Wednesday, October 8, 2014

How did Sajin Vaas assault Chris Nonis

By: Prosperity Tech On: 8:37 AM

සජින් වාස් ක්‍රිස් නෝනිස් ඇවිළුණු හැටි

ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරදී මෙරට විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන සහ බි්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් අතර ඇති වූ ගැටුම පසුගිය සතියේ රට තුළ මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද දැඩි කතාබහට ලක්විය.ඇමරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ පිහිටි ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස්හි නිව්යෝර්ක් නියෝජිත ඩිලාන් ආරියවංශගේ නිවෙසේ පසුගිය 23 වැනිදා පැවැති රාත්‍රි භෝජන සංග්‍රහයක් අතරතුරදී මෙම සිදුවීම සිදු වී තිබේ. එම අවස්ථාවට සජින් වාස් ගුණවර්ධන මන්ත්‍රිවරයා, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න, වොෂින්ටන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු භාර තනූජා ගීනේන්ද්‍ර උස්ලියනගේ, ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ලගේ දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල සහභාගි වී සිට ඇති අතර පසුව එම ස්ථානයට බි්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම්ද පැමිණ ඇත.

මධ්‍යම රාත්‍රිය උදාවන විට මෙම ගැටුම ඇරැඹී ඇති අතර, එක් පාර්ශ්වයකින් දිගින් - දිගටම පිට වී ඇත්තේ අසභ්‍ය වදන්ය. නෝනිස් මහතා අසලටම පැමිණ ඇති සජින් වාස් මන්ත්‍රිවරයා ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය සම්බන්ධයෙන් පැවැසූ බව කියන අපහාසාත්මක ප්‍රකාශයක් පිළිබඳව නෝනිස්ගෙන් විමසා ඇත. නෝනිස් එවිට පවසා ඇත්තේ තමන් කිසිසේත්ම එවැන්නක් නොපැවසූ බවත්, තමන්ගේ කට අවුස්සා නොගන්නා ලෙසත්ය.

මෙහිදී 'මොකද ඔය විදියට බලන්නෙ' යනුවෙන් විමසමින් සජින් වාස් මන්ත්‍රිවරයා ක්‍රිස් නෝනිස්ගේ වම් කම්මුලට පහරක් ගසා ඇතැයි නෝනිස්ගේ පාර්ශ්වයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙහිදී නෝනිස්ට පහර කිහිපයක්ම එල්ල වී ඇති අතර 'හිතනවද තමුන්ට ජනාධිපතිතුමාගෙ සහයෝගය තියෙනවා කියලා.
මම හොඳ වීදි සටන්කරුවෙක්' යැයි පවසමින් මෙහිදී තවත් අසභ්‍ය වචන කිහිපයකින් අනෙක් පාර්ශ්වය නෝනිස්ට බැන වැදී ඇත.
මීට මාසයකට පෙර විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න විසින් තම හිතවතුන්ට පවසා ඇත්තේ බි්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් තමන්ට අපහාස කළ බවයි. එහෙත් ඊට අදාළව කිසිදු පැමිණිල්ලක් ඇය විසින් ඉදිරිපත් කර නැත.

මෙම සිද්ධියෙන් පසු 24 වැනිදා අලුයම දෙකට පමණ ක්‍රිස් නෝනිස් එම ස්ථානයෙන් පිටව, තමන් නැවතී සිටි හෝටලයට ගොස් ඇත.
පසුදින උදෑසන නිව්යෝර්ක් රෝහලකින් ඔහු කන් ඇසීමට අදාළව ප්‍රතිකාරද ලබාගෙන තිබේ.
මෙම සිද්ධියෙන් පසුව මහ කොමසාරිස්වරයා විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර තිබූ අතර, අවසානයේදී පසුගිය 4දා එය පිළිගැනීමට ආණ්ඩුව තීරණය කර තිබිණි.

මේ අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සජින් වාස් ගුණවර්ධන මන්ත්‍රිවරයා පවසා තිබුණේ තමන් ක්‍රිස් නෝනිස්ට පහර නොදුන් බවත්, දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් පමණක් සිදු වූ බවත්ය. මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ ඒ අවස්ථාවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න සහ ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම්ද සිටි බවයි. 

(mawbima.lk)

Neck and women

By: Prosperity Tech On: 4:29 AM

"ස්ත්‍රීන්ගේ ගෙලහි හැඩය අනුව චරිතය"
බෙල්ලෙහි මාධ්‍යට වන්නට පිහිටන උඅපන් ලපය කියාපාන්නේ ඇයට පියකරු ස්වාමි පුරුෂයෙක් ලැබෙන බවයි.

