Sunday, February 15, 2015

Hirunika Premachandra - Hirunika Eranjali Premachandra

By: Prosperity Tech On: 11:49 PM

ශ්‍රී ලංකා දේශපාලනයේ ඉහලින්ම සිටින හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ඔබ නොදූටු පින්තූර කිහිපයක්

Maithripala Sirisena meets PM Narendra Modi

By: Prosperity Tech On: 8:52 PM

මෛත්‍රී,මෝදී අතර සාකච්ඡා අද

ඉන්දු - ශ‍්‍රී ලංකා සබඳතාවලට නව ආරම්භයක් සනිටුහන් කරමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, ඉන්දීය ජනපති ප‍්‍රනාබ් මුකර්ජි සහ අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ ද්වි පාර්ශවික සාකච්ඡා අද ආරම්භ කිරීමට නියමිතයි. 

සිය ප‍්‍රථම විදෙස් නිල සංචාරය ආරම්භ කරමින් සාමාන්‍ය කාලසටහනකට අනුව පියාසර කරන ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ඇතුළු ධුත පිරිස ඊයේ පස්වරුවේ ඉන්දියාවට ළඟා වුණා. ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟා වූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පිළිගනු ලැබුවේ ඉන්දීය රාජ්‍ය අමාත්‍ය ශ‍්‍රී රාධකි‍්‍රෂ්ණන් සහ ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් වයිකේ සිංහායි. අනතුරුව ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල පරිශ‍්‍රයේ තැන්පත් කර ඇති අවලෝකීතේශ්වර බෝධි සත්ව ප‍්‍රතිමාව නිරාවරණය කිරීමද ජනාධිපති මෛත‍්‍රිපාලගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේදී සිදු  කෙරුණා.

ක‍්‍රිස්තු පූර්ව 8 වන ශතවර්ෂයට අයත් බවට කාල නිර්ණය කර ඇති මෙම අවලෝකීතේෂ්වර බෝධි සත්ව ප‍්‍රතිමාව අනුරාධපුර - වේරගල ප‍්‍රදේශයෙන් හමුවූවක්. මහායාන බුදු දහමට අනුව මෛත‍්‍රී බුදුන් වහන්සේ පහළවන තුරු ලෝක සත්වයින් ආරක්ෂා කරනු ලබන්නේද අවලෝකීතේශ්වර බෝධි සත්වයන් විසින් බව මහායාන ග‍්‍රන්ථයක් වන කුණ්ඩරීක ග‍්‍රන්ථයේද සඳහන් වනවා.

මෙම නිල සංචාරයේදී ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති ප‍්‍රනාබ් මුඛර්ජි ඇතුළු ඉන්දීය රජයේ ඉහළපෙලේ රාජ්‍ය තාන්ති‍්‍රකයන් රැසක් සමඟ අද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ මෙම නිල සංචාරයේදී දෙරටටම වැදගත් වන ආරක්ෂක, ආර්ථික සහ සමාජීය එකඟතාවයන් රැසකට එළැඹීමට නියමිත බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප‍්‍රකාශක, සෙයිද් අක්බරුදීන් සඳහන් කළේ ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර න්‍යෂ්ටික සහයෝගීතා ගිවිසුමකට ද මෙම සංචාරයේදී අත්සන් තැබීමට නියමිත බවයි.

මේ අතර, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන අද පස්වරුවේ නවදිල්ලි නුවර මහබෝධි සංගමයේ ද චාරිකාවකට එක්වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
(hirunews.lk)

Kawya's sad story

By: Prosperity Tech On: 8:11 PM



07_PAGE_6_RASA
07_PAGE_6
කාව්‍යා මේ ලෝකෙට ඉපදෙන්නේ හරිම වාසනාවන්ත විදිහට... වාසනාවන්ත විදිහට පුංචි කුමාරිකාවක් වගේ උපන්න ඇයට පාසල් අවධියේදීම ජීවිතේ වැරදේවි කියලා කාව්‍යා සිහිනෙන්වත් නොසිතන්නට ඇති...

කාව්‍යාගේ පවුල ගොඩක් ධනවත් පවුලක්. ඇයගේ අම්මා වෛද්‍යවරියක්, තාත්තා විධායක ශ්‍රේණියේ නිලධාරියෙක්... මේ දෙදෙනාගෙ සොඳුරු කැදැල්ලට ආපු එකම දරුවා තමයි කාව්‍යා... කාව්‍යාගේ අම්මගෙ රැකියාවත් එක්ක කාව්‍යායට කුඩා කාලයේ ඉඳලම උරුම වුණේ ගෙදර සේවිකාවගෙ සෙනෙහස... පාන්දර ගෙදරින් පිටවෙන කාව්‍යාගෙ අම්මා නැවත ගෙදර එන්නෙ මහ රෑජාමෙට. තාත්තා වේලාසන ගෙදර ආවත් කාව්‍යා ගැන සොයලා බැලූවෙ නැහැ... කාව්‍යා කියන විදිහට තාත්තගෙ මුළු ලෝකෙම වුණේ ක‍්‍රිකට් මැච්... කාව්‍යා ගැන අම්ම සොයල බැලූවෙ නිතරම දුරකතනයෙන්.

අඩුම ගානේ මව් කිරි ටිකවත් බොන්න තරම් කාව්‍යා වාසනාවන්ත වුණේ නැහැ... කඩෙන් ගේන පිටි පැකට් එක කාව්‍යායට දීලා අම්මා අම්මගෙ කිරිටික හැලූවේ සින්ක් එකට.... කාව්‍යාගෙ අම්මා ඒ තරම්ම කාර්යයබහුල ජීවිතයක් තමයි ගතකරේ...

