Wednesday, April 8, 2015

Windy Gunathilaka in Rookantha in Los Angeles

By: Prosperity Tech On: 12:20 AM

රූකාන්තගේ දියනිය වින්ඩි ඇමරිකාවෙදි සින්දු කිව්ව හැටි

ජනප්‍රිය ගායක රූකාන්ත ගුණතිලකට දියණියන් දෙදෙනෙක් සිටිනවා. ඉන් වැඩිමහල් දියණිය "රයිනි" ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායිකාවක්. දෙවැනි දියණිය "වින්ඩි" ගැන ඒ තරම් කතා බහක් නැහැ. ඒත් මේ අප ඉදිරිපත් කරන්නේ ඇය තම ගායන හැකියාව විදහා දැකිවූ අයුරුයි.





Tuesday, April 7, 2015

Chief Prelate of Asgiriya Chapter passes away

By: Prosperity Tech On: 8:14 PM

අස්ගිරි පාර්ශවයේ මහනායක තෙරුන් අපවත්වේ

සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක අති පුජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත ස්වාමින්වහන්සේ සිංගප්පුරුවේ පිහිටි පෞද්ගලික රෝහලකදී අද අලුයම අපවත්වී ඇත.සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක අති පුජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත ස්වාමින්වහන්සේ සිංගප්පුරුවේ පිහිටි පෞද්ගලික රෝහලකදී අද අලුයම අපවත්වී ඇත.රෝගී තත්වයෙන් සති කිහිපයක් පසු වූ උන් වහන්සේ අපවත්වන විට 86 වන වියෙහි පසු වුහ.
1930 වසරේ මාර්තු 17 කුරුණෑගල උඩුගම ග්‍රාමයේ උපත ලද උන් වහන්සේ 1944 වසරේදී උපසම්පදාව ලබා ගන්නා ලදී.

SriLankan Airlines bosses should be criminally prosecuted

By: Prosperity Tech On: 6:29 AM

රාජපක්ෂලා ගුවන් සමාගම උලා කෑ හැටි පාර්ලිමේන්තුවට හෙළි කරයි

ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ දූෂණ සහ අයථා ක්‍රියා පිළිබඳ වාර්තාව මුලින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය විසින් නිර්දේශ කරනු ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ සභාපති අජිත් ඩයස් මහතා ඊයේ පැවැසීය.
ජාතික ගුවන් සේවාවට ගුවන් යානා ගැනීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකින් හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ සහ ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන තම බලතල අනිසි ලෙස පාවිච්චි කොට ගුවන් සේවාවේ කොන්ත්‍රාත් සහ මුදල් අයථා ලෙස පරිහරණය කර ඇති බවත්, සුදුසුකම් නැති සේවකයන් බඳවාගෙන ඇති බවටත්, ගුවන් සේවිකාවන්ට සහ කැබින් සේවකයෙක්ට වැඩිපුර මුදල් ගෙවා ඇති බවටත්, ගුවන් සමාගමේ සේවකයන් දේශපාලන කටයුතුවලට මුදාහැරීම ඇතුළු අයථා කටයුතුවල යෙදී ඇති බවටත් චෝදනා එල්ල වී තිබේ.

මේ පරීක්ෂණය සිදුකරන ලද්දේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ. සී. වැලිඅමුණගේ නායකත්වයෙන් යුත් හතරදෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ මණ්ඩලයක් විසිනි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳගේ සොහොයුරා වන (මස්සිනා) ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපතිගේ කාලසීමාවේ ඩොලර් බිලියන ගණනාවක වංචා සිදුවී ඇති බවට සාක්ෂි හෙළිකර තිබේ.

මේ පරීක්ෂණ වාර්තාව අගමැති රනිල් වික්‍රමසිංහ, වරාය සහ නාවුක අමාත්‍ය අර්ජුන රණතුංග සහ ගුවන් සේවා අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ යන මහත්වරුන්ට බාර දුන් බව වත්මන් සභාපති ඩයස් පැවැසීය.

දුෂණ විරෝධී කටයුතු පිළිබඳ පුරෝගාමියකු වූ නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකළ මෙම වාර්තාවේ

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ, තරුණ ගුවන් සේවිකාවන් කෙරෙහි දැක් වූ ලොල් බව නිසා, ණය බරින් පිරිණු ගුවන් සේවය තව තවත් ආගාධයට ගිය අයුරු සවිස්තරාත්මකව සඳහන් ය.

