Monday, January 12, 2015

Tagged Under: ,

Uva provincial council power change

By: Prosperity Tech On: 7:34 PM

ඌවේ  බලය හෙට පෙරළෙයි 


පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී කල් තැබූ ඌව පළාත් සභාව හෙට (13) යළි රැස්වීමට නියමිත බව වාර්තාවේ.
ඒ අනුව හෙට පැවැත්වෙන සභා වාරයේදී එජනිස මන්ත්‍රීවරුන් 6දෙනෙකු විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත අතර ඒ හේතුවෙන් පළාත් සභාවේ බහුතර බලය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂයට හිමි වෙයි.
කෙසේ වෙතත් එම පිල් මාරුවෙන් පසු එජාපයට බහුතර බලයක් හිමිවන අතර ඒ අනුව ඌවේ පළාත් සභාවේ මහ ඇමති ධූරය එජාප පළාත් සභා මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාට හිමිවන බව වාර්තා වේ.
ඌව පළාතේ පවතින දැඩි සීත කාලගුණ තත්ත්වය නිසා ඌව පළාත් සභාව රැස්‌වීම ලබන වසරේ ජනවාරි 13 වැනිදා දක්‌වා කල්දැමීමට ගත් තීරණය කර තිබිණි.
වැලිමඩ - ප්‍රේමලාල් රත්නායක

(asianmirror.lk)

 

0 comments:

Post a Comment