වයසින් වැඩෙත්ම කාව්‍යා මේ ගෙදර ඇතුළෙ හුදෙකලා පරිසරයට ටිකෙන් ටික හුරුවුණා. සමහර දවසට කාව්‍යා අම්මව දකින්නෙ පැයකට දෙකකට විතරයි. අම්මගෙ සාරිපොටේ එල්ලී අඩාවැටුණත් ‘‘සෝමා බබාව කාමරේ ඇතුළට දාලා දොරවහගනින් මට යන්න කියල කියනවා’’ මෙහෙම ජීවත් වුණ කාව්‍යාට පාසල් පරිසරය ඇගේ ජීවිතේ ආසම තැන වුණා.. ගෙදර තියෙන හුදෙකලා බව ඇය නැති කරගත්තේ පාසලෙන්..

හිරිමල් වියට පා තබන කාව්‍යා ආදරේ සොයන්න ගත්තේ පිට සමාජයෙන්... පවුලෙ එකම දරුව වෙච්ච කාව්‍යාට මිල මුදල් සැපසම්පත්වලින් කිසිම අඩුවක් තිබුණේ නැහැ... උදේට තාත්තගෙ වාහනේ පාසලේ ගේට්ටුව ළඟින් බැහැල යන කාව්‍යා හවසට ගෙදර සේවකයෙකු සමග ගෙදර ආවේ මහා අපායකට ගෙනත් දානවා වගේ...
 
rasawitha-03

කාලයක් යද්දි මුලින්ම පේ‍්‍රම සම්බන්ධයක ඇය පැටලෙන්නෙ තම පාසලේම ඉගෙන ගන්න ෂෙහාන් එක්ක. දැන් කාව්‍යාගෙ මුළු ජීවිතේම වෙන්නේ ෂෙහාන්... මේ වෙනකොට ඇයට අවුරුදු 12යි. කාව්‍යා ශරීරයෙන් හැදීවැඞී තිබුණත් ආදරේ කියන්නෙ මොකද්ද කියලාවත් තේරුම් ගන්න පුළුවන් වයසක නොවේ ඇය හිටියේ. මෙතැනින් එහාට කාව්‍යායට වුණ දේ ඇයගෙන්ම අහමු... 

ආදරේ ගැන ජීවිතේ ගැන හයක් හතරක් නොතේරෙන වයසේදී තමයි මම ෂෙහාන්ට ආදරේ කරේ... ඒත් ඒ ආදරේ මගේ හිතට හරිම සොඳුරු විදිහට දැනුණා. ගෙදර ප‍්‍රශ්න මගේ ප‍්‍රශ්න මොන දේ වුණත් මම කිව්වේ ෂෙහාන්ට.

මගේ යාළුවො කවුද, ආශ‍්‍රය කරන්නෙ කාවද, මම මොනවද කරන්නෙ කියලා අම්මයි, තාත්තයි කවදාවත් සෙව්වෙත් නැහැ. ඇහුවෙවත් නැහැ... හැමදේකටම ඉස්සරහට දැම්මෙ සල්ලි... කවදාවත් අම්මගෙ අත්දෙකෙන් හදන කෑමක් මම කාලා නෑ... හැමදේකටම අම්ම වුණේ ගෙදර වැඩට හිටිය සෝමා... ඒ නිසාම අම්මයි, තාත්තයි ටිකෙන් ටික මගෙන් ඈත්වුණා. දෙමාපිය රැුස්වීමකට ස්කෝලෙට එන්න කිව්වත් අම්ම ඇවිල්ල විනාඩි 5කට වඩා හිටියෙ නෑ... ඒ දවස්වලට මගේ යාළුවෝ අම්මල, තාත්තල අතේ එල්ලිලා යනකොට මට හරියට දුක හිතුණා.

මට මගේ අම්මයි තාත්තයි ගැන වෛරයක් ඇතිවුණා. ගෙදර මගෙ අතින් පොඩි වැරැුද්දක් වුණත් තාත්තා හරියට බනිනවා ගහනවා.

මොන දේ කරත් ගහනවා බනිනවා ඇරෙන්න අම්මයි තාත්තයි දෙන්නම ආදරෙන් කිසිම දෙයක් කියල දුන්නෙ නැහැ. අපි තුන්දෙනා කවදාවත් එකට ගමනක් ගිහින් නැහැ... එයාල ජීවත්වුණේ ඒ දෙන්නගෙ ලෝකවල. මේ දේවල් නිසාම මම ටිකක් සැර පරුෂ වෙන්න ගත්තා... අම්මයි, තාත්තයි එක්ක මම නිතරම රණ්ඩු වුණා... එකට එක කියාගෙන ගියා.
 