වඩාත් ලාභදායි සහ කාර්යක්ෂම ගුවන් යානා තිබියදී ඩොලර් බිලියන 2.3ක් වූ නවතම ගුවන් යානයක් ලබාගැනීමට මග පෑදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව පරිපාලන අංශයේ වෙනස්කම් පවා සිදුකර ඇති අයුරු අනාවරණය කර ගැනීමට වැලිඅමුණ විමර්ශන කමිටුවට හැකිවිය.

ගුවන් සේවාවට ගුවන් යානා ලබා ගැනීමට ගෙන ගිය වැඩපිළිවෙළ අතිශය දූෂිත ක්‍රියාදාමයක් බව පැහැදිලි වන හෙයින් හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහට විරුද්ධව අපරාධ චෝදනා ඉදිරිපත් කොට දඬුවම් ලබාදිය යුතු යැයි වැලිඅරමුණ වාර්තාව නිර්දේශ කර ඇත.

හිටපු සභාපති වික්‍රමසිංහගේ සුව පහසුව සඳහා සුඛෝපභෝගී ජව සම්පන්න මෝටර් රථයක් ගෙන්වීමට ශ්‍රී ලංකන් ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සහ එක්ව අසත්‍ය තොරතුරු සපයා ඇතැයි ද අනාවරණය විය. මේ සුපිරි වාහනය ගෙන්වා ඇත්තේ ඔහුට ලබා දී තිබු මර්සිඩිස් බෙන්ස් රථයටත්, සුපිරි ප්‍රාඩෝ රථයටත් අමතරවය.

එසේ වුවද ගුවන් සේවාවට නව යානා ලබාගැනීමේ දී සිදුකර ඇති වංචාව සහ අතරමගදී අත්හැර දමන ලද ගුවන් ටැක්සි සේවය ආරම්භ කිරීම වෙනුවෙන් කර ඇති මුල්‍ය සම්පත් විනාශය හා සම කරන විට මෝටර් රථ ගනුදෙනුව බරපතළ නොවන බව වාර්තාව කියයි.

සභාපතිවරයාගේ අකාර්යක්ෂම හා අසාර්ථක වැඩපිළිවෙළ හේතුවෙන් එවකටත් පණ අදිමින් තිබුණු ගුවන් සේවයට ඩොලර් මිලියන ගණනාවක පාඩුවක් සිදුවී තිබේ.

ශ්‍රී ලංකන් පාලක මණ්ඩලය අතුරු පල විපාක හොඳින් දැන දැනත් මිලදී ගැනීම්වලට උපදෙස් දීමට පත් කර තිබූ පුද්ගලයන්ට සම්බන්ධ සමාගම් සමඟ ප්‍රෝඩාකාරී ගනුදෙනු කිරීමට පෙලඹීමෙන් සිදුකර ඇත්තේ විශාල ආර්ථික හානියකි.

එවකට ජනාධිපති ලේකම්වරයා වූ ලලිත් වීරතුංග මහතාගේ ඉල්ලීමක් මත එක් ගුවන් සේවිකාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය සඳහා අනුයුක්ත කර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ දේශපාලන කටයුතු සඳහා යොදවා තිබේ.

ඇය විසින් මන්ත්‍රීවරයා වෙනු‍ෙවන් ඉටුකළ සේවාවන් පිළිබඳව කිසිදු වාර්තාවක් නැත. එසේ වී තිබියදී ගුවන් යානාවක සේවය කළා සේ සලකමින් ඇයට කර ඇති අමතර විශේෂ ගෙවීම රුපියල් ලක්ෂ 42කට අධිකය.

වැඩිපුර ඇයට ගෙවා ඇති මුදල් සම්භාරය ආපසු අය කර ගැනීමටත් මහජන මුදල් අයථා ලෙස පරිහරණයට අනුබල දුන් නිලධාරින්ට විරුද්ධව නීති මාර්ගයෙන් කටයුතු කරන ලෙසත් දූෂණ විමර්ශන මණ්ඩලය නිර්දේශ කර ඇත.

