රන්ජන් විවාහ නොවෙන්නේ දූෂිත ආණ්ඩුව නිසා (VIDEO)
රන්ජන් රාමනායකගේ වයස මේ වනවිට 51 වන අතර තවමත් ඔහු අවිවාහකය.
ඔහු තවමත් අවිවාහකව සිටීමට හේතුව ලෙස වරින් වර ඔහු නොයෙක් දේ පවසා තිබේ.
පසුගිය වසර කිහිපය තුල අවිවාහකව කල් ගත කිරීම සම්බන්ධව රන්ජන් පලකල අදහස් හා අවිවාහකව සිටීමේ 2014 වසරේ සංස්කරණය පහතින් බලන්න.
2012 - මම පෘථිවියට ආපු සංචාරකයෙක්
"මම බැඳීම් ඇතිකරගන්න කැමති නැහැ. මම හිතන්නේ මම පෘතුවියට ආ සංචාරකයෙකු කියලයි. මුදල් ගොඩ ගැසීම්, මටම කියල ගෙවල් ගැනීම්, වාහන ගැනීම්, බිරිඳක් දරුවෙක් තියාගෙන බැඳීම් ඇතිකරගන්න මම කැමති නැහැ.
කොටින්ම කිව්වොත් මේ ජීවිතය මට අයිති නැහැ කියලයි මට හිතෙන්නේ. මගේ අම්ම එක්ක මට ලොකු බැඳීමක් තිබ්බා. එයා ජිවිතයෙන් සමුගත්තට පස්සේ මම තවත් මේ දේවල් අනිත්‍යය බව තේරුම් ගත්ත. මගේ ලගින් ඉන්න යහළුවන් මේ සියල්ල දන්නවා".
2013 - මගේ හඳහනේ මංගල යෝග නෑ
මගේ වෘත්තිය අනුව මා එක්ක ගැවසෙන පිරිස වැඩියි. ඒ නිසා දුක් වෙන්න වෙලාවක් තිබුණේ නෑ. විවාහ වුණත් කවදා හරි තනිවෙන්න පුළුවන් නේද?මගේ හඳහනේ මංගල යෝග නෑ කියලා මීගහවල සුමන ශාන්ත හිමියෝ කියල තියෙනවා. ඒත් සමහරුන් මාව සනසන්නද මන්දා විවාහ වන බව කියලා තියෙනවා.
2014 - විවාහ නොවන්නේ දූෂිත ආණ්ඩුව නිසා 
"ඩඞ්ලි සේනානායක අසාර්ථක මිනිහෙක්ද, අබ්දුල් කලාම් අසාර්ථක මිනිහෙක්ද, නරේන්ද්‍ර මූඩි අසාර්ථක මිනිහෙක්ද, ජේසුස් වහන්සේ අසාර්ථක මිනිහෙක්ද? මේ වගේ තක්කඩි ඒකාධිපති රජයක් යටතේ පවුලක් පන්සලක් වුනොත් අනිවර්යෙන්ම මගේ දරුවන්ව උස්සනවා. මගේ වයිෆ්ව බ්ලැක්මේල් කරනවා, සිරගත කරනවා.
දුෂණය කරලා මරන්නත් ඉඩ තියෙනවා. ඉතින් අපි මරණ වරෙන්තු අතේ තියන් ඉන්න අය හැටියට, මගේ අක්කත් මට ඔස්ටේ‍්‍රලියාවේ ඉදලා ලගදි කෝල් කරලා කිව්වා. චූටි කියලා මට කතා කරන්නේ. චූටි ඇයි ඔයා මෙහෙම දුක්විදින්නේ. ඔයා වගේම කතා කරලා විජේ කුමාරතුංග අපේ මාමාට ඔලූවට වෙඩි තිබ්බා. ඇයි ඔයා අනිත් අය වගේ කෝටි35 ක් අරගෙන ඔස්ටේ‍්‍රලියාවට එන්නේ නැත්තේ. "
සජින් වාස් ක්‍රිස් නෝනිස් ඇවිළුණු හැටි
ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරදී මෙරට විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන සහ බි්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් අතර ඇති වූ ගැටුම පසුගිය සතියේ රට තුළ මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද දැඩි කතාබහට ලක්විය.ඇමරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ පිහිටි ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස්හි නිව්යෝර්ක් නියෝජිත ඩිලාන් ආරියවංශගේ නිවෙසේ පසුගිය 23 වැනිදා පැවැති රාත්‍රි භෝජන සංග්‍රහයක් අතරතුරදී මෙම සිදුවීම සිදු වී තිබේ. එම අවස්ථාවට සජින් වාස් ගුණවර්ධන මන්ත්‍රිවරයා, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න, වොෂින්ටන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු භාර තනූජා ගීනේන්ද්‍ර උස්ලියනගේ, ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ලගේ දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල සහභාගි වී සිට ඇති අතර පසුව එම ස්ථානයට බි්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම්ද පැමිණ ඇත.