rasawitha-02

මේ දේවල් එක්ක මම ජීවත්වුණේ හරිම පීඩනයකින්... ෂෙහාන්ට මේ ප‍්‍රශ්න කිව්වම එයා කිව්වේ  ඕව ගණන් ගන්න එපා අම්මයි තාත්තයි හම්බ කරන්නෙ ඔයාටනෙ කියලා මගේ හිත හැදුවා. මට හිතුනෙම ඒක තමයි ආදරේ කියලා... ඒ වෙන කොට මම ස්කෝලෙ ගියේ ඉගෙන ගන්න තියෙන ආසාවකට නෙමෙයි. ෂෙහාන්ව බලන්න  ඕන නිසා... දවස් ගෙවිලා ගියා පස්සෙ පස්සෙ ෂෙහාන් නැති ජීවිතයක් මට හිතාගන්නවත් බැරිවුණා. තාත්තා උදේට ඉස්කෝලෙ ළඟින් බස්සල ගියහම ඉස්කෝලෙන් එළියට ඇවිල්ල සුදු ගවුම මාරු කරගෙන පාට ඇඳුමක් ඇඳන් ෂෙහාන් එක්ක ඇවිදින්න ගියා. සතියට දවස් තුනක් වගේ එහෙම ගියා. කොහේ ගියත් මම තමයි වියදම් කරේ... ෂෙහාන්ට මම ගෙදරින් අරන් ගිහින් හැමදේකටම සල්ලි දුන්නා. පස්සෙ පස්සෙ ෂෙහාන් මට ආදරේ කරේ මගෙන් සල්ලි කඩාගන්න කියලා තේරෙනකොට වෙන්න  ඕන හැමදේම වෙලා ඉවරයි. ඒත් මම ෂෙහාන්ට ආදරේ කළේ හදවතින්ම... ගෙදරින් නොලැබුණ ආදරේ සොයාගන්න...

ටියුෂන් ක්ලාස් ගියත් අම්ම හරි තාත්ත හරි යනකම් ඉඳලා ෂෙහාන් එක්ක ඇවිදින්න ගියා.. මම හිතුවෙ මේක තමයි ආදරේ කියලා.. දවසක් අපි දෙන්න බීච් සයිඞ් එකේ කථා කර කර ඉන්නකොට මනුස්සයෙක් ඇවිත් ෂෙහාන්ට කථා කරලා මොනවද කිව්වා... ෂෙහාන් කිව්වා මෙහෙම ඉන්නකොට හැමෝටම පේනවා... ගෙදරට එහෙම ආරංචි වුණොත් අපි දෙන්නට තියෙන මේ නිදහස නැති වෙනවා කියලා... මං ඇහුව ඉතින් අපි මොකද කරන්නෙ කියලා. ෂෙහාන් කිව්ව අර ආපු අයියව මං අදුරනවා එයාගේ වාහනේ මේ ළඟ තියෙන්නෙ... අපි වාහනේට වෙලා කථා කරමු කියලා... ඒ වෙලාවේ මට බයක් ඇතිවුණේ නැහැ.. දවස් ගානක් මේ විදිහට අපි වාහනය ඇතුළේ මුණ ගැහුණා... ඒ වෙන කොට මේ ලෝකෙටම හොරා මම ගැහැනියක් වෙලා ඉවරයි.
මෙතනින් එහාට ඇගේ ජීවිතේ හරිම ඛේදනීයයි. මේ වෙනකොට රැුකගෙන ආපු ඇගේ ගෞරවය ෂෙහාන්ට පූජාකරල ඉවරයි.. සුපුරුදු විදිහට ෂෙහාන්ගෙයි කාව්‍යාගෙයි ආදර හෝරාව ගෙවුනේ අර යාළුවගේ වාහනේ ඇතුළේ. හැබැයි යාළුවගෙයි කියන මේ වාහනේ මුහුදු වෙරළේ පෙම්සුව විඳින පෙම්වතුන්ට කුලියට දෙන වාහනයක් කියලා කාව්‍යා දැනගෙන හිටියෙ නැහැ... ඇය ෂෙහාන්ව ඒ තරමට විශ්වාස කළා. ඒත් ඇගේ ජීවිතේට මූසල හෝරාව ළඟ වුණේ මේ වාහනය ඇතුළෙම තමන් පණ වගේ ආදරය කරපු ෂෙහාන් ඉදිරියේමයි.

වාහනය ඇතුළේ පෙම්සුව විඳින ෂෙහාන්ට වාහනේ අයිති තරුණයා හිටි හැටියේම කථාකරේ ගොරහැඬි හඬින්. මල්ලී මට අද උඹෙන් සල්ලි එපා අපේ තව එවුන් තුන්දෙනෙක් ඉන්නවා. කෙල්ලව පැයකට  ඕන... එහෙම නොදුන්නොත් උඹ කෙල්ල එක්ක හිටපු වීඩියෝ එක අපි ක්‍ෘ ගහල විකුණනවා.
මේ වෙනකොට ෂෙහාන් දැනගෙන හිටිය මේ වාහනේ සිද්ධ වෙන දේවල් වීඩියෝ කරන බව... ඒක ෂෙහාන් කාව්‍යාගෙන් වසන් කළේ ඇයි ද කියන්න දන්නෙ නැහැ... ෂෙහානුත් ඒ වෙනකොට පාසල් ශිෂ්‍යයෙක්. ඒ දරදඬු පිරිමි එක්ක හැප්පෙන්න ෂෙහාන්ට බැහැ... අවසානයේ ඇය සමූහ දුෂණයකට ලක්වුණා. යමෙකු ලබා දුන් ඔත්තුවක් මත හදිසියේම මේ ස්ථානය පොලිසිය වටලද්දී කාව්‍යාට සිහිය තිබුුණේ නැහැ. පියවි සිහියට එන විට ඇය සිටියේ රෝහලේ ඇඳක් මත.