කිහිපවතාවක්ම ඇතුළුවීමේ විභාගවලින් අසමත් වූ ඇතැමුන්ට පාලනාධිකාරියේ කටවචනය උඩ පත්වීම් ලබා දී ඇති අයුරුත් මේ මණ්ඩලය හමුවේ අනාවරණය වී තිබේ.

සභාපති වික්‍රමසිංහ විසින් ඔහුගේ හිතවතියක් වූ ගුවන් සේවිකාවක් “ශ්‍රී ලංකන් ගුවන් සේවා සන්නාම තානාපති” ලෙස පත් කරගෙන ඇති අතර, එවැනි තනතුරක් ගුවන් සේවා අනුමත කාර්ය මණ්ඩලයේ නොමැත. මෙම යුවළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානාවලින් පමණක් නොව, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මුදලින් ලබා ගත් ගුවන් ටිකට් පත්‍ර උපයෝගී කර ගනිමින්, වෙනත් සමාගම්වලට අයත් ගුවන් යානාවලින් ද ලොව පුරා සවාරි ගොස් තිබේ.

ගුවන් සේවිකාවන් ගණනාවක් සමඟ සභාපතිවරයාගේ පවත්වාගෙන ගිය අයථා සබඳකම් නිසා, අනිසි ප්‍රයෝජන ගැනීම් හා දූෂිත කටයුතු අප්‍රමාණ ලෙස සිදුවී ඇති අතර, එමගින් ගුවන් සේවයේ හොඳ නම කැළැල් වී අධික මූල්‍යමය පාඩු ද සිදුව ඇති බව මණ්ඩලය හමුවේ අනාවරණය වී ඇත.

සමාගමට අනර්ථකාරී ලෙස සමාගමේ සභාපතිවරයා හැසිරෙන විටදීත්, ඒ පිළිබඳ යම්කිසි විනය ක්‍රියාමාර්ගයක් ගත හැකි අන්දමේ කශේරුකාවක් ඇති අධ්‍යක්ෂ මණ්ඩලයක් හෝ ඉහළ පෙළේ පාලන අධිකාරියක් සමාගම තුළ ක්‍රියාත්මක නොවීම නිසා සමාගමට බරපතළ හානියක් සිදුව තිබේ.

ප්‍රධාන විධායක නිලධාරි ධුරය දැරූ කපිල චන්ද්‍රසේන එම තනතුරට කිසිසේත්ම සුදුස්සෙකු නොවු අතර, අනෙකුත් දීමනාවලට අමතරව ඔහු ලක්ෂ පහළොවක වැටුපක් ලබා තිබීම ගැන විමර්ශන මණ්ඩලය විමතියට පත්විය. එසේම තවත් තනතුරු ගණනාවක් දරමින්, ඒ සඳහා ද ඔහු රජයෙන් වැටුප් ලබා ගෙන තිබේ.

මොබිටෙල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද, මිහින් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද නීති විරෝධී ලෙස අමතර වැටුප් ලබාගෙන ඇති බව මණ්ඩලය හඳුනා ගෙන ඇත.

මේ නිසා මණ්ඩලය නිර්දේශ කර ඇත්තේ වික්‍රමසිංහ හා චන්ද්‍රසේන මෙන්ම මෙම දූෂිත කටයුතුවලට හවුල් වූ අනෙකුත් උසස් නිලධාරින්ට විරුද්ධව ද නීති මගින් කටයුතු කළ යුතු බව ය.

යෝෂිත රාජපක්ෂ විසින් ශ්‍රී ලංකන් ගුවන් යානා පාවිච්චි කරමින්, නීති විරෝධී ලෙස ‍මෝටර් රථ අමතර කොටස් මෙරටට ගෙන්වීමේ ජාවාරමක් සිදුකරද්දී ලන්ඩන් නුවර ශ්‍රී ලංකන් කළමනාකරු ඊට එරෙහි වී ඇත. ඔහු වහාම මාරුකර යවන මෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ නියෝගය, කිසිදු සාධාරණ පදනමකින් තොරව ක්‍රියාත්මක කිරීමට ද පාලනාධිකාරිය කටයුතු කර තිබේ.

