Thursday, February 5, 2015

Real age of wimal weerawansa's wife

By: Prosperity Tech On: 11:18 PM

'වීරවංශගේ හා ශෂිගේ ඇත්ත වයස හෙළිකරනවා' - රාජිත 

wimal shashi weerawansa
විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ සහ ඔහුගේ බිරිඳගේ සැබෑ වයස සහ උපන්දින ළඟදීම හෙළිකරන බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැවසීය. විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ බිරිඳගේ රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රය සැකසීමට දුන් උප්පැන්න සහතිකය ව්‍යාජ බවට තහවුරු වි ඇතැයි ද ඔහු සඳහන් කළේය. ද්විත්ව පුරවැසිබව ලබාදුන් පුද්ගලයන් පිළිබඳව සහ රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍ර ලබාදුන් පුද්ගලයන් පිළිබඳවද පරීක්ෂණ සිදුකරන බව හෙතෙම පැවසුවේය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (05දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ හමුවේදීය

 (srilankamirror.com)

Dhammika Perera reveals

By: Prosperity Tech On: 11:03 PM

කැසිනෝ ධම්මික ගුවන් හමුදා හෙලිකොප්ටර්වලින් කළ සෙල්ලම්

ලංකාවේ තෙල් ගවෙශණය කළ කේන් ලංකා (Cairn Lnka) ඉන්දියානු සමාගමට ලබාදීමට ගුවන් හමුදාවෙන් අඩු මිලට හෙළිකොප්ටර් කුලියට ලබාගනිමින් හේලීස් සමාගම විසින් සිදු කළ විශාල අක්‍රමිකතාවක් පිළිබඳ තොරතුරු හෙළිව තිබේ.
කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් ප්‍රධානත්වය දරනු ලබන හේලීස් සමාගමේ අදාල අක්‍රමිකතාව පිටුපස සිට ඇති ප්‍රධාන පුද්ගලයා වන්නේ හේලීස්හි රිකී බාර්නට් නැමැති අයෙක් බව පැවසේ.

හෙළිකොප්ටර් නොමැති හේලිස් සමාගම අදාල ටෙන්ඩරය ලබාගත්තේ කෙසේද, ගුවන් හමුදාව එහි කොටස් කරුවෙකු කරනු ලැබුවේ කුමන අයුරින්ද යන්න පිළිබඳව මේවන විට ගැටලු පැනනැගී ඇති කේෂත්‍ර බව ගුවන් හමුදා අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

බෙල් 412 වර්ගයේ හෙළිකොප්ටර් මේ සඳහා ගුවන් හමුදාවෙන් කුලියට ගෙන ඇති බවත්, මේ ගනුදෙනුවේ අතර මැදියා වූ හේලීස් සමාගම කෙටිකාලීන පදනම මත හෙළිකොප්ටර් ගෙන ඒවාට ගෙවා ඇත්තේ ගුවන් පැයකට ඇමරිකානු ඩොලර් 2000ත් 3000ත් අතර මිලක් බව පැවසේ.

කෙසේවුවද බෙල් 412 වර්ගයේ හෙළිකොප්ටරයක් ගුවන් පැයක් ධාවනයට සම්මත නඩත්තු වියදම (Operating Costs Per Hour) ඇමරිකානු ඩොලර් 1316.8 කි.

බෙල් 412 වර්ගයේ හෙළිකොප්ටරයක් ගුවන් පැයකට කෙටිකාලීන පදනම මත කුලියට ගන්නේ නම් ඊට ගෙවිය යුතු මිල ඇමරිකානු ඩොලර් 5000ත් 6000ත් අතර බවද පැවසේ. 

එසේම ඒ සඳහා මාසිකව තවත් ඇමරිකානු ඩොලර් 250,000ක් පමණ ගෙවීමක්ද සිදු කළ යුතු බව වාර්තා වේ.

මේ ගනුදෙනුව සම්බන්ධයෙන් තවත් තොරතුරු අප ඉදිරියේදි හෙළිකරන්නෙමු.

