Tuesday, April 21, 2015

Primeminister Ranil talks about minister & mps

By: Prosperity Tech On: 7:58 PM

සභාවට එනවා..රාත්‍රී ඉන්නවා..විස්කි බොනවා... ලැජ්ජයි ! ලැජ්ජයි !! - අගමැති

HON.Ranil Wickramasinghe speech - සභාවට එනවා..රාත්‍රී ඉන්නවා..විස්කි බොනවා... ලැජ්ජයි ! ලැජ්ජයි !! - අගමැතිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

ඇමතිකම් බලාපොරොත්තුවෙන් සිටියත් ඇමතිකම් නොලැබුණු මන්ත්‍රීවරු පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

ඔහු එහි දී පෙන්වා දුන්නේ ඇමතිකම් නොලැබුණු මේ පිරිස විපක්ෂයට ගොස් දැන් කෑගසන බවයි.


එමෙන්ම බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රකාශයකට පිළිතුරු දීමේ දී අගමැතිවරයා පාර්ලිමේන්තුවේ රාත්‍රී කල් ගත කිරීම සහ විස්කි බීමක් ගැන ද සඳහන් වුණා.

මේ අතර පාර්ලිමේන්තු සභාගර්භයේ රැයක් පහන් කරමින් මන්ත්‍රීවරුන් පිරිසක් සිදුකළ විරෝධය ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට වාර්තා වූ සිදුවීමක් බව වාර්තා වනවා.

පාර්ලිමේන්තුවේ දී සිදුවූ මෙම කතා බහ පහතින් වැඩිදුරටත් නැරඹීමට හැකි වෙනවා.


hirufm.lk



Dinesh Chandimal Wedding

By: Prosperity Tech On: 7:44 PM

දිනේෂ් චන්දිමාල් යුගදිවියට - Photos

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ දක්ෂ පිතිකරුවෙකු මෙන්ම කලක් විස්සයි විස්ස ජාතික කණ්ඩායමේ නායකයාව සිටි දිනේෂ් චන්දිමාල්ගේ විවාහය ලබන මස පළවෙනිදා පැවැත්වීමට නියමිත බව හිරු ගොසිප් වෙත විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වනවා.ඔහුගේ අතගන්නේ ඉෂිකා ජයසේකර යි. පසුගියදා ඔවුන්ගේ විවාහ උත්සවයේ පූර්ව ඡායාරූප ගතකිරීම මහනුවරදී සිදුවී ඇති බවත් වාර්තා වනවා.මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ බොහෝ සාමාජිකයින් පිරිසක් විවාහවී ඇති අතර පසුගියදා අන්තර්ජාලය පුරා කතාබහක්ද ඇතිවුනේ චන්දිමාල්ද විවාහ වූයේ නම් පෙරට වඩා දක්ෂතාවලට පැමිණෙනු ඇති බවයි.

hirufm.lk

Protest in Sri Lankan Parliament against bribery summons for ex-president

By: Prosperity Tech On: 5:02 AM

පාර්ලිමේන්තුවේි අයුතු ජනරාශියට යට වී විමර්ශන නවත්වනවා ද? 

මේ වන විට පාර්ලිමේන්තුවේ සිදු වෙමින් තිබෙන්නේ ඉතාම නින්දිත ක්‍රියාවකි.

මහින්ද රාජපක්ෂට එරෙහිව ඇති චෝදනාවක් සම්බන්ධයෙන් කටඋත්තරයක් දෙන්නට අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂම හමුවට යන්නට සිදු වීම වළක්වා ගැනීමට අවනීතිය හා මැරවර බලය පාවිච්චි කරමින් තිබේ.

පාර්ලිමේන්තුවේ ඇති අයුතු ජන රාශියට අමතරව හෙට පාර්ලිමේන්තුව අසල ද අයුතු ජන රාශියක් රැස් කිරීමට ද කටයුතු කරන බව විමල් වීරවංශ වහසි බස් දොඩයි.