ඒ අතර ප්‍රධාන ගුවන් නියමු දෘවි පෙරේරා සහ කපිතාන් යූ. ඒ. වී. පතිරණ යන දෙදෙනා අතින් සිදුවන්නට ගිය භයානක ගුවන් අනතුරු දෙකක් යට ගැසීමටත් ගුවන් සමාගම කටයුතු කර ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා මිනිස් ජාවාරම් සිදුකළ බවට ද සැක පහළ වී ඇත. මිනිස් ජාවාරමේ යෙදුණු මාණ්ඩලික නිලධාරින් දෙදෙනකුට විරුද්ධව කිසිදු පියවරක් ගෙන නැති අතර, ඇතැම් ගුවන් සේවකයන් මිනිස් ජාවාරම්කරුවන් සමඟ සෘජු සම්බන්ධතා පැවැත් වූ බවට ද තොරතුරු ලැබෙමින් පවතී.

ගුවන් සේවා ආරක්ෂක කටයුතු පිළිබඳ කිසිදු අත්දැකීමක් නොමැති ජී. චන්ද්‍රවංශ නමැති විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයකු රුපියල් හාර ලක්ෂ පනස්දාහක වැටුපකට ගුවන් සේවාවට බඳවා ගෙන තිබේ. කිසිදු විධිමත් පටිපාටියකින් තොරව පත් කළ මේ පුද්ගලයා සිදුකර ඇත්තේ, ශ්‍රී ලංකන් සමාගමෙන් විශාල වැටුප් ලබමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් දේශපාලන වැඩ කටයුතුවල නිරතවීම ය.

මේ පුද්ගලයාගේ සේවය වහාම අත්හිටුවන ලෙස නිර්දේශ කරන විමර්ශන කමිටුව සමාගමේ නීතිරීති උල්ලංඝනය කිරීම පිළිබඳව විනය පරීක්ෂණයක් වහාම පැවැත්විය යුතු බවට යෝජනා කර ඇත. ගුවන් සේවා ආරක්ෂක අංශය දැවැන්ත ලෙස දේශපාලනීකරණයට ලක් කර ඇති බවටත් මණ්ඩලය අනතුරු අඟවා තිබේ.

ආධුනික ගුවන් නියමුවන් බඳවා ගනිද්දී ලකුණු මට්ටම පහළ දැමීමට ගත් තීරණයට විරෝධය පාමින්, තම තනතුරුවලින් ඉල්ලා අස්වු පැට්රික් ප්‍රනාන්දු සහ රංගා අමදෝරු යන ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවන් දෙදෙනා විමර්ශන මණ්ඩලයේ පැසසුමට ලක්වී ඇත.

2013 වසරේදී ආධුනික නියමුවන් වශයෙන් නුසුදුස්සන් තෝරා ගැනීම වැළකී ගියේ ඔවුන් දෙදෙනා ගත් එඩිතර තීරණය හේතුවෙනි. සම්මත වෘත්තිමය ප්‍රමිතීන් ආරක්ෂා කිරීම සඳහා එවැනි පියවරක් ගැනීම පිළිබඳ ඔවුන් දෙපළ සුවිශේෂී ප්‍රශංසාවකට ලක් කළ යුතු බව මණ්ඩලය යෝජනා කර තිබේ.

ටෙන්ඩර් ප්‍රදානය කිරීමේදී කටයුතු කර ඇති දූෂිත ආකාරය ලැයිස්තු ගත කර ඇති අතර, මත්පැන් සහ තීරු බදු රහිත භාණ්ඩ අලෙවියේ දී සිදුකර ඇති වංචනික ක්‍රියා රැසක් ද මණ්ඩලය විසින් හෙළි කර ගෙන තිබේ. මේ පිළිබඳව විධිමත් අපරාධ පරීක්ෂණයක් කළ යුතු බවට ඔවුන් නිර්දේශ කර ඇත. රටවල් ගණනාවක ප්‍රධාන අලෙවි නියෝජිතයන් පත්කරද්දී ක්‍රියා කර ඇති විෂමාචාර සහ යටිකූට්ටු වැඩපිළිවෙළ සම්බන්ධව ද විමර්ශන මණ්ඩලය චෝදනා කර තිබේ.

