Wednesday, April 1, 2015

Colombo Outer Circle Road estimate reduced by 30 billion

By: Prosperity Tech On: 6:42 AM

පිටත වටරවුම මාර්ගයේ ඇස්තමේන්තුව බිලියන 30කින් අඩු වෙයි

ජනාධිපතිවරයාගේ චීන සංචාරයේදී දෙරට අතර අර්බුදයකට තුඩු දිය හැකි කිසිදු කරුණක් සාකච්ඡා නොවූ බව රජය පවසනවා. අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ අද පැවැත් වූ මාධ්‍ය හමුවකදී සදහන් කළේ පෝට් සිිටි ව්‍යාපෘතිය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණ ගැනීම සඳහා දෙපාර්ශ්වයේ අවධානය යොමුවූ බවයි.

නොසිතූ තරම් වත්මන් රජයට විදෙස් ආධාර ලැබෙමින් ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළා.

අපට ලෝකයේ හැම කොනකින්ම සල්ලි එන්න පටන් අරන් තියෙනවා. චීනයෙන් එක කොටසක් ලැබිලා තියෙනවා. අද කොරියාවෙන් හිතපු නැති තරමින් ඇවිල්ලා තියෙනවා. ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තිබුන ප්‍රමාණයට වඩා තුන් හතර ගුණයකින් දෙන්න අදහස් කරලා තියෙනවා. ඉතින් අපි පුළුවන් තරම් ආධාර ලබා ගන්නේ.
බැරි වුනොත් තමයි ණය , එදා වගේ සීයට 6යේ හතේ නෙමෙයි. වැඩිම 1%යි අන්න ඒ වගේ ණය තමයි ගන්නේ.

ජනාධිපතිවරයාගේ සංචාරයේ ප‍්‍රතිඵලයක් ලෙස චීනය ශ‍්‍රී ලංකාවට විශාල ආධාර මුදලක් ලබාදීමට එකඟතාව පළ කර ඇති බව මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කෙරුණා. එහිදී මාධ්‍යවේදීන් විමසුවේ එවැනි තත්ත්වයක් හමුවේ පෝට් සිටි ව්‍යාපෘතිය යම් හෙයකින් නතර කිරීමේ හැකියාවක් තිබේද යන්නයි.

මේ අතර කොළඹ පිටත වටරවුම් මාර්ගය ඉදිකිරීම සඳහා ඇස්තමේන්තු කර තිබූ මුදලින් රුපියල් බිලියන 30ක් අඩු කිරීමට දෙරට අතර සාකච්ඡාවලදී එකඟතාවකට එළඹුණු බවද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළා.

දැන් මේ එක ව්‍යාපෘතියක බිලියන 30ක් අපිට අඩු කරනවා. ඒකෙන් තේරෙනවනේ මොන තරම් දුෂණයක් ලංකාවේ සිදු වුනාද කියලා. මේ සල්ලිවලින් තමයි රැලි තියන්නේ. බස් ගේන්නේ.
(nethfm.com)

Tuesday, March 31, 2015

Gurgaon girl Aditi Arya crowned fbb Femina Miss India

By: Prosperity Tech On: 2:55 AM

2015 ඉන්දීය රූ රැජින

ආදිති ආර්යා 2015 ඉන්දීය රූ රැජින බවට තේරී පත්වී ඇත. පෙරේදා පැවති 52 වැනි ෆෙමිනා ඉන්දීය රූ රැජින තේරීමේ තරඟයේදී ඇය මෙලෙස ඉන්දීය රූ රැජින ලෙස කිරුළු පළදින ලදී. මේ අනුව ඇය ඉන්දියාව නියෝජනය කරමින් ලෝක රූ රැජින තරගය සඳහා ඉදිරිපත් වීමට නියමිතව ඇත. දිල්ලියේ උපන් 21වැනි වියැති ආදිති පරියේෂණ විශ්ලේෂකයෙකු ලෙස පෞද්ගලික සමාගමක සේවය කරන්නියකි.


























Monday, March 30, 2015

Gayesha back in Politics

By: Prosperity Tech On: 9:35 PM

ගයේෂා නැවතත් දේශපාලනයට

''රටේ මිනිස්සු මට කැමතියි.. ඉතින් දේශපාලනය කරන එකේ ඇති වැරැද්ද මොකක්ද...?''