* යම් ස්ත්‍රියකගේ ගෙල අඟල් සතරක් පමණ දිගුවද රවුම් වූ ආකාරයෙන් ද ප්‍රියංකර ස්භාවයෙන් ද පිරුණු බැවින්ද යුක්ත වූයේ නම් ඇය තම සැමියාට ඉතා හිතවත්ව ක්‍රියා කරයි.

*වට වූ ඇට ඇති වූවද මස් අධික වූද වටාකාර වූ ද ග්‍රිවය (බෙල්ල) පිහිටියේනම් එම ස්ත්‍රිය බොහෝදෙනාගේ ගරු බුහුමන් ලබන්නියකි.

*බෙල්ලේ සුලියක් තිබෙන ස්ත්‍රියගේ සැමියා නැසෙයි.

* මහත් වූ බෙල්ලක් පිහිටියේනම් ස්වාමියා විසින් හැරයනු ලබන්නියකි. ඉතාම දික් වූ ගෙල ඇති ඇය උපායශීලීය.බුද්ධිමත්ය. පුරුෂයින් වසඟ කරයි.

*යම් ස්ත්‍රියකගේ බෙල්ලෙහි වළලු මෙන් රේඛා පිහිටා තිබීම වාසනාවන්තය. පැසසුම් ලබයි.

*ගෙල ඉතාම කෙටිනම් හොඳ මායම් කාරියකි. පරුෂ වචන කතා කරයි.

*ගෙලේ නහර ඉලිප්පුනු ඈ නපුරුය. කළහකාරිය . යුතුකම් ඉෂ්ඨ නොකරයි. කෝපය වැඩි ඇය ජීවිතය පවා අහිමි කරගන්නා තත්වයට පත් වේ.

*මසින් පිරුණු මධ්‍යම ප්‍රමාණයේ ග්‍රිවය (බෙල්ල)සතු ඇය භාග්‍යවන්තය. ධනය, සතුට, විවාහය හොඳින් ඇතිවෙයි.

*රත්පැහැයෙන් යුතු වූ බෙල්ල ඇති ස්ත්‍රිය දාසියකි. පැතලි ආකාරයේ බෙල්ලක් පිහිටියේනම් ස්වාමියෙකු නොලබයි.

*මධ්‍යම ප්‍රමාණ කොටවූ බෙල්ල ස්ත්‍රිය ධනවත් වෙයි.

*යම් ස්ත්‍රියකගේ හනුව රෝම රහිතව ද මොලොක්වද පිහිටියේනම් යහපත්ය.

*යම් ස්ත්‍රියකගේ ගෙල පැතලි හෝ පිරුණු ස්භාවයෙන් ඇත්නම් පුරුෂයාට අපලය.

*ගෙල වඩා කොටනම් ඈ දුප්පත්ය.

*ස්ත්‍රියකගේ ගෙලෙහි ඉරිතුනක් පිහිටියේනම් ඈ නිතරම පැසසුම් ලබයි. බෙල්ලේ සුලියක් පිහිටියේනම් පුරුෂයා නසයි.

A passenger lodges a complaint to the National transport commission sri lanka

By: Prosperity Tech On: 4:13 AM

තරුණ යුවලක් බස්රථයක අශෝභන ලෙස හැසිරුණු වීඩියෝව ගමනාගමන කොමිසමට යයි (වීඩියෝ සහිතයි)

කොළඹ කුලියාපිටිය සුඛෝපබෝගී බස්රථයක තරුණයෙක් හා තරුණියක් අශෝභන ලෙස හැසිරී ඇති අතර ඒ පිළිබඳව බස් රථයේ සිටි මඟියෙක් කොන්දොස්තර මහතා වෙත පැමිණිලි කොට ඇත.

නමුත් ඔහු ප්‍රකාශ කොට ඇත්තේ මෙය සාමාන්‍ය සිදුවීමක් බවත් එතරම් අවධානය යොමු නොවන කරුණක් බවත්ය.

කෙසේ නමුත් මගී ප්‍රවාහන බස් රථයකදී කිසියම් විනය විරෝධී කටයුත්තක් සිදුවන්නේ නම් එය වැළැක්වීමේ වගකීම බස් රථයේ කොන්දොස්තරවරයාට පැවරෙන බව, ජාතික ගමනාගමන කොමිසම පවසනවා.

එයට පිළිතුරු දුන් මඟියාට කොස්දොස්තරවරයා මෙන්ම රියදුරුද දෝෂාරෝපණ එල්ල කොට ඇති අතර අදාල සිද්ධිය ඔහු තමන්ගේ ජංගම දුරකථනයෙන් පටිගත කොට ජාතික ගමනාගමට කොමිෂන් සභාවටද භාරදී ඇත.

අදාල සිදුවීමේ වීඩියෝව පහතින්...


