Thursday, March 12, 2015

Sarana Gunawardena arrested by CID

By: Prosperity Tech On: 5:47 AM

සරණ ගුණවර්ධන රක්ෂිත බන්ධනාගාරයට

අත්අඩංගුවට පත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතා ලබන 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, රුපියල් ලක්ෂ 96ක මුදලක් වංචා කිරීම හා විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බව ය.

අදාළ චෝදනා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා සරණ ගුණවර්ධන මහතා අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවනු ලැබී ය.
ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනිණ.

Monday, March 9, 2015

All are asking about my marriage

By: Prosperity Tech On: 5:57 AM

විවාහය ගැන හැමෝම මගෙන් අහන්නේ ඔය දේම තමයි - ලෝචනා ඉමාෂි

*ලෝචනා මොනවද ඔබේ අලුත්ම තොරතුරු?
මේ දවස්වල ටෙලිනාට්‍ය කීපයකම ෂූටින්වලට සහභාගි වෙනවා. ඒත් එක්කම සුපුරුදු නිවේදන කටයුතුවලත් නිරත වෙනවා. තව මම රඟපාපු චිත්‍රපට කීපයක් තිරගත වෙන්න නියමිතයි. ඒ වගේම චිත්‍රපට කීපයකට ආරාධනා ලැබිලත් තිබෙනවා.
*ඔබ මේ දවස්වල ජීවිතේ වි‍ශේෂම පැතුමක් ඉටුකර ගන්නට සූදානම් වෙනවා කියලා ආරංචියි...?
කවුද කිව්වේ. කතාව නම් ඇත්ත තමයි. තව මාස දෙකකින් මම විවාහ වෙන්නයි සූදානම් වෙන්නේ.
*ඔබේ අත ගන්නේ කවුද කියල දැන ගන්න ඔබට ආදරය කරන රසිකයන් කැමැත්තෙන් ඇති?
ඒ කවුද කියලා තව සති කීපයකින් රසඳුනෙන්ම මම මගේ රසිකයන්ට කියන්නම්. මේ දවස්වල අපි විවාහය සඳහා සූදානම් වෙමිනුයි ඉන්නේ.

*ඔබට ඔහු හමුවුණේ කොහොමද?
අපි දෙදෙනා ඇත්තටම හමුවුණේ විවාහ යෝජනාවක් අනුවයි. මගේ මව් පියන් තමයි මගේ පෙම්වතාව මට මුණගැස්වුයේ.
*ඔබ නිළියක් කියලා ඔහු දන්නවාද?
අපි හමුවන විට මම රඟපාන බව ඔහු දැන සිටියේ නැහැ. මං ගැන තොරතුරු හරිම අඩුවෙන් තමයි ඔහු දැනගෙන ඉඳලා තිබෙන්නේ. අනෙක මම රඟපාපු ටෙලිනාට්‍යත් ඔහු එතරම් දැක තිබුණේ නැහැ.
*ඔහුත් කලාවට සම්බන්ධද?
ඔව්. ඒත් ඔහුගේ පදිංචිය ලංකාවේ නෙවෙයි. ඔහු කරන රැකියාවත් එක්ක ඔහු විදේශයක තමයි පදිංචිව සිටින්නේ. විවාහය ළං වෙලාම ඔහු ලංකාවට ඒවි. ඔහු කලාව ගැන දන්න ඒ ගැන හොදින්ම හදාරපු කෙනෙක්. එනිසා කලාවට සෑහෙන සම්බන්ධයක් ඔහුට තිබෙනවා.
*ඔහුගේ ගතිගුණ මොන වගේද?
එයාට තරහ යන්නෙ නැහැ. ගොඩක් හොඳයි. මම ටිකක් කියවනව වැඩි බව නම් ඔහු දන්නවා. මට හරි ආදරෙයි. ඒත් මම කෑ ගනහනවට කැමැති නැහැ.
*ඔබ තරමක් දඟකාරයි නේද?
මම දඟයි තමයි. ඒ මම රඟපාන චරිතවල විතරයි. එතනින් එහාට මම වෙනස් චරිතයක්. මම කවදාවත්ම කලා ක්ෂේත්‍රයේ නම කැත කරගෙනවත් ඕපාදූප හදාගන්නවත් වැඩ කරලා නැහැ.
*විවාහ වෙන්න ඉක්මන් වැඩිනැතිද?
මගේ විවාහය ගැන අහන හැමෝම මගෙන් අහන්නේ ඔය දේම තමයි. මගේ වයස තවමත් හුඟදෙනෙක් හිතන්නේ අවුරුදු 21ක් 22ක් වගේ කියලයි. දැන් මට අවුරුදු 27ක් වෙනවා. දැන් ජීවිතේ වගකීම් දරන්න සුදුසු වයස. එයට මම සූදානම්.
*ලෝචනාට ඉවුම් පිහුම් වැඩත් හොඳින් පුළුවන් ඇති?
මට රසට කෑම හදන්න පුළුවන්. බටහිර කෑම වර්ග තමයි වැඩියෙන්ම හදන්න පුළුවන්.
*ලෝචනා ඉදිරියේදී නිළියක් නොවී බිරිඳක් වෙන්නද බලාපොරොත්තුව?
එහෙම වෙන්නත් මම ආසයි. ගෙදරට වෙලා උයලා පිහලා ඉන්න ආසයි. ගෙදර අයත් එක්ක යාළුවොත් එක්ක මම ඉන්නේ හරිම විනෝදයෙන් සැහැල්ලුවෙන්. ඒත් ඉදිරියේදී බිරිඳක් ගෘහණියක් මවක් ලෙස වගකීමක් ගන්නත් මම කැමැතියි.
*විවාහයෙන් පස්සේ ඔබත් විදේශ ගත වෙනවාද?
ඔව්. මමත් විදේශගත වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද මම පුංචි කාළෙදි තමයි කලාවට සම්බන්ධ වුණේ. එදා සිට අද දක්වා මම පැමිණි ගමන් මග ගැන මට සතුටක් තිබෙනවා. හෙමිහෙමින් තමයි මම කලා ලොව ජයගත්තේ. වේදිකාව, ටෙලිනාට්‍ය, චිත්‍රපට කියන මාධ්‍ය ත්‍රිත්වයේම කටයුතු කළා.
එනිසා විවාහයෙන් පසුව විදේශ ගත වුණත් හිතට දුකක් නැහැ. ඒත් කලාවෙන් කිසිවිටෙක සමුගන්න නම් අදහසක් නැහැ. පුළුවන් හැම වෙලේම කලා නිර්මාණවලට මම දායක වෙනවා.
*ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?
හැමදාම මේ වගේ සතුටින් ඉන්න තමයි බලාපොරොත්තුව.