2006 වසරේ ශ්‍රී ලංකාවේ රූප රාජිණික් වූ ගයේෂා පෙරේරා 'ඉගිලෙන මාලුවෝ' චිත්‍රපටයේ හරහා අන්දොලනාත්මක චරිතයක් නිරුපණය කරන ලදි. එමෙන්ම හිටපු ජනපති සමඟ එක්වෙමින් පසුගිය වසරේ දී දේශපාලන භුමිකාවට පිවිසිමට ද උත්සහයක් ගත් නමුත් බලාපොරොත්තු සුනු විසුණු කරමින් ගයේෂා පෙරේරාට දේශපාලනයට එක්වන්නට නාම යෝජනා නොලැබුණි. නමුත් ඇය දේශපාලනයට එක්වන්නට තිබෙන අදහස නම් අත්හැරගෙන නොමැත. ඇය තවමත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂට සිය සහය දක්වමින් සිටි. මේ සෑම දෙයක්ම පිටුපස දේශපාලනයට එක්වීමේ අදහසත් ගයේෂාගේ හිතේ තිබෙනවා. ඒ ගැන කියමින් ගයේෂා දැක්වු කෙටි අදහස් කිහිපයකි මේ...

"දින 100යේ යහපාලනයක් ගැන අපි හැමෝම කතාකරනවා. මහජනතාව ජන බලය ලබාදී අවසානයි. අපි බලාගෙන ඉන්නවා දින 100 අවසන් වන තුරු ඔවුන් දුන් පොරොන්දු ඉටු කරයිද? කියලා.

මම තවමත් තීරණය කරලා නැහැ ඉදිරියේ දී දේශපාලනයෙන් තරඟවදිනවාද නැද්ද කියලා අවස්ථාවක් ලැබුණොත් දේශපාලන කටයුතුවල නියෑලෙන්න මම කැමති පක්ෂයක් වටා, මම කැමති පුද්ගලයෙක් වටා එකතු වෙන්න අවස්ථාවක් ලැබුණොත් දේශපාලනය කරන්න සහ මැතිවරණ කටයුතුවල යෙදෙන්න මම අනිවාර්යෙන්ම ඒ අවස්ථාව බාරගන්න ලෑස්තියි.

ලංකාවේ නොවැදගත් මිනිස්සු දේශපාලනයේ නියැලෙන නිසා ප්‍රශ්න ඇතිවන අවස්ථා බොහොමයි. ඒ අය ජනතාවගේ ප්‍රශ්න තෙරුම් ගන්නේ නැහැ... මිනිස්සුන්ගේ ප්‍රශ්න තෙරුම්ගන්න පුළුවන් මිනිස්සු දේශපාලනයේ නියෑලෙන්න අවශයයි.

නළු, නිළියෝ දේශපාලනයේ නිරතවන එකේ මම නම් කිසිම වරදක් දකින්නේ නැහැ... මොකද නළු නිළියෝ කියන්නේ දේශයේ මිනිසුන් ආදරය කරන අය.. ඉතින් ඒ අය තුළිනුත් මං හිතන්නේ උගත්, බුද්ධිමත් සහ වැඩක් කරන්න පුළුවන් නායකයින් බිහිවෙනවා නම්, මිනිස්සුන්ගේ ප්‍රශ්න කතාබහ කරලා ඒ අයට විසදුමක් දෙන්න පුළුවන් වේවි."


 



eGossip.lk

Sirisena son in low's new vehicle

By: Prosperity Tech On: 8:53 PM

සිරිසේනගේ බෑණාට ලක්ෂ 435 මෝටර් රථයක්!

තාත්තාගේ අමාත්‍යාංශය කළු ද සුදු ද කියලාවත් අපි දැකලා නැහැ කියාගෙන නාහේන් අඬාගෙන ආපු යහපාලක මෛත්‍රීපාල සිරිසේනගේ දෝණි නැන්දා දැන් ලහි ලහියේ සුදානම් වෙමින් සිටින්නේ ලඟ එන මහා මැතිවරණයට තරග වැදිමට බව මේ රටේ නොදන්නේ යහපාලනයට කඩේ යන ටොයියන් පමණි. මහින්ද රාජපක්ෂගේ පවුල් ගස ට එරෙහි ගොඩ නැගුණු ජන බලයට නිගා කරමින්, මෛත්‍රීපාල ජනාධිපති වරයා, සිය සහෝදරයා වන පී.ජී.කුමාරසිංහ ව ටෙලිකොම් සභාපති කිරීමෙන් නොනැවතුන අතර සිය බෑණා, දියණීය චතුරිකාගේ සැමියා වන තිලින සුරන්ජිත්ව(Thilina Suranjith ) ආරක්ෂක අමාත්‍යංශයේ මහජන සම්බන්ධතා නිලධාරී වශයෙන් පත්කරක ගත්තේ යහපාලනය ගැන තිබුණු බලාපොරොත්තුව බිද දමමනි.