මධ්‍යම රාත්‍රිය උදාවන විට මෙම ගැටුම ඇරැඹී ඇති අතර, එක් පාර්ශ්වයකින් දිගින් - දිගටම පිට වී ඇත්තේ අසභ්‍ය වදන්ය. නෝනිස් මහතා අසලටම පැමිණ ඇති සජින් වාස් මන්ත්‍රිවරයා ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය සම්බන්ධයෙන් පැවැසූ බව කියන අපහාසාත්මක ප්‍රකාශයක් පිළිබඳව නෝනිස්ගෙන් විමසා ඇත. නෝනිස් එවිට පවසා ඇත්තේ තමන් කිසිසේත්ම එවැන්නක් නොපැවසූ බවත්, තමන්ගේ කට අවුස්සා නොගන්නා ලෙසත්ය.
මෙහිදී 'මොකද ඔය විදියට බලන්නෙ' යනුවෙන් විමසමින් සජින් වාස් මන්ත්‍රිවරයා ක්‍රිස් නෝනිස්ගේ වම් කම්මුලට පහරක් ගසා ඇතැයි නෝනිස්ගේ පාර්ශ්වයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙහිදී නෝනිස්ට පහර කිහිපයක්ම එල්ල වී ඇති අතර 'හිතනවද තමුන්ට ජනාධිපතිතුමාගෙ සහයෝගය තියෙනවා කියලා.
මම හොඳ වීදි සටන්කරුවෙක්' යැයි පවසමින් මෙහිදී තවත් අසභ්‍ය වචන කිහිපයකින් අනෙක් පාර්ශ්වය නෝනිස්ට බැන වැදී ඇත.
මීට මාසයකට පෙර විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න විසින් තම හිතවතුන්ට පවසා ඇත්තේ බි්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් තමන්ට අපහාස කළ බවයි. එහෙත් ඊට අදාළව කිසිදු පැමිණිල්ලක් ඇය විසින් ඉදිරිපත් කර නැත.
මෙම සිද්ධියෙන් පසු 24 වැනිදා අලුයම දෙකට පමණ ක්‍රිස් නෝනිස් එම ස්ථානයෙන් පිටව, තමන් නැවතී සිටි හෝටලයට ගොස් ඇත.
පසුදින උදෑසන නිව්යෝර්ක් රෝහලකින් ඔහු කන් ඇසීමට අදාළව ප්‍රතිකාරද ලබාගෙන තිබේ.
මෙම සිද්ධියෙන් පසුව මහ කොමසාරිස්වරයා විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර තිබූ අතර, අවසානයේදී පසුගිය 4දා එය පිළිගැනීමට ආණ්ඩුව තීරණය කර තිබිණි.
මේ අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සජින් වාස් ගුණවර්ධන මන්ත්‍රිවරයා පවසා තිබුණේ තමන් ක්‍රිස් නෝනිස්ට පහර නොදුන් බවත්, දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් පමණක් සිදු වූ බවත්ය. මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ ඒ අවස්ථාවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න සහ ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම්ද සිටි බවයි.
(mawbima.lk)
"ස්ත්‍රීන්ගේ ගෙලහි හැඩය අනුව චරිතය"
බෙල්ලෙහි මාධ්‍යට වන්නට පිහිටන උඅපන් ලපය කියාපාන්නේ ඇයට පියකරු ස්වාමි පුරුෂයෙක් ලැබෙන බවයි.
* යම් ස්ත්‍රියකගේ ගෙල අඟල් සතරක් පමණ දිගුවද රවුම් වූ ආකාරයෙන් ද ප්‍රියංකර ස්භාවයෙන් ද පිරුණු බැවින්ද යුක්ත වූයේ නම් ඇය තම සැමියාට ඉතා හිතවත්ව ක්‍රියා කරයි.
*වට වූ ඇට ඇති වූවද මස් අධික වූද වටාකාර වූ ද ග්‍රිවය (බෙල්ල) පිහිටියේනම් එම ස්ත්‍රිය බොහෝදෙනාගේ ගරු බුහුමන් ලබන්නියකි.
*බෙල්ලේ සුලියක් තිබෙන ස්ත්‍රියගේ සැමියා නැසෙයි.
