Wednesday, January 14, 2015

Harin Fernando sworns in as Uva Chief Minister

By: Prosperity Tech On: 12:37 AM

ඌවේ බලය හරීන් අතට - හරීන් මහඇමති ලෙස දිවුරයි

ඌව පළාත් සභාවේ මහඇමති ලෙස හරීන් ප්‍රනාන්දු මහතා දිවුරුම්දී තිබේ.

ඌව ආණ්ඩුකාර සී.නන්දමැතිව් මහතා ඉදිරියේ හරීන් ප්‍රනාන්දු මහතා මීට ටික වේලාවට පෙර දිවුරුම්දී ඇත.

ඉකුත් ඌව පළාත් සභා මැතිවරණයෙන් සන්ධානයට එහි බලය හිමිවූ අතර ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඌවේ මහ ඇමති ලෙස දිවුරුම්දෙන ලදී.

‍කෙසේ වුවද ඔහු මහඇමති ලෙස දිවුරුම්දී මාස තුනකට වැඩි කාලයකින් එහි බලය පෙරළුණු අතර ඊට ආසන්නතම හේතුව ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වීමය. 
 adaderana.lk

Tuesday, January 13, 2015

Piumi Hansamali - I am lucky

By: Prosperity Tech On: 10:13 PM

‘‘මං හරි ලකී’’ - පියුමි හංසමාලි ගෝමස්.

df
සතියේ දින පහේම විකාශය කෙරෙන රිතූ නාට්‍ය මාලාව නිසයි. ස්වාධීන රූපවාහිනියෙන් රාත‍්‍රී 8ට රිතීව හමුවන්න පුළුවනි.

01 කොහොම වුණත්, එක්තරා අවස්ථාවක ඔබ රඟපෑමට ගොස් ආපසු හැරිලා ආවා කියන කතාව මොකක්ද?

ස්වාධීන රූපවාහිනියේ මේ දිනවල විකාශය කෙරෙන රිතූ නාට්‍යයේ ප‍්‍රධාන චරිතයක් සමඟ රංගනයට පැමිණ සිටින ඇය පියුමි හංසමාලිය. එහි ශ‍්‍රියන්ත මෙන්ඩිස් සහ නිරෝෂා හේරත්ගෙ දියණිය ලෙස රඟපාන මේ පියුමි කවුද? අද සැඳැල්ල කතා බහ හැඩ කරන්නේ ඇයයි.

01”පියුමි” ඔබට පියෝ කියලත් කියනවා නේද?

යාළුවෝ පියෝ, පියෝ කියලා තමයි කතා කළේ. ඒත් දැන් කියන්නේ ‘‘රිතී” කියලයි.

01”රිතී” කියන්නේ?


01 ඔබ ගැන සඳහනක් කළොත්?

මගේ සම්පූර්ණ නම පියුමි හංසමාලි ගෝමස්. ගම රාජගිරිය. ඉගෙන ගත්තෙ ශ්‍රී සෝභිත විද්‍යාලයෙන්. ලග්නය කුම්භ. වයස අවුරුදු 22යි. අම්මායි-මමයි සතුටින් ජීවිතය ගත කරනවා. රඟපෑම තෝරා ගන්නට පෙර, මම නිරූපිකාවක ලෙස කටයුතු කළා. දැනටත් ඒ අංශයේ නියැලෙනවා. මොඩල් ඔෆ් දි ඉයර් නිව් ජෙනරේෂන් කියන ඉසව්ව හරහා තමයි ඒ ක්ෂේත‍්‍රයට ආවේ. රඟපෑම අහම්බයක්.

01 රඟපෑමට ආධුනික ඔබට රඟපාන්න ලැබුණාම කොහොමද ඒ ගැන හිතුණෙ?

ඇත්තටම බයක් ඇති වුණා. හැබැයි දැන් නම් හරි

01 රඟපෑම තෝරා ගන්න විශේෂ හේතුවක් තිබුණද?

රඟපෑම ගැන සිහිනයක් තිබුණේ නැහැ. නමුත් ආරාධනාව ලැබුණා. ඉතින් බාර ගත්තා.

01 හැදෑරීමකින් තොරව රඟපෑම කියන දේ කරන්න පුළුවනිද?

මම රඟපෑම හදාරලා නැහැ. ඒක ඇත්ත. නමුත් තමන්ගෙ දැක්ම සහ අධ්‍යක්ෂවරයාගෙ මග පෙන්වීම මත රංගනයට ප‍්‍රවේශ වෙන්න පුළුවනි. දක්ෂ අධ්‍යක්ෂවරයකුට ඇත්තටම කළ හැකි දේ බොහෝයි. ලෝකයේ බොහෝ නිර්මාණවලට ඒ විදියට නළු-නිළියන් බිහි කරලා තියෙනවා.

01 රඟපාන කෙනාට කරන්න තියෙන්නේ මොකක්ද?

හැකියාව කියන දේ අනිවාර්්‍යයෙන් තිබිය යුතු දෙයක්. නමුත් ඒ හැකියාව නිවැරදිව හඳුනාගෙන නිවැරදි මෙහෙයවීම කරන්නේ අධ්‍යක්ෂවරයායි.

01 මේ නාට්‍යයේ රඟපෑමට ගිය අවස්ථාවේ මුල්ම දර්ශනයට පෙනී සිටි විදිය මතකද?