(hirufm.lk)

Tuesday, October 7, 2014

VEGA : First ever super luxury car manufactured in Sri Lanka

By: Prosperity Tech On: 8:54 PM

"වේගා" ශ්‍රී ලංකාවේ නිපදවන ප්‍රථම රේසිං වර්ගයේ මෝටර් රථය

වේගා නම් මෙම මෝටර් රථය එළඹෙන දෙසැම්බර් මස 12 වනදා වෙළඳපොලට ලක්ෂ 3000 ක මිලකට නිකුත් වීමට නියමිත වේ.


සංචාරක සමාගම් සඳහා මෘදුකාංග නිෂ්පාදනය කරන එංගලන්තයේ ට්‍රැවල් සොෆ්ට්වේයාර් නම් මව් සමාගමේ තවත් සමාගමක් ලෙසින් කටයුතු කරන කෝඩ්ජෙන් සමාගම විසින් සුපිරි "වේගා" නම් මෝටර් රථයේ නිෂ්පාදන කටයුතු සිදුකරයි.





Colombo Fashion Week Resort Show 2014

By: Prosperity Tech On: 7:48 PM

Lahiru Perera's Kessata Kos Eta Sinhala Music Video

By: Prosperity Tech On: 7:26 PM
වීඩියෝ ප්‍රයෝග මගින් අලි රැලකට පණ දුන් ළහිරුගේ "කැස්සට කොස් ඇට"

නව පරපුරේ ගායක ළහිරු පෙරේරා අලූතින් "කැස්සට කොස් ඇට" නමින් මියුසික් වීඩියෝවක් නිර්මාණය කර තිඛෙනවා. එම වීඩියෝව නවතම වීඑෆ්එක්ස් වීඩියෝ ප්‍රයෝග සහිතව නිර්මාණය වූවකි.
නූතන චිත්‍රපටවලට යොදාගන්නා අධිතාක්ෂණික ක්‍රම භාවිතයෙන් එහි පසුබිම සකස් කර ඇති අතර සජීවීව නටන අලි රැළක්ද එහි සිටිනවා. ළහිරු සමග එක්වූ
නිර්මාණ ශිල්පී අයේෂ් විෙජ්රත්නට මේ නිර්මාණය සම්පූර්ණ කිරීමට වසර 2 ක් පමණ ගත වූ බවද කියැවුණා.
එම වීඩියෝ නිර්මාණය පහතින් -  නිර්මාණ පසුබිම් ඡායාරූප එකතුව ඊට පහතින්

Monday, October 6, 2014

Sampath Jayaweera speak about flying fish movie

By: Prosperity Tech On: 6:36 PM

ලිංගික දර්ශන සහිත චිත්‍රපටයකට ආයෙත් ආරාධනා ලැබුණොත් දෙපාරක් හිතනවා - සම්පත් ජයවීර

ශ්‍රී ලංකාව තුළ විකාශනයට වාරණය වූ ‘ඉගිලෙන මාළුවෝ’ චිත්‍රපටය තරමටම එහි ප්‍රධාන චරිතයට පණ දුන් සම්පත් ජයවීරත් පසුගිය කාලය පුරාවට ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වුණා. පුංචි තිරයෙන් හා වේදිකාවෙන් විවිධ චරිත ඔස්සේ නිතර දකින  සම්පත් රංගන ශිල්පීන් අතර දක්ෂ රංගන ශිල්පියෙක්. මේ ඔහු සමග කළ සංවාද සටහනයි.
සම්පත් මේ දිනවල වේදිකාව නිසා කාර්ය බහුල වෙලා නේද?
‘ලෝරන්ස්ගේ මනමාලි’ එක්ක කාර්යබහුල වෙනවා සති අන්තයේ දී. ඊට අමතරව ටෙලි නාට්‍ය කිහිපයක රූපගත කිරීම් කරනවා. රූපගත කළ ටෙලි නාට්‍ය කිහිපයක් විකාශය වෙනවා.

සම්පත් ජයවීරව රිදී තිරයෙන් දැන් ප්‍රතික්‍ෂේප වෙලාද?
‘සුළඟ අප රැගෙන යාවි’ ළමා චිත්‍රපටයට සම්බන්ධ වුණා. ඊට අමතරව චිත්‍රපටවලට ආරාධනා ලැබුණේ නැහැ. මට ආරාධනාවක් ලැබුණොත් අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා. කිසිම නිර්මාණයක් මම ප්‍රතික්‍ෂේප කරන්නේ නැහැ. ඒ සඳහා කොහොම හරි කාලය හදාගන්නවා. රිදී තිරයෙන් මාව ප්‍රතික්‍ෂේප වෙලා නැහැ.

