Monday, January 12, 2015

Tagged Under: ,

Why Mahinda Losses Presidential Election ?

By: Prosperity Tech On: 10:34 PM

ඇත්තටම මහින්ද පැරදුනේ දෙමළ මුස්ලිම් ඡන්ද වලින්ද?

ජනපතිවරණයේ මහින්ද පරදා මෛත්‍රීපාල ජයගැනීමෙන් පසු මේ දිනවල ප්‍රකට තර්කයක්වී ඇත්තේ සුළු ජාතික ඡන්ද නිසා මෛත්‍රිපාල විසින් මහින්ද පරාජය කරනු ලැබූ බවකි.
හිටපු ජනපතිවරයා මැදමුලනේදී සි
ය පාක්ෂිකයින් ධෛර්යවත් කරන්නට zඒ ගොල්ලො දින්නෙ ඊළාම් ඡන්ද වලින්Z යයිද කියා ඇති අතර සමාජ ජාල ඔස්සේද මේ අදහස දැන් ප්‍රචලිතය.
මේ සම්බන්ධ සංඛ්‍යාලේඛන පෙන්වන අය කියන්නේ උතුරු නැගෙනහිර දෙපළාත අත්හැරියහොත් මහින්දට වැඩි ඡන්ද හිමි බවට තර්කයකි.
කෙසේ වෙතත් 2010 සරත් ෆෝන්සේකා සහ මහින්ද අතර තරගයත් මෙවර 2015 මෛත්‍රී මහින්ද තරගයත් සසැඳීමේදී ඊට වඩා වෙනස් දෙයක්
පෙනී යයි.
මෙම අවස්ථා දෙකෙහිදීම උතුරු නැගෙනහිර හා වතුකරයේ ඡන්ද වලින් මහින්ද පරාදවී තිබුණි. නමුත් ගියවර සමස්ත මැතිවරණය ෆොන්සේකා පැරදුණ අතර මෙවර පැරදුනේ මහින්දයි. මහින්දට දෙවරම උතුරු නැගෙනහිර හා වතුකරයේ ඡන්ද ලැබී නැත.

මෙම පරාජය පසුපස උතුරු නැගෙනහිර හා වතු ඡන්ද වලට වඩා තීරණාත්මක බලපෑමක් කර ඇත්තේ ලංකාවේ පහළ කොටසේ දිස්ත්‍රික්ක 6 ක පරාජය සහ අනෙක් දිස්ත්‍රික්ක වලට වෙනදාට වඩා සැලකිය යුතු අඩු ඡන්ද වලින් මහින්ද දිනවීමයි. ඔහුගේ ජනප්‍රියතාව කඩා වැටී තිඛෙන අයුරු ලිපිය පහත සංඛ්‍යාලේඛන මගින් පැහැදිලි වෙයි.
කවදත් ශ්‍රීලනිප දිනවන ගම්පහ මෙන්ම ගියවර මහින්ද දිනූ කොළඹ පරාජයද පොළොන්නරුව පරාජයද විශාල පරතරයක් සඳහා බලපා ඇත. බදුල්ල හා පුත්තලම සුළු පරාජයන්ද සැලකූ විට මෙම පරාජිත දිස්ත්‍රික්ක වලින් මෛත්‍රී ඡන්ද ලක්ෂ 3ක් ඉදිරියෙන් සිටින බව සංඛ්‍යාලේඛන අනුව පෙනී යයි.


මහින්දගේ ජනප්‍රියතාව ගියවරට වඩා එක්ලක්ෂ හැටදහසකින් මෙම දිස්ත්‍රික්ක වලින් පමණක් අඩුවී ඇත. මීට අමතරව ගියවරට වඩා දිස්ත්‍රික්ක 22 න් 14 කම සෘණ අගයක ඡන්ද වර්ධනයක් මෙවර පෙන්නුම් කර ඇත. (පහත සටහන බලන්න) මහින්දට යාපනයේ  මෙවර ඡන්ද 30000 ක් වැඩිවී ඇති අතර වන්නිය 17000 ක්වැඩිවී ඇත. නමුත් ඔහු වැඩියෙන්ම වැඩ කළ හම්බන්තොට වැඩිවී ඇත්තේ ඡන්ද 16000 ක්වීමද විශේෂත්වයකි.

මේ සියල්ල සැලකීමේදී සුළුජන ඡන්ද අඩුවීම මතම මෙම ප්‍රතිඵලය තේරුම් ගැනීම දුෂ්කර බව වටහා ගත යුතුය.

0 comments:

Post a Comment