මොවුන් මේ සියල්ල කරන්නේ මහින්ද රාජපක්ෂට තිබෙන බව කියන ජනප්‍රියත්වය පාවිච්චි කරමින් ඔහුට එරෙහි ක්‍රියාමාර්ග වළක්වාගෙන තමන් ද ගොඩ යන්නටයි. ‍

මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ වාඩි ලාගෙන සිටින ඇතැම් මන්ත්‍රීවරුන්ට බරපතල විෂමාචාර චෝදනා තිබේ. එක් මන්ත්‍රීවරයකුට හිටපු ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා ඔත්තු සැපයීම වෙනුවෙන් කොටි සංවිධානයෙන් මුදල් ලබා ගැනීම ගැන චෝදනාවක් ද තිබේ.

මේ අවස්ථාව අතිශය වැදගත් ය. මේ චෞරයන් පිරිස පාර්ලිමේන්තුව නියම විගඩමක් බවට පත් කර තිබේ. නීතිය සියතට ගත් මේ චෞරයන්ට ඉඩ දී සොරුන්ට එරෙහි පරීක්ෂණ නතර කළ යුතු ද?

තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් තම නිර්දෝෂීභාවය ඔප්පු කරන්නට නම් විමර්ශනවලට මුහුණ දිය යුතු ය. විමර්ශන වළක්වා ගන්නට උත්සාහ ක‍රන්නෝ කිල්ලෝටවල හුණු ඇත්තෝ ය.

මොවුන්ට මෙහෙමම ඉන්නට දුන්නොත් කොයි තරම් කාලයක් සිටිනු ඇද්ද යන්න බලාගන්නට පුළුවන.

එසේම, නීතිය, යුක්තිය, සාධාරණත්වය වෙනුවෙන් ද ජනතාව බලමුළුගැන්විය යුතු ය.

Kotakethana murder: Victim's son and Mahinda

By: Prosperity Tech On: 4:53 AM

කොටකෙතන මව් මැරූ කුෂාන් හා මහින්ද


මේ මාතෘකාව කියවූ සැණින් මහින්දවාදීන්ට කේන්ති යන බව දනිමි. එහෙත්, මහින්ද පමණක් නොව, චන්ද්‍රිකා, රනිල්, මෛත්‍රීපාල සහ තවත් බොහෝ අයගේ නම් මේ හා ඈඳේ. ඔබේ නමත් ඒ සමග සඳහන් විය යුතු ය. ඒ කෙසේ ද?

කොටකෙතනේ 18 හැවිරිදි තරුණයා සිය වැදූ මව කපා කොටා මරා දමා මිනිය සඟවා නිවසට පැමිණ සිය පෙම්වතියට කාලා නිදාගන්නැයි සුබ රාත්‍රියක් පතා නින්දට යන්නේ ය. ඔහුට නින්ද ගියාදැයි මම නො දනිමි. කෙසේ වෙතත්, එය පසුපස තදබල අසංවේදීකමක් නම් පෙනේ.

ඝාතනයට පෙර මෙම තරුණයා පොළේ වෙළඳාම් කර දිවි රැක ගන්නා සිය තිස් නව හැවිරිදි මව සමග කලහ කරන්නේ සිය පෙම්වතියට උපන් දින තෑග්ගක් මිළ දී ගැනීම සඳහා රු.
1500ක් ඉල්ලා ය. ඔහු කුස්සියට යන්නේ මව මැරූ පිහියෙන් තම ගෙල කපා ගන්නා බව කියා ය. ඔහු පිහියෙන් කොටන්නේ ඔහු ගැන බිය වී දරු සෙනෙහසින් කුස්සියට එන මවගේ ‍හිසටයි.

මෙම ඝාතකයාගේ පෙම්වතිය පසුගිය දිනෙක ඔහුගේ උපන් දිනය වෙනුවෙන් වීදුරු රෝස මලක් තෑගි දී ඇත.

මේ දෙන්නා ම නිවිතිගල යොවුන් සේනාංකයේ පුහුණු වන අයයි.