(srilankamirror.com)

Wednesday, February 4, 2015

TransAsia plane crash on cam! | Taipei | 04 02 2015

By: Prosperity Tech On: 6:45 AM

අද උදෑසන තායිවානයේ 12 දෙනෙකුට මරු කැඳවමින් ග`ගකට වැටුණ ගුවන් යානය එසේ පතිතවන අවස්ථාවේ අසළ අධිවේගී මාර්ගයක ගමන් කළ වාහනයක සවිකර තිබුන කැමරාවකට එය පතිතවන තත්පර කිහිපයක දර්ශනයක් හසුවී තිබුණා. එය පහත පරිදිය.

Tuesday, February 3, 2015

Would you let an ELEPHANT give you a massage?

By: Prosperity Tech On: 10:56 PM

ආසියා අලි සම්බාහකයෝ තායිලන්තයේ 

තායිලන්තයේ සෆාරි උද්‍යානයක ‘අලි‘ සම්භාහනයක සුවය විදින සංචාරකයෝ පිරිසක් ඇමරිකා ජාතික ඉයන් මැක්ලීන්ගේ කැමරාවේ සටහන් විය.
වැඩුණු ආසියා අලි සම්බාහකයෝය.
අලි සම්භාහනය ලබාගැනීමට කැමති පුද්ගලයින්ට මුලින්ම බිම වැතිරෙන්නැයි උපදෙස් ලැබෙන අතර අනතුරුව තම ඇත්ගොව්වාගේ උපදෙස් අනුව අලියා බිම වැතිර සිටින පුද්ගලයාගේ ඉණ,පිට,පාද තම පාද හා හොඬය යොදාගෙන සෙමින් තෙරපයි.
ජීවිතයත් මරණයත් අතර මොහොතක් වුවද සංචාරකයින් මේ අලි සම්භාහනය ලබාගැනීමට සිටින්නේ පෝලිම් ගැසී බව ඉයන් කියයි.
(asianmirror.lk)



i don't hate my life - meena kumari sri lanka

By: Prosperity Tech On: 10:41 PM

ජීවිතය ගැන පසුතැවීමක් මගේ හිතේ නැහැ

මීනා කුමාරි
මේ දිනවල විකාශය වෙන ටෙලිනාට්‍ය රැසකින් ම අප නෙතු මානයේ රංගනයේ සිතුවම් අඳින සොඳුරු නිළියක් ලෙස මීනා කුමාරි හඳුන්වා දිය හැකියි. කලකට පසුව මීනා ‘රසඳුන’ සමඟ ඇගේ රංගන දිවිය ගැනත් නවතම කලා තොරතුරු ගැනත් කතාබහ කළා.
ඔබේ නවතම කලා කටයුතු මොනවගේ ද?
මේ දවස්වල ටෙලිනාට්‍ය තුනක වැඩකටයුතු කරගෙන යනවා. ඒ ඇරෙන්න ‘මහරජ ගැමුණු’ චිත්‍රපටයට දායක වුණා.

‘මහරජ ගැමුණු’ චිත්‍රපටයේ ඔබ නර්තනාංගනාවියක් නේද?
ඔව්. රංගනයක් නැතිව නර්තනයක් තමයි මම ඉදිරිපත් කරන්නේ. රංගන ජීවිතයේ රංගනය නොමැතිව පළමු වතාවට නර්තනයකින් පමණක් චිත්‍රපටයක් ඔස්සේ මගේ රසිකයින් හමුවට මම එන්නේ මේ ඔස්සේයි.

ක්ෂේත්‍රයේ අයගෙන් මෙයට හොඳ ප්‍රතිචාරත් ලැබෙනවා ඇති?
ඔව්. අපි දැනගෙන හිටියේ නැහැනෙ නර්තනය හොඳට පුළුවන් කියලා කියන එකයි ඔවුන් පවසන්නේ. ඇත්තටම ක්ෂේත්‍රයේ කවුරුත්ම දැනගෙන හිටියෙත් නැහැ, දැකල තිබුණෙත් නැහැ මම නර්තනයේ යෙදෙනවා. චිත්‍රපටයක් ඔස්සේ එය එළිදක්වන්නට ලැබීම ගැන මම සතුටු වෙනවා.