සතියක පමණ කාලයක් රෝහලේ ප‍්‍රතිකාර ලැබූ කාව්‍යාට ගෙදර යන්න අවසර ලැබුණේ නැහැ... ඇය රැුගෙන ආවෙ අමුතුම පරිසරයකට.. මේ පරිසරය ඇයගෙ පොඩිවෙලා ගිය හිතට යම් සහනයක් දෙන්න උත්සහ කරනවා... කාව්‍යාට අඬන්න දැන් කඳුළු නැහැ... තමන් විශ්වාස කරපු මිනිස්සු මේ තත්ත්වයට පත්වුණ විදිහ... අම්මා, තාත්තා මේ හැම දෙයක්ම ඇයට ලබා දෙන්න මහා වේදනාවක් කාටවත් කියන්න බැරි වේදනාවක් හිතේ සඳහටම තුරුළුකරගෙන කාව්‍යා දැන් ජීවත්වෙනවා.
 
rasawitha-01

ජීවිතය කියන්නෙ මිල මුදල්, සැප සම්පත් නොවෙයි... දෙමාපියන් සමාජයේ කොයිතරම් ඉහළ රැකියා කළත්, දරුවා අයාළේ යනවානම් ඔබ කරනා වෘත්තියෙන්, උපයන මුදලින්වත් ප‍්‍රයෝජනයක් වන්නේ නැහැ. යහපත් දරුවකු ඇති කිරීමට මුදල්වලට නොහැක. මවකට තම දියණිය සහෝදරියක් විය යුතුය.

කාව්‍යා ඇගේ ජීවිතේ වරද්ද ගත්තෙත් අම්මගෙන් තාත්තගෙන් ඇය බලාපොරොත්තු වුණ ආදරය ඇයට නොලැබුණු නිසා... ඇය පාසල් ගියාද? ටියුෂන් පන්තියට සහභාගී වුණාද? අධ්‍යාපනික කටයුතු හරියාකාරව කරනවා ද යන්න ඇගේ මව්පියන් සොයා බැලූවානම් ඇය අද ලස්සන ජීවිතයක් ගත කරනු ඇත. කෑම, බීම, ඇඳුම් පැළඳුම්, මිල මුදල්  ඕනවටත් වඩා සැප දුන්නද දරුවන්ගේ ආරක්ෂාව සැලසෙන්නේ නැහැ. ආදරණීය දෙමාපියනි ඔබගේ වෘත්තියත් සමඟ ඔබ කොතරම් කාර්යබහුල වුවද, ජීවිතයේ ප‍්‍රථම වෘත්තිය තම දරුවන් බව අමතක නොකරන්න. කාව්‍යා ප‍්‍රථමයෙන් දුෂණයට ලක්වන්නේ ඇගේ පෙම්වතාගෙනි. ඉන් නොනැවතී ඇය සමූහ දුෂණයකටත් ලක්වෙනවා.

මේ දෝංකාර දෙන පිළිකුල් අතීතය යටපත් කරගෙන ඈත පේන මහ මුහුද දිහා බලාගෙන ඇය තවමත් සෝ සුසුම් හෙළනවා.

මෙහි එන නම්, ගම් මනඃකල්පිතය.
 

(lankadeepa.lk)nadisha-athukorala

A story of true love (Short Story)

By: Prosperity Tech On: 7:36 PM

සැබෑ පෙම්වත්තු කිසිදාක අති'නත නොගනිති (කෙටිකතාව) 

සර්පයා ෆේස්බුක් හි පිංතූරයක් බෙදාගෙන තිබිණි. උදයෙහි අටත් නවයත් අතර. තනිරූල් කොළයක කළු අත් අකුරින් ලියූ.
ෆුඩ් සිටි බිලක් රුක්ෂාන් ගේ අතෙහි විය. ඒ පිංතූරයෙහි වූ අකුරු පිටපත් කල, නිල් පෑනකින්. නිය ආලේපන ලූ ඇඟිලි අගින් අල්ලා, ඉලක්කම් නැති පැත්තෙහි.

රුක්ෂාන් කඩදාසිය දිග හැර බැලුවේ ය. අනතුරුව ඇය දෙස බැලුවේය. දෙවුර නැටෙව්වේය.

"පිස්සුවක්..!!"

ඇය දෙතොල උල් කලාය, ඇස් පියමින්.

"අපි දෙන්න ගැන නෙවේ අනේ..!!"

ඔහු වම් අත මිට මෙලෙව්වේ ය. ඇගේ දකුණත මැදි කරගෙන. පියවර තැබුවේ ය. සුපුරුදු මඟ දිගේ.

ඔවුහු සිමෙන්ති බංකුවක් උඩ හිඳගෙන සිටියෝ ය. වැව රවුමේ වට තුනක් ගොස්, ආදරණිය මාතෘකා සියල්ල අවසන්ව.

"ඔයා දන්නව ද ? අපෙ නගරාධිපතිත් සෑහෙන්න හොරකම් කරලා! අපෙ පාර කොන්ක්‍රීට් කරල විතරක් ලක්ෂ දෙසිය අසූවක් හම්බකරලා...!! අපේ සල්ලිනෙ නේද ?"

ඔහු හිස වැනුවේ ය. ඇය දිගටම කියෙව්වා ය.

"අපෙන් හොරකම් කරල තියෙන තරම!! ඒකෙන් දහයෙන් පංගුවක් තිබ්බ නම් මට හොඳ වෙඩින් එකක් ගන්න තිබුණා..!! බලන්නකො ඔයාගෙ ගෙදරිනුත් කැමති නැත්තෙ අපිට සල්ලි මඳි කියලනෙ..!!"