එදින ඔහු සිය පෙම්වතියට කෙටි පණිවුඩ දෙසීයකට වැඩි සංඛ්‍යාවක් යවා තිබේ.

මෙම තරුණ තරුණියන්ගේ ජීවිත වෙළාගෙන තිබෙන්නේ බහුභාණ්ඩිකත්වය විසිනි. ජංගම දුරකථනය ඒ අතරින් ප්‍රධාන ය; සංකේතාත්මක ය.

පසුගිය කාලයේ මේ රටේ පාලකයින්, බුද්ධිමතුන්, කලාකරුවන්, ගුරුවරුන්, ක්‍රීඩකයන්, පාසල්, සරසවි, ජනමාධ්‍ය, ආගම් ආදියෙන් ප්‍රවර්ධනය කරන ලද බල්ලන් මරා හෝ සල්ලි හොයා සැප විඳීම මෙවැනි අපරාධ පසුපස තිබෙන භයානක යථාර්ථයයි.

නිදසුනක් ලෙස පසුගිය කාලයේ ලංකාවේ පරමාදර්ශී චරිත අරගෙන බලන්න. මහින්ද රාජපක්ෂ සිය පුතුන්ගේ සේවය පිණිස මහජන මුදලින් රුපියල් මිලියන ගණන් ගෙවා ගුවන් සේවිකාවක් ගෙනැවිත් දී ඇති ආකාරය දැන් හෙළිදරව් වී තිබේ.

ලංකාවේ තරුණයන්ට පසුගිය කාලයේ උක්ත බලවේග විසින් පෙන්වන ලද පරමාදර්ශී චරිත තුන නාමල්, යෝෂිත හා රෝහිතයි. ඔවුන් කළේ මහජන මුදලින් සංදර්ශනාත්මක ලෙස සැප විඳිමයි. ලංකාවේ සමාජය සිය දරුවන්ට ඉගැන්වූයේ වෙනවා නම් පුතේ දුවේ නාමල්ලා වෙන්න කියා ය. බල්ලන් මරා හෝ සල්ලි සොයා කා, බී, රති කෙළ සැප විඳපල්ලා කියා ය.

සමාජය විසින් තරුණ පරපුර තුළ ගොඩනැගූ මානසිකත්වයේ ප්‍රතිඵල මේවා ය.

එපමණක් නොව, මානුෂීය ගුණ වර්ධනය කරන රසවින්දනයක් වෙනුවට හොලිවුඩ්, බොලිවුඩ් චිත්‍රපට බැලූ, කොම්පියුටර් ගේම් ගහමින් මොනිටරයේ මිනී මැරූ පරපුරක මානසිකත්වය ද මෙම සිද්ධියෙන් නිරූපණය වේ. මේ පරපුර නව යොවුන් විය ගෙව්වේ මහින්ද රාජපක්ෂ පාලනය තුළයි. ඔවුන් දැක්කේ බලය නීතිය වූ රටකි. සල්ලි දෙයියන් වූ රටකි. ප්‍රජාතන්ත්‍රවාදයට, මනුස්සකමට හිනා වූ රටකි. මිනීමරුවන්ට, සොරුන්ට, ස්ත්‍රී දූෂකයන්ට රජුන් මෙන් සලකන රටකි. බුද්ධිය වෙනුවට මුග්ධකම ම අගයන රටකි. කොටින් ම කීවොත් රෙදි අඳින මිනිසුන්ට හිනා වෙන, හෙළුවෙන් නටන රටකි.

කෙසේ වෙතත් රිවිර පුවත්පතේ ඡායාරූප ශිල්පියකු ගත් මෙම කතා කරන ඡායාරූපයේ මේ දරුවාගේ මුහුණේ ඇත්තේ අවංක පශ්චාත්තාපයක් නො වේ ද? අපේ මුහුණුපොතේ මිතුරකු පෙන්වා දී තිබුණු කාරණයක් වන්නේ ඔහු ඊට පසු දින උසාවියට ඉදිරිපත් කරන විටත් ඇඳ සිටියේ මේ ඇඳුම ම බවයි.