ඔබ ටෙලිනාට්‍යවලත් මේ දවස්වල ජනප්‍රියම අම්මා නේද?

මේ දවස්වල මම රඟපාපු ටෙලිනාට්‍ය කීපයක් ම විකාශය වෙනවා. ‘මායා පටල’, ‘උතුම් පැතුම්’, ‘ආදර දෑසක්’ වගේ ටෙලිනාට්‍ය. ‘මායා පටල’ ටෙලිනාට්‍යයේ චරිතයට මේ දවස්වල ගොඩක් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. අහිංසක අම්මාගේ චරිතයෙන් තරමක් දුරට මිදුණු නීතිඥවරියක ලෙස කටයුතු කරන, තද ගතිගුණ තිබෙන අම්මා කෙනෙක් ගේ චරිතයක් එය.

චරිතාංග නිළියක වනවාට වඩා ඔබව මවගේ චරිතයටම කොටු කරලා වගේ හැ‍ඟෙන්නේ නැතිද?
දැනට නම් එහෙම තමයි කියලා හිතෙනවා. පසුගිය දවස්වල නම් චරිතයක් තිබුණා ‘හිරු තනිවෙලා’ ටෙලිනාට්‍යයේ. එහි මම රඟපෑවේ විවාහ නොවුණු පුංචි අම්මා කෙනෙකුගේ චරිතයක්. ඒ කාන්තාවට සුවිශේෂී ගතිගුණ තිබුණා. බොහොම ලස්සන චරිතයක් එය. එයත් මම ආසාවෙන් රඟපෑවා. මම මීට පෙරාතුව රඟපෑ ‘වසූදා’ නාට්‍යයේ චරිතය අවුරුදු 19 සිට 55 දක්වා වයස සීමාව වනතුරු විකාශනය වූවා. ඉතින් ඒ නාට්‍යයෙන් රසිකයන් දුටුවේ මගේ වයස කාලය. මේ දැන් ඉන්න විදිහට නෙමේ ඒ චරිතයේදී හැම පැත්තෙන් ම හුඟක්ම ‘කොස්ටියුම්’, ‘බොඩි ස්ට්‍රක්චර්ස්’, ‘ම‍ූමන්ට්ස්’ පවා අපි හදාගෙන ඒ චරිතය රඟපෑවේ. මම හිතනවා ඒ සාර්ථකත්වයට‍ තමයි වයස සීමාවක් නැතිව අම්මාවරුන්ගේ චරිතවලට මට කතා කරන්නට හේතු වුණේ.

ඒ කියන්නේ ඔබට පෙම්වතියගේ චරිතය රඟපාන්න බැරි වටපිටාවක් නිර්මාණයව පවතිනවාය කියන එකද?
අපෝ නැහැ. තවම හොඳින් මට පෙම්වතියගේ චරිතය රඟපාන්න පුළුවන්. බැරිකමක් නැහැ. නමුත් මට මතකයි ‘බාඳුරා මල්’ ටෙලිනාට්‍යයේ මම හිටියේ යෙහෙළියකට. එය තරුණ ගැහැනු කෙනෙකුගේ චරිතයක්. එහෙම කරන්න බැරිකමක් නෙමෙයි.
නමුත් හුඟාක් ටෙලිනාට්‍ය චරිතවල විශේෂයෙන් ම මෙගා ටෙලිනාට්‍ය තුළ මා වෙනුවෙන් ලියවෙන්නේ මවගේ චරිතය තමයි.

පෙම්වතියකගේ චරිතයක් රඟපාන්න ලැබුණොත්?
මම කැමැතියි. ඒත් නොලැබුණා කියල දුකක් නැහැ. නොලැබෙන තරමට හොඳයි. මොකද දැන් මටත් තරුණ දියණියක් ඉන්නවා. අනෙක අද තරුණ ඇක්ට්‍රස්ලා ගොඩක් ඉන්නවා. මම බොහොම ආසාවෙන් අම්මාවරුන්ගේ චරිත රඟපාන්නේ. එහෙම නැත්නම් කාන්තා චරිත.