දැන් ඒ ගැන් කතා කර වැඩක් නැත ....මාමණ්ඩියගේ ගෙදරට වෙලා වි තම්බා දෙන බත් පත ගිල දමමින් සිටි සුරංජිත්ට නව රැකියාවෙන් ලැබෙන පඩිය වනුයේ සියලුම දිමනා සහිතව රුපියල් 250000/- කටත් අඩු මුදලකි.

ඒ වුනාට මෛත්‍රී බෑණා පොඩ්ඩ නෑ බෑ නොකියාම ජර්මනියෙන් රුපියල් ලක්ෂ 435ක් වටිනා මෝටර් රථයක් ඇනවුම් කර තිබේන බව යහපාලන ටොයියන් දන්නවාද දන්නේ නෑ.ලබන මස (අප්‍රියෙල්) 10 වැනිදාට පෙර එම රථය ලංකාවට ලගාවිමට නියමිත අතර මේ ලක්ෂ 435 තමන්ට යහපාලන දුව කර ගැහුවාට ලැබුනු දැවැද්ද නොවන බව ටොයියන්ට නොතෙරුනද බයියන්ට හොදටම තෙරේ.

SS -LNWP
(newsofcolombo.com)

Nadesha Hemamali loves Shihan Mihiranga

By: Prosperity Tech On: 3:31 AM

නදීෂා ශිහාන්ට ආදරේ කරන බව ඔහු ඉදිරියේම හෙලිකළ හැටි - වීඩියෝ

නදීෂා හේමමාලී, ශිහාන් මිහිරංග කියන්නේ මේ වෙනකොට ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ කා අතරත් ජනප්‍රියත්වයට පත්වුණු කලාකරුවන් දෙදෙනෙක්. නදීෂා තමන්ගේ රංගන හැකියාවෙන් රසික සිත් වසඟ කරනකොට ශිහාන් ඔහුගේ මිහිරි කටහඬින් ගායන ක්ෂේත්‍රයේ නොමැකෙනා නමක් තබා අවසානයි.
ඔය අතරේ නදීෂාට ශිහාන් ගැන පොඩි ආදරයක් ඇතිවෙලා තියෙනවා. මේ ගැන ඇය තාත්තටත් කියලා.
අපිට මේ ගැන ආරංචි වුනේ ඊයේ (29) දිනයේ හිරු ටීවී තුලින් විකාශය වුනු Copy Chat වැඩසටහනේදී. බලන්නකෝ නදීෂා ශිහාන්ට තියෙන ආදරේ තාත්තාට කීව විදිය ගැන පහත වීඩියෝ එකෙන්ම.

Interesting Things You May Not Know About the Clitoris

By: Prosperity Tech On: 12:38 AM

භගමනිය පිළිබඳව ඔබ නොදත් කරුණු 

සාමාන්‍යයෙන් කාන්තාවන් තමන්ගේ ලිංගික ඉන්ද්‍රියන් පිළිබඳව සාකච්ඡා කරන්නේ බොහෝ අඩුවෙනි. ඒ නිසාම කාන්තාවන්ගේ ලිංගික උත්තේජනයන් පිළිබඳව විවෘතව කථා කෙරෙනාවාද බොහෝ සෙයින් අඩුය.

ලිංගකිව උත්තේජනය වීමේදී පිරිමින්ගේ ශිෂ්ණය ප්‍රාණවත් වී සෘජු වෙනවා සේම කාන්තාවන්ගේ භගමනියද (Clitoris) ප්‍රාණවත් වී දැඩිවන බව ඉතාලියේ වින්සෙන්සෝ පප්පෝ (Ph.D) පවසනවා. මේ බව පප්පෝස් ඇනටොමි ඇන්ඩ් පිසියලොජි කෘතියේ මනාව පැහැදිලි කොට තිබෙනවා.

පහත දැක්වෙන්නේ එම කෘතියේ පෙන්වා දී ඇති කාන්තා භගමනියේ අප නොදත් කරුණු කිහිපයකි.

එය කාන්තාවගේ ශිෂ්ණය ලෙසද හැඳින්විය හැකිය
කාන්තාවගේ භගමනිය නැමැති ඉන්ද්‍රිය පුරුෂයින්ගේ ශිෂ්ණයට සමාන කල හැකිය. එහි වෙනස්කම වන්නේ කාන්තා භගමනිය ශිෂ්ණයට වඩා ප්‍රමාණයෙන් බොහෝ කුඩා වීමයි. නමුත් එය බහු ක්‍රියාකාරී ශිෂ්ණය මෙන් නොව, සම්පූර්ණයෙන්ම එය නිර්මාණය වී තිබෙන්නේ ලිංගික උත්තේජය සඳහාමයි.(පුරුෂ ලිංගය ලිංගික කටයුතු සඳහා මෙන්ම මූත්‍රා පිට කිරීමටද නිර්මාණය වී තිබේ)
කෙසේ වෙතත් මෙම ඉන්ද්‍රියන් දෙකේ ලිංගික උත්තේජය සඳහා දායක වෙන්නේ සම්පූර්ණයෙන් වෙනස් හෝමෝන දෙකකි.
කාන්තා භගමනිය විවිධ ප්‍රමාණයන්ගෙන් යුක්ත වේ. නමුත් එය ලිංගික උත්තේජය සඳහා කිසිසේත්ම ගැටලුවක් නොවේ.
කාන්තා භගමනිය ප්‍රමාණයෙන් විවිධාකාර වේ. එය භාහිරට සෙන්ටි මීටර් 3 ක් දක්වා දිගින් යුක්ත විය හැකිය.
කෙසේ වෙතත් එම ඉන්ද්‍රිය උත්තේජනය වී සුරතාන්තය දක්වා යන විට එයට දැනෙන හැඟීම් දැනීම් තව තවත් වැඩි වන බව එම කෘතියේ කතෘ පප්පෝ පවසයි.
එයට වයස අදාල වන්නේ නැත
පිරිමින්ට මෙන් නොව කාන්තාවන්ගේ භගමනියේ සංවේදීභාවයට වයස ගැටලුවක් වෙන්නේ නැත. සමහර පිරිමින්ගේ ශිෂ්ණයේ ක්‍රියාකාරීත්වය වයසත් සමග හෝ තරුණ කාලයේදීම හෝ ලිංගික කෘත්‍ය සඳහා ප්‍රාණවත් නොවීමේ ගැටලු මතුවේ. එහෙත් කාන්තාවගේ භගමනියට එවන් ගැටලුවකට මුහුණ දීමට සිදු නොවේ.
කාන්තාවට ඕනෑම වයසකදී ලිංකිකව එක්වීමේ කායික හැකියාව තිබේ.
භගමනිය උත්තේජයෙන් සුරතාන්ත වැඩි ප්‍රමාණයක් ලබා ගත හැකිය
කාන්තා භගමනිය ප්‍රමාණයෙන් සසඳන විට පුරුෂ ලිංගයට වඩා බොහෝ සෙයින් කුඩා ඉන්ද්‍රියකි. එහි ස්නායු අන්තයන් ඉතාමත් සංවේදී වේ.
එහි ප්‍රතිඵලයක් ලෙස එය පුරුෂ ලිංගයට වඩා ඉක්මනින් ලිංගික හැඟීම්වලට ප්‍රතික්‍රියා දක්වයි. එම නිසා පුරුෂයින්ට මෙන් නොව කාන්තාවන්ට ලිංගික සන්තර්පනයන් (සුරතාන්තයන්) වාර ගණනක් අත්විඳිය හැකිය. එම නිසා පුරුෂයකු එක් වරක් ලිංගිකව සන්තර්පනය වන විට, කාන්තාවක් කිහිප වරක් ලිංගිකව සන්තර්පනය වීමට අවස්ථාව තිබේ.
එය පුරුෂ ලිංගයට වඩා විශාල විය හැකිය
ඔස්ට්‍රේලියානු පර්යේෂණයකට අනුව කාන්තා භගමනිය අඟල් 6ක් දක්වා ශරීර අභ්‍යන්තරයට පිහිටා තිබිය හැකිය. එම නිසා එහි සැබෑ ප්‍රමාණය සමහරවිට පුරුෂ ලිංගයට වඩා විශාල විය හැකිය.