මෙහි මගේ පෙම්වතා ලෙස රඟපාන්නෙ විශ්ව කොඩිකාරයි. මම බස් නැවතුම්පොළක සිටියදී, තරුණයකු මා සිටින තැනට දිව එනවා, ඔහු පිටුපස පොලිස් නිලධාරීන් ලූහු බඳිනවා. ඔහු එක පාරටම මගේ ළඟට ඇවිත් කුඩය ඔසවාගෙන සිටි මට තුරුල් වී ඔයාගේ සහෝදරයාට උදව් කරන්න කියනවා. එතකොට මම, ”අනේ ඇයි මේ? මොකක්ද මේ කරන්නෙ” කියලා කියන්නයි තිබුණේ. අධ්‍යක්ෂවරයාගේ මෙහෙයවීම අනුව මට එය හොඳට කරන්න පුළුවන් වුණා.

01 විශ්වගෙන් ඔබට ලැබුණු සහයෝගය මොන වගේද?

ඇත්තටම විශ්ව හොඳ කෙනෙක්. ඒ වගේම තමයි මෙහි මගේ අම්මා සහ තාත්තා ලෙස රඟපාන ශ්‍රීයන්ත මහතා සහ නිරෝෂා මහත්මිය. ඒ දෙන්නා මගේ තාත්තා-අම්මා වීම මට අදාහගත නොහැකි තරමේ දෙයක් වුණා. ඒ තරම් දක්ෂ දෙදෙනකු සමඟ රඟපෑමට ලැබීම ලොකුම වාසනාවක් වුණා. මගේ තාත්තා ජීවතුන් අතර නැහැ. ඒත් මට ඔහුට තාත්තා කියද්දි දැනුණු හැඟීම ඉතා ඉහළයි.

රිතූ නාට්‍යයේ නෙවෙයි. ඊට පෙර, නාට්‍යයක රඟපෑම සඳහා ස්ක‍්‍රීන් ටෙස්ට් එකට (තිර පරීක්ෂණයට) ගියා. එහි අධ්‍යක්ෂවරයා හරිම සැරෙන් මට කතා කළේ. සැරෙන් බැන්නාම මට එපා වුණා. ඊට පෙර මම රඟපාලා තිබුණෙ නැහැ. ඉතින් එයාට ඒ ගැන කිව්වත්, සැරෙන් කතා කළේ.

01 ඔබ රංගනයේදී පෙම්වතිය නම් පෙම්වතාගේ චරිතයට ඔබට වඩාත් සුදුසු කවුරු කියල ද හිතන්නේ?

මම ආසම විජය කුමාරණතුංගයන්ට

01 දැන් ඔහු නැහැනේ?

ඔව්, දැන් ඔහු නැහැ. ඒත් විජයකුමාරණතුංගයන් සහ මාලිනි ෆොන්සේකා යුවළ රඟපෑ චිත‍්‍රපට අදටත් මම නරඹන්නෙ හරිම ආසාවෙන්. මගේ ප‍්‍රියතම සහ වැඩියෙන්ම කැමති තරු යුවළ ඒ දෙන්නයි.

01 ටෙලි තිරයේ පෙම්වතා හැටියට ඔබට වඩාත් ගැලපෙන්නෙ?

තවම චරිත ගොඩාක් රඟපාලා නැහැනේ. විශ්ව එක්ක තමයි ඉස්සලේලාම රඟපාන්න ලැබුණෙ. විශ්වගෙන් ලැබුණු සහයෝගය හරිම ඉහළයි. මම හිතන්නේ ඒ කතාවෙ හැටියට අපි දෙන්නා හොඳට ගැලපුණා.

01 රඟපෑම කියන විෂය ඇත්තටම ලෙහෙසියි ද? නැත්නම් අමාරුද?

ඇත්තටම අමාරුයි. ඒත් උත්සාහ කළොත් කරන්න බැරි දෙයක් නැහැ. මම මේක හීනෙකින්වත් හිතුවෙ නැති දෙයක්. සියල්ල ලැබෙන්න ඇත්තෙ පව් පිං කරලා තියෙන විදියට වෙන්න ඇති. කුඩා කාලයේ ඉඳලා මගේ සිහිනය වුණේ ගුවන් සේවිකාවක වීමටයි. ඒත් ඊටත් වඩා ලොකු වාසනාවක් හැටියට රඟපෑමට එන්න ලැබුණා. ඒ සතුට කියලා නිම කරන්න බැහැ. වෙලාවකට මං හරි ලකී කියලා හිතෙනවා.

01 ”රිතූ” රඟපාද්දි වෙච්ච දේවල් ගැන කිව්වොත්?

පොඩි දේටත් මට නිතරම හිනා යනවා. ඒ නිසා කැමරා අධ්‍යක්ෂ රොෂාන්ගෙන් නම් බැනුම් අහන වාර එමටයි.
දැන් ඒ බැණුම් අහන එකත් හරි ජොලි.

01 ”පියුමි” ඔබ ගැන ඔබට හිතෙන්නෙ මොන විදියටද?

ලැබෙන දේ උපරිම ගෞරවයෙන් කරන, කාටවත් කරදරයක් නැති මම හරි හොඳයි කියලා හිතෙනවා.

හැඩගැන්වීම - සුමුදු වසන්ත 
(lankadeepa.lk)

Two seater aircraft found at a warehouse in Narahenpita

By: Prosperity Tech On: 7:28 PM

නාරහෙන්පිටෙන් මතුවූ ගුවන් යානයේ ඉතිහාසය මෙන්න


නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ භාණ්ඩ ගබඩාවක සඟවා තිබූ සැහැල්ලූ ගුවන් යානයක් අද පස්වරුවේ සොයා ගන්නා ලදී. පුද්ගලයක් දෙදෙනෙකු විසින් එම ගුවන් යානය ඉවත් කරගැනීමට යන බවට ලැබුණු ඔත්තුවකට අනුව පොලීසිය විසින් එම ගුවන් යානය සොයාගෙන තිබුණි.
 
පසුව චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන චන්ද්‍රන් රත්නම් මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ එම ගුවන් යානය තමා සතුව පැවතිය එකක් බවත් පසුව යෝෂිත රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුව යානය ඔහුට ලබාදුන් බවකි. 
මේ පිලිබඳ වැඩි විස්තර සෙවූ අපට වාර්තා වූයේ 1970 වර්ෂයේදී පමණ නිපදවන ලද "ලිහිණියා" නම් එම ගුවන් යානය නිපදවා ඇත්තේ ලංකාවේ විසු සුප්‍රකට විද්‍යාඥයකු වන රේ. විජයවර්ධන මහතා විසින් බවයි. 
 
1924 අගෝස්තු 24 වන දින උපත ලැබූ දේශමාන්‍ය විද්‍යාජෝති පිලිප් රෙවත විජයවර්ධන මහතා ශ්‍රී ලංකාවේ සිටි ප්‍රකට විද්‍යාඥයෙකි. ඔහු විසින් මුල්වරට1955 දී අත් ට්‍රැක්ටරය සැලසුම් කරන ලද්දේ කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ගොවීන්ගේ ප්‍රයොජනය සඳහායි. අවාසනාවට මෙන් එය ශ්‍රීී ලංකාවේ වාණිජව නිෂ්පාදනය කිරීමට කිසිවකු ඉදිරිපත් නොවීම හේතුවෙන් එංගලන්තයේ දී එය වාණිජ මට්ටමින් නිපදවා ලොව පුරා බෙදා හරිනු ලැබීය.
 
ජපානය ප්‍රමුඛ වෙනත් රටවල එම රෝද දෙකේ ට්‍රැක්ටරය විවිධ මාදිලිවලින් සහ වෙළෙඳ නම්වලින් ඉන්පසුව නිපදවීම සිදුවිය. මේ සියලු සමාගම් එවකට බෝපිටියට පැමිණ ආචාර්ය රේ. ගෙන් මූලික දැනුම ලබා ගත්තේය.
 
එයට අමතරව ආචාර්ය රේ. දක්ෂ ගුවන් නියමුවෙක් විය. මෙහිදී වඩාත් වැදගත් කරුණ වූයේ ඔහු සැහැල්ලු ගුවන් යානා හා හෙලිකොප්ටර් ඔහුගේ නිවෙසේ දී සිය අතින්ම නිපදවීමයි.

ඒවායින් ඔහු දිවයින පුරා පියාසර කළ අතර, එහිදී සිදුවූ රසබර සිද්ධීන් රැසකි. එක් අවස්ථාවක රත්මලාන ගුවන් තොටුපළින් පියාසර කිරීම ඇරඹූ සැහැල්ලු ගුවන් යානය, දිවයිනේ වෙනත් ගුවන් තොටුපළකට ගොඩබස්වා නොමැති බවට වාර්තා වූ බැවින් සිවිල් ගුවන් සේවා අධිකාරිය පරීක්ෂණයක් කෙළේය.

එය විහාරමහාදේවී උයනට ගොඩබස්වා තිබුණි. හේතුව ලෙස පැහැදිලි කැරුණේ ගුවන් නියමුවාට වැසිකිලි යාමට අවශ්‍ය වූ බැවින් ආචාර්ය රේ. විසින් එය ගොඩබස්සවන ලද බවයි. ඔහුගේ තර්කය වූයේ ඕනෑම ස්ථානයකින් ගුවන්ගත වීමටත්, ගොඩබැස්සවීමටත් හැකි සැහැල්ලු ගුවන් යානා නිපදවීම සිදු විය යුතු බවයි.

වරෙක ඔහු ශ්‍රී ලංකාවේ සැහැල්ලු ගුවන්යානා නිපදවීමට රජයේ අවසරය ඉල්ලා සිටියේය. එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි දන්වා එය අත්හිටුවනු ලැබීය. ආචාර්ය රේ. ඒ පිළිබඳව කනගාටු විය. එබැවින් මෙරට ගුවන් යානා නිපදවීම සම්බන්ධයෙන් තිබූ වටිනා අවස්ථාවක් මඟ හැරී ගියේය.

ආචාර්ය රේ.ගේ “සූටික්කා, කූරා” වැනි නම් වලින් යුතු වූ සැහැල්ලු ගුවන් යානා ඒ කාලයේ ජේම්ස් බොන්ඩ් චිත්‍රපටවලට යොදා ගනු ලැබීය. එකී ගුවන්යානා ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් ගෙන දුන්නේය.
 
නාරාහේන්පිට තිබී හමුවූ ලිහිණියා ගුවන් යානය රේ විජේවර්ධන මහතාගේ ගරාජයේ 1990 වර්ෂයේ නිෂ්පාදනය කරන ආකාරය 
 
 
AR10 AR11
 
 
නිෂ්පාදනය කිරීමෙන් අනතුරුව රේ විජේවර්ධන ලිහිණියා ගුවන් යානය සමග 
 
Innovation3
 
 
නාරාහේන්පිට ගබඩාවක තිබී අද (13) දිනයේ හමුවූ ලිහිණියා ගුවන් යානය 
 
plane  www.nethfm.com 04 plane  www.nethfm.com 05 plane  www.nethfm.com 07
 
ජේම්ස් බොන්ඩ් චිත්‍රපට වලට පවා ලබාදුන් සූටික්කා ගුවන් යානය 
 
AR1 AR12 AR17
 
රේ විජේවර්ධන මහතා විසින් නිෂ්පාදනය කරන ලද වෙනත් ගුවන්යානා 
 
 
AR4 AR5 AR9 AR13
  
තොරතුරු මූලාශ්‍ර 
සිළුමිණ පුවත්පත 
(nethfm.com)

I new mahinda's lost - Sumanadasa Abeygunawardena

By: Prosperity Tech On: 4:19 AM

මහින්ද පරදිනබව දැනසිටියා බයට කිව්වෙ නෑ

ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා නියත වශයෙන්ම ජය ගන්නා බවට ජෝතිෂ්‍යෙව්දී සුමනදාස අබේගුණවර්ධන මහතා විසින් පසුගිය කාලයේ අනාවැකි පළකරන ලදී. ඒ අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම, ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය, ජනාධිපතිවරණය දා හිටපු ජනපති විසින් ඡන්දය දැමිය යුතු වෙලාව ආදිය සියල්ල සකස් කරනු ලැබුවේ සුමනදාස අබේගුණවර්ධන මහතා විසිනි.
 
හිටපු ජනපතිවරයාට තව වසර දෙකක ධූර කාලයක් ඉතිරිව තිබියදීත් හදිසි ජනපතිවරණයක් කැඳවුයේ ජෝතිෂ්‍යවේදී සුමනදාස අබේගුණවර්ධන මහතාගේ බලපෑම මත බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය කාලයේ චෝදනා කොට තිබුණි. නමුත් රාජකීය දෙවඥයාගේ අනාවැකි, සුබ නැකත් සියල්ල පුස්සක් කරමින් මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපති ධූරයට පත්විය. ජනපතිවරණයෙන් පසුව මාධ්‍යට මුහුණ නොදුන් සුමනදාස අබේගුණවර්ධන මහතා පළමු වතාවට ඔහුගේ වැරදුනු අනාවැකිය සම්බන්ධව විදෙස් මාධ්‍ය වෙත හෙළිදරව්වක් සිදුකොට තිබේ. 
 
විදෙස් මාධ්‍ය වලට අනුව සුමනදාස අබේගුණවර්ධන මහතා මේවනවිට 63 වන වියේ පසුවන අතර ඉන් වසර 32 ක් ම ඔහු විසින් හිටපු ජනපතිවරයාට ජෝතිෂ්‍ය උපදෙස් ලබාදී තිබේ. සුමනදාස අබේගුණවර්ධන මහතා මේ වනවිට ගාල්ලේ සිය නිවසේ නතරව සිටින අතර මිනිසුන්ට මුහුණ දීමෙන්ද වැලකි සිටින බව වාර්තා වේ. විදෙස් මාධ්‍ය හමුවේද ඔහු පවසා ඇත්තේ මාධ්‍ය වෙත කතා කිරීම ඔහු විසින් නවතා ඇති බවත් මාධ්‍ය ඔහුව කරදරයකට ඇද නොදමනු ඇතයි විශ්වාස කරන බවත් යනුවෙනි.
 
හිටපු ජනපතිවරයා ධූරයෙන් නික්ම යාමත් සමග සුමනදාස අබේගුණවර්ධන තමා වෙත ලබාදුන් බංගලාවක්, මොටර් රථය හා රියදුරා භාරදී ඇති අතර ස්වාධීන රූපවාහිනි සේවයේ උපදේශක සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ යන තනතුරු වලින්ද ඉල්ලා අස්වී තිබේ. 
 
ජනාධිපතිවරණයේ ප්‍රතිපල එකින් එක නිකුත් වෙද්දී පරාජය පිලිබඳ ඉව වැටෙද්දී සුමනදාස අබේගුනවර්ධන විසින් හිටපු ජනපති වරයා සැනසීමටද උත්සාහ දරා තිබේ. 
 
බලගතු කේන්දරයක් 
මේවනවිට ගාල්ලේ සිය නිවසේ කල් ගත කරන සුමනදාස අබේගුණවර්ධන පවසන්නේ හිටපු ජනපතිවරයා ජනපතිවරණයෙන් පරදින බව තමා සක්සුදක් සේ දැන සිටි බවය. නමුත් තමාට එය කීමට තරම් ෛධර්යක් නොතිබූ බවද ඔහු හෙළිකොට තිබේ. 
 
"මම ඔහුට කිව්වේ නැත්නම් ඔහු දිනන්නේ නැහැ කියලා...ඔහු මානසිකව ඇද වැටෙන්න තිබ්බා...ඔහුගේ පරාජය මෙයටත් වඩා අන්ත එකක් වෙන්න තිබ්බා..මොකද මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කේන්දරය මහින්ද රාජපක්ෂගේ කෙන්දරයටත් වඩා බලගතු එකක්..."
 
කේන්ද්‍රය බලගතු වුවත් මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති ධූරය මෙතරම් ඉක්මනට දමා යාමට සිදුවේවි යැයි තමා නොසිතු බවද සුමනදාස මහතා විසින් හෙළිකොට තිබේ.
 
වැරදිමේ ප්‍රතිශතය 
 
සිය වැරදුනු අනාවැකිය පිලිබඳ විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සුමනදාස මහතා ප්‍රකාශ කොට ඇත්තේ අනාවැකි වලට 5% වරදීමේ ප්‍රතිශතයක් ලබාදිය යුතු බවයි.
 
"ජනාධිපතිවරණය හැමෝටම දිනන්න බැහැ..එහෙම නැත්නම් මටත් රුපියල් 75,000 ක් දීල ජනාධිපති අපේක්ෂකයෙක් වෙලා දිනන්න පුළුවන්නේ..ඔබලා අපිට අඩු ගානේ 5% වත් වැරදීමේ ප්‍රතිශතයක් දෙන්න ඕන..."
 
මහින්දට ශාපයක් වූ පොදු රද මඩුළු මුල් පුටුව 
 
මහින්ද රාජපක්ෂ මහතාහට නරක කාලයක් උදාවුයේ පොදුරාජ්‍ය මණ්ඩලයීය සභාපති ධූරය ලැබීමත් සමග බව සුමනදාස මහතා විසින් හෙළිකොට තිබේ. තමා විසින් එම සභාපති ධූරය ලබා නොගන්නා ලෙසද හිටපු ජනපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් එම පුටුවට පත්වූ මෑත කාලයේ කිසිවෙකුටත් යහපතක් සිදු නොවූ බවද සුමනදාස මහතා විසින් මාධ්‍ය හමුවේ පවසා තිබේ. එහිදී ඔහු උදාහරණ ලෙස පෙන්වා දී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට පෙර එම ධූරය හෙබවූ ජූලියා ගිලාර්ඩ් හට සිදුවූ ඉරණම වේ.
 
සුමනදාස අබේගුණවර්ධන මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ දෛවඥයා වීම රාජපක්ෂ මහතාගේ වාසනාවකි. මන්ද වැරදීමකින් හෝ මෙවැන්නෙක් තම වෛද්‍යවරායා ලෙස පත්කර ගත්තේනම් ඊට වන්දි ගෙවන්නට වන්නේ තනතුරින් නොව ජීවිතයෙන් වන නිසාය.
(nethfm.com)

Minister of Fisheries Sanath Nishantha looses his luxury jeep as for a bet

By: Prosperity Tech On: 3:45 AM

අයියා ජනපති වූ සැණින් මල්ලීට සුපිරි ජීප් රථයක්!


පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන බවට අල්ලා තිබූ ඔට්ටුවකින් වයඹ පළාත් ධීවර අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා පරාජය වී ඇතැයි වාර්තා වේ.  පළාත් සභා මැති ඇමැතිවරුන්ට ලබාදුන් විශේෂ බලපත්‍ර යටතේ මිලදීගෙන මෙරටට ගෙන්වා තිබූ ටොයෝටා ලෑන්ඩ් කෘෘෂර් වර්ගයේ ලක්ෂ 250 ක තීරු බදු රහිත වටිනාකමක් ඇති ජීප් රථය සනත් නිශාන්ත මහතා විසින් ඔට්ටු අල්ලා තිබුනේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරු ඩඩ්ලි සිරිසේන සමගින් වේ.
 
මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරයෙන් පරාජය වීමත් සමග ඔට්ටුවෙන් පරාජයට පත්වූ සනත් නිශාන්ත පොරොන්දු වූ පරදීම සිය වටිනා ජීප් රථය ඩඩ්ලි සිරිසේන මහතා හට ලබා දී තිබේ. මෙම ඔට්ටුව පිළිබඳව ජනාධිපතිවරණ සමයේදී සනත් නිශාන්ත විසින් ප්‍රසිද්ධ කොට තිබුනේ මෙවන් නිර්මාණයකි

(Nethfm.lk)

Monday, January 12, 2015

Why Mahinda Losses Presidential Election ?

By: Prosperity Tech On: 10:34 PM

ඇත්තටම මහින්ද පැරදුනේ දෙමළ මුස්ලිම් ඡන්ද වලින්ද?

ජනපතිවරණයේ මහින්ද පරදා මෛත්‍රීපාල ජයගැනීමෙන් පසු මේ දිනවල ප්‍රකට තර්කයක්වී ඇත්තේ සුළු ජාතික ඡන්ද නිසා මෛත්‍රිපාල විසින් මහින්ද පරාජය කරනු ලැබූ බවකි.
හිටපු ජනපතිවරයා මැදමුලනේදී සි
ය පාක්ෂිකයින් ධෛර්යවත් කරන්නට zඒ ගොල්ලො දින්නෙ ඊළාම් ඡන්ද වලින්Z යයිද කියා ඇති අතර සමාජ ජාල ඔස්සේද මේ අදහස දැන් ප්‍රචලිතය.
මේ සම්බන්ධ සංඛ්‍යාලේඛන පෙන්වන අය කියන්නේ උතුරු නැගෙනහිර දෙපළාත අත්හැරියහොත් මහින්දට වැඩි ඡන්ද හිමි බවට තර්කයකි.
කෙසේ වෙතත් 2010 සරත් ෆෝන්සේකා සහ මහින්ද අතර තරගයත් මෙවර 2015 මෛත්‍රී මහින්ද තරගයත් සසැඳීමේදී ඊට වඩා වෙනස් දෙයක්
පෙනී යයි.
මෙම අවස්ථා දෙකෙහිදීම උතුරු නැගෙනහිර හා වතුකරයේ ඡන්ද වලින් මහින්ද පරාදවී තිබුණි. නමුත් ගියවර සමස්ත මැතිවරණය ෆොන්සේකා පැරදුණ අතර මෙවර පැරදුනේ මහින්දයි. මහින්දට දෙවරම උතුරු නැගෙනහිර හා වතුකරයේ ඡන්ද ලැබී නැත.

මෙම පරාජය පසුපස උතුරු නැගෙනහිර හා වතු ඡන්ද වලට වඩා තීරණාත්මක බලපෑමක් කර ඇත්තේ ලංකාවේ පහළ කොටසේ දිස්ත්‍රික්ක 6 ක පරාජය සහ අනෙක් දිස්ත්‍රික්ක වලට වෙනදාට වඩා සැලකිය යුතු අඩු ඡන්ද වලින් මහින්ද දිනවීමයි. ඔහුගේ ජනප්‍රියතාව කඩා වැටී තිඛෙන අයුරු ලිපිය පහත සංඛ්‍යාලේඛන මගින් පැහැදිලි වෙයි.
කවදත් ශ්‍රීලනිප දිනවන ගම්පහ මෙන්ම ගියවර මහින්ද දිනූ කොළඹ පරාජයද පොළොන්නරුව පරාජයද විශාල පරතරයක් සඳහා බලපා ඇත. බදුල්ල හා පුත්තලම සුළු පරාජයන්ද සැලකූ විට මෙම පරාජිත දිස්ත්‍රික්ක වලින් මෛත්‍රී ඡන්ද ලක්ෂ 3ක් ඉදිරියෙන් සිටින බව සංඛ්‍යාලේඛන අනුව පෙනී යයි.


මහින්දගේ ජනප්‍රියතාව ගියවරට වඩා එක්ලක්ෂ හැටදහසකින් මෙම දිස්ත්‍රික්ක වලින් පමණක් අඩුවී ඇත. මීට අමතරව ගියවරට වඩා දිස්ත්‍රික්ක 22 න් 14 කම සෘණ අගයක ඡන්ද වර්ධනයක් මෙවර පෙන්නුම් කර ඇත. (පහත සටහන බලන්න) මහින්දට යාපනයේ  මෙවර ඡන්ද 30000 ක් වැඩිවී ඇති අතර වන්නිය 17000 ක්වැඩිවී ඇත. නමුත් ඔහු වැඩියෙන්ම වැඩ කළ හම්බන්තොට වැඩිවී ඇත්තේ ඡන්ද 16000 ක්වීමද විශේෂත්වයකි.

මේ සියල්ල සැලකීමේදී සුළුජන ඡන්ද අඩුවීම මතම මෙම ප්‍රතිඵලය තේරුම් ගැනීම දුෂ්කර බව වටහා ගත යුතුය.

Presidential Retirement Benefits

By: Prosperity Tech On: 7:59 PM

විශ්‍රාමික ජනපතිවරයකුට හිමි වන වරප්‍රසාද

අවසානයේ මහින්ද රාජපක්ෂ ජනපති සටනේ පරාජය භාර ගනිමින් ස්වේච්ඡාවෙන්ම අරලියගහ මැදුරෙන් නික්ම ගියේය. ඔහුගේ නික්මයාම බොහෝ සංවේදී අවස්ථාවක් විය. ඊට එක් හේතුවක් වූයේ මීට පෙර බලයේ සිටි කිසිදු ජනපතිවරයකු පරාජය වී ජනපති පුටුවෙන් බැස නොගිය බැවිනි.
හැත්තෑහතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනය කිරීමට පෙර විධායක ජනාධිපති ධුරය දැරිය හැකිව තිබුණේ දෙවරක් පමණි. මේ නිසා ජනපති ධුරය දැරූ ජේ.ආර්.ජයවර්ධන, ඩී.බි.විජේතුංග හා චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපති ධුරයෙන් විශ්‍රාම ගිය පසු යළිඳු වරක් ක්‍රියාකාරී දේශපාලනයට ආවේ නැත. කෙසේ නමුදු මහින්ද රාජපක්ෂ ජනපතිවරයා සිය 18 වැනි සංශෝධනයෙන් ජනපතිවරණයට තරග කළ හැකි වාර ගණනකට පනවා තිබූ සීමාව ඉවත් කළේය.

කෙසේ නමුදු තෙවැනි වතාවටත් ඉදිරිපත් වුවද ඔහුට ජනපති ධුරයට පත්වීමට වරම් නොලැබුණි. එනමුත් ඔහුට ඊළඟ ජනපතිවරණයකට ඉදිරිපත්වීමට පෙර පාර්ලිමේන්තුවට යාමට නම් දැනට තිබෙන ව්‍යවස්ථාවේ හැටියට කිසිදු බාධාවක් නැත්තේය. අවශ්‍ය නම් හිටපු ජනපතිවරයාට හෙට වුවත් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකුට ඉල්ලා අස්වීමට කියා එම පුරප්පාඩුවට පත්විය හැකිය.
කෙසේ නමුදු ජනපති සටනින් පැරදුනිද ඔහු හැඳින්වෙන්නේ විශ්‍රාමික ජනපතිවරයෙකු ලෙසය. මීට පෙර එවැනි විශ්‍රාමික ජනපතිවරු තිදෙනෙක් සිටියහ. ඔවුහු ජේ.ආර්.ජයවර්ධන, ඩී.බි.විජේතුංග හා චන්ද්‍රිකා බණ්ඩාරනායකය.
මෙසේ සිය ධුර කාලය අවසන් වී විශ්‍රාම ගන්නා ජනාධිපතිවරයෙකුට තම ජීවිත කාලය පුරාම පෙර දැරූ රාජ්‍ය නායකත්වයේ අභිමානය රැකෙන පරිදි විශ්‍රාම කාලය ගත කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඉඩ සලසා ඇත. ඒ අනුව විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට කැබිනට් අමාත්‍යවරයෙකුට හිමි වරප්‍රසාද හිමි වන්නේය. තම අභිමතය පරිදි නිල නිවසක් ලබා ගැනීමට හෝ පෞද්ගලික නිවසක් භාවිත කිරීමට විශ්‍රාම ලැබූ ජනාධිපතිවරයෙකුට හැකිය.
කැබිනට් අමාත්‍යවරයෙකුට ලබා දෙන ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට හිමිවිය යුතුය. නමුත් ඔහුගේ හෝ ඇයගේ ජීවිතයට ඇති තර්ජනවල ස්වභාවය අනුව ආරක්ෂාව අඩු - වැඩි විය හැකිය. විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට මිහිවන්නේ විශ්‍රාමික දීමනාවකි. මෙකල එම දීමනාව රුපියල් අනූහත් දහස් පන්සීයකි.
නිල කාර්යාලයක් සහ කාර්ය මණ්ඩලයක් ද හිමි වේ.
නිල රථ හා ආරක්ෂක රථ හිමි අතර ඉන්ධන දීමනාවටද හිමිකම් කියනු ලැබේ. නිල රථය ලෙස හිමි වන්නේ වෙඩි නොවදින රථයකි. විශ්‍රාම ගිය ජනාධිපතිවරයෙකුට සිය නිල කාලයේදී මෙන් ගමන් යාම සඳහා හෙලිකොප්ටර් ලැබෙන්නේ නැත. ඇයට හෝ ඔහුට හෙලිකොප්ටරයක් අවශ්‍ය නම් ඒ සඳහා ගුවන් හමුදාවට මුදල් ගෙවිය යුතුය. හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස විදේශ සංචාරයකට ආරාධනා ලැබුණහොත් ඒ සඳහා අවශ්‍ය දීමනාද විශ්‍රාමික ජනාධිපතිවරයාට හිමිය.
රාජ්‍ය උත්සව අවස්ථාවක අසුන් පැනවීමේදී එම වකවානුවේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර අසුන් පනවනු ලැබේ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත්වන පරිච්ජේදයේ තිස් පස්වන වගන්තියට අනුව ජනාධිපති ධුරය දරන ලද කාලයේ කරන ලද කිසියම් හෝ වරදකට ඔහුට හෝ ඇයට නඩු පැවරිය නොහැක.
ජනාධිපති ධුරය දරද්දී හෝ විශ්‍රාම ලැබූ පසු ඔහු හෝ ඇය මිය ගියේ නම් වැන්දඹුවට විශ්‍රාම දීමනාවෙන් තුනෙන් දෙකක් සහ කාර්යාලය, කාර්ය මණ්ඩලය හැර විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට හිමි සියලු වරප්‍රසාද හිමිය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙසේ විධි විධාන පනවා ඇත්තේ විශ්‍රාම ලැබූ ජනාධිපතිවරයෙකුගේ අභිමානය ආරක්ෂා කිරීමටය.
කෙසේ නමුදු ජනපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා කීවේ තමා විශ්‍රාම ගිය දිනයක මැදමුලන නිවසට ගොස් විශ්‍රාම සුව විඳීමට තමා මනාප බවය. හිටපු ජනපතිවරයා කියූ ලෙස ඔහු මැදමුලනට යාවිද? ඒත් නැතිනම් විශ්‍රාමික ජනපතිවරයෙකුට හිමි වන කොළඹ වූ නිල නිවසකට වී සිටිවීද? ඒ ගැන කීමට අප දන්නේ නැත.
එනමුත් හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග නම් විශ්‍රාම දිවිය ගත කිරීමට අත්තනගල්‍ලේ හොරගොල්ල වලව්වට නොගියාය. ඒ ආරක්ෂක හේතුන් මතය. ඇය සිය නිල නිවස ලෙස තෝරා ගත්තේ නිදහස් චතුරශ්‍රය ආසන්නයේ පිහිටි නිවසකි. ඇයට ‍පොලිස් අධිකාරීවරයෙකු ඇතුළුව ආරක්ෂක නිලධාරීන් දෙසීයක ආරක්ෂාවක් ලබා දී තිබිණි. ඒ පිරිසට ඇය ධුරය දැරූ කාලයේ සේවයේ සිටි විශ්වාසවන්ත නිලධාරීන් පිරිසක් අයත් වූහ.
මේ ආකාරයෙන්ම ආරක්ෂාවක් ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන හා ඩී.බි.විජේතුංග ජනාධිපතිවරු විශ්‍රාම ගිය අවස්ථාවේ ලැබිණි. නමුත් පසුකාලීනව ඔවුහු තම ආරක්ෂාව නිලධාරීන් සුළු පිරිසකට සීමා කර ගත්හ. ජේ.ආර්. ජයවර්ධන මහතා රජයේ නිල නිවසක් ලබා නොගත්තේය. ජීවත් වූයේ වෝඩ් පෙදෙසේ පිහිටි සිය පෞද්ගලික නිවස වූ බ්‍රිමාර් මැදුරේය. ජනපති ධුරය දැරූ කාලයේත් ඔහු පදිංචිවී සිටියේ රජගෙදර නොව බ්‍රිමාර් නිවසේය.
ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මිය ගිය පසු ඔහුගේ කාර්යාලය සහ කාර්ය මණ්ඩලය අහෝසි විය. නමුත් ජයවර්ධන ආර්යාවට නිල රථයක් සහ ආරක්ෂාව ලබා දුනි. ජනාධිපතිවරයෙකු මිය ගිය විට වැන්දඹු වූ තැනැත්තියට කාර්යාලය, කාර්ය මණ්ඩලය හැර අන් සියලු වරප්‍රසාද හිමිය. ඝාතනයට ලක්වූ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිය වන හේමා ප්‍රේමදාස මහත්මියටද නිල නිවසත් ලබා දුන්නේය. ඇයට නිල රථ හා ආරක්ෂාවද හිමි විය.
ඩී.බි.විජේතුංග මහතාගේ නිල නිවස සහ කාර්යාලය පිහිටා තිබුණේ කොළඹ 05 පැජට් පාරේය. එම කාර්යාලයේ විසි දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් සේවය කළේය. එහෙත් විජේතුංග ජනාධිපතිවරයා මෙම නිවසේ පදිංචි වී නොසිටියේය. ඔහු පදිංචිව සිටියේ තම ගම වූ පිළිමතලාවේ මහ ගෙදරය.
හිටපු ජනාධිපතිවරුන්ගේ කාර්යාල දෙපාර්තමේන්තුවකට සමානය. කිසිදු අමාත්‍යාංශයක් මගින් පාලනය නොවන මෙම කාර්යාල සඳහා අවශ්‍ය මුදල් රජයේ ඒකාබද්ධ අරමුදලින් වෙන් කරයි. ජනාධිපතිවරයා වෙනුවෙන් ඉදිරි වසර තුළ කෙරෙන වියදම් එම කාර්යාලය මගින් ඇස්තමේන්තුගත කළ යුතුය.
මේ වන විට මෙරට විශ්‍රාමික ජනාධිපතිවරු දෙදෙනෙකු සිටිති. ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක හා මහින්ද රාජපක්ෂය. මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදී දේශපාලන කටයුතුවල නිරත වේද යන්න පිළිබඳ කතා කිරීමට තවමත් කල් වැඩිය. නමුත් ඔහුගේ නම ලංකා ඉතිහාසයට එකතු වී හමාරය. ඒ තිස් වසරක යුද්ධය අවසන් කළ රාජ්‍ය නායකයා ලෙසය. එමෙන්ම ඔහු පරාජය පිළිගෙන මහත්මයෙකු සේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් ජනපති පුටුවෙන් බැස නික්ම ගියේය. එය ඔහු එතරම් පහසුවෙන් කළාවි යැයි බොහෝදෙනෙක් විශ්වාස කළේ නැත. නමුත් අවසානයේදී ඔහු නිශ්ශබ්දවම නික්ම ගියේය. ඒ ජය හා පරාජය ලෝක සනාථන ධර්මතාවක් බව හැමදෙනාට යළිදු වරක් සිහිපත් කරමිනි.

කමණි හෙට්ටිආරච්චි
ඡායාරූප : සුදත් ද සිල්වා

(lakbima.lk)

 

Uva provincial council power change

By: Prosperity Tech On: 7:34 PM

ඌවේ  බලය හෙට පෙරළෙයි 


පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී කල් තැබූ ඌව පළාත් සභාව හෙට (13) යළි රැස්වීමට නියමිත බව වාර්තාවේ.
ඒ අනුව හෙට පැවැත්වෙන සභා වාරයේදී එජනිස මන්ත්‍රීවරුන් 6දෙනෙකු විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත අතර ඒ හේතුවෙන් පළාත් සභාවේ බහුතර බලය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂයට හිමි වෙයි.
කෙසේ වෙතත් එම පිල් මාරුවෙන් පසු එජාපයට බහුතර බලයක් හිමිවන අතර ඒ අනුව ඌවේ පළාත් සභාවේ මහ ඇමති ධූරය එජාප පළාත් සභා මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාට හිමිවන බව වාර්තා වේ.
ඌව පළාතේ පවතින දැඩි සීත කාලගුණ තත්ත්වය නිසා ඌව පළාත් සභාව රැස්‌වීම ලබන වසරේ ජනවාරි 13 වැනිදා දක්‌වා කල්දැමීමට ගත් තීරණය කර තිබිණි.
වැලිමඩ - ප්‍රේමලාල් රත්නායක

(asianmirror.lk)

 

Sunday, January 11, 2015

Lawyers protest in Aluth Kade

By: Prosperity Tech On: 11:49 PM

නීතීඥවරු අලුත් කඩේ වීදී බසිති : ගෙදර යන්නැයි අග විනිසුරුට කියති


අග විනිසුරු මොහාන් පීරීස්  මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වී ගෙදර යන්නැයි පවසමින් කොළඹ අලුත් කඩේ උසාවිය ඉදිරිපිට පිවිසුම් මාර්ගයද වසා නීතීඥ එකමුතුව අද (12) උද්ඝෝෂණයක් ඇරැඹීය.
අග විනිසුරුවරයාගේ පත්වීම දේශපාලන පත්වීමක් බවත් හිටපු අග විනිසුරු  ශිරාණි බණ්ඩාරනායක එම තනතුරට සුදුසු බවත් ඇයට බලවත් අසාධාරණයක් සිදු වු බවත් ඔවුහු මෙහිදි පැවසුහ.
නීතීඥ එකමුතුව හා සිවිල් සංවිධාන සමාජිකයෝ 250 ක් පමණ මේ අවස්ථාවට එක්ව සිටියහ.

_DSC0105
_DSC0114 
(lankadeepa.lk)

Sri Lanka Freedom Party Splits Into Two

By: Prosperity Tech On: 7:28 PM
ශ්‍රිලනිපය දෙකට කැඩෙයි : තව 28ක් මෛත්‍රී පැත්තට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  මධ්‍යම කාරක සභාව අද (11)  ස්ථාන දෙකක රැස්වෙයි.
සරත් අමුණගම,දයාසිරි ජයසේකර,මර්වින් සිල්වා,අතාවුද සෙනවිරත්න,විජිත් විජයමුණි සොයිසා ,ජගත් පුෂ්ප කුමාර,ෆයිසර් මුස්තපා,රෙජිනෝල්ඩ් කුරේ,දුමින්ද දිසානායක ,ජනක බණ්ඩාර තෙන්නකොන් , ඒස් බී නාවින්න ඇතුළු 28 දෙනෙක් කොළඹ විජේරාම මාවතේ රැස් වී  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ සභාපති කැර ගැනීමේ යෝජනාවක් සම්මත කැර  ගත්හ.පක්ෂයේ උපදේශිකාව ලෙස හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය  පත් කර ගනු ලැබීය.
 මේ අතර මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ ප්‍රධානත්වයෙන්  කාරක සභාවේ තවත් කොටසක් ඩාලි පාරේ පක්ෂ මුලස්ථානයේ රැස්වේ.

lm ln 
(lankadeepa.lk)