නව පරපුර ගැන මොකද හිතන්නේ?
නව පරපුරේ අය දක්ෂකම පැත්තෙන් ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා. ඔවුන්ට සහජ හැකියාව තිබෙනවා‍. එකම දේ තමයි මේ අය රංගනය කියන්නේ කුමක්ද? කියන එක දැනගෙන, හදාරා ක්ෂේත්‍රයට එකතු වන්නේ නැති එක. රංගනය කියන්නේ රූපයම නොවෙයි. රූපය තියෙනවා නම් එය වාසනාවක්. රූපයයි හැකියාවයි ආභාසයයි වැදගත්. සමහර අය ඉන්නවා ක්ෂේත්‍රය ගැන තේරුම් අරගෙන ප්‍රවීණයන්ට ගරු කරමින් මේ ක්ෂේත්‍රයේ රංගනය කරන්නේ කොහොමද, මෙය කොතරම් වටිනවාද, පූජනීයත්වයකින් යුතු ද, කියන එක ගැන අවබෝධයෙන් එන පිරිසක්.
නමුත් බොහෝ වෙලාවට එහෙම වටපිටාවක් නැතිව එන පිරිසකුත් සිටිනවා. ඒ නිසාම දෝ මං දන්නැහැ අද කලාව තුළ යම් යම් කට කතා ඇතිවෙනවා මේ නළු නිළියන් කියන නාමයත් එක්ක. විනයක් ඇතිව, ඉගෙන ගෙන ආ යුතු තැනක් බව මම නවකයන්ට පවසන්න කැමැතියි. අනෙක අද බොහෝ වෙබ් අඩවි වල ගොසිප් බවට පත්වන්නේත් පුවත්පත්වල නරක දේ කළා කියා පළවන්නේත් හැදෑරීමක්, අධ්‍යාපනයක් නැතිව කලා ලොවට එකතු වූ නවකයන් නිසා බවයි මගේ හැඟීම.

ඔබේ දියණිය ඔ‍ෙ‍බ් රඟපෑම් ගැන මොකද කියන්නේ?;
හුඟක් වෙලාවට ඇය මම රඟපාන ටෙලිනාට්‍ය නරඹනවා. ඒවා ගොඩක් විඳිනවා‍. ගෙදරදීත් ඇය කියන්නේ අම්මා අනෙක් අම්මලා වගේ නෙවෙයි කියලා. ඒ නිසා අම්මා කියන සීමාවෙන් එහාට ගිහිල්ලා ඇය යාළුවෙක් විදියට තමයි මං ගාව ඉන්නේ. යාළුවෙක් විදියට, මවක් විදියට හැම විදියකටම ඇය මාව දකිනවා. ඇයට කේන්තියක් හෝ සතුටක් හෝ දැනුණු විට ඒ දේ පිටකරන්නේ මම අම්මා විදියට දැකලා නෙවෙයි. යාළුවෙක් වගෙයි. මම එයින් තේරුම් ගත් දෙයක් තමයි මං ළඟදි ‍‍මගේ දියණියට නිදහසක් තිබෙනවා කියන එක. මේ දිනවල නම් ඇය අධ්‍යාපන කටයුතු කරගෙන යනවා.

දියණිය කලාවට දායක කරන්නේ නැද්ද?
ඇයට ඒ හැකියාව උපරිමව තිබෙනවා. දැනට ඇය විද්‍යා අංශයෙන් ඉගෙනුම ලබනවා.

ආදරය ගැන මොකද හිතෙන්නේ?
එයට ඉතින් නිර්වචනයක් දෙන්න නම් මට අමාරුයි. මම දකින විදියට ආදරය තමයි ජීවත් වෙන්නට තියෙන එකම දේ. බොහොම සුන්දරයි. මමත් ආදරය කරනවා. ආදරය විඳිනවා. හැම පැත්තෙන් ම ලැබෙන ඒ ආදරය තුළයි මම ජීවත්වන්නේ.

ජීවිතය ගැන ආපසු හැරී බලද්දී මොකද හිතෙන්නේ?
ජීවිතේ ගැන පසුතැවීමක් මගේ සිතේ නැහැ. නමුත් ආපසු හැරෙන්නේ නම් නැහැ. අපේ අනාගතය ගොඩනැ‍ඟෙන්නේ ආපසු ජීවිතය දෙස හැරී බලද්දී අප ලැබූ අත්දැකීම් තුළින් කියා මම සිතනවා. ඒ අත්දැකීම් මතින් ජීවිතේ තව තවත් ශක්තිමත් කරගෙන එයට මුහුණ දෙන්නට මට ශක්තිය තිබෙනවා.

Monday, February 2, 2015

Chandrasena Hettiarachchi's daughter Lihini Hettiarachchi

By: Prosperity Tech On: 9:50 PM

චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ දුවගේ වැලන්ටයින් සැමරුම

chandrasena hettiarachchi's daugter lihini hettiarachchi
ප්‍රවීණ ගායන ශිල්පි චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහතාගේ දියණිය වන ළිහිණි හෙට්ටිආරච්චි මෙවර ආදරවන්තයිගේ දිනය සැමරීමට මහත් බලාපොරොත්තු තබාගෙන සිටිනවා. ඒ ආදරය කැටි වූ නවතම ආදර ගීතය එළැඹෙන පෙම්වතුන්ගේ දිනයේදී නිකුත් කිරීමෙන්. 
 
ළිහිණි හෙට්ටිආරච්චි සමඟින් මෙම ගීතය ගායනා කරනු ලබන්නේ රහල් අල්විස් නම් වූ යොවුන් පරපුරේ ගායන ශිල්පියෙක් වීම ද විශේෂත්වයක්. ගීතයේ පද මාලාව වරුණ චින්තක වගවත්ත විසින් ලියවී ඇති අතර මෙම ගීතයේ සංගීතය ෂෙනුක හේෂාන් පීරීස් 
නිර්මාණය කර තිබෙනවා.
 
වරුණ චින්තක වගවත්ත අතින් ලියවෙන මෙම ගීතය ඔහුගේ පළමු පද රචනය වීම සහ මොවුන් දෙදෙනාගේ ප්‍රථම ආදර ගීතයද මෙය වීම තවත් එක් විශේෂත්වයක්. පියාණන්ගේ අඩි පාරේ යෑමට සූදානම් වන ළිහිණි හෙට්ටිආරච්චි සහ රහල් අල්විස් හට දිගු ගමනක් යාමට හැකි වේයැයි අප විශ්වාස කරනවා. ගීතය තව දින කිහිපයකින් අන්තර්ජාලයට මුදා හැරීමට නියමිතයි.
 
ගීතය නිකුත් වූ සැණින් ඔබ වෙත ගෙන ඒම nethfm.com අප සූදානමින් සිටිනවා.
 


(nethfm.com)Lihin hettiarachchi

Whitney Houston's daughter 'fighting for her life'

