Wednesday, October 8, 2014

Tagged Under: , ,

Neck and women

By: Prosperity Tech On: 4:29 AM

"ස්ත්‍රීන්ගේ ගෙලහි හැඩය අනුව චරිතය"
බෙල්ලෙහි මාධ්‍යට වන්නට පිහිටන උඅපන් ලපය කියාපාන්නේ ඇයට පියකරු ස්වාමි පුරුෂයෙක් ලැබෙන බවයි.

* යම් ස්ත්‍රියකගේ ගෙල අඟල් සතරක් පමණ දිගුවද රවුම් වූ ආකාරයෙන් ද ප්‍රියංකර ස්භාවයෙන් ද පිරුණු බැවින්ද යුක්ත වූයේ නම් ඇය තම සැමියාට ඉතා හිතවත්ව ක්‍රියා කරයි.

*වට වූ ඇට ඇති වූවද මස් අධික වූද වටාකාර වූ ද ග්‍රිවය (බෙල්ල) පිහිටියේනම් එම ස්ත්‍රිය බොහෝදෙනාගේ ගරු බුහුමන් ලබන්නියකි.

*බෙල්ලේ සුලියක් තිබෙන ස්ත්‍රියගේ සැමියා නැසෙයි.

* මහත් වූ බෙල්ලක් පිහිටියේනම් ස්වාමියා විසින් හැරයනු ලබන්නියකි. ඉතාම දික් වූ ගෙල ඇති ඇය උපායශීලීය.බුද්ධිමත්ය. පුරුෂයින් වසඟ කරයි.

*යම් ස්ත්‍රියකගේ බෙල්ලෙහි වළලු මෙන් රේඛා පිහිටා තිබීම වාසනාවන්තය. පැසසුම් ලබයි.

*ගෙල ඉතාම කෙටිනම් හොඳ මායම් කාරියකි. පරුෂ වචන කතා කරයි.

*ගෙලේ නහර ඉලිප්පුනු ඈ නපුරුය. කළහකාරිය . යුතුකම් ඉෂ්ඨ නොකරයි. කෝපය වැඩි ඇය ජීවිතය පවා අහිමි කරගන්නා තත්වයට පත් වේ.

*මසින් පිරුණු මධ්‍යම ප්‍රමාණයේ ග්‍රිවය (බෙල්ල)සතු ඇය භාග්‍යවන්තය. ධනය, සතුට, විවාහය හොඳින් ඇතිවෙයි.

*රත්පැහැයෙන් යුතු වූ බෙල්ල ඇති ස්ත්‍රිය දාසියකි. පැතලි ආකාරයේ බෙල්ලක් පිහිටියේනම් ස්වාමියෙකු නොලබයි.

*මධ්‍යම ප්‍රමාණ කොටවූ බෙල්ල ස්ත්‍රිය ධනවත් වෙයි.

*යම් ස්ත්‍රියකගේ හනුව රෝම රහිතව ද මොලොක්වද පිහිටියේනම් යහපත්ය.

*යම් ස්ත්‍රියකගේ ගෙල පැතලි හෝ පිරුණු ස්භාවයෙන් ඇත්නම් පුරුෂයාට අපලය.

*ගෙල වඩා කොටනම් ඈ දුප්පත්ය.

*ස්ත්‍රියකගේ ගෙලෙහි ඉරිතුනක් පිහිටියේනම් ඈ නිතරම පැසසුම් ලබයි. බෙල්ලේ සුලියක් පිහිටියේනම් පුරුෂයා නසයි.

0 comments:

Post a Comment