 silumina.lk

Sunday, March 8, 2015

Mahinda's next step

By: Prosperity Tech On: 10:06 PM

මහින්දගේ කුරුමානම කුමක් සඳහා ද? මහාචාර්ය සරත් විජේසූරිය

යම් කුමාරයෙකු විසින් අත්පත් කර ගනු ලබන රාජ්‍යය කලින් ඊටම විශේෂ වූ නීති අනුව නිදහසේ පැවැතීමට පුරුදුව සිටි රාජ්‍යයක් නම්, එය තමන්ගේ සම්පූර්ණ ග‍්‍රහණයට ගත හැකි ක‍්‍රම තුනක් තිබේ. ඉන් පළමුවැන්න එය විනාශ කිරීමය. එය නතු කර ගත් කුමාරයාම එහි ගොස් පදිංචි වීම දෙවැන්නය. නව පාලක කුමාරයා සමඟ රාජකීය මිත‍්‍රත්වය පවත්වා ගන්නා පුද්ගලයන් සුළු පිරිසකගෙන් සැදි ආණ්ඩුවක් එහි පිහිටුවීම හා පාලක කුමාරයාට ගරු බුහුමන් කරන ලෙස එ් ආණ්ඩුවට බල කරන අතරම, තමන්ගේ නීති යටතේ පැවැතීමට ඊට ඉඩ දීම තුන් වැනි ක‍්‍රමය යි.’’: නිකලොයි මකියා වෙලී. අදින් බොහෝ කලකට පෙර, රාජ්‍ය බලය සම්බන්ධයෙන් මකියාවෙලී විස්තර කර තිබෙන කාරණා අද අපට වඩාත් හොඳින් අවබෝධ වන්නේය. අද අප ජීවත් වන්නේ බලය වෙනුවෙන් බලය අවිනීත අන්දමින් පරිහරණය කරන සංදර්භයකය.

වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන් බොහෝදෙනා වෑයම් කරන්නේ රටේ දැවෙන ප‍්‍රශ්නවලට නිසි විසඳුම් සෙවීමට නොව, තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීමට බව පැහැදිලිය. විපක්ෂය කටයුතු කරන්නේ රටට අත්‍යවශ්‍ය දේශපාලන ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාවලිය සාපරාධී ලෙස අඩපණ කිරීමට බව පෙනේ. එ් පිටුපස වගකිව යුතු අන්දමින් රාජපක්ෂවරුන්ගේ අතපෙවීම් මෙන්ම හොල්මන් කිරීම් පවතින බව පැහැදිලිය. මහින්ද රාජපක්ෂ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සාවද්‍ය අන්දමින් සියතට ගෙන සිය පැවැත්ම වෙනුවෙන් එහි ශක්තිය දුබල කළේය. පක්ෂයට නායකත්වය දුන්නේ අවිනීත විලාසයකිනි. එපමණක් නොව ඔහු සන්ධානයේ මැති ඇමතිවරුන් බොහොමයක් නිවටයන් සහ නපුංසකයන් බවට පත් කළ බව ද පැහැදිලි කාරණාවකි. මහින්ද රාජපක්ෂ සිය පවුලට අසීමිත බලයක් පවරා ගෙන සිදු කළ විනාශයන් දැන දැනම ඔහු වෙනුවෙන් අදත් හඬ නඟන හා කතා කරන, පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන්ගේ අරමුණ කුමක් ද? ඔවුන් සිහි විකල්ලෙන් දැයි සැක සිතේ.

අපේ රටේ පැවතුණ දේශපාලන සංස්කෘතිය සහ දේශපාලන සදාචාරය නැත්තටම නැති කර දමා සිය පවුලට පමණක් රාජ්‍ය බලය උරුම කර ගැනීම මහින්ද රාජපක්ෂගේ එ්කායන අරමුණ විය. තමන් හැකිතාක් කල් රට පාලනය කොට ඉක්බිතිව නාමල් රාජපක්ෂට රට බාරදීම මහින්ද රාජපක්ෂගේ කල්පනාව වූ බව නොරහසකි.

කවර මට්ටමකින් කටයුතු කළ පාලකයෙකු වුව ඡන්ද බලයෙන් පරාජය වුණ විට ඔහු හෝ ඇය ශීලාචාර අන්දමින් එ් පරාජය භාර ගත යුතුය. මේ රටේ මෙතෙක් සිටි ශීලාචාර නායකයන්ගේ ස්වභාවය ද එයයි. අවාසනාව වන්නේ මහින්ද රාජපක්ෂ බලය අතට ගත්තේ කිසි විටක පරදින අදහසකින් නොවීමය. ඔහු පමණක් නොව, ඔහුගේ මුළු පවුලම බලය අශීලාචාර අන්දමින් පරිහරණය කළේ බලය තමන්ට සදාකාලිකව උරුම වී ඇත යන මානසිකත්වයකිනි. එ් විශ්වාසය ඔවුන්ට තිබුණේ නීතිය සියතට ගෙන කටයුතු කිරීමට පුළුවන් වූ බැවිනි.

මහින්දට ලැබුණ ඡන්ද ලක්ෂ පනස් අටක් ගැන කතා කරමින් බල අරගලයකට පේවී සිටින්නේ, මේ වන විට දේශපාලනික නන්නත්තාර වී සිටින දෙතුන් දෙනෙකි. මේ දෙතුන්දෙනාගේ බහට අනුව අවිචාරවත්ව මහින්ද කටයුතු කරන්නේ ද? සැබැවින්ම නැත. මේ වූ කලි බළලූන් ලවා කොස් ඇට බෑවීමකි. මේ ප‍්‍රයත්නයට ඉතා පැහැදිලි අරමුණක් ඇත. එ් අරමුණ වන්නේ යළිත් කෙසේ හෝ, කවර මට්ටමකින් හෝ බලය අත් පත් කර ගැනීමය. මහින්ද රාජපක්ෂ බලය වෙනුවෙන් කුරුමානම් අල්ලන්නේ කුමට ද යන්න මහජනතාව අවබෝධ කර ගත යුතුය.