දැන් කවුරු කවුරුත් මෙම තරුණයා පිට වරද පටවා දෑත් ‍සෝදා ගන්නට උත්සාහ කරති. එහෙත් කොච්චර හේදුවත් වතුර ලේ පාට වෙන එක වළක්වන්නට බැරි ය. මේ පසුතැවිල්ල අපි ද බෙදා ගත යුතු ය. මේ දරුවාට සමාජයක් ලෙස අප දුන් අධ්‍යාපනය, ආගමික ඇසුර, මාධ්‍ය, සමාජානුයෝජනය සම්බන්ධයෙන් අපි වගකිව යුතු ය.

මිනිසා තුළ ස්වභාවයෙන් ම ජීවත් වන ම්ලේච්ඡයෙක්, වනචාරියෙක්, තිරිසනෙක්, මෘගයෙක් සිටියි. එහෙත්, මිනිසා වෙනත් සතුන්ගෙන් වෙනස් වන්නේ ඔහු සතු සංවේදීකම නිසා ය. අනුන් වෙනුවෙන් දුක් වීමට හැකි සහකම්පනය නිසා ය.

මනුස්සකම වෙනුවට ම්ලේච්ඡත්වය ඔසවා තබන මේ සමාජ ක්‍රමය වෙනස් කළ යුතු බව අප කියන්නේ ඒ නිසා ය.


(w3lanka.com)

Thisuri is looking for a educated guy

By: Prosperity Tech On: 4:34 AM

මම හොයන්නේ උගත්, වැදගත් කෙනෙක් - තිසුරි

ජනප්‍රිය නිළි තිසුරි යුවනිකා ඇගේ අනාගත සහකරුවා කොයි ආකාරයෙන් සිටිය යුතු ද කියලා අපිත් එක්ක කිව්වා. තිසුරි යුවනිකාගේ අලුත් තොරතුරු දැන ගන්නයි අපි ඇයට දුරකතනයෙන් කතා කළේ. එතකොට ඇය අපිත් එක්ක ඒ දේවල් කිව්වේ.
තිසුරි යුවනිකා හිරුත් එක්ක දුරකථනයෙන් කළ කතා බහ පහතින් අසන්න....




Monday, April 20, 2015

Dog follows cops' orders, lies with owner after drug bust

By: Prosperity Tech On: 5:42 AM

"හෙරොයින් ජාවාරමට බල්ලෙකුත් සැකපිට පොලිසියට"

යටත් වුණු බල්ලා ජාවාරම් කල්ලියේ ආරක්ෂාක සාමාජිකයා වූ බව ඩේලිමේල් පුවත් සේවය වාර්තා කර ඇත. ජාවාරම්කරුවන් සමඟ බල්ලා ද අත්අඩංගුවට ගැනිණ.....

දකුණුදිග බ්‍රසීලයේ මත්කුඩු කල්ලි සාමාජිකයන් පිරිසක් අල්ලා ගැනීමට එරට පොලිසිය සමත් වුණු අතර, එම පිරිස බිම දිගා වී පොලිසියට යටත් වෙද්දී ඔවුන් සමඟ සිටි බල්ලා ද බිම දිගා වී පොලිසියට යටත් විය.
කොකේන් මත්කුඩු ජාවාරම්කරුවන් අල්ලා ගැනුණේ සැන්ටා කැටරිනා ප්‍රාන්තයෙනි. යටත් වුණු බල්ලා ජාවාරම් කල්ලියේ ආරක්ෂාක සාමාජිකයා වූ බව ඩේලිමේල් පුවත් සේවය වාර්තා කර ඇත. ජාවාරම්කරුවන් සමඟ බල්ලා ද අත්අඩංගුවට ගැනිණ.