ඔහු ඇගේ හිස ඇඟිලි ගෑවේ ය. කඩදාසිය නැති අතින්. පශ්චාත්තාප වෙමින්.

ඇය ඔහු අත වූ කොලය ගත්තා ය. දිග හැරියා ය. කඳ කෙලින් කර ගත්තා ය. කොළය ඔහු වෙත පෑවා ය.

"සැබෑ පෙම්වතුන්
කිසිදා එක් නොවෙයි
එක්වූ පෙම්වතුන්
සැබෑ පෙම්වතුන් ලෙස
ජීවත් නොවෙයි
වෙන්වී ගියවුන්
සදාකල් පෙම්වතුන් ලෙසට
ජීවත් වෙයි."

ඔහු සිනාසුනේ ය. සුපුරුදු ලෙස ම. ආඩම්බරයෙන්. දෙතොල් තදකරගෙන ම.

"ඉතිං..? අපි දෙන්න ගැන නෙවෙයි කිව්වෙ?"

ඇය බැරෑරුම් මුහුණක් හදා ගත්තා ය. ඔහුගේ අත දෝතින් ගත්තා ය.

"මං හැමදාමත් ඔයාට ආදරේ..!"

දිගු හුස්මක් ගත්තා ය. පහලට හෙළුවා ය.

"නගරාධිපතිගෙ ගෙදරින් මට යෝජනාවක් එවල. එයාගෙ පුතාව! මං කිව්ව වෙඩින් එකට ලක්ෂ තිහක්වත් වියදම් කරනව නම් මං එයාව බඳින්න කැමතියි කියල.!"

අනතුරුව රුක්ෂාන්ගේ ගෙලෙහි එල්ලුණා ය. ඔහුට කිසිවක් කීමට ඉඩ නොතබා වම් කම්මුල ඉම්බා ය.

"අපේ සල්ලි අපි ගන්න එපා යැ..!"

පොලිස් නිලධරයා. ඔවුන් වෙත එමින් සිටියේ ය. සිය විසිලය අතෝරක් නැතිව පිඹිමින්.
වැව රවුම ප්‍රසිද්ධ ස්ථානයකි.

© අනිල් හේරත්

(colomboweek.com)

 

Super Trees Light Show OCBC - Gardens by the Bay

By: Prosperity Tech On: 7:29 PM

මිනිස් දෑතින් බිහිවුණ මිහිමත පාරාදීසය


ලොව විශිෂ්ටතම උද්භිත උද්‍යානය සඳහා Themed Entertainment Association විසින් පිදෙන තියා සම්මානය ( Thea Award) 2014 වසරේදී දිනා ගැනීමට සිංගප්පූරුවේ Gardens by the Bay සමත් විය.


Gardens by the Bay ලොව පුරා ඇති සුවිශේෂ ඝනයේ උද්‍යාන ලෙස නම් කර ඇති උද්‍යාන 10 අතරින් එකක් ලෙස සැලකෙන අතර සිංගප්පූරුව තුල එදා මෙදා තුර නිර්මාණය කර ඇති උද්භිත විද්‍යාත්මක හා ගෘහ නිර්මාණ ශිල්පය අතින් අති විශිෂ්ටතම නිර්මාණය ලෙස ද කිරුළු දරා සිටියි.

ඇන්ටාක්ටිකා මහද්වීපය හැරුණු කොට ලොව අනෙක් මහද්වීප සියල්ලේම දේශගුණික තත්වයන් Gardens by the bay තුල කෘතිමව නිර්මාණය කර ඇති අයුරු විශ්මය ජනකය. එමෙන්ම අඩි සිය ගණන් උසට විහිදුණු තිරස් උද්‍යාන රාශියක් මෙහිදී දක්නට ලැබේ.

ලොව පුරා විවිධ ප්‍රදේශවල දක්නට ලැබෙන තුරු ලතා ප්‍රභේදයන් 500,000  අධික ප්‍රමාණයකට මෙම උද්‍යානය නිවහනක් වී අති අතර විශේෂයෙන් සැකසූ සංරක්ෂණාගාර දෙකක් තුල ඒ අතරිනුත් දුර්ලභ ශාක වර්ග වවා රැක බලාගැනීම සිදු කරනු ලබයි.

එම සංරක්ෂණාගාර නම් කර ඇත්තේ Flower Doom හා Cloud Forest ලෙසිනි.

Flower Doom
මෙම සංරක්ෂණාගාරය තුල ඇත්තේ මධ්‍යධරණී කලාපයේ, සිසිල් හා වියළි භූගෝලීය පරිසර තත්වයකි.ඒ තුල අප්‍රිකාව, ඇමරිකාව, ආසියාව, ‍යුරෝපය හා ඕසියානාව ලෙස නම් කර ඇති කලාප 5 කි.එම කලාප 5 තුල නිර්මාණය කර ඇති උද්‍යාන නම් කර ඇත්තේ ඕස්ට්‍රේලියානු උද්‍යානය, දකුණු අප්‍රිකානු උද්‍යානය, දකුණු ඇමරිකානු උද්‍යානය, කැලිෆෝනියා උද්‍යානය ආදී වශයෙනි. මීට අමතරව අප්‍රිකානු මහද්වීපයෙ දක්නට ලැබෙන දුර්ලභ ශාක සඳහා වෙනම ඉඩක් ද flowers doom තුල වෙන් කර ඇත.

