Sunday, February 15, 2015

Tagged Under: , , ,

Im not going to Clubs - Dulmini Aththanayake

By: Prosperity Tech On: 12:14 AM

"මම ක්ලබ් යන්නේ නෑ, ෆේස්බුක් එකේ මඩ ගහලා, දේශපාලනේට එනවද අහනවා"

තිස්ස අත්තනායකගේ දියණිය දුල්මිණි පිළිතුරු දෙයි

තිස්ස අත්තනායක මහතාගේ දියණිය පසුගියදා මාධ්‍ය ඔස්සේ පෙනී සිටීමත් සමඟ අන්තර්ජාලය පුරා ඇය පිළිබඳව විශාල කතා බහක් ඇතිවුනා. මේ වන විට ඇය සතිඅන්ත පුවත්පතක් ඔස්සේ කියා ඇත්තේ එසේ අන්තර්ජාලයේ ඇය පිළිබඳව පළවූ විවිධ දේවල් දුටු බවයි. එමෙන්ම අැය එහිදී තරුණ පරපුර සම්බන්ධයෙන්ද අදහස් ප්‍රකාශ කොට ඇති අතරම සිය පෞද්ගලික ජීවිතයේ තොරතුරු රැසක්ද අනාවරණය කර තිබෙනවා.
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයෙන් ඉගෙනම ලබා ඇති ඇය වසර 5ක් පමණ විදේශ ගතවී සිට ඇති අතර එහිදී කළමණාකරන උපාධියද හදාරා තිබෙනවා.

ඇය ලංකාවේ තරුණ පරපුර සම්බන්ධව දක්වා ඇත්තේ මෙවන් අදහසක්. ‘‘කලින් පරම්පරාවෙන් ගතයුතු ආදර්ශය ගන්න. ඒ අයගේ මග පෙන්වීම ලබාගන්න. අලුත් විදිහට රට ගැන හිතන්න. ඒ සියල්ලටම පෙර නිකරුණේ පුද්ගලික ප‍්‍රශ්න මත මඩ ගැසීම් නතර කරන්න. මේ මඩ ගැසීම් රටට වැඩක් නැහැ. ‘‘
බොහෝ දෙනෙකුගේ වැඩි කතාබහට ලක්වුනේ ඇයත් දේශපාලනයට පැමිණෙනු ඇති බවයි. ඇය ඒ සම්බන්ධව දක්වා ඇත්තේ මෙවන් අදහසක්. ‘‘දේශපාලනයට එනව නම් රට ගැන හිතල වැඩ කරන්න. මිනිස්සුන්ට වැඩක් කරන්න. අපේ රටේ දේශපාලනය හරිම විහිළුකාරයි. එංගලන්තය, අමෙරිකාව වගේ රටවල දේශපාලනයෙන් යම් වැඩක් ඒ රටවලට සිදුවෙනවා. අද අපේ රටේ සිනමා කර්මාන්තයටත් වඩා දේශපාලනය විහිළුවලින් ජනප‍්‍රිය එකක් වෙලා. අපේ තරුණ පරපුර මේ දේශපාලන තත්ත්වය නතර කරන්න  ඕනෑ.“

ඇය වැඩිදුරටත් දැක්වූ අදහස් පහතින්....

විදේශ විශ්වවිද්‍යාලයකට ගියේ තාත්තා දේශපාලනයට කරන නිසාද?
නැහැ. අයදුම් කළා. සුදුසුකම් මත තෝරා ගත්තා.

ෆේස් බුක් එකේ ඔයා ගැන ගොඩක් විස්තර තිබුණා. ඒවා දැක්කාද ?
මම ඒවා දැක්කා. සමහර අය මඩ ගහලත් තිබුණා. අපිට ඒවා හොඳට පුරුදුයි. මම  ඕවා ගණන් ගන්නේ නැහැ. හැබැයි දැන් හැමෝම මගෙන් අහනවා දේශපාලනයට එනවාද කියලා.

ඇත්තටම එහෙම අදහසක් නැද්ද. ?
මම දැන් ඉගෙන ගෙන ඉවර වුණා විතරයි. තාම මම දේශපාලනයට එන්න හිතලා නැහැ. එහෙම එන්න මට අවශ්‍යත් නැහැ. හැබැයි මට මිනිස්සුන්ට සේවය කරන්න  ඕනේ. ඒකට දේශපාලනයම  ඕනේ නැහැනේ.

එහෙනම් කොහොමද කරන්නේ ?
මට සමාජ සේවා සංවිධානයක් හදාගෙන හරි ඒක කරන්න පුළුවන්. හැමෝම මගෙන් අහන්නේ දේශපාලනයට එනවද කියලයි. මම නම් ඒකට කැමැති නැහැ. අප්පච්චි කැමැතිත් නැහැ.

නැවත රට යනවාද ?
ඒක ගැන නම් තීරණයක් නැහැ. මොකද අප්පච්චි දාලා යන්න බැහැ. මේ පවතින වටපිටාව නිසා මගේ වැඩිදුරට අධ්‍යාපනය සඳහා නැවත එංගලන්තයට යන එක ගැන තවම තීරණයක් නැහැ.

පවුලේ අනිත් අය කවුද ?
මට මල්ලි විතරයි ඉන්නේ. මල්ලි කොළඹ රාජකීය විද්‍යාලයේ උසස් පෙළ පන්තියේ ඉගෙන ගන්නවා.

ඔයාගෙ යාළුවෝ කවුද ?
වර්ග කිරීමක නැහැ. පාසල් යන කාලේ හිටපු යාළුවෝ තවම ඉන්නවා.

ඔයා විලාසිතාවලට මුල් තැන දෙනවාද ?
නොදෙනවාම නොවෙයි. අවස්ථාවට ගැළපෙන පරිදි සුදුසු පරිදි.

රූපාලංකාරයට විශේෂ තැනක් දෙනවාද?
විශේෂ තැනක්ම කියන්න බැහැ.

ඔයා ක්ලබ් යනවද ?
නැහැ. අම්මාගේ තාත්තාගේ අවසරයක් නැතිව කොහේවත් යන්නේ නැහැ.

විවේක වෙලාව ගත කරන්නේ.
පොත පත කියනවා. නොවරදවාම ප‍්‍රවෘත්ති බලනවා.

(hirufm.lk) 




0 comments:

Post a Comment