ඔබ කලාව තුළ ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වුණේ ‘ඉගිලෙන මාළුවෝ’ චිත්‍රපටය නිසා කිව්වොත්?
ඊට කලින් ඉඳලා සම්පත් ජයවීර කියන්නේ කවුද, මොනාද කළේ කියන කාරණා හා මගේ දක්ෂතා ප්‍රේක්ෂකයන් දන්නවා. ඉගිලෙන මාළුවෝ නිසා මම ජනප්‍රිය වුණේ නැහැ. නමුත් කතාබහට ලක්වුණා.

ඒ සඳහා ලැබුණු ප්‍රතිචාර ගැන දැන් මොකද හිතන්නේ?
ප්‍රතිචාර විවිධයි. මේ චිත්‍රපටය නිර්මාණයක් විදියට බැලුව අයගේ ප්‍රතිචාර හොඳයි. කිසි දෙයක් නොදන්න අය විවිධ මත පළ කළා. ඒ ප්‍රතිචාර නිසා ඇත්තටම මම කරදර ගොඩකට මුහුණ දුන්නා. දැන් නම් කතා කරන්න අකැමැති නීරස අත්දැකීමක් ඒක.

නැවතත් ලිංගික දර්ශන සහිත චරිතයක් ලැබුණොත් ඔබ එය භාරගන්නවාද?
රංගන විෂය තුළ මම වාරණ දාගෙන නැහැ. ඒත් මම හිතනවා ඒ වගේ චරිතයක් ලැබුණොත් සැලකිලිමත් වෙන්න ඕන චරිත තෝරා බේරාගැනීම ගැන. මීට පස්සේ එවැනි චරිත ලැබුණොත් ඒ ගැන හොඳින් හිතලා බලනවා. හොඳයි කියලා හිතුණොත් විතරක් භාරගන්නවා. නැත්නම් ප්‍රතික්‍ෂේප කරනවා.

ඔබ විවාහකයෙක්. ඔබේ බිරිඳ ඔබට දැක්වූ ප්‍රතිචාර කොයි වගේද?
එයත් හුඟක් අපහසුතාවට ලක් වුණා. නමුත් මම ඔය චරිතය භාරගන්නකොට ඇය මගේ පෙම්වතියවත් බිරිඳවත් නමෛයි. චිත්‍රපටය රූගත කරලා කාලයක් ගියාට පස්සේ තමයි මට මගේ බිරිඳව මුණගැහෙන්නේ. චිත්‍රපටය නිසා එයා අපහසුතාවකට පත් වුණත් මට දොස් කීවේ නැහැ. එය නිර්මාණයක්, නිර්මාණ දායකත්වයක් කියන එක තේරුම් ගත්තා.

එතකොට ‘ඉගිලෙන මාළුවෝ’ චිත්‍රපටය නිසා ඔබේ පවුල දෙකඩ වුණා කියන කතාව බොරුවක් ද?
ඒක බොරුවක්. මට අද වෙනතුරු අනවශ්‍ය විදියට කටකතාවක් හැදිලා නැහැ. එහෙම කටකතාවක් තිබුණා කියලත් මම ඇහුවමයි. ඔය කටකතාවක් මිසක ඇත්තක් නමෛයි. මගේ පුංචි පවුල තවම සුරක්ෂිතයි.

ඔබේ බිරිඳ මාධ්‍යයට සම්බන්ධයි. ඒ ගැනත් කියමු..
මගේ බිරිඳ රුවිනි හේවගේ. ඇය සිරස ගුවන්විදුලියේ නිවේදිකාවක්. එයාව මට මුණගැහෙන්නේ 2012 අවුරුද්දේ සිරසට ගිය වෙලාවක. එතැන දී හඳුනාගෙන ආදරය කළා. 2013 අවුරුද්දේ අපි විවාහ වුණා. අපිට දැන් පුංචි පුතෙක් ඉන්නවා. අපේ පුතා මේඝන ආදිත්‍ය ජයවීර. වයස මාස නවයයි.

දරු සුරතල් බලන්න සම්පත්ට වෙලාවක් නැතිව ඇති නේද?
අපි දෙන්නම කාර්ය බහුලයි. ඒත් බිරිඳ රුවිනි හවස් වරුව  පුතා එක්ක කාලය ගත කරනවා. මමත් පුළුවන් හැම වෙලාවකම දරුවා එක්ක ඉන්නවා. එයා හුරතල් වයසක ඉන්නේ. ඒ හුරතල් බලන්න කොහොම හරි වෙලාව හදා ගන්නවා. වැඩි කාලයක් දරුවා එක්ක ඉන්න ලැබෙන්නේ නැති එක ගැන නම් දුකක් තියෙනවා.

සම්පත් නිර්මාණයක් භාර ගනිද්දී නිර්මාණයේ හා චරිතයේ ගුණාත්මක බව බලනවද?
මීට පෙර බිහි වුණ නිර්මාණවලට සාපේක්ෂව හොඳ නිර්මාණ බිහිවෙනවා අඩුයි. