Thursday, February 5, 2015

Tagged Under: , , ,

Dhammika Perera reveals

By: Prosperity Tech On: 11:03 PM

කැසිනෝ ධම්මික ගුවන් හමුදා හෙලිකොප්ටර්වලින් කළ සෙල්ලම්

ලංකාවේ තෙල් ගවෙශණය කළ කේන් ලංකා (Cairn Lnka) ඉන්දියානු සමාගමට ලබාදීමට ගුවන් හමුදාවෙන් අඩු මිලට හෙළිකොප්ටර් කුලියට ලබාගනිමින් හේලීස් සමාගම විසින් සිදු කළ විශාල අක්‍රමිකතාවක් පිළිබඳ තොරතුරු හෙළිව තිබේ.
කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් ප්‍රධානත්වය දරනු ලබන හේලීස් සමාගමේ අදාල අක්‍රමිකතාව පිටුපස සිට ඇති ප්‍රධාන පුද්ගලයා වන්නේ හේලීස්හි රිකී බාර්නට් නැමැති අයෙක් බව පැවසේ.

හෙළිකොප්ටර් නොමැති හේලිස් සමාගම අදාල ටෙන්ඩරය ලබාගත්තේ කෙසේද, ගුවන් හමුදාව එහි කොටස් කරුවෙකු කරනු ලැබුවේ කුමන අයුරින්ද යන්න පිළිබඳව මේවන විට ගැටලු පැනනැගී ඇති කේෂත්‍ර බව ගුවන් හමුදා අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

බෙල් 412 වර්ගයේ හෙළිකොප්ටර් මේ සඳහා ගුවන් හමුදාවෙන් කුලියට ගෙන ඇති බවත්, මේ ගනුදෙනුවේ අතර මැදියා වූ හේලීස් සමාගම කෙටිකාලීන පදනම මත හෙළිකොප්ටර් ගෙන ඒවාට ගෙවා ඇත්තේ ගුවන් පැයකට ඇමරිකානු ඩොලර් 2000ත් 3000ත් අතර මිලක් බව පැවසේ.

කෙසේවුවද බෙල් 412 වර්ගයේ හෙළිකොප්ටරයක් ගුවන් පැයක් ධාවනයට සම්මත නඩත්තු වියදම (Operating Costs Per Hour) ඇමරිකානු ඩොලර් 1316.8 කි.

බෙල් 412 වර්ගයේ හෙළිකොප්ටරයක් ගුවන් පැයකට කෙටිකාලීන පදනම මත කුලියට ගන්නේ නම් ඊට ගෙවිය යුතු මිල ඇමරිකානු ඩොලර් 5000ත් 6000ත් අතර බවද පැවසේ. 

එසේම ඒ සඳහා මාසිකව තවත් ඇමරිකානු ඩොලර් 250,000ක් පමණ ගෙවීමක්ද සිදු කළ යුතු බව වාර්තා වේ.

මේ ගනුදෙනුව සම්බන්ධයෙන් තවත් තොරතුරු අප ඉදිරියේදි හෙළිකරන්නෙමු.

(srilankamirror.com)

0 comments:

Post a Comment