Monday, March 30, 2015

Tagged Under: , , ,

Gayesha back in Politics

By: Prosperity Tech On: 9:35 PM

ගයේෂා නැවතත් දේශපාලනයට

''රටේ මිනිස්සු මට කැමතියි.. ඉතින් දේශපාලනය කරන එකේ ඇති වැරැද්ද මොකක්ද...?''

2006 වසරේ ශ්‍රී ලංකාවේ රූප රාජිණික් වූ ගයේෂා පෙරේරා 'ඉගිලෙන මාලුවෝ' චිත්‍රපටයේ හරහා අන්දොලනාත්මක චරිතයක් නිරුපණය කරන ලදි. එමෙන්ම හිටපු ජනපති සමඟ එක්වෙමින් පසුගිය වසරේ දී දේශපාලන භුමිකාවට පිවිසිමට ද උත්සහයක් ගත් නමුත් බලාපොරොත්තු සුනු විසුණු කරමින් ගයේෂා පෙරේරාට දේශපාලනයට එක්වන්නට නාම යෝජනා නොලැබුණි. නමුත් ඇය දේශපාලනයට එක්වන්නට තිබෙන අදහස නම් අත්හැරගෙන නොමැත. ඇය තවමත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂට සිය සහය දක්වමින් සිටි. මේ සෑම දෙයක්ම පිටුපස දේශපාලනයට එක්වීමේ අදහසත් ගයේෂාගේ හිතේ තිබෙනවා. ඒ ගැන කියමින් ගයේෂා දැක්වු කෙටි අදහස් කිහිපයකි මේ...

"දින 100යේ යහපාලනයක් ගැන අපි හැමෝම කතාකරනවා. මහජනතාව ජන බලය ලබාදී අවසානයි. අපි බලාගෙන ඉන්නවා දින 100 අවසන් වන තුරු ඔවුන් දුන් පොරොන්දු ඉටු කරයිද? කියලා.

මම තවමත් තීරණය කරලා නැහැ ඉදිරියේ දී දේශපාලනයෙන් තරඟවදිනවාද නැද්ද කියලා අවස්ථාවක් ලැබුණොත් දේශපාලන කටයුතුවල නියෑලෙන්න මම කැමති පක්ෂයක් වටා, මම කැමති පුද්ගලයෙක් වටා එකතු වෙන්න අවස්ථාවක් ලැබුණොත් දේශපාලනය කරන්න සහ මැතිවරණ කටයුතුවල යෙදෙන්න මම අනිවාර්යෙන්ම ඒ අවස්ථාව බාරගන්න ලෑස්තියි.

ලංකාවේ නොවැදගත් මිනිස්සු දේශපාලනයේ නියැලෙන නිසා ප්‍රශ්න ඇතිවන අවස්ථා බොහොමයි. ඒ අය ජනතාවගේ ප්‍රශ්න තෙරුම් ගන්නේ නැහැ... මිනිස්සුන්ගේ ප්‍රශ්න තෙරුම්ගන්න පුළුවන් මිනිස්සු දේශපාලනයේ නියෑලෙන්න අවශයයි.

නළු, නිළියෝ දේශපාලනයේ නිරතවන එකේ මම නම් කිසිම වරදක් දකින්නේ නැහැ... මොකද නළු නිළියෝ කියන්නේ දේශයේ මිනිසුන් ආදරය කරන අය.. ඉතින් ඒ අය තුළිනුත් මං හිතන්නේ උගත්, බුද්ධිමත් සහ වැඩක් කරන්න පුළුවන් නායකයින් බිහිවෙනවා නම්, මිනිස්සුන්ගේ ප්‍රශ්න කතාබහ කරලා ඒ අයට විසදුමක් දෙන්න පුළුවන් වේවි."


 



eGossip.lk

0 comments:

Post a Comment