By: Prosperity Tech On: 9:13 PM

අකාලයේ මිය ගිය විට්නි හූස්ටන් මෙන් නාන තටාකයේ වැටී සිටි දියණිය කෝමා තත්ත්වයට


අකාලයේ මිය ගිය විට්නි හූස්ටන් මෙන් නාන තටාකයේ වැටී සිටි දියණිය කෝමා තත්ත්වයට ජොර්ජියාහි පිහිටි සිය නිවසේ නාන තාටකය තුළ සිහිසුන්ව සිටියදී සොයාගත් හිටපු පොප් ගායිකා විට්නි හූස්ටන්ගේ දියණිය බොබි ක්‍රිස්ටිනා බ්‍රවුන් කෝමා තත්ත්වයට පත්ව තිබේ.
පසුගිය සෙනසුරාදා උදෑසන ක්‍රිස්ටිනා ජලය පිරුණු නාන තාටකය තුළ මුණින් අතට වැටී සිටියදී සොයා ගනු ලැබුවේ ඇයගේ සැමියා විසිනි.
21 හැවිරිදි ක්‍රිස්ටිනා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර කෙසේ වෙතත් වෛද්‍යවරුන් පවසා ඇත්තේ, ඇයගේ තත්ත්වය සම්බන්ධයෙන් මේ වන තෙක් නිශ්චිතව ම කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව ය.
පොලීසියේ ප්‍රකාශිකාවක උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ක්‍රිස්ටිනා සොයා ගන්නා අවස්ථාවේදී ඇය සිහිමුර්ජා වී සිට ඇති බව ය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය වී නොමැති අතර අනතුරට මත්කුඩු හෝ මද්‍යසාර සම්බන්ධයක් ඇතිදැයි යන්න සම්බන්ධයෙන් ද හෝඩුවාවක් හෝ ලැබී නොමැත.
මීට අවුරුදු 3කට ඉහතදී අඟල් 12ක් පමණ ගැඹුරැති උණු වතුරවලින් පිරුණු නාන තටාකයක් තුළ තිබියදී මෙලෙස මුණින් අතට වැටී තිබියදී ක්‍රිස්ටිනාගේ මව වූ විට්නි හූස්ටන්ගේ මළ සිරුර සොයා ගැනිණ.
කොකේන් භාවිතය නිසා හටගත් හෘද රෝගයක් හේතුවෙන් හදිසියේ ම නාන තටාකයට ඇද වැටීමෙන් හූස්ටන් මිය ගොස් ඇති බව ලොස් ඇන්ජලීස්හි හදිසි මරණ පරීක්ෂකවරයා නිගමනය කළේ ය.
ක්‍රිස්ටිනා විට්නි හූස්ටන්ගේ එක ම දියණිය ද වන්නී ය.
හූස්ටන් වරෙක පවසා තිබුණේ, සිය දියණියගේ දෑසින් තමන්ට තමන්ව දැකගත හැකි බව ය.
බොබි ක්‍රිස්ටිනා බ්‍රවුන් ඇයගේ සැමියා සමග
බොබි ක්‍රිස්ටිනා බ්‍රවුන් ඇයගේ සැමියා සමග

(newsfirst.lk)

http://i.dailymail.co.uk/i/pix/2013/07/16/article-2366042-1AD36669000005DC-77_634x515.jpg

Maithripala refuses his official plane

By: Prosperity Tech On: 7:28 AM

කෝටි 208 ක නිල ගුවන් යානය ජනපති එපා කියයි


ජනාධිපතිවරයාට පමණක් භාවිතා කිරීමට නිල ගුවන් යානයක් ලබන මාසයේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබූ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම ගුවන් යානය ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර තිබේ. එය ඇමෙරිකානු ඩොලර් මිලියන 16 ක් හෙවත් රුපියල් කෝටි 208 ට වැඩි බවත් සඳහන්. මෙම විශේෂිත ගුවන් යානය සඳහා වූ ගෙවීම් සිදු කිරීම නියමිතව තිබුණේ මහා භාණ්ඩාගාරයෙන් වන අතර ඒ පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කර එම ගුවන් යානය ගෙන්වීම නවතා දැමීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. ඒ අනුව මෙම මුදල් ජනතා සුබ සිද්ධියට යෙදවීමට තීරණය කළ බවත් ජනාධිපතිවරයා පැවසීය

Friday, January 30, 2015

The wait is finally over!!! Baby Doll is all set to make you groove with her Pink Lips.

By: Prosperity Tech On: 7:53 PM

සනි ලියොන් වැඩියෙන් උනන්දු වන කාන්තාව කවුද ? - වීඩියෝ


sunney leaone
 තමන් කැමතිම බොලිවුඩ් නිළියන් දෙන්නා කන්ගනා රනාවත් හා විද්‍යා බාලන් වුනාට සිනමාව තුළ රැඳී සිටින්න උනන්දුවක් ඇති කරන්නේ ප්‍රියංකා චොප්රා කියලයි බොලිවුඩ් නිළි සනි ලියොන් කියන්නේ. කෙටි කාලයකින් බොලිවුඩ් රසික රසිකාවියන් අතර අතිශ්‍ය ජනප්‍රියතාවයක් ලබා ගන්න සනි ලියෝන්ට පුළුවන් වුනානේ.එකට නම් හේතු ගොඩක් තියෙනවා.කොහොම වුනත් ඇය කියන විදියට ප්‍රියංකා තමා සම්බන්ධ වෙලා ඉන්න හැම ක්ෂේත්‍රයකම ඉහළට ඇවිත් ඉන්නේ.ඒ වෙනුවෙන් ඇය ලොකු කැපකිරීමක් කරනවා අනික ඉන්දියාවේ වගේම ඇමරිකාවෙත් ප්‍රියංකා චොප්රාගේ බිල් බෝර්ඩ් දකින්න ලැබෙනවලු. මේවා දැක්කම තමන්ට ලොකු ආඩම්බරයක් දැනෙනවා වගේම බොලිවුඩ් නිළියක් හැටියට ඉදිරියට යන්න උනන්දුවකුත් ඇති වෙනවා කියලයි සනි ලියොන් කියන්නේ..