මහින්ද රාජපක්ෂ බලය වෙනුවෙන් බළලූන් ලවා කොස් ඇට බාවන තැනකට පත්ව සිටින්නේ මන් ද? ඊට එකම හේතුව වී තිබෙන්නේ තම පුත‍්‍රයාගේ ආරක්ෂාව සහ දේශපාලන පදනම උදෙසා බව මේ වන විට හොඳින් අනාවරණය වී ඇත.


රාජ්‍ය බලය ඉවහල් කර ගෙන අශීලාචාර අන්දමින් පවත්වන ලද මැතිවරණයකින් ලද පරාජය වටහා ගෙන මහින්ද රාජපක්ෂට දේශපාලනයෙන් සමු ගැනීමට නොහැකි තත්ත්වයක් ඇත. ඊට හේතුව වන්නේ ඔහුට විශාල වගකීමක් පැවරී තිබීමය. එ් වගකීම ඔහුට පවරා දී තිබෙන්නේ ඔහුගේ බිරිඳ බව නොරහසකි. එ් වගකීම නම් නාමල් රාජපක්ෂට මොන විදිහකට හෝ තැනක් හැදීමය. නාමල් රාජපක්ෂට තම ශක්තියෙන් දේශපාලනයේ නිමග්න වීමට නොහැකිය. සැබැවින්ම ඔහුගේ දේශපාලන චරිතය කෘති‍්‍රම එකකි. ඔහු බ්‍රොයිලර් කුකුළෙකු වැනිය.


සිය දෙපයින් දේශපාලනය කිරීමට කිසිම ශක්තියක් නාමල් රාජපක්ෂට නොමැති බව මහින්ද රාජපක්ෂ වටහා ගෙන ඇතුවාට සැකයක් නැත. එබැවින් ඔහු වෙනුවෙන් මොන විදිහකට හෝ බලය අත් පත් කර ගැනීමට මහින්ද රාජපක්ෂට සිදුව තිබේ. මහින්ද සිය පුත‍්‍රයා වෙනුවෙන් කවර දෙයක් කිරීමට වුව සූදානම් නිසා, දේශපාලනිකව අනාථව සිටින කිහිප දෙනෙකු පවතින සංදර්භය තුළ බල අරගලයක් දියත් කිරීමට සැදී පැහැදී සිටින බව මේ වන විට ඉතා හොඳින් පැහැදිලිය. එහිදී ඔවුන්ට ද යළි හිස ඔසවා ගැනීමට හැකිය යන උපකල්පනය පවතී.


නාමල් රාජපක්ෂ කිසි කවර කලෙකවත් රටේ නායකයා වීමට සුදුස්සෙකු නොවන බව ඉහළම ප‍්‍රමිතියකින් විදහා පෑ පුද්ගලයෙකි. ඔහු දේශපාලන බලය අවභාවිත කර තිබෙන අන්දමට නිසි ලෙස නීතිය කි‍්‍රයාත්මක වුවහොත් ජීවිතාන්තය දක්වා හිරදඬුවම් විඳින්නට සිදු වන බවට සැකයක් නැත. නොසිතූ විරූ පරාජයෙන් පසුව ඔහු පාඨලී චම්පික ඇමතිවරයා අමතා පවසා සිටින්නේ, තමන්ගෙන් රටට අලාභයක් සිදු වී නම් ඊට මුදලින් වන්දි ගෙවීමට සූදානම් බවත්, තමා සිරගත නොකරන ලෙසත්ය. ඔහු වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ද කතා කළ බවය වාර්තා වී තිබුණේ.


රටට අලාභයක් වී නම් එය මුදලින් ගෙවීමට හැකි බව පැවසීමෙන් විශද වන්නේ ඔහු සන්තකව අසාමාන්‍ය ධනයක් තිබෙන බව නොවේ ද? මේ තරුණයා සන්තකව අසාමාන්‍ය ධනයක් තිබෙන්නේ කෙසේ ද? කවර කාලයක සිට උපයා ගත් ධනයක් ද මේ! මේ ධනය සොරකම් කළ ධනයක් නොවන්නේ කෙසේ ද?

නාමල් රාජපක්ෂ තරුණයා වැදගත් අන්දමට අධ්‍යාපනයක් ලබා, කිසියම් රැුකියාවක නිමග්නව සාධාරණව රුපියල් සීයක්වත් උපයා නැති පුද්ගලයෙකි. එනමුත් ඔහු අද මේ රටේ මහා ධනවතෙකි. ඔහු ධනවතෙකු වන්නේ පියාගේ අනුදැනුම සහ අනුග‍්‍රහය මත රාජ්‍ය බලය අවභාවිත කිරීමට සමතෙකු වූ බැවිනි. ඔහු පියාට උරුම වන විධායක බලතල පරිහරණය කරමින්, තාරුණ්‍යයට හෙටක් නමින් දේශපාලන ව්‍යාපෘතියක් අභිමත අන්දමින් බලසම්පන්න ලෙස ගොඩනැඟීය. නිල් බලකාය නමින් දේශපාලන ව්‍යාපෘතියක් සාවද්‍ය ලෙස ගොඩනැඟීය. එ් ව්‍යාපෘතිවලට ධනය ඇති තරම් ලබා දීමට ඔහු පියවර ගත්තේය.


නාමල් රාජපක්ෂ සිය පියාට පමණක් දෙවෙනි තැනකය සිටියේ. කැබිනට් මණ්ඩලයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන්ට පවා ඔහු ‘සර්’ විය. රටේ ආර්ථිකය විනාශ කළ පීබී ජයසුන්දර කැබිනට් ඇමතිවරුන් මායිම් නොකළ ද නාමල් රාජපක්ෂට අභිමත සෑම සියලූ කටයුත්තකටම අනුග‍්‍රහය ලබා දී ඇත. රටේ අගමැතිවරයාට වඩා ආරක්ෂක පිරිවරක් ඔහු වෙනුවෙන් වෙන් කර තිබුණි. බහුතරයක් රාජ්‍ය නිලධාරීන් ඔහුට දැක්වූයේ විධායක ජනාධිපතිට දක්වන සැලකිලිය. ති‍්‍රවිධ හමුදාවට සහ පොලීසියට බලපෑම් කිරීමට ඔහුට හැකියාව තිබුණි. මේ රටේ සිවිල් නිලධාරීන්ගේ වෘත්තීය ගැටලූවක් විසඳීම, පීබී ජයසුන්දර ප‍්‍රතික්ෂේප කළ විට, එ් සිවිල් නිලධාරීන් හමු වී තිබෙන්නේ නාමල් රාජපක්ෂවයි. එ් ගැටලූව ඔහු එක දුරකථන ඇමතුමකින් විස\ ඇත. එ් ඔහු බලය භාවිත කළ ස්වරූපය වටහා ගැනීමට නිදසුනකි. කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ කී‍්‍රඩා පිට්ටනියේ පවත්වන ලද රගර් තරගයක් අවසන දී එහි මත්පැන් අලෙවි කිරීමට සූදානම් වන විට ඊට ඉඩ දීම අපහසු බව එහි අධ්‍යක්ෂවරයා දන්වා සිටි විට එය තුට්ටුවකට ගණන් නොගෙන ඔහු තම සගයන්ට පිස්සු කෙළින්නට දී සිය ආරක්ෂක සේනාව ලවා ආරක්ෂාව සපයමින් බලයේ තරම විදහා පෑවේය.

