Monday, February 2, 2015

Tagged Under: , ,

Chandrasena Hettiarachchi's daughter Lihini Hettiarachchi

By: Prosperity Tech On: 9:50 PM

චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ දුවගේ වැලන්ටයින් සැමරුම

chandrasena hettiarachchi's daugter lihini hettiarachchi
ප්‍රවීණ ගායන ශිල්පි චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහතාගේ දියණිය වන ළිහිණි හෙට්ටිආරච්චි මෙවර ආදරවන්තයිගේ දිනය සැමරීමට මහත් බලාපොරොත්තු තබාගෙන සිටිනවා. ඒ ආදරය කැටි වූ නවතම ආදර ගීතය එළැඹෙන පෙම්වතුන්ගේ දිනයේදී නිකුත් කිරීමෙන්. 
 
ළිහිණි හෙට්ටිආරච්චි සමඟින් මෙම ගීතය ගායනා කරනු ලබන්නේ රහල් අල්විස් නම් වූ යොවුන් පරපුරේ ගායන ශිල්පියෙක් වීම ද විශේෂත්වයක්. ගීතයේ පද මාලාව වරුණ චින්තක වගවත්ත විසින් ලියවී ඇති අතර මෙම ගීතයේ සංගීතය ෂෙනුක හේෂාන් පීරීස් 
නිර්මාණය කර තිබෙනවා.
 
වරුණ චින්තක වගවත්ත අතින් ලියවෙන මෙම ගීතය ඔහුගේ පළමු පද රචනය වීම සහ මොවුන් දෙදෙනාගේ ප්‍රථම ආදර ගීතයද මෙය වීම තවත් එක් විශේෂත්වයක්. පියාණන්ගේ අඩි පාරේ යෑමට සූදානම් වන ළිහිණි හෙට්ටිආරච්චි සහ රහල් අල්විස් හට දිගු ගමනක් යාමට හැකි වේයැයි අප විශ්වාස කරනවා. ගීතය තව දින කිහිපයකින් අන්තර්ජාලයට මුදා හැරීමට නියමිතයි.
 
ගීතය නිකුත් වූ සැණින් ඔබ වෙත ගෙන ඒම nethfm.com අප සූදානමින් සිටිනවා.
 


(nethfm.com)Lihin hettiarachchi

0 comments:

Post a Comment