Sunday, April 19, 2015

Isha Talwar Beats Nayanthara and Amala Paul to become 2014's Most Desirable Woman

By: Prosperity Tech On: 10:43 PM

වසරේ සතුට උපදවන කාන්තාව නම් කෙරේ - VIDEO

වසරේ සතුට උපදවන කාන්තාව නාමය දිනා ගැනීමට මෙවර කොළිවුඩයේ ඊෂා ටල්වාර් සමත්ව තිබෙනවා.

ඒ කොලිවුඩයේ සුපිරි නිළි නයන්තාරා සහ අමලා පාවුල් පරදවමින්. මේ හේතුවෙන් නයන්තාරා සහ අමලා පාවුල් කනස්සල්ලට පත්වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

වසරක් පාසා කොචි ටයිම්ස් විසින් අන්තර්ජාලය හරහායි වසරේ සතුට උපදවන කාන්තාව තෝරාගනු ලබන්නේ අදාළ නිළියන් එම වසරේ රංගනයෙන් දායකත්වය ලබාදෙන චිත්‍රපට හරහා තරුණයින් කොතරම් සතුටක් ලබාදෙනවාද යන්න අනුවයි.

h(hirufm.lk)

Thursday, April 16, 2015

Kotakethana son who confessed to killing mother brought to court

By: Prosperity Tech On: 3:15 AM

කොටකෙතන මව මැරූ බවට පුත්‍රයා මහේස්ත්‍රාත් හමුවට රැගෙන ආ අයුරු

කහවත්ත, කොටකෙතන ප්‍රදේශයේදී කාන්තාවක ඝාතනය කිරීමේ සැකකරු ලබන 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද නියෝග කෙරිණ.මේ තීරණය ගනු ලැබුවේ, සැකකරු පැල්මඩුල්ල වැඩබලන මහේස්ත්‍රාත් චමත් සුරවීර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.ඝාතනයට ලක්වූ කාන්තාවගේ 18 හැවිරිදි පුත්‍රයා අද පැල්මඩුල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළේ, කොළඹ අපරාධ කොට්ඨාසය පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් ඉල්ලා සිටි කාලය අවසන් වූ බැවිනි.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා සැකකරු මනෝ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කර එම වාර්තාව අධිකරණ වෛද්‍යවරයාට යොමු කරන ලෙස ද පොලීසියට නියෝග කළේ ය.

ඊයේ කොටකෙතන ඇළ මාර්ගය නාවිකා හමුදාවේ පරීක්ෂාවට ලක් කිරීම ආරම්භ කළේ, කොටකෙතන ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ පසුවන සැකකරු පොලීසියට කළ පාපොච්චාරණයකට අනුව ඝාතනයට යොදාගත් ආයුද සොයා ගැනීමේ අරමු‚නි.

එහෙත් අද උදෑසනත් පැය 4ක් නාවික හමුදාව සහ පොලීසිය කොටකෙතන ඇළ පරීක්ෂාවල ලක් කළ ද අදාළ ආයුධ සොයා ගැනීමට නොහැකි විය.

තවමත් චූදිතයෙකු නොමැති කහවත්ත, කොටකෙත ප්‍රදේශයේදී ඉකුත් 5 වන දා ඝාතනයට ලක් වූ තිදරු මවක් වන චන්ද්‍රානි ස්වර්ණලතාගේ සිරුර දින 2කට පෙර මිහිදන් කෙරිණ.

ඊයේ දිනයේදී අප එහි ගිය විට ගම්වාසීන් පවසන්නේ, මෙම ඝාතනයට මිය ගිය කාන්තාවගේ පුත්‍රයා සම්බන්ධ බවට කෙරෙන ප්‍රකාශ ගැන සැකයක් පවතින බව ය.

Wednesday, April 15, 2015

I dont have any connection with Drug dealer Welesudha - Semini Iddamalgoda

By: Prosperity Tech On: 8:47 PM


''මේවා සහගහන කතා...''