Sunday, March 29, 2015

Women With Vaginal Piercings Classified As FGM Victims

By: Prosperity Tech On: 9:22 PM

බ්‍රිතාන්‍යයේ කාන්තාවන්ට යෝනි මාර්ගය සිදුරු කිරීම තහනම්

එංගලන්තයේ වෙසෙන කාන්තාවන්ට ඔවුන්ගේ යෝනි මාර්ගය ආශ්‍රිතව කරාඹු දැමීම සඳහා සිදුරු කිරීම (Piercings) තහනම්කර තිබෙනවා.


මෙම තහනම යෝනිමාර්ගය ආශ්‍රිත රූපලාවන්‍ය සැත්කම් සඳහාද බලපැවැත්වෙන බව මාධ්‍ය වාර්ථා සඳහන් කරනවා. නව නීතිය ලබන මාසයේ (අප්‍රේල්) සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ අනුව යෝනි මුඛය හෝ භගමනිය ආශ්‍රිත ප්‍රදේශය සිදුරු කිරීම තහනම් වෙනවා. කෙසේ වෙතත් කිසියම් සෞඛ්‍ය ගැටලුවක් හේතුවෙන් වෛද්‍යවරයෙකුගේ නිර්දේශය මත රූපලාවන්‍ය සැත්කමක් සඳහා යොමුවිය හැකියාව තිබෙනවා.

සංඛ්‍යලේකන වලට අනුව 170,000 පමණ බ්‍රිතාන්‍ය කාන්තාවන් තම යෝනි මාර්ගය ආස්‍රිත ප්‍රදේශය සිදුරුකර තිබෙනවා. කාන්තාවන් මෙසේ යෝනි මාර්ගය සිදුරු කරන්නේ බොහෝ විට කරාඹු පැළඳීම සඳහා බව ප්‍රකට කරුණකි.

 


Twitterati Blames Anushka Sharma For India Loosing The Match

By: Prosperity Tech On: 9:09 PM

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පරාජය සම්බන්ධයෙන් අනුෂ්කා ෂර්මාට ‘බලු බැනුම්’

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ඉන්දීය කණ්ඩායම ලැබූ පරාජයට බැනුම් ඇසීමට සිදුව ඇත්තේ, බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මාට ය.
වෙන දා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නිවෙස්වලට ගල් ගැසූ ඉන්දීය ක්‍රිකට් ලෝලීන් මෙවර අනුෂ්කාගේ නිවසට ගල් ගැසීමට සූදානම් වන බවක් පෙනේ.
විශේෂයෙන්, සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ අනුෂ්කා ෂර්මාට විවිධ ආකාරයේ දෝෂාරෝපණ එල්ල වෙමින් පවතී.
ඔවුන් චෝදනා කරනුයේ, අනුෂ්කා ෂර්මා හේතුවෙන් විරාට් කෝලිට සාර්ථකව ක්‍රීඩා කළ නොහැකි වූ බවට ය.