Thursday, January 29, 2015

Interim Budget 2015 - Ministry of Finance and Planning sri lanka

By: Prosperity Tech On: 3:27 AM

2015 අතුරු අයවැය යෝජනා සියල්ල මෙන්න

ශ්‍රී ලාංකිකයින්ට උපරිම සහන දුන් අවස්ථාව මෙය වනු ඇති බව නව රජයේ අතුරු අයවැය අද (29) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
2014 අවසානයේ රජයේ ණය රු. බිලියන 8800 ඉක්මවන අතර සමස්ත ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 84.9%ක්.
  • මිලදී ගැනීමේ හැකියාව වැඩි කිරීම සඳහා වැටුප් වැඩි කළ යුතුයි. 
  • පෙබරවාරි මස සිට රජයේ සේවකයින්ට රු. 5000ක්. ජූනි මාසයේ තවත් රු. 5000ක් ලෙස වැටුප් ඉහළට 
  • පුද්ගලික අංශයේ වැටුප් රු. 2500කින් වැඩි කරන ලෙස ඉල්ලීමක්  
  • පසුගිය රජය සමයේ වසා දැමූ කර්මාන්ත යළි ආරම්භ කිරීමට පියවර 
  • විශ්‍රාමික වැටුප් අප්‍රේල් මස සිට රු. 1000කින් ඉහළට 
  • සමෘද්ධි දීමනාව අප්‍රේල් මස සිට 200%කින් ඉහළට
  • ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බැංකු ගිණුම් සඳහා 15%ක පොළියක් 
  • ගර්භණී මාතාවන්ට රු. 20000ක දීමනාවක් 
  • වී සඳහා රු. 50ක සහතික මිලක් 
  • අඩු මුදලකට අත් ට්‍රැක්ටර් 
  • පොහොර සහනාධාරය තවදුරටත් 
  • නැවුම් කිරි ලීටරයක් මිලදී ගැනීමේදී රු. 10කින් ඉහළ දැමේ 
  • කොළඹ යළි පදිංචි කළ පවුල් සඳහා වන්දි මුදල් ඉහළට 
  • පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ විමධ්‍යගත අරමුදල 100%කින් එනම් රු. මිලියන 10ක් දක්වා ඉහළට
  • සෞඛ්‍ය සේවය සඳහා දළ ජාතික නිෂ්පාදනයෙන් 3%ක් දක්වා ඉහළට 
  • රෝහල්වල බාහිර රෝගී අංශය පැය 24 ම ක්‍රියාත්මක කෙරේ
  • වකුගඩු රෝගීන් වෙනුවෙන් විශේෂ අරමුදලක් 
  • අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කෙරේ
  • භූමිතෙල් මිල තවත් රු. 6කින් පහළට. භූමි තෙල් ලීටරයක නව මිල රු. 59යි  
  • සූර්ය බලශක්ති ඒකක පිහිටුවා විදුලි බල වියදම් අවම කරයි
  • අත්‍යවශ්‍ය භාණ්ඩ 13ක මිල අඩු කෙරේ
  • අද මධ්‍යම රාත්‍රී සිට සීනි මිල රු. 10කින් අඩු කෙරේ
  • අද මධ්‍යම රාත්‍රී සිට කිරි පිටි ග්‍රෑම් 400 මිල රු. 325 දක්වා අඩු කෙරේ
  • අද මධ්‍යම රාත්‍රී සිට තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක මිල රු. 12.50කින් අඩු කෙරේ
  • අද මධ්‍යම රාත්‍රී සිට හාල්මැස්සන් කිලෝ ග්‍රෑමයක මිල රු. 15කින් අඩු කෙරේ
  • අද මධ්‍යම රාත්‍රී සිට ටින් මාළු මිල රු. 60කින් අඩු කෙරේ
  • අද මධ්‍යම රාත්‍රී සිට කොත්තමල්ලි කිලෝග්‍රෑමයක මිල රු. 150කින් අඩු කෙරේ
  • අද මධ්‍යම රාත්‍රී සිට උම්බලකඩ කිලෝවක මිල රු. 200කින් අඩු කෙරේ
  • අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කිරීමට පොරොන්දු වුණ ත් 13ක අඩු කළා 
  • අද මධ්‍යම රාත්‍රී සිට ගෑස් සිලින්ඩරයක මිල රු. 300කින් අඩු කෙරේ
  • රාජ්‍ය බැංකුවල රු. ලක්ෂ 2ට අඩු උකස් කළ ස්වර්ණාභරණ සඳහා වන පොළිය කපා හරී
  • උපයන විට ගෙවීමේ බද්දෙන් මුල් රු. ලක්ෂ 6 ඉවතට 
  • අද මධ්‍යම රාත්‍රී සිට ධාරිතාව 1000ට අඩු මෝටර් රථ සඳහා වන බදු 15%කින් අඩු කෙරේ
  • අද මධ්‍යම රාත්‍රී සිට දෙමුහුන් වාහනවල බදු අඩු කෙරේ
  • අද මධ්‍යම රාත්‍රී සිට සිමෙන්ති මිල රු. 90කින් අඩු කෙරේ
  • කැසිනෝ ව්‍යාපාරිකයින්ගෙන් රු. මිලියන 1000ක බද්දක් 
  • මත්පැන් අලෙවි හල්වලින් එක් වරක රු. 250000ක බද්දක් 
  • රු. 5000ක්ව පැවති විවාහ ලියාපදිංචි ගාස්තුව රු. 1000 දක්වා අඩු කෙරේ
  • චන්ද්‍රිකා මධ්‍යස්ථාන භාවිත කරන්නන්ගෙන් එක් වරක් ගෙවන රු. මිලියන 1000ක බද්දක් 
  • සන්නිවේදන කුළුණු 5කට වැඩි ක්‍රීඩා පමණක් පෙන්වන රූපවාහිනී ආයතන සඳහා එක් වරක රු. මිලියන 1000ක බද්දක් 
  • රජයේ අබලන් වාහන වෙන්දේසි කර රු. මිලියන 1000ක් ඉපයීමට පියවර
  • ආබාධිත රණවිරුවන්ට රු. ලක්ෂ 5ක උපරිමයක ණය මුදලක්  
  • මහපොළ ශිෂ්‍යාධාරය පෙබරවාරි සිට රු. 5000ක් දක්වා ඉහළට
  • විදුලි බල සහ ජලසම්පාදන වැනි ආයතනවල වසර 7කට වැඩි කාලයක් සේවය කරන අනියම් සේවකයින් ස්ථිර කරයි
  • පාඩු අවම කිරීම සඳහා මිහින් ලංකා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම් ඒකාබද්ධ කෙරේ 
  • ආරම්භක මුදලක් නොමැතිව බැංකු ගිණුමක් ආරම්භ කිරීමට අවස්ථාව  
  • ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 50%කින් බස් ගාස්තු අඩු කරයි 
  • සියලු ධීවරයින්ට රු. මිලියනයක ජීවිත රක්ෂණයක් 
  • ණය පත් (ක්‍රෙඩිට් කාඩ්) සඳහා පොළී අනුපාතය 30%ක් දක්වා පහලට 
  • රජයේ වියදම්වලින් දේශපාලකයින්ගේ දැන්වීම් පළ කිරීම වහා නතර කළ යුතුයි.