නාමල් රාජපක්ෂ සිය සහෝදරයන් සමඟ රග්බි කී‍්‍රඩාව තමන්ගේ බූදලයක් බවට පත් කර ගත්තේය. ඔවුන් කී‍්‍රඩා කරන විට හමුදා බල ඇණි සහ පොලීසිය අවට පාරවල් වසා දමා මහජනතාවගේ සාමාන්‍ය දිවි පෙවෙතට හිරිහැර පැමිණවීම නිතර නිතර දක්නට ලැබුණි. ඔවුන් සමඟ කී‍්‍රඩා කරන කිසිම කණ්ඩායමක් ජයග‍්‍රහණය ලැබීම ඔවුන්ට ඉවසිය නොහැකි වීම තවත් අපූරු සංසිද්ධියකි. රාජ්‍ය ආයතනවලට බඳවා ගැනීමට විභාග පැවැත්වූවත්, එ් විභාගවලින් සමත් වන පිරිසගේ ලැයිස්තුව පසෙකට විසි කර නාමල් රාජපක්ෂගේ ලැයිස්තුවේ සිටින උදවියට රැුකියා දෙන්නට සිදු වුණ බව නොරහසකි.


මෙරට සිටි කිසිම විධායක ජනාධිපතිවරයෙකු කිසි විටක නොකළ කටයුත්තකි විශ්වවිiාලවලට ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළත් කිරීම. නාමල් රාජපක්ෂ එ් කටයුත්තට ද නිර්භය විය. අධ්‍යාපනය හා සම්බන්ධ සම්ප‍්‍රදායයන් හා නෛතික කාරණා ඔහුට වැදගත් නොවීය. ඔහු කිසිම විශ්වවිiාලයකට ඇතුළත්වීමට තරම් අධ්‍යාපනයක් නොලද කෙනෙකු නිසා ඔහු එ් ආයතන අවප‍්‍රමාණ කිරීමට පෙළඹෙන්නේ සාපරාදී අන්දමටය. ඔහු නීතිඥයෙකු වන්නේ ලෝක වාර්තාවක් පිහිටුවමිනි. නීතිඥයෙකු ලෙස දිවුරුම් දෙන්නේ සියලූ සම්ප‍්‍රදායයන් උල්ලංඝනය කරමිනි. ජයවර්ධනපුර විශ්වවිiාලයේ හිටපු උපකුලපතිවරයෙකු නාමල් රාජපක්ෂට පශ්චාත් උපාධියක් ලබා ගැනීමට පරීක්ෂකවරයා වන්නේ එය මේ තරුණයාට ගෞරවනීය අන්දමට ලෝක වාර්තාවක් පිහිටුවමින් ප‍්‍රදානය කිරීමටය. මේ කෙටි කාලයක දී බලයෙන් උමතුව සිදු කළ සාවi හා සාපරාධී වැඩවලින් කිහිපයකි. මෙහෙම තරුණයෙකුට රටේ බලය ලැබුණොත් ඔහු කරන්නේ මොනවාදැයි කිසිවෙකුට විස්තර කිරීම පවා අපහසුය.

මහින්ද රාජපක්ෂට මේ රටේ මහජනයා වරමක් ලබා දුන්නේ ඔහුගේ පවුලට රිසි ලෙස භුක්ති විඳින්නට නොවන බව කිව යුතු නැත. රටේ නායකයා වූ පසු මහින්ද රාජපක්ෂ හිරිකිතයකින් තොරව දරුවන්ට සහ බිරිඳට විධායක බලය මුල් කරගෙන රාජ්‍ය දේපළ හා රාජ්‍ය සම්පත් අවභාවිත කිරීමට ඉඩ ලබා දුන්නේය. සිය දරුවන් වෙනුවෙන් අය වැය ලේඛනයෙන් බදු ඉවත් කර ලැම්බෝග‘නි ගෙන එ්මට පියවර ගත්තේය. බිරිඳගේ කාල්ටන් පෙර පාසලට රාජ්‍ය මුදල් හා රාජ්‍ය බලය යෙදවීය. ඊට අවශ්‍ය ග‘ණුම් අරඹා ඇත්තේ අසාමාන්‍ය හැªනුම්පත් වර්ගයකිනි. මේවා නිර්ලජ්ජිත හා සාපරාදී වැඩ නොවන්නේ ද?


යුද ජයග‍්‍රහණයෙන් පසුව මහා ධනස්කන්දයක් වැය කරමින් අයිෆා සම්මාන උළෙල පවත්වන්නේ මහින්ද රාජපක්ෂගේ දරුවන්ගේ මනෙදාළ සංසිඳුවාලීම පිණිසම ය. දැවැන්ත කී‍්‍රඩා පිටි ලෝකෙට ණය වෙමින් මහින්ද රාජපක්ෂ ඉදි කළේ මේ රටේ යහපතට නොව සිය දරුවන්ගේ මන ෙදාළ සංසිඳවීමටය. සිය දරුවන්ගේ අභිමතයට අනුව මෝටර් රථ ධාවන තරඟ පැවැත්වීමට, අගනුවර පාරවල් වසා දමන්නේය. සිය දරුවන්ගේ අභිමතයට අනුව මෝටර් රථ ධාවන තරඟ පැවැත්වීමට දළදා මාලිගාව අබියස පවා කටයුතු කරන්නේය.


