Sunday, February 15, 2015

Tagged Under: , ,

Super Trees Light Show OCBC - Gardens by the Bay

By: Prosperity Tech On: 7:29 PM

මිනිස් දෑතින් බිහිවුණ මිහිමත පාරාදීසය


ලොව විශිෂ්ටතම උද්භිත උද්‍යානය සඳහා Themed Entertainment Association විසින් පිදෙන තියා සම්මානය ( Thea Award) 2014 වසරේදී දිනා ගැනීමට සිංගප්පූරුවේ Gardens by the Bay සමත් විය.


Gardens by the Bay ලොව පුරා ඇති සුවිශේෂ ඝනයේ උද්‍යාන ලෙස නම් කර ඇති උද්‍යාන 10 අතරින් එකක් ලෙස සැලකෙන අතර සිංගප්පූරුව තුල එදා මෙදා තුර නිර්මාණය කර ඇති උද්භිත විද්‍යාත්මක හා ගෘහ නිර්මාණ ශිල්පය අතින් අති විශිෂ්ටතම නිර්මාණය ලෙස ද කිරුළු දරා සිටියි.

ඇන්ටාක්ටිකා මහද්වීපය හැරුණු කොට ලොව අනෙක් මහද්වීප සියල්ලේම දේශගුණික තත්වයන් Gardens by the bay තුල කෘතිමව නිර්මාණය කර ඇති අයුරු විශ්මය ජනකය. එමෙන්ම අඩි සිය ගණන් උසට විහිදුණු තිරස් උද්‍යාන රාශියක් මෙහිදී දක්නට ලැබේ.

ලොව පුරා විවිධ ප්‍රදේශවල දක්නට ලැබෙන තුරු ලතා ප්‍රභේදයන් 500,000  අධික ප්‍රමාණයකට මෙම උද්‍යානය නිවහනක් වී අති අතර විශේෂයෙන් සැකසූ සංරක්ෂණාගාර දෙකක් තුල ඒ අතරිනුත් දුර්ලභ ශාක වර්ග වවා රැක බලාගැනීම සිදු කරනු ලබයි.

එම සංරක්ෂණාගාර නම් කර ඇත්තේ Flower Doom හා Cloud Forest ලෙසිනි.

Flower Doom
මෙම සංරක්ෂණාගාරය තුල ඇත්තේ මධ්‍යධරණී කලාපයේ, සිසිල් හා වියළි භූගෝලීය පරිසර තත්වයකි.ඒ තුල අප්‍රිකාව, ඇමරිකාව, ආසියාව, ‍යුරෝපය හා ඕසියානාව ලෙස නම් කර ඇති කලාප 5 කි.එම කලාප 5 තුල නිර්මාණය කර ඇති උද්‍යාන නම් කර ඇත්තේ ඕස්ට්‍රේලියානු උද්‍යානය, දකුණු අප්‍රිකානු උද්‍යානය, දකුණු ඇමරිකානු උද්‍යානය, කැලිෆෝනියා උද්‍යානය ආදී වශයෙනි. මීට අමතරව අප්‍රිකානු මහද්වීපයෙ දක්නට ලැබෙන දුර්ලභ ශාක සඳහා වෙනම ඉඩක් ද flowers doom තුල වෙන් කර ඇත.

Cloud Forest

නිවර්තන වැසි වනාන්තරයක සිරිය උසුලන මෙම කොටසේ උස් බිම් වල වැවෙන ඕකිඩ් වර්ග, මාංශ භක්ෂක ශාක වර්ග හා මීමණවර්ග වලට ඉඩ වෙන් කර ඇත.මෙහි පැමිණෙන සංචාරකයන් මවිතයට පත්වන්නේ ලොව උසින් වැඩිම ගෘහස්ථ දිය ඇල්ල දැකීමෙනි. අඩි 35 ක පමණ උසකින් යුතු වන එය ඇද හැලෙන්නේ මිහිඳුමක් වැනි වළා රොදවල් අතරිනි. ගවේෂණාත්මක අධ්‍යාපන චාරිකා සඳහා කලාප 7 ක් ද cloud forest තුල දක්නට ලැබේ.


තවද පොළොවෙන් මීටර් 22 ක් පමණ ඉහලට එසවුන OCBC Skyway පණ ලබන්නේ රාත්‍රියට ය. දහස් සංඛ්‍යාත විදුලි බුබුළු වලින් ආලෝකමත් වන එය සැබවින්ම අතිශය චමත්කාර දසුනකි.

මේවාට අමතරව ඉන්දියානු, චීන, මැලේ ආදී තේමාවලින් යුතුව සකස් කර ඇති එළිමහන් උද්‍යාන 4ක් ද Gardens of the bay සතු ය.













(colomboweek.com)

0 comments:

Post a Comment