ප්‍රධාන අලෙවි නියෝජිතයන් පත් කරද්දී රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග හා ඩිලාන් ආරියවංශ යන දෙදෙනාගේ මැදිහත්වීම ගැන අපරාධ පරීක්ෂණයක් ආරම්භ කළ යුතු යැයි ද, වැලිඅමුණ විමර්ශන මණ්ඩලය යෝජනා කරයි.

ශ්‍රී ලංකන් සමාගම ගෙන ගිය අවිධිමත් පාලන සංස්කෘතිය නිසා, බලය අනිසි ලෙස යොදා ගැනීමට පමණක් නොව, ව්‍යාපාර කටයුතු සඳහා බාහිර බලපෑම් හා ඇඟිලි ගැසීම් සිදුකිරීමටත් පසුබිම සැලසී ඇතැයිද, එය සමාගමේ විනාශයට හේතු වී ඇතැයි ද විමර්ශන මණ්ඩලය අවධාරණය කර තිබේ.

Lakshika has changed her job

By: Prosperity Tech On: 4:27 AM

ලිංගික අල්ලසින් පස්සේ ලක්ෂිකාගේ ජොබ් එකත් වෙනස්වෙලා

යොවුන් නිළියක් වන ලක්ෂිකා ෆොන්සේකා පත්තර රස්සාවට බැස ඇති බවට රාවයක් පසුගිය දිනවල කලා කේෂත්‍රයෙන් වාර්තා විය.

ඒ සම්බන්ධයෙන් අප කළ හෙළිදරව්කදී හෙළිවූයේ ලක්ෂිකා, බ්ලැක් සූට් එක්ක පත්තර විකිණීමේ වැඩකට අත ගසා ඇති බවයි. කෙසේවුවද බ්ලැක් සූට් නැත්නම් චාමර හා ලක්ෂිකා මෙසේ පත්තර විකිණීමට පටන්ගෙන ඇත්තේ ක්‍රිස්ටි ශෙල්ටන් ප්‍රනාන්දුගේ අලුත්ම ටෙලි සිත්තම වන T 20 වෙනුවෙනි.

මේ ටෙලියේ රූගත කිරීම් මේ දිනවල මට්ටක්කුලියේදි සිදුවන බව වාර්තා වේ.


ලක්ෂිකා එහි නටාෂා ලෙස චරිත මවන අතර මෙය අසංක සායක්කාරගේ පිටපතකට අනුව නිර්මාණය වන්නකි.

Vimukthi Kumaratunga helps to catch five-foot boa constrictor

By: Prosperity Tech On: 3:31 AM

දේශපාලනයට පයින් ගැහුව විමුක්ති වැඩ පෙන්වයි

වාහනය ඇතුළේ ඉඳන් පැය තුනක් තිස්සේ කරපු මෙහෙයුම සාර්ථකයි

බ්‍රිතාන්‍යයේ මෝටර් රථයක් තුළ සිරවී සිටි සර්පයෙකු කිසිදු හානියක් නොමැතිව අල්ලා ගැනීමට හිටපු ජනාධිපතිනියගේ පුතු වන විමුක්ති කුමාරතුංග මහතා සමත් වී තිබේ.

අදාළ මෝටර් රථයේ සුක්කානම ආසන්යේ පිඹුරු වර්ග‍යට අයත් සර්පයෙකු සිට ඇති බවත්, එහිදී මොටර් රථයේ හිමිකරු විසින් විමුක්ති කුමාරතුංග මහතාට දුරකථනයෙන් පණිවිඩයක් ලබාදී ගෙන්වා ගෙන ඇති බවත් විදේශ වාර්තා පෙන්වා දෙයි. එහිදී අදාළ සර්පයාට හෝ කිසිදු පුද්ගලයෙකුට හානියක් නොවන ආකාරයෙන් ඔහු විසින් සර්පයා එම ස්ථානයෙන් මුදා ගැනීමට සමත්වී ඇත.

පිඹුරු විශේෂයක් බව පැවසෙන එම සර්පයා අඩි පහක් පමණ දිගින් යුතු බව කියැවෙයි.

එම සර්පයා වාහනයෙන් එළියට ගැනීමට කාර්මික ශිල්පියෙකුගේද සහය ලබාගෙන ඇති අතර සම්පූර්ණ මෙහෙයුම සඳහා පැය තුනක පමණ කාලයක් ගතවී ඇති බව විදේස් වාර්තා අනාවරණය කරයි.