ආයෝජනය කාගේ දැයි හරිහැටි කිව නොහැකි මුත් මහින්ද රාජපක්ෂගේ දරුවන් ආරම්භ කළ රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකාවට අවශ්‍ය වාහන ඇතුළු බොහෝ දේ ලබා ගෙන තිබෙන්නේ ජනාධිපති කාර්යාලයෙන්ය. මේ නාලිකාවට කි‍්‍රකට් තරඟ විකාශනය ලබාදුනහොත් ඉන් රූපවාහිනියට විශාල පාඩුවක් අත්වන බව පීබී ජයසුන්දර කිසියම් අවස්ථාවක දී මහින්ද රාජපක්ෂට පවසා සිටි විට, ඔහු ප‍්‍රතිචාර දක්වා තිබෙන්නේ, නාමල් අවශ්‍ය විදිහට වැඩ කරන ලෙසයි. මේ ආදි කරුණු කාරණ අනුව බලන විට පෙනී යන්නේ නාමල් බලය යනු මහින්ද රාජපක්ෂගේ අනුදැනුම ඇතිව නිර්මාණය වූ එකක් බවයි.


කැබිනට් ඇමතිවරයෙකුට ද නැති අතිනවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත කාර්යාලයක් නාමල් රාජපක්ෂට අගනුවර තිබුණි. අරලියගහ මන්දිරයේ ද ඔහු වෙනුවෙන් වෙන් වුණ එක් තට්ටුවක ඉදිකළ අංග සම්පූර්ණ සම්මන්ත‍්‍රණ ශාලාවක් තිබුණි. එ් සා ශක්තියක් තරුණයෙකු අතට ලැබෙන්නේ කවර බලයකින් ද?

අගමැති රනිල් වික‍්‍රමසිංහ හෝ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන, මැදමූලන ක‍්‍රම සහ විධි රාජ්‍ය පාලනයේ දී ඉවහල් කර නොගන්නා බවට රාජපක්ෂවරුන් වටහා ගෙන ඇත. එ් බව මහින්ද වෙනුවෙන් පෙනී සිටින දේශපාලන අනාථයන් මෙන්ම දූෂිතයන් ද වටහා ගෙන ඇත. මැදමූලන තියරියට වැඩ කටයුතු කෙරුණේ නම්, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, පමණක් නොව මහින්ද රාජපක්ෂගේ පුතුන් ද හිරකූඩුවල නැතිනම් නිවාස අඩස්සියේ මේ වන විට සිටිය යුතුය. ශිරන්ති රාජපක්ෂ ද සිර කුටියක සිටිය යුතුය. මේ සැහැසි චරිත වගේවගක් නැතුව සිටින්නේ, බලය ලැබී තිබෙන්නේ බලය පරිහරණයට නොදන්නා පිරිසකටය යන ආකල්පයක පිහිටාය. වත්මන් ආණ්ඩුවේ පිළිවෙළ ගැන පොදු ජනතාවට කණස්සල්ලක් තිබෙන්නේ, මේ සැහැසි පිරිසට රිදෙන්නට කිසි දෙයක් සිදු නොවන නිසාය. පොදු ජන මනස තුළ කාලයක් තිස්සේ වැඞී වර්ධනය වී තිබෙන්නේ මැදමූලන ක‍්‍රම සහ විධි මත කටයුතු සිදු වුණ ස්වරූපයන්ය. එ් මානසිකත්වය රටක අනාගතයට මොන අන්දමකින්වත් යහපත් නොවේ.


විරුධවාදීන්ගෙන් පළිගැනීම එකකි. එය මහින්දගේ ක‍්‍රමයයි. දූෂිතයන්ට අපරාධකරුවන්ට නීතිය කි‍්‍රයාත්මක කිරීම තව එකකි. එය අයත් වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සම්ප‍්‍රදායයන්ටයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සම්ප‍්‍රදායයන් වේගවත් නූනත් මන්දගාමීයයි කිව නොහැකිය.

බලයෙන් උමතුව ජීවත් වූ පාලක පන්තියකට නොසිතූ විරූ ලෙස බලය අහිමි වූ විට ඔවුන් නිහඬව පැත්තකට නොවන බව වටහා ගැනීම අසීරු නොවේ. එපමණක් නොව, ඔවුන් බලය වෙනුවෙන් යළි යළිත් ප‍්‍රයත්න දරන බව ද වටහා ගැනීම අසීරු නොවේ. එබැවින් ජරාජීර්ණ වූ දේශපාලන සංස්කෘතියක් වෙනස් කිරීමට අවබෝධයෙන් සහ දැක්මකින් මහජනතාවගේ කැපවීම දිග‘න් දිගටම අවශ්‍ය වන්නේය.

Hiru & Welgama Son

By: Prosperity Tech On: 6:46 AM


හිරු වෙල්ගමගේ කොල්ලත් එක්ක සෙට්වෙලා

බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර හා ඇමති කුමාර වෙල්ගමගේ පුත් වන සෙනල් වෙල්ගම සම්බන්ධ කොටගෙන පසුගිය දිනවල මාධ්‍ය තුළ විවිධ කටකතා පැතිරිණි.

මේ සම්බන්ධයෙන් හිටපු ප්‍රවාහන අමාත්‍යවරයා පසුගිය පළාත් පාලන මැතිවරණ කාලය තුළ ද විවිධ අදහස් පලකර තිබුණි.

කෙසේ නමුත් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියගේ ෆේස්බුක් ගිණුමේ ද විවිධ අවස්ථාවල දී සෙනාල් වෙල්ගම සමග සමීපයේ හිදිමින් ගත් ඡායාරූප දක්නට ලැබේ.දැනට දින දෙකකට පෙර ද සෙනල් සමග සිටින ඡායාරූපයක් ඇගේ ෆේස් බුක් ගිණුමට ඇතුලත් කර තිබේ.
ඔවුන් දෙදෙනාගේ ඡායාරූප පහතින් නරඹන්න.















Saturday, March 7, 2015

Thissa Aththanayaka's daughter likes to act

By: Prosperity Tech On: 3:36 AM

තිස්සගේ දුව රඟපාන්න ආසයිලු

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකට වඩා දැන් ජනප්‍රිය එයාගේ දුව දුල්මිණි. දුල්මිණිගේ ලස්සනට වහ වැටුණු කොල්ලෝ කුරුට්ටෝ එයාට පණ වුනත් දෙන්න සූදානමින් හිටිය බවට හොදම සාක්ෂිය තමයි මූණු පොත. තාත්තා වගේම දුවත් දේශපාලනයට එයිද කියලා බොහෝ දෙනෙක්ගේ කසුකුසුවක් තිබුනා.
පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකට වඩා දැන් ජනප්‍රිය එයාගේ දුව දුල්මිණි. දුල්මිණිගේ ලස්සනට වහ වැටුණු කොල්ලෝ කුරුට්ටෝ එයාට පණ වුනත් දෙන්න සූදානමින් හිටිය බවට හොදම සාක්ෂිය තමයි මූණු පොත. තාත්තා වගේම දුවත් දේශපාලනයට එයිද කියලා බොහෝ දෙනෙක්ගේ කසුකුසුවක් තිබුනා.