මේ අතරින් සුවිශේෂී Tweet පණිවුඩයක් වූයේ, ඉන්දීය ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදකයෙකු වන Kamaal R. Khan යොමු කළ පණිවුඩය යි.
kohli_anushka_KRK
එහි සඳහන් වන්නේ, ඉන්දියාවේ පරාජයට හේතු වූ අනුෂ්කා ෂර්මාගේ නිවසට ගල් ගැසිය යුතු බව ය.
අනුෂ්කා ෂර්මාට එරෙහිව පළ කළ තවත් Tweet පණිවුඩ කිහිපයක් පහත දැක්වේ.
Mohamed Shifan Tweeted: @mustho Anushka’s too much love is doing him no good. The boy left with just one run. A big lol indeed.
Gautam Bhimani Posted: Hey how far is the NH10 from the SCG?” Anushka
Dr. Neha R Vijayakar Wrote: Why oh why didn’t Anushka have some other surgery to undergo today?
Kamaalrkhan: Request to all the people to go n throw stones at the house of Anushka Sharma who is reason for the defeat of India
Tamil Movies Posted: Dhoni asked Kohli to spend time with Sharma. Kohli understood it as Anushka Sharma instead of Rohit Sharma
SUHEL SETH Posted: I feel sorry for Anushka. To go Down Under to see VIRAT go down under must be heart-wrenching. She could have easily seen him at home.
Zarqa Tweeted: If we make it to the finals, then can they please ban Anushka from the stadium!
Suzi Mann Posted: I knew Anushka landing up in Sydney was a bad idea! #AUSvIND
Zaid Hamid Wrote: Anushka Sharma should be declared National Panauti.
Fun With Hashtags Wrote: Anushka : I want you here in 5 minutes. Virat : Ok My Love.
$ir $ri $ri Magal Posted: Sigh. Kohli is out. On the positive side, the cameraman can get back to focusing on the match instead of Anushka Sharma.
Smita Posted: ANUSHKA SHARMA FILMS BANNED IN OUR HOUSE FROM TODAY !! #IndVsAus
You Know!! : Anushka Bhabhi take first flight and come back to #Ind. Your work is over now. #IndvsAus
Atul Khatri Tweeted: Hey Anushka, can you please distract the Aussie fielders on the boundary by showing them your lip job ? Plleeeaasee
Sittu Wrote: Trouble for Virat, Rohit is scoring runs just to impress Anushka… Virat bach ke ! #IndvsAus
BK Posted: Virat Kohli is an overhyped cricketer..next time make sure ur gf is not there ..u screwed it up big time
Tejas Barot Tweeted: Just watched #IndVsAus and i am blown away. What a brilliant film and specially an outstanding performance by my love Kohli – Anushka !:)

(newsfirst.lk)

 

Shilpa Shetty Accused In Fraud Case

By: Prosperity Tech On: 6:19 AM

කෝටි 9ක් වංචා කළැයි බොලිවුඩ් නිළි ශිල්පා ෂෙට්ටිට නඩු

මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුපිරි බොලිවුඩ් නිළියක වන ශිල්පා ෂෙට්ටිට කල්කටාහි ෂේක්ස්පියර් සාරනී ‍පොලිසිය විසින් කල්කටා මහාධිකරණයේ නඩු පවරා තිබේ. ඇය විසින් මුම්බායිහි පවත්වාගෙන ගිය පෞද්ගලික ව්‍යාපාරික ස්ථානයක් නඩත්තු කිරීම සඳහා කල්කටාහි එම්.කේ. මීඩියා නම් ආයතනයෙන් කෝටි 9ක ණය මුදලක් ලබාගෙන එම මුදල නොගෙවා සිටීමට කටයුතු කිරීම හේතුවෙන් ඇයට එරෙහිව එම ආයතනය විසින් කල්කටා මහාධිකරණයේ නඩුවක් පවරා තිබිණි. එම නඩුව සැලකිල්ලට ගත් මහාධිකරණය මේ පිළිබඳ ෂේක්ස්පියර් සාරනී ‍පොලිසියට විමර්ශනයක් කර අධිකරණයට කරුණු දක්වන ලෙස නියෝග කළේය.
මෙසේ ලබාගත් කෝටි 9ක මුදල වසරකට වාරික දහය බැගින් ගෙවන බවට හා තම ව්‍යාපාරයෙන් රුපියල් ලක්ෂ 30ක මුදලක් ගෙවන බවට ‍පොරොන්දු වී ශිල්පා ෂෙට්ටි ලබාගෙන ඇති බව ‍පොලිසිය අධිකරණයට දන්වා ඇත.

rivira.lk

Cricket World Cup 2015: Australia crush New Zealand in final

By: Prosperity Tech On: 6:01 AM

ලෝක කුසලානය කැනගරුවන්ට

කි‍්‍රකට් ලෝක කුසලානය ඕස්ටේ‍්‍රලියාව හිමිකර ගනියි. එ් නවසීලන්තය සමඟ අද පැවැති ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී කඩුලූ 7කින් ජය වාර්තා කරමිනි.ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම සියලූදෙනා දැවී ලකුණු 182ක් ලබාගත්තේ ය. පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම කඩුලූ 3ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 183කි.
ජාත්‍යන්තර කි‍්‍රකට් දිවියේ අවසන් තරගයට කි‍්‍රඩා කළ ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් කලාර්ක් නායකත්ව ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 72කට ලකුණු 74ක් රැුස් කළේ ය.