Cloud Forest

නිවර්තන වැසි වනාන්තරයක සිරිය උසුලන මෙම කොටසේ උස් බිම් වල වැවෙන ඕකිඩ් වර්ග, මාංශ භක්ෂක ශාක වර්ග හා මීමණවර්ග වලට ඉඩ වෙන් කර ඇත.මෙහි පැමිණෙන සංචාරකයන් මවිතයට පත්වන්නේ ලොව උසින් වැඩිම ගෘහස්ථ දිය ඇල්ල දැකීමෙනි. අඩි 35 ක පමණ උසකින් යුතු වන එය ඇද හැලෙන්නේ මිහිඳුමක් වැනි වළා රොදවල් අතරිනි. ගවේෂණාත්මක අධ්‍යාපන චාරිකා සඳහා කලාප 7 ක් ද cloud forest තුල දක්නට ලැබේ.


තවද පොළොවෙන් මීටර් 22 ක් පමණ ඉහලට එසවුන OCBC Skyway පණ ලබන්නේ රාත්‍රියට ය. දහස් සංඛ්‍යාත විදුලි බුබුළු වලින් ආලෝකමත් වන එය සැබවින්ම අතිශය චමත්කාර දසුනකි.

මේවාට අමතරව ඉන්දියානු, චීන, මැලේ ආදී තේමාවලින් යුතුව සකස් කර ඇති එළිමහන් උද්‍යාන 4ක් ද Gardens of the bay සතු ය.













(colomboweek.com)

Actor Sampath Jayaweera

By: Prosperity Tech On: 6:50 PM

පේ‍්‍රම්කුමාර් වූ සම්පත් ජයවීර

Actor Sampath Jayaweera

 මං පුංචි කාලයේ ඉඳලා හැදුණෙ බාලිකාවක.
ආ... කලබලයට වැරදි එකයි කියැවුණේ.
පුංචි කාලයේ ඉඳන් මං හැදුණෙ බාලිකාවට අල්ලපු ගෙදර.
ඉතිං මං පුංචි කාලයේ ඉඳලා වැඩිපුර උන්නෙ, ගැහැණු ළමයින්ගෙ ඔඩොක්කුවල. ඉතිං මට හිතෙන්නෙ තවමත් මං ගැහැණු ළමයෙක් කියලයි.
මෙහෙම කියන්නෙ පේ‍්‍රම්කුමාර්. ඔහු ඒ විදියට කියන්නෙ ඬේසිට. අන්තිමට පේ‍්‍රම්කුමාර් මෙන්න මේ විදියටත් කියනවා.
”මගේ අංකය 168. ලෝරන්ස්ගෙයි - ඬේසිගෙයි කසාදෙ කෙරුණේ නැහැ.
මට හරි සතුටුයි ඇත්තටම මං මගේ ඬේසිට පණටත් වඩා ආදරෙයි.”

 
2
 

පේ‍්‍රම්කුමාර් ලෙස මේ විදියට චරිත රංගනයක යෙදෙන්නෙ සම්පත් ජයවීරයි. ඔහුගෙ ඒ අපූරු රංගනය අපට දැකගත හැකිවන්නේ, ලෝරන්ස්ගෙ මනමාලි නාට්‍යය සමගයි. ඒ අපූරු චරිතයට අමතරව, සම්පත් රූපවාහිනි තිරයේ විකාශය කෙරෙන විෂ්ණු සංක‍්‍රාන්තිය, හඳුනා ගත්තොත් ඔබ මා හුස්ම සහ ඔක්සිජන් යන ටෙලිනාට්‍ය සමග අප හමුවට පැමිණෙනවා. මේ හැම දෙයක් ගැනම අපි සම්පත් සමග ටිකක් කතා බහකරමු.

   

button සම්පත්, මේ දිනවල රඟපාන මේ චරිත අතරින් ඔබට වැඩිපුර ප‍්‍රතිචාර ලැබෙන්නෙ?
හුස්ම සහ ඔක්සිජන් ටෙලි නාට්‍යයේ චරිතයට වගේම ”ලෝරන්ස්ගෙ මනමාලි” නාට්‍යයේ සජීවී අත්දැකීමටත් බොහෝදෙනා ප‍්‍රිය කරන වග පෙනෙනවා.
 

button සම්පත් ජයවීර කියන ඔබ, නළුවකු වුණේ කොහොමද?
පාසැල් අධ්‍යාපනය හමාර වුණාට පසුව ජාතික තරුණ සේවා සභාවට සම්බන්ධවී රංග කලා අංශයෙන් නාට්‍ය හා රංග කලාව ගැන පාඨමාලාවක් හැදෑරුවා. ඒ විදියට පටන් ගත්ත ගමන තමයි මේ
 
5
button ඒ කාලයේදී වෙන රැකියාවක් ගැන හිතුවෙ නැද්ද?
රස්සාවක් කරන්න හිතුණා. නමුත් නළුවකු වීමේ අදහස තමයි ඇතුළාන්තයේ තිබුණෙ. නළුවකුට එහා ගිය රංග ශිල්පියකු කියන තැනට ආවේ.
 

buttonනළුවා සහ රංග ශිල්පියා අතර වෙනස?
ඒක හරි සරලයිනෙ. නළුවෝ සෑම තැනකදීම හමුවේවි. බස් හෝල්ට් එකේ ඉඳලා  ඕනෑ තැනක සිටින්න පුළුවනි. නමුත් රංග ශිල්පියා යනු ඊට වඩා වෙනස් රංගනයට සහ රංග කලාවට වැදගත් වන චරිතයක්.
 