තාත්තාට රහ වුනාට දුවට දේශපාලනය අරහංලු. ඒත් ඔන්න දුල්මිණි රඟපාන්න ආසයිලු. දැන් මේක කිව්වා කියලා අධ්‍යක්ෂකවරු පෝලිමේ දුල්මිණිලගේ ගෙදර යන්න ලෑස්ති වෙන්නනම් එපා.   

Kandy Meeting

By: Prosperity Tech On: 3:26 AM

මහින්ද නෑ, මන්ත්‍රී 100ත් නෑ, ලක්ෂ 8 ජනතාවත් නෑ, වැඩකුත් නෑ

මහින්ද රාජපක්ෂ අගමැති කිරීම සඳහා යැයි කියමින් අද මහනුවර නගරයේ පැවැති ‍රැළිය එම සංවිධායකයන් බලාපොරොත්තු වූ තරමේ අහලකටවත් ගැනීමට සමත් වී නැත. මෙම ‍රැළිය සඳහා මහින්ද රාජපක්ෂට ආරධානා කළ මුත් ඔහු මඟුල් ගෙයක් තිබෙනවා යැයි කියමින් ඒ මඟ හැර තිබේ.
එමෙන්ම ශ්‍රී ලනීපයේ පාර්ලිමේන්තු මන්තීවරු පළාත් සභා මන්ත්‍රීවරු 100ක් සහභාගී වන බවට ප්‍රචාරයක් දියත් කළ ද ශ්‍රී ලනීපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට සහභාගී වී සිටියේ දිළුම් අමුණුගම පමණි. ශ්‍රි ලනීප පළාත් සභා මන්ත්‍රීවරු පහක් පමණ සහභාගී වීසිටිනු දකින්න ලැබිණි. මෙම වැඩ පිලිවෙලට මහත් උනන්දුවෙන් මුලදී පෙනී සිටි ප්‍රසන්න රණතුංග මහතාද ‍රැළිය මඟ හැර හදීසියේම ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේය.

මෙහි වැදගත සිදු වීම නම් අඩු ජනතා සහභාගිත්වයයි. ලක්ෂ 08 ක ජනතා සහභාගිත්වයක් බලාපොරොත්තු වන බව මෙම සංවිධායකයන් පැවැසූ නමුත් පන්දහසකවත් ජන සහභාගිත්වයක් තිබුණේ නෑත.
නුගේගොඩ ‍රැළිය සඳහා ලක්ෂ 05ක ජනතාවක් ‍රැස්වූ බව විමල් වීරවංශ මහාතා පැවැසූවද පොලිස් වාර්තා අනුව ඒ දොලොස් දහසකට ආසන්න විය.
කෙසේ නමුත් මෙම ‍රැළියෙන් අපෙක්ෂා කළ බලාපොරොත්තු බිඳ වැටීම සිදුව තිබේ. තවදුරටත් මහින්ද රාජපක්ෂගේ මූනත් තහඩුව ඔසවාගෙන යෑමේ තේරුමක් නැති බව තේරුම් ගැනීමට මෙම අනාත දේශපාලකයන්ට නොහැකි වේ නම් ඒ ඔවුන්ගේ දේශපාලන මෙන්ම පෞද්ගලික පෞර්ෂයේ බංකොළොත් කම ලෙස තේරුම් ගැනීම වරදක් නොවේ.
මෙම ‍රැළියේදී වඩාත්ම විසුළු කාරී ප්‍රකාශය කළ වාසුදේව නානායක්කාර මහතා 'වර්තමානයේ තම පාර්ශ්වය අනාථ වී ඇතැයි ද අහිමිවු බලය යළි අතට ගැනීම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් නැගි සිටිය යුතු.. බවත් සඳහන් කළෙය.
වීරවංශ කීවේ වත්මන් පාලනය පෙරළිය හැකි බලවේගයක් අවශ්‍ය බවත්, එම බලවේගය මහින්ද රාජපක්ෂ මහතා බවත්, ජනතාව ඔහු වටා එක්වන්නේ කාන්දමක් ලෙස බවත්, කැඳයින් වටා ජන බලවේග එක්වන්නේ නැති බවත්ය. මේ කැඳයන් කීවේ මහනුවර වේදීකාවේ සිටි ඔහු ඇතුළු අනෙක් නඩයට දැයි  සැකසහිත බව දේශපාලන විචාරකයෝ පවසති. මන්ද මහින්දගේ මූණත් තහඩුව නොමැතිව මේ අනාතයන්ට ගමනක් නැති බව මේවන විටත් පැහැදිලි බැවිනි.

 සැබැඳි පුවත්:

මහනුවරට මහින්ද සමඟ ශ්‍රීලනිප මන්ත්‍රීවරු 100 ක් ! ලක්ෂ 8 ක සෙනඟකුත් !!

මහින්ද හෙට මහනුවර එනවාමයි ! - ජනිපෙ

kandy-wimal.1

Friday, March 6, 2015

ITN Chat & Music Niroshan to enter politics through Wimal Weerawansa's party

By: Prosperity Tech On: 9:05 PM

"ITN"යෙන් දොට්ට දැමු නිරෝෂන් මහ මැතිවරණයට මහින්ද අගමැති කරන සටනට විමලෙත් එක්ක සෙට් වෙලා  


ස්වාධීන රූපවාහිණියේ ජනප්‍රිය නිවේදයකු වූ "නිරෝෂන් ප්‍රේමරත්න" ස්වාධීන රූපවාහිණිය හරහා විකාශණය වුණු "Chat & Music" වැඩසටහන වසර ගණනක් තිස්සේ ඉදිරිපත් කළ අතර, පසුගිය දා ආණුඩු පෙරළීමත් සමඟින්, තව දුරටත් ඔහුගේ සේවය අවශ්‍ය නැති බව පවසමින් නිරෝෂන්ව ''ITN'' නාළිකාවෙන් ඉවත් කර තිබුණේ කිසිදුන් කිසිදු හේතු සාදකයක් ගැන කරනු ඉදිරිපත් කිරීමකින් තොරවයි.

