Wednesday, April 15, 2015

Tagged Under: , , , ,

I dont have any connection with Drug dealer Welesudha - Semini Iddamalgoda

By: Prosperity Tech On: 8:47 PM


''මේවා සහගහන කතා...''

''වෙලේ සුදත් එක්ක මගේ කිසිම ගණුදෙනුවක් නෑ...'' - සේමිණි කටකතාවලට පිළිතුරු දෙයි

කුප්‍රකට මත්කුඩු ජාවාරම්කරුවෙකු වන සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා සමග සම්බන්ධතා පැවැත් වූ බවට මේ දිනවල පළවන නිළියන්ගෙන් නම් සහ තොරතුරු මුළුමනින්ම සාවද්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අවධාරණය කර සිටියි. වෙලේ සුදා හා සම්බන්ධ කරමින් ජනප්‍රිය නිළියන් රැසකගේ හා ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ නම් සහිතව මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවිවල මේ සම්බන්ධයෙන් වාර්තා පලවී තිබෙනවා. ඒ අතුරෙන් කාලයක් තිස්සේ ක්ෂේත්‍රයේ රැඳී සිටින ජනප්‍රිය නිළියක වන ''සෙමිණි ඉද්දමල්ගොඩ'' සහ නවක නිළියක වන ''ලෝචනා ඉමාෂි'' යන අයගේ නම් ද කියැවී තිබුණා. ඒ අනුව තමන් සම්බන්ධෙයන් ප්‍රචලිව තිබෙන මෙම කට කතාවලට සේමිණි වගේම ලෝචනා ඉමාශිත් ප්‍රතිඋත්තර දී තිබුණා.

එහිදී සේමිණී පැවසුවේ මෙවැන්නක්....

''නිළියන් සමග සම්බන්ධතා පැවැත් වූ වගක් වෙලේ සුදා කිසිඳු අවස්ථාවක ප්‍රකාශකර නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැහැදිලිව කියා තිබියදීත්, සමහර වෙබ් අඩවිවල හා සමාජ ජාල වෙබ් අඩවි වල ඒ සම්බන්ධයෙන් අසත්‍ය වාර්තා ඵල වෙනවා. අදහස් ප්‍රකාශ කිරීමට ඇති නිදහසේ නාමයෙන් සිදුකෙරෙන මෙවැනි මඩ ගැසීම් ඉතාමත් පිළිකුල් සහගතයි.


වෙලේ සුදා ගේ සිද්ධියට මගේ නම ඇඳා ගෙන ඵලවී ඇති වාර්තා නිසා මම බලවත් අපහසුතාවයට පත්වෙලා ඉන්නේ. සැමියා විතරක් නෙමෙයි පාසල් යන මගේ දරුවා පවා බලවත් කම්පනයකට පත්වෙලා.... මේ වගේ පුවත් සහගහන අපරාධයක්.... මේ ගැන මාධ්‍යවල අවධානය යොමුවිය යුතුයි...''

යනුවෙන් පැවසු සේමිණි මේ සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවද සඳහන් කර තිබුණා. එමෙන්ම මෙම මඩ පුවත් පිටුපස ක්ෂේත්‍රයේම සමහර ඉරිසියාකාර කුහක පිරිස් සිටිය හැකි බවට ද ඇය සැක පහල කර තිබුණා.

ලෝචනාත් හඬා වැටේ...

ලෝචනා ඉමාෂි තමන් ගැන ප්‍රචාරණය වන මෙම කට කතාවට පිළිතුරු දී තිබුණේ හඬා වැටෙමින් ය. ඇය  සිටියේ, තමා වෙලේ සුදා නමැත්තකු සමග හෝ වෙනත් කිසිඳු කුඩු ජාවාරම්කරුවකු සමග කතාබස් කර හෝ නොමැති බවයි.

එමෙන්ම තමන් ළඟදි විවාහවීමට නියමිත බවත්, මෙම මඩ ප්‍රචාරවලින් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවත් ඇය සඳහන් කළාය.

තමාට අධි සුඛෝපබෝගී වාහනයක් ඇතැයි ද එම මඩ වෙබ් අඩවිවල පලවී ඇතත්, තමාට ඇත්තේ මාසිකව කුලියට ලබාගත් සාමාන්‍ය වාහනයක් බව ද ඇය කියා සිටියා ය. පෞද්ගලික ජීවිතය අමු අමුවේ විනාශ කරන මෙවැනි පුවත් පාලනය කිරීමට නිසි ක්‍රමවේදයක් නොතිබීම බලවත් අපරාධයක් බවද ඇය වැඩිදුරටත් කියා සිටියාය.







eGossip.lk

0 comments:

Post a Comment