* මහත් වූ බෙල්ලක් පිහිටියේනම් ස්වාමියා විසින් හැරයනු ලබන්නියකි. ඉතාම දික් වූ ගෙල ඇති ඇය උපායශීලීය.බුද්ධිමත්ය. පුරුෂයින් වසඟ කරයි.
*යම් ස්ත්‍රියකගේ බෙල්ලෙහි වළලු මෙන් රේඛා පිහිටා තිබීම වාසනාවන්තය. පැසසුම් ලබයි.
*ගෙල ඉතාම කෙටිනම් හොඳ මායම් කාරියකි. පරුෂ වචන කතා කරයි.
*ගෙලේ නහර ඉලිප්පුනු ඈ නපුරුය. කළහකාරිය . යුතුකම් ඉෂ්ඨ නොකරයි. කෝපය වැඩි ඇය ජීවිතය පවා අහිමි කරගන්නා තත්වයට පත් වේ.
*මසින් පිරුණු මධ්‍යම ප්‍රමාණයේ ග්‍රිවය (බෙල්ල)සතු ඇය භාග්‍යවන්තය. ධනය, සතුට, විවාහය හොඳින් ඇතිවෙයි.
*රත්පැහැයෙන් යුතු වූ බෙල්ල ඇති ස්ත්‍රිය දාසියකි. පැතලි ආකාරයේ බෙල්ලක් පිහිටියේනම් ස්වාමියෙකු නොලබයි.
*මධ්‍යම ප්‍රමාණ කොටවූ බෙල්ල ස්ත්‍රිය ධනවත් වෙයි.
*යම් ස්ත්‍රියකගේ හනුව රෝම රහිතව ද මොලොක්වද පිහිටියේනම් යහපත්ය.
*යම් ස්ත්‍රියකගේ ගෙල පැතලි හෝ පිරුණු ස්භාවයෙන් ඇත්නම් පුරුෂයාට අපලය.
*ගෙල වඩා කොටනම් ඈ දුප්පත්ය.
*ස්ත්‍රියකගේ ගෙලෙහි ඉරිතුනක් පිහිටියේනම් ඈ නිතරම පැසසුම් ලබයි. බෙල්ලේ සුලියක් පිහිටියේනම් පුරුෂයා නසයි.
තරුණ යුවලක් බස්රථයක අශෝභන ලෙස හැසිරුණු වීඩියෝව ගමනාගමන කොමිසමට යයි (වීඩියෝ සහිතයි)
කොළඹ කුලියාපිටිය සුඛෝපබෝගී බස්රථයක තරුණයෙක් හා තරුණියක් අශෝභන ලෙස හැසිරී ඇති අතර ඒ පිළිබඳව බස් රථයේ සිටි මඟියෙක් කොන්දොස්තර මහතා වෙත පැමිණිලි කොට ඇත.
නමුත් ඔහු ප්‍රකාශ කොට ඇත්තේ මෙය සාමාන්‍ය සිදුවීමක් බවත් එතරම් අවධානය යොමු නොවන කරුණක් බවත්ය.
කෙසේ නමුත් මගී ප්‍රවාහන බස් රථයකදී කිසියම් විනය විරෝධී කටයුත්තක් සිදුවන්නේ නම් එය වැළැක්වීමේ වගකීම බස් රථයේ කොන්දොස්තරවරයාට පැවරෙන බව, ජාතික ගමනාගමන කොමිසම පවසනවා.
එයට පිළිතුරු දුන් මඟියාට කොස්දොස්තරවරයා මෙන්ම රියදුරුද දෝෂාරෝපණ එල්ල කොට ඇති අතර අදාල සිද්ධිය ඔහු තමන්ගේ ජංගම දුරකථනයෙන් පටිගත කොට ජාතික ගමනාගමට කොමිෂන් සභාවටද භාරදී ඇත.
අදාල සිදුවීමේ වීඩියෝව පහතින්...
(hirufm.lk)
"වේගා" ශ්‍රී ලංකාවේ නිපදවන ප්‍රථම රේසිං වර්ගයේ මෝටර් රථය
වේගා නම් මෙම මෝටර් රථය එළඹෙන දෙසැම්බර් මස 12 වනදා වෙළඳපොලට ලක්ෂ 3000 ක මිලකට නිකුත් වීමට නියමිත වේ.
සංචාරක සමාගම් සඳහා මෘදුකාංග නිෂ්පාදනය කරන එංගලන්තයේ ට්‍රැවල් සොෆ්ට්වේයාර් නම් මව් සමාගමේ තවත් සමාගමක් ලෙසින් කටයුතු කරන කෝඩ්ජෙන් සමාගම විසින් සුපිරි "වේගා" නම් මෝටර් රථයේ නිෂ්පාදන කටයුතු සිදුකරයි.