Thursday, April 16, 2015

Tagged Under: ,

Kotakethana son who confessed to killing mother brought to court

By: Prosperity Tech On: 3:15 AM

කොටකෙතන මව මැරූ බවට පුත්‍රයා මහේස්ත්‍රාත් හමුවට රැගෙන ආ අයුරු

කහවත්ත, කොටකෙතන ප්‍රදේශයේදී කාන්තාවක ඝාතනය කිරීමේ සැකකරු ලබන 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද නියෝග කෙරිණ.මේ තීරණය ගනු ලැබුවේ, සැකකරු පැල්මඩුල්ල වැඩබලන මහේස්ත්‍රාත් චමත් සුරවීර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.ඝාතනයට ලක්වූ කාන්තාවගේ 18 හැවිරිදි පුත්‍රයා අද පැල්මඩුල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළේ, කොළඹ අපරාධ කොට්ඨාසය පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් ඉල්ලා සිටි කාලය අවසන් වූ බැවිනි.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා සැකකරු මනෝ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කර එම වාර්තාව අධිකරණ වෛද්‍යවරයාට යොමු කරන ලෙස ද පොලීසියට නියෝග කළේ ය.

ඊයේ කොටකෙතන ඇළ මාර්ගය නාවිකා හමුදාවේ පරීක්ෂාවට ලක් කිරීම ආරම්භ කළේ, කොටකෙතන ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ පසුවන සැකකරු පොලීසියට කළ පාපොච්චාරණයකට අනුව ඝාතනයට යොදාගත් ආයුද සොයා ගැනීමේ අරමු‚නි.

එහෙත් අද උදෑසනත් පැය 4ක් නාවික හමුදාව සහ පොලීසිය කොටකෙතන ඇළ පරීක්ෂාවල ලක් කළ ද අදාළ ආයුධ සොයා ගැනීමට නොහැකි විය.

තවමත් චූදිතයෙකු නොමැති කහවත්ත, කොටකෙත ප්‍රදේශයේදී ඉකුත් 5 වන දා ඝාතනයට ලක් වූ තිදරු මවක් වන චන්ද්‍රානි ස්වර්ණලතාගේ සිරුර දින 2කට පෙර මිහිදන් කෙරිණ.

ඊයේ දිනයේදී අප එහි ගිය විට ගම්වාසීන් පවසන්නේ, මෙම ඝාතනයට මිය ගිය කාන්තාවගේ පුත්‍රයා සම්බන්ධ බවට කෙරෙන ප්‍රකාශ ගැන සැකයක් පවතින බව ය.

0 comments:

Post a Comment