මේ හේතුව නිසාවෙන්ම පසුගිය දිනවල තරමක් කතාබහට ලක් වූ නිරෝෂන් ඉදිරි මහ මැතිවරණයේ දී විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වීමට සූදානමින් පසුවන බව දැන ගැනීමට තිබේ. ඔහු කඹුරුපිටිය ආසනයෙන් දේශපාලන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බව ද වාර්තා වේ.

පසුගිය වසර ගණනාවක් තිස්සේ ශ්‍රීලංකා නිදහස පක්ෂයට සමීපව හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියාකාරි වැඩ කොටසක නිරතව සිටි නිරෝෂන් ප්‍රේමරත්න ආණ්ඩු පෙරළියත් සමඟ ස්වාධීන රූපවාහිණී අයතනයේ කටයුතුවලින් ඉවතට විසිවුයේ, රාජපක්ෂවාදියකු වීම නිසා දේශපාලන පලිගැනීමක් ලෙස බවට ප්‍රචාරයක් ගෙන ගියද එවැන්නක් සිදුව තිබුණේ නැත.

මේ වන විට ඔහු වෙළඳ ප්‍රචාරක ආයතනයක් ද පවත්වාගෙන යයි. කෙසේ නමුත් විමල් වීරවංශ ප්‍රමුඛව කණ්ඩායම විසින් මහින්ද රාජපක්ෂව අගමැති කළ යුතු බවට ගෙන යන ව්‍යාපාරයේ ද ප්‍රමුඛ හවුල්කරුවකු ලෙස ඔහු ක්‍රියාකාරීව සිටී.





piyumi botheju's chield hood

By: Prosperity Tech On: 8:31 PM

චුටි කා‍ලේ නයි නටවන්න ගිහින් තාත්තා පියුමිව පාර අයිනේ දණගස්සල තිබ්බලු

ඩබ්.කේ.ආර්. බොතේජු සහ දයා පද්මිණි යුවළ පදිංචිවෙලා හිටියේ කළුබෝවිල පිහිටි පත්මිණිගේ මහගෙදර. මේ අයට පුත්තු තුන්දෙනෙක්ම හිටියා. ඔය අතරේ පද්මිණිට සිවු වැනි දරුවා බිහිවන ලකුණු පහල වුණා. පවුලට පිරිමි දරුවො දෙනෙක් ඉන්න හිංදා තුන්වැනියා උපදින්න ආපු අවස්ථාවෙත් මේ අඹුසැමි යුවළ හීන මැවුවේ දුවෙක් ගැන. ඒත් තුන්වැනියත් පුතෙක්. ඒ හින්දම හතරවැනි දරුවාවත් දුවෙක් වෙනවා නම් හොඳයි කියලා මේ දෙන්නා බලාපාරොත්තු වුණේ.
දින සති මාස ගෙවිලා ගියා. ජූලි කලබල සමය උදාවුණා. ඔය අතරේ පද්මිණිට දරුවා ලැබෙන ලකුණු පහළ වුණා. වාහනයක් හොයාගන්නට විදියක් නැහැ. අන්තිමට පාන් රැගෙන ගිය වෑන් රථයක තමයි ගැබිනි මාතාව රෝහලට ගෙනයන්න සිදුවුණේ. රටේ පැවැති කලබලකාරි වාතාවරණය හිංදා පාරේ හැම තැනම ‍පොලීසිය. දරුවකු ලැබෙන්නට ඉන්න කාන්තාවක් නිසා ‍පොලිස් බාධක මැද වැල්ලවත්ත පෞද්ගලික රෝහලකට යන්න මේ අයට හැකිවුණා. එහිදී පද්මිණිගේ හතරවැනි දරුවා මෙලොව එළිය දුටුවා. එතැන සිටි වෛද්‍යවරයා පද්මිණිගේ පාසල් මිතුරෙක්.

“ඔන්න ඔයාට සුදුම සුදු ලස්සන දුවෙක් ඉපදිලා..”
වෛද්‍යවරයා ඒ විදියට කියද්දි පද්මිණිගේ හිතේ තිබුණු සියලු දුක් දෝමනස්සයන් මැකිල ගියා. වෘත්තියෙන් ගුරුවරියක් හිංදා ඇයම තමයි තමන්ගෙ දරුවන්ට නම් දැම්මේ. ලැබූ දියණියට තමන්ගේ නමේ අරුත එන විදියට නමක් දාන්න ඇයට ඕනෑ වුණා. පද්මය කියන්නේ නෙළුම් මල. ඒ අරුත එන විදියට පුංචි දියණියට පියුමි කියන නම යෙදුණා. ඒ අනුව “වැලිකඩගේ පියුමි ශානිකා බොතේජු” කියන නම තමයි පුංචි දෝනිට ලැබුණේ. ඒ පුංචි දියණිය තමයි ‘පියුමි ශානිකා බොතේජු’ නමින් අද රටේම ආදරය දිනූ නිළියක වී සිටින්නේ.
හතරවැනියා දියණියක් වීම අශුභයි කියලා ඇතැමුන් තුළ මතයක් තියෙනවා. ඒ හිංදා පියුමි මවු පියන්ගෙන් වෙන්කළ යුතු බව ඇතැම් වැඩිහිටියන් පැවසුවාලු. ඒ හිංදම පුංචි දියණියගේ නැන්දා කෙනෙක් මේ දැරියව තමන්ගේ භාරයට අරගෙන. ඒත් සති දෙකක් වත් යන්න කලින් පියුමිගෙ අම්මයි තාත්තයි ආයෙමත් පියුමිව තමන්ගෙ භාරයට අරගෙන.

