දි ගීතයට චතුරංගගෙ රචනයට සචිත් රාජපක්ෂ සිංහලෙන් එය නිර්මාණය කළා ‘‘ඉන්නම් බලා’’ යනුවෙන්.

buttonතාත්තා පොලිසියේ නිසා ඔබ ටිකක් සැරෙන්ලූ ඉන්නෙ නේද?
අපෝ නැහැ. අපේ තාත්තා පොලිස් නිලධාරියෙක් වුනාට මම කලාකාරියක්නෙ. මොකටද සැර වෙන්නෙ.

button ඒත් පිරිමි ළමුන් නම් ඔබට විහිළු කරන්න එන්නෙ නැහැලූ නේද?
ඒ කතාව නම් ඇත්ත.

buttonචේතනා ඔබට ඔබ ගැන හිතෙන්නෙ කොහොමද?
සාමාන්‍ය ජීවිතේ සාමාන්‍ය විදියට ගත කරමින් - සරලව ජීවත් වෙන්න කැමති කෙනෙක්. මගේ ප‍්‍රියතම තැන ගෙදරයි. වෙන කොහේ ගියත් මට වැඩක් නැහැ. ගෙදර තරම් හොඳ තැනක් ලෝකයේ කොහෙවත් නැහැ.
DSC_4780
(lankadeepa.lk)