විමුක්ති කුමාරතුංග මහතා උසස් අධ්‍යාපනය සඳහා 2005 වසරේදී බ්‍රිතාන්‍යයේ බ්‍රිස්ටල් සරසවියට සුදුසුකම් ලබාගෙන ඇති අතර ඔහු පශු වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් විශේෂඥවරයෙකු බවද පැවසෙයි.





eGossip.lk


Friday, April 3, 2015

Actress Nadeesha hemamali to quit politics

By: Prosperity Tech On: 6:55 PM

නදීෂා හේමමාලී දේශපාලනයෙන් සමුගනී


යහපාලන ආණ්ඩුව නදීෂාටත් එපා වෙලා... 

පසුගිය දකුණු පළාත් සභා මැත්වරණයේ දී මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත් වූ ජනප්‍රිය නිළි නදීෂා හේමමාලී දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

එම මැතිවරණයයෙන් පරාජයට පත් වූවද ඌව මැතිවරණයේදී 'හරින් ප්‍රනාන්දු' ජයග්‍රහණය කරවීම වෙනුවෙන් මෙන්ම රාජපක්ෂ රෙජීමය පළවා හැරීම සඳහා ද ඇය එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වී පොදු අපේක්ෂකයා දිනවීම වෙනුවෙන් දේශපාලන ක්‍රියාකරකම්වල අඛන්ඩව යෙදී සිටියා ය. කෙසේ නමුත් මේ වනවිට නදීෂා හේමමාලි වත්මන් දේශපාලනය සම්බන්ධයෙන් වන යම් යම් කළකිරීම් නිසා දේශපාලනයෙන් සමුගෙන නැවත වෘත්තීමය නිළියක් ලෙස කලා ක්ෂේත්‍රයේ නිරත වී කටයුතු කිරීමට තීරණය කර තිබේ.



ඒ නිසාවෙන්ම මේවන විට නදීෂා රංග අභ්‍යාසයන්හී නිරත වෙමින් සිටින බවත්,
ඉදිරියට වසර දෙකක කාලයක් පූර්ණ කාලිනව කලා ක්ෂේත්‍රයේ ‍රැඳී සිටින බවත් නදීශා පවසා සිටී.





eGossip.lk

Multiracial Miss Universe Japan hopes to change homeland's thinking on identity

By: Prosperity Tech On: 10:07 AM

විශ්ව රූ රැජින තරග බිමට කළුජාතික ජපන් තරුණියක් 

2015 විශ්ව රූ රැජින තරඟ බිම නියෝජනය කරන ජපන් රූමතිය තේරීමේ තරගය පසුගියදා නිමාව දුටුවේ අරියානා මියෝමොටෝට කිරුළ හිමිකරදෙමිනි. විසි හැවිරිදි අරියානා අප්‍රිකානු සම්භවයක් ඇති ඇමෙරිකානු පියෙකුට දාව ඉපදීම හේතුවෙන් ඇයට ජපානය නියෝජනය කිරීමට සුදුසුකමක් නොමැති බවට විවේචන එල්ල වෙයි. කෙසේ වෙතත් නාගසාකි නගරයේ ඉපිද ජපන් භාෂාව හා සංස්කෘතිය අනුව හැදීවැඩුණු ඇයට ජපානය නියෝජනය කිරීමට නෛතික හැකියාවක් ඇති බව තරග සංවිධායකයන් පවසා තිබේ.

 



(ada.lk) 
 

Sanath Jayasuriya-led selection panel resigns after Sri Lanka Cricket revamp

By: Prosperity Tech On: 8:02 AM

ජයසූරිය තනතුරින් අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඉල්ලා අස්වීමට අදාළ ලිපිය අද උදෑසන ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමු කළ බව සනත් ජයසුරිය මහතා සඳහන් කළේය.

නව ක්‍රිකට් අතුරු කමිටුවට සිය කාර්යයන් ඉටු කිරීමට අවශ්‍ය සහයෝගය දැක්වීමක් වශයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවද ඔහු පැවසුවේය.

මේ අතර තේරිම් කමිටු සාමාජික හෂාන් තිලකරත්න මහතාද එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

Youth Dies After Run Away from Police at Pasyala (CCTV)

By: Prosperity Tech On: 7:44 AM

පොලිසියෙන් බේරෙන්න පස්යාලේ තරුණයා තට්ටු තුනේ නිවසින් පැනලා මියගිය හැටි - CCTV දර්ශන

නිට්ටඹුව - පස්යාල ප්‍රදේශයේදී පහරදීමකින් මියගිය බව සඳහන් වූ පුද්ගලයා මියයාමට හේතුව මහල් ගොඩනැගිල්ලකින් පහළට ඇදවැටීම බව හෙළි වී තිබෙනවා. කෙසේ වෙතත්, සිද්ධිය පිළිබඳ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

ඊයේ (02) රාත්‍රි 8.30 ට පමණ පස්යාල ප්‍රදේශයේදී බීමත් පුද්ගලයෙකු නවතා තිබූ ලොරි රථයකට පහරදී තිබෙනවා. ඉන් අනතුරුව ලොරි රථය තුළ සිටි පුද්ගලයන් දෙදෙනාද ඔහුට පහරදී ඇති බව සඳහන්.
පසුව ඒ ආසන්නයේ රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු එම ස්ථානයට පැමිණ බීමත් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කර තිබෙනවා. එහිදී පොලිස් නිලධාරීයා සහ බීමත් පුද්ගලයා අතර ගැටුමක් ඇති වී තිබෙන බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිස් නිලධාරියාගේ ග්‍රහණයෙන් මිදී බීමත් පුද්ගලයා පළාගොස් ඇති අතර, ටික වෙලාවකට පසු ඔහුගේ සිරුර හමුවී ඇත්තේ ගැටුම වූ ස්ථානය සමීපයේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක් ආසන්නයේ තිබියදීයි.

පොලිස් නිලධාරීයා සමඟ පොර බැදීමෙන් පසුව මොහු දිවගොස් ඇත්තේ මෙම තෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලයටයි. අනතුරුව එම මහලේ සඳළුතලයෙන් පහළට බැසීමට උත්සාහ කිරීමේදී ඇද වැටී ඇති බවයි පොලිසිය පවසන්නේ. මීට අදාළ සී.සී.ටී.වී. දර්ශනද පොලිසිය වෙත ලැබී තිබෙනවා. එම දර්ශන පොලිසිය අද දහවල් මාධ්‍ය වෙත ද නිකුත් කළා.

එම වීඩියෝ දර්ශන පහතින් නරඹන්න

David Cameron reveals he is related to Kim Kardashian

By: Prosperity Tech On: 7:14 AM

සරාගී කිම් හා බ්‍රිතාන්‍ය අගමැති අතර ඇති සම්බන්ධය හෙළිවෙයි

කාලයෙන් කාලයට විවිධ පුවත් හොලිවුඩ් කලා ලොවට නිර්මාණය කරන සරාගී නිළි කිම් කර්ඩේෂියන් පිළිබඳව මේ වන විට නැවතත් කතාබහක් ඇති වී තිබෙනවා.

මෙයට හේතු වී ඇත්තේ ඇය බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් සමඟින් ඥාති සම්බන්ධතාවක් ඇති බවට කැමරන් ප්‍රසිද්ධියේ පිළිගැනීම නිසාවෙනුයි.මෙම සම්බන්ධය පිළිබඳව මීට පෙරද විවිධ වෙබ් අඩවි ඔස්සේ තොරතුරු වාර්තා කර තිබුණද කැමරන් විසින් එයට පිළිතුරක් ලබාදී තිබුණේ නැත. ප්‍රථම වරට ඔහු විසින් හීට් නැමති සඟරාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මෙම ඥාති සම්බන්ධතාවය ගැන තහවුරු කර ඇත.

මෙම සඟරාවේදී ඩේවිඩ් කැමරන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කර ඇති අතර ඔහු කුඩා කල බලපොරොත්තු වූයේ කවරෙකු වීමටද යන්න වගත් විමසා ඇත. ඔහු එහිදී ප්‍රකාශකර ඇත්තේ ගොවියෙකු, ලොරි රියදුරෙකු හා සෙබළෙකු වීමට ඔහු කැමැත්තෙන් සිටි බවයි.



(hirufm.lk)