''වෙලේ සුදත් එක්ක මගේ කිසිම ගණුදෙනුවක් නෑ...'' - සේමිණි කටකතාවලට පිළිතුරු දෙයි

කුප්‍රකට මත්කුඩු ජාවාරම්කරුවෙකු වන සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා සමග සම්බන්ධතා පැවැත් වූ බවට මේ දිනවල පළවන නිළියන්ගෙන් නම් සහ තොරතුරු මුළුමනින්ම සාවද්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අවධාරණය කර සිටියි. වෙලේ සුදා හා සම්බන්ධ කරමින් ජනප්‍රිය නිළියන් රැසකගේ හා ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ නම් සහිතව මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවිවල මේ සම්බන්ධයෙන් වාර්තා පලවී තිබෙනවා. ඒ අතුරෙන් කාලයක් තිස්සේ ක්ෂේත්‍රයේ රැඳී සිටින ජනප්‍රිය නිළියක වන ''සෙමිණි ඉද්දමල්ගොඩ'' සහ නවක නිළියක වන ''ලෝචනා ඉමාෂි'' යන අයගේ නම් ද කියැවී තිබුණා. ඒ අනුව තමන් සම්බන්ධෙයන් ප්‍රචලිව තිබෙන මෙම කට කතාවලට සේමිණි වගේම ලෝචනා ඉමාශිත් ප්‍රතිඋත්තර දී තිබුණා.

එහිදී සේමිණී පැවසුවේ මෙවැන්නක්....

''නිළියන් සමග සම්බන්ධතා පැවැත් වූ වගක් වෙලේ සුදා කිසිඳු අවස්ථාවක ප්‍රකාශකර නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැහැදිලිව කියා තිබියදීත්, සමහර වෙබ් අඩවිවල හා සමාජ ජාල වෙබ් අඩවි වල ඒ සම්බන්ධයෙන් අසත්‍ය වාර්තා ඵල වෙනවා. අදහස් ප්‍රකාශ කිරීමට ඇති නිදහසේ නාමයෙන් සිදුකෙරෙන මෙවැනි මඩ ගැසීම් ඉතාමත් පිළිකුල් සහගතයි.


වෙලේ සුදා ගේ සිද්ධියට මගේ නම ඇඳා ගෙන ඵලවී ඇති වාර්තා නිසා මම බලවත් අපහසුතාවයට පත්වෙලා ඉන්නේ. සැමියා විතරක් නෙමෙයි පාසල් යන මගේ දරුවා පවා බලවත් කම්පනයකට පත්වෙලා.... මේ වගේ පුවත් සහගහන අපරාධයක්.... මේ ගැන මාධ්‍යවල අවධානය යොමුවිය යුතුයි...''

යනුවෙන් පැවසු සේමිණි මේ සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවද සඳහන් කර තිබුණා. එමෙන්ම මෙම මඩ පුවත් පිටුපස ක්ෂේත්‍රයේම සමහර ඉරිසියාකාර කුහක පිරිස් සිටිය හැකි බවට ද ඇය සැක පහල කර තිබුණා.

ලෝචනාත් හඬා වැටේ...

ලෝචනා ඉමාෂි තමන් ගැන ප්‍රචාරණය වන මෙම කට කතාවට පිළිතුරු දී තිබුණේ හඬා වැටෙමින් ය. ඇය  සිටියේ, තමා වෙලේ සුදා නමැත්තකු සමග හෝ වෙනත් කිසිඳු කුඩු ජාවාරම්කරුවකු සමග කතාබස් කර හෝ නොමැති බවයි.

එමෙන්ම තමන් ළඟදි විවාහවීමට නියමිත බවත්, මෙම මඩ ප්‍රචාරවලින් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවත් ඇය සඳහන් කළාය.