button එතැනින් එහාට ඔබට පුද්ගලික ජීවිතය ගැන කිව්වොත්?
මම විවාහකයි. බිරිඳගෙ නම රුවිනි. සිරස ගුවන් විදුලියේ සේවය කරන්නෙ. අපට පුතෙක් සිටිනවා. පුතාගෙ නම මේඛන ආදිත්‍ය.
 

button සම්පත්ගෙ ජීවිතය අද ගෙවෙන්නෙ මොන විදියටද?
සංකීර්ණ නැහැ. සමාජයට ඉතිරි කළ දෙයක් සමග සරලව ජීවිතය ගලාගෙන යනවා. සජීවීව අද ලෝරන්ස්ගෙ මනමාලි නාට්‍යය වෙතින් ලබන ප‍්‍රතිචාර එහි රඟපාන අපි හැමෝටම අමුතු ජීවයක් ගෙන දෙනවා. බොළඳ මට්ටමින් තොරව එකිනෙකාගෙ අභිමතාර්ථ වලට වඩා ගුණාත්මක නාට්‍යයක් හැටියට පවත්වාගෙන යන ඒ නාට්‍යයට දර්ශන වාර 50 පිරෙන්නෙ මෙම 14 වැනිදාටයි. එදාට ලයනල් වෙන්ඞ්ට් රංග ශාලාවේදී සවස 3.30 ට සහ 6.30 ට මේ නාට්‍ය වේදිකාගත වෙනවා. ඊටත් අමතරව එය නිමිති කරගෙන ප‍්‍රවීණ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් කීපදෙනෙකුට මෙම නාට්‍ය කණ්ඩායමේ අපි විසින් උපහාර සම්මාන උළෙලක්ද පවත්වනවා.
 

button මේ නාට්‍යයේ පේ‍්‍රම්කුමාර් ගැන ඔබට හැෙඟන්නෙ මොන විදියටද?
අවංක ගම්බද පේ‍්‍රමය ගැන ලොකු කැපකිරීමක් කරන, එය ජයගන්න උත්සාහ කරන තරුණයෙක්.
 

button පේ‍්‍රම්කුමාර් ඬේසිට (දුලීකාට) කියන අපූරු දෙබස් අතරින් ඔබට එක්වර මතකයට එන දෙබස් කිව්වොත්?
මම ආපහු ඬේසිව හොයාගෙන ඇවිල්ලා, එයාව බඳින්න  ඕනෑ කියලා එයාගෙ මමීට කිව්වා, වාසනාවකට වගේ එයාලා ඒකට කැමති වුණා. අර මෙලෝගෙ කැමැත්ත ගන්න රුපියල් 5000 ක් විතරයි මට ගියේ. අන්න දැන් ඒකා කොරියාවේ රස්සාවක. කොහොම හරි අන්තිමට මට මගේ ඬේසිව ලැබුණා. අද අපි දෙන්නගෙ වෙඩින් එක.
 

button ලෝරා ඇන්ටිට කාරයක් නැහැලූ. මල්සර අංකල් බලා ගන්නම් කිව්වෙ.
එයාලා පල්ලිය ළඟ බලාගෙන ඉන්නවා. මං සුරුස් ගාලා යන්න  ඕනෑ. ආ එක දෙයක් කියන්න අමතක වුණා. ”එදා අර වතුර ලයින් එක කැපුවෙ මං”
 

button මෙහෙම කියන මේ පේ‍්‍රම්කුමාර්ට (ඔබට) බිරිඳගෙන් ලැබෙන ප‍්‍රතිචාර කොහොමද?
ඇය සාමාන්‍ය බිරිඳක්. මට සහයෝගය දෙනවා. වෙනත් චරිතයක් ලෙස අපි දෙන්නා සමාජ ගත වෙලා නැහැ. සරලයි සාමාන්‍යයයි.
DSC_5497
 
  (lankadeepa.lk)

sadun-gamage
 

Model Lakshika Valentine Photoshoot

By: Prosperity Tech On: 1:32 AM

Im not going to Clubs - Dulmini Aththanayake

By: Prosperity Tech On: 12:14 AM

"මම ක්ලබ් යන්නේ නෑ, ෆේස්බුක් එකේ මඩ ගහලා, දේශපාලනේට එනවද අහනවා"

තිස්ස අත්තනායකගේ දියණිය දුල්මිණි පිළිතුරු දෙයි

තිස්ස අත්තනායක මහතාගේ දියණිය පසුගියදා මාධ්‍ය ඔස්සේ පෙනී සිටීමත් සමඟ අන්තර්ජාලය පුරා ඇය පිළිබඳව විශාල කතා බහක් ඇතිවුනා. මේ වන විට ඇය සතිඅන්ත පුවත්පතක් ඔස්සේ කියා ඇත්තේ එසේ අන්තර්ජාලයේ ඇය පිළිබඳව පළවූ විවිධ දේවල් දුටු බවයි. එමෙන්ම අැය එහිදී තරුණ පරපුර සම්බන්ධයෙන්ද අදහස් ප්‍රකාශ කොට ඇති අතරම සිය පෞද්ගලික ජීවිතයේ තොරතුරු රැසක්ද අනාවරණය කර තිබෙනවා.
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයෙන් ඉගෙනම ලබා ඇති ඇය වසර 5ක් පමණ විදේශ ගතවී සිට ඇති අතර එහිදී කළමණාකරන උපාධියද හදාරා තිබෙනවා.

ඇය ලංකාවේ තරුණ පරපුර සම්බන්ධව දක්වා ඇත්තේ මෙවන් අදහසක්. ‘‘කලින් පරම්පරාවෙන් ගතයුතු ආදර්ශය ගන්න. ඒ අයගේ මග පෙන්වීම ලබාගන්න. අලුත් විදිහට රට ගැන හිතන්න. ඒ සියල්ලටම පෙර නිකරුණේ පුද්ගලික ප‍්‍රශ්න මත මඩ ගැසීම් නතර කරන්න. මේ මඩ ගැසීම් රටට වැඩක් නැහැ. ‘‘
බොහෝ දෙනෙකුගේ වැඩි කතාබහට ලක්වුනේ ඇයත් දේශපාලනයට පැමිණෙනු ඇති බවයි. ඇය ඒ සම්බන්ධව දක්වා ඇත්තේ මෙවන් අදහසක්. ‘‘දේශපාලනයට එනව නම් රට ගැන හිතල වැඩ කරන්න. මිනිස්සුන්ට වැඩක් කරන්න. අපේ රටේ දේශපාලනය හරිම විහිළුකාරයි. එංගලන්තය, අමෙරිකාව වගේ රටවල දේශපාලනයෙන් යම් වැඩක් ඒ රටවලට සිදුවෙනවා. අද අපේ රටේ සිනමා කර්මාන්තයටත් වඩා දේශපාලනය විහිළුවලින් ජනප‍්‍රිය එකක් වෙලා. අපේ තරුණ පරපුර මේ දේශපාලන තත්ත්වය නතර කරන්න  ඕනෑ.“

ඇය වැඩිදුරටත් දැක්වූ අදහස් පහතින්....

විදේශ විශ්වවිද්‍යාලයකට ගියේ තාත්තා දේශපාලනයට කරන නිසාද?
නැහැ. අයදුම් කළා. සුදුසුකම් මත තෝරා ගත්තා.

ෆේස් බුක් එකේ ඔයා ගැන ගොඩක් විස්තර තිබුණා. ඒවා දැක්කාද ?
මම ඒවා දැක්කා. සමහර අය මඩ ගහලත් තිබුණා. අපිට ඒවා හොඳට පුරුදුයි. මම  ඕවා ගණන් ගන්නේ නැහැ. හැබැයි දැන් හැමෝම මගෙන් අහනවා දේශපාලනයට එනවාද කියලා.

ඇත්තටම එහෙම අදහසක් නැද්ද. ?
මම දැන් ඉගෙන ගෙන ඉවර වුණා විතරයි. තාම මම දේශපාලනයට එන්න හිතලා නැහැ. එහෙම එන්න මට අවශ්‍යත් නැහැ. හැබැයි මට මිනිස්සුන්ට සේවය කරන්න  ඕනේ. ඒකට දේශපාලනයම  ඕනේ නැහැනේ.

එහෙනම් කොහොමද කරන්නේ ?
මට සමාජ සේවා සංවිධානයක් හදාගෙන හරි ඒක කරන්න පුළුවන්. හැමෝම මගෙන් අහන්නේ දේශපාලනයට එනවද කියලයි. මම නම් ඒකට කැමැති නැහැ. අප්පච්චි කැමැතිත් නැහැ.

නැවත රට යනවාද ?
ඒක ගැන නම් තීරණයක් නැහැ. මොකද අප්පච්චි දාලා යන්න බැහැ. මේ පවතින වටපිටාව නිසා මගේ වැඩිදුරට අධ්‍යාපනය සඳහා නැවත එංගලන්තයට යන එක ගැන තවම තීරණයක් නැහැ.

පවුලේ අනිත් අය කවුද ?
මට මල්ලි විතරයි ඉන්නේ. මල්ලි කොළඹ රාජකීය විද්‍යාලයේ උසස් පෙළ පන්තියේ ඉගෙන ගන්නවා.

ඔයාගෙ යාළුවෝ කවුද ?
වර්ග කිරීමක නැහැ. පාසල් යන කාලේ හිටපු යාළුවෝ තවම ඉන්නවා.

ඔයා විලාසිතාවලට මුල් තැන දෙනවාද ?
නොදෙනවාම නොවෙයි. අවස්ථාවට ගැළපෙන පරිදි සුදුසු පරිදි.

රූපාලංකාරයට විශේෂ තැනක් දෙනවාද?
විශේෂ තැනක්ම කියන්න බැහැ.

ඔයා ක්ලබ් යනවද ?
නැහැ. අම්මාගේ තාත්තාගේ අවසරයක් නැතිව කොහේවත් යන්නේ නැහැ.

විවේක වෙලාව ගත කරන්නේ.
පොත පත කියනවා. නොවරදවාම ප‍්‍රවෘත්ති බලනවා.

(hirufm.lk) 




Saturday, February 14, 2015

Sumudhu Prasadini's view about the marriage

By: Prosperity Tech On: 7:56 PM

ඇය ක්‌ෂේත්‍රයට පාතබන්නේ නිරූපිකාවක්‌ විදිහට.2012 වසරේ මිස්‌ ශ්‍රී ලංකා තරගයට ඉදිරිපත් වී මිස්‌ වර්ල්ඩ් තරගයට සහභාගි වීමට ද හිමිකම් ලබනවා. ඇය නිවේදිකාවක්‌ රංගන ශිල්පිනියක්‌ ලෙසද කටයුතු කරනවා.....