ඒ දවස්වල පියුමිගෙ අම්මා උදේට කිරි හදල මාරි බිස්කට් එක්ක මේසේ උඩ තියල තියෙන්නේ දරුවෝ 4 දෙනාට. පියුමි අනික් තුන්දෙනාට කලින් නැගිටලා ඇවිත් අයියලාගේ මාරි බිස්කට් ටිකක් කාලා කිරි එක බොනවලු. අයියලා නැගිටලා එද්දී බිස්කට් නැහැ. ඉතින් ඒ වෙලාවට මේ අය අතර ගුටි හුවමාරු පවා ඇතිවෙනවාලු.
පියුමි චූටි කා‍ලේ බයිසිකල් පදින්න බොහොම ආශයිලු. ඉතින් කොට කලිසමයි ටී ෂර්ට් එකයි ඇඳගෙන බයිසිකලයේ ඇවිත් පාර අයිනේ බයිසිකලය හේත්තු වෙලා තාප්පෙ උඩ වාඩිවෙලා යාළුවෝ ටික එකතු වෙන කල් බලා ගෙන ඉන්න එක පියුමිගේ සිරිතක්ලු. ඒ වෙලාවට පාරේ යන අය පියුමිට කතා කරන්නේ ‘මල්ලි‘ කියලාලු. වෙන ළමයින්ට නම් ඉතින් මේවගේ විහිළුවක් කළාම කේන්ති යනවානේ.
හැබැයි පියුමිට නම් කේන්ති යන්නෙ නැහැලු. පිරිමි ළමයෙක් විදියට හැසිරෙන්න ආශාකරන චූටි පියුමි තමන්ට ‘මල්ලි‘ කියලා කතා කරනවාට කැමතියිලු. අදටත් ඒ පළාතේ පැරණි අය පියුමිට පරණ පුරුද්දට ‘මල්ලි‘ කියලලු කතා කරන්නේ.
පියුමි තමන්ගේ අයියලත් එක්ක එකතු වෙලා චූටි කා‍ලේ හරි අපූරු වැඩක් කරලා. පියුමිගෙ ලොකු අයියා බොහොම තැන්පත් කෙනෙක්. අනෙක් අයියලා දෙන්නයි පියුමියි තමයි කරන තරමක් දඟ වැඩ කරන්නේ. මේකත් ඒ අයියලා දෙන්නයි නංගියි එකතු වෙලා කරපු දඟ වැඩක්.
ඒ කා‍ලේ පියුමිගේ ගෙවල් තිබිල තියෙන්නේ පාර අයිනේ. රෑ 7-8 ට විතර පියුමියි අයියලා දෙන්නයි තාත්තගේ පරණ ඉණ පටියක් අරගෙන නූලක ගැට ගහලා ඉණ පටිය පාර මැදට දාලා තමන්ගෙ වත්තෙ හැංගිලා නූලක් අරගෙන ඉන්නවාලු. පියුමියි අයියයි හැංගිලා නූලක් අල්ලගෙන ඉන්න අතරේ අනික් අයියා පාර අයිනට වෙලා කවුද එන්නේ කියලා බලාගෙන ඉන්නවාලු. ඔය වේලාවට මිනිස්සු තමන්ගෙ රාජකාරි නිමාවෙලා ගෙවල් බලා එනවානේ. කවුරු හරි ළංවෙනකොට අයියා විසිල් එකක් ගහනවාලු. ඒ වෙලාවට පියුමියි අනික් අයියයි හිමිට තමන්ගෙ අතේ තිබෙන නූල අදිනවාලු. එතකොට අර කළුපාට ඉණ පටිය ගැස්සිලා ඇදි ඇදි එනවානේ. ඉතින් පාරේ යන අය සර්පයෙක් කියලා හිතලා කෑ ගහගෙන දුවලා යනවාලු.
ඔය විදියට දිගින් දිගටම මේ ක්‍රියාව වෙනකොට වටා පිටාවේ අයට සැක හිතිලා. ඇයි ඉතින් හැමදාම හවස 7 ට විතර මේ නිවස ළඟ පාරෙම සර්පයෙක් ඉඳීම ටිකක් පුදුම සහගතයිනේ.
හොයල බලනකොට හොරේ අහුවෙලා. ඊට පස්සේ වටාපිටාවේ අය ඇවිත් පියුමිගේ තාත්තට මේ ගැන පැමිණිලි කළා. ඊට පස්සේ තාත්තා පියුමිවයි, අයියලා දෙන්නවයි මහ දවල් පාර අයිනේ දණ ගස්සල තිබ්බාලු.

ආරියවංශ කුලතිලක
පියුමිට අයියලා තුන්දෙනෙක් ඉන්නවා. පියුමිගේ එක නැන්දා කෙනෙකුටත් පුත්තු 3 දෙනෙක් ඉන්නවා. අනෙක් නැන්දට 1 පුතෙක් ඉන්නවා. අයියලා 7 දෙනෙක් එක්ක හැදුනු හිංදම පියුමි චූටි කා‍ලේ ඉඳන්ම දඟ මල්ලක්ලු. අයියලා කරන දේවල්ම තමයි ඇයත් කරල තියෙන්නේ. කොට කලිසමකුයි ටී ෂර්ට් එකකුයි ඇඳගෙන දුවන්න, පනින්න, ගස් නගින්න, බයිසිකල් පදින්න තමයි පියුමි නිතරම උත්සහ කරල තියෙන්නේ.

lakbima.lk

Women love & marriage

By: Prosperity Tech On: 6:56 PM

ආදරණීය බැඳීම් මත විවහ වන කාන්තාවන් ප්‍රේමය ජීවිතයේ සැඳෑ සමය තෙක් විඳිනවද?

Facebook Plans 200 Acre Zee-Town

By: Prosperity Tech On: 6:28 PM

මාර්ක් සකර්බර්ග් තවත් වැඩකට අතගසයි

Facebook නිර්මාතෘ  මාර්ක් සකර්බර්ග් අලුත්ම වැඩකට අතගහලා කියලයි ආරංචිය.

ඔහු Facebook වෙනුවෙන්ම නගරයක් නිර්මාණය කරන්නට සැලසුම් කරලා.
මෙය ඉදිකිරීමට සැලසුම් කොට තිබෙන්නේ සැන් ෆ්‍රැන්සිස්කො නුවර අක්කර 200ක පමණ භූමි භාගයකයි.

මෙම නගරය නම් කර ඇත්තේ ‘Zee-town’ නමින්ය.
පරිසර හිතකාමී නගරයක් ලෙස ඉදිවන මෙහි ප්‍රධාන අරමුණ Facebook සේවක සේවිකාවන්ට සැන් ෆ්‍රැන්සිස්කෝ හි තම මූලස්ථානයට ආසන්නයේ නිවාස පහසුකම් ලබාදීමය.
නගර සැලසුමට අනුව නිවාස ඒකක 10000ක් ඉදිකිරීමට නියමිතය. මෙම නගරය පොදු වෙළඳසැල්, හෝටල්, ක්‍රීඩාංගණ ඇතුළුව සියළු සුඛෝපභෝගී පහසුකම් සහිතව ඉදිකිරීමට  සැළසුම්කොට ඇත.
නගරයේ සැලසුම් ශිල්පියා ලෙස කටයුතු කරන්නේ ලොව ප්‍රකට සැලසුම් ශිල්පියෙකුවන ෆ්‍රෑන්ක් ගෙරි විසින්ය.