තමාට අධි සුඛෝපබෝගී වාහනයක් ඇතැයි ද එම මඩ වෙබ් අඩවිවල පලවී ඇතත්, තමාට ඇත්තේ මාසිකව කුලියට ලබාගත් සාමාන්‍ය වාහනයක් බව ද ඇය කියා සිටියා ය. පෞද්ගලික ජීවිතය අමු අමුවේ විනාශ කරන මෙවැනි පුවත් පාලනය කිරීමට නිසි ක්‍රමවේදයක් නොතිබීම බලවත් අපරාධයක් බවද ඇය වැඩිදුරටත් කියා සිටියාය.







eGossip.lk

Tuesday, April 14, 2015

WSupreme Court asks CBI to probe - Dinamalar Feb 27th News

By: Prosperity Tech On: 5:01 AM

සමුහ දූෂණයට ලක්වූ තරුණියකගේ වීඩියෝ පටයක් අන්තර්ජාලයට!

අවුරුදු පහළොවේ දී අට දෙනෙකු අතින් දුෂණය වෙලා...

ඉන්දියාවේ සුනීතා ක්‍රිෂ්ණා නමැති කාන්තාවක් සංස්කරණය කරපු සමුහ දුෂණ වීඩියෝ පටයක් පසුගිය පෙබරවාරි මාසයේ අන්තර්ජාලයට මුදා හැර තිබේ. එවැනි තවත් වීඩියෝ 09ක් ඇය විසින් අන්තර්ජාලයට මුදාහැර තිබේ.

මැය වයස අවුරුදු 15 දී අට දෙනෙකු විසින් සමුහ දුෂණයට ලක් වූ කාන්තාවක් වන අතර මෙම වීඩියෝ අන්තර්ජාලයට මුදා හැර ඇය ඉන්දියාවෙන් ඉල්ලා සිටින්නේ එම විඩියෝවන්හි සිටින පුද්ගලයන් හඳුනාගන්නා ලෙසයි.

තවද ඇය දුෂණයට එරෙහිව " දුෂකයෝ භංගවේවා " නමින් සමාජ මෙහෙවරක් කරන කාන්තාවකි. මෙම වීඩියෝ නමය තුළම එම දුෂකයන්ව පැහැදිලව හඳුනාගත හැකි අතර පොලිසිය විසින් මෙයට පියවර ගෙන නොමැති නිසා ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයට සුනීතා විසින් පෙත්සමක් ඉදිරිපත් කොට තිබේ.

ඒ අනුව ඉන්දියානු අභ්‍යන්තර විමර්ශන අංශය විසින් පසු ගිය මාර්තු 25 දින භුවනේශ්වරන් නගරයේ ගොඩනැගිලි ඉදිකරන්නෙක් වන සුබ්‍රත් යන පුද්ගලයෙකු මේ සම්බන්ධව අත්අඩංගුවට ගෙන තිබේ.

තවද මෙම සිදුවීමෙන් අනතුරුව මෙලෙස කාන්තාවන් සමුහ දුෂණය කරන වීඩියෝ 90ක් ලැබී ඇති බව සුනීතා සඳහන් කරයි. ඉන්දියාවේ ආරක්ෂක අංශ දැනට මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වන අතර ඉන්දියානු රජයත් මෙම වීඩියෝ දැක කම්පාවට පත්ව තිබේ.

තවද ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය පවසන පරිදි මේ වීඩියෝවල සිටින පුද්ගලයන්ගේ හැසිරීම් වලින් පෙනෙන ආකාරයට ඔහුන් මෙය ව්‍යාපාරයක් ලෙස කරනු ලැබේ.

කෙසේ වෙතත් මේ දුෂණ වලට සම්බන්ධව හඳුනාගත් සියලු පුද්ගලයන්ගේ ඡායාරූප ඉන්දියාව පුරා ප්‍රචාරය කිරීමට ඉන්දියානු අභ්‍යන්තර විමර්ශන අංශය කටයුතු කර තිබෙන අතර, ඔහුන් හඳුනාගන්නා පුද්ගලයෙක්ට රුපියල් ලක්ෂයක මුදලක් දීමට පොරොන්දු වී තිබේ.
අදාළ වීඩියෝ පට දෙකක් පකතින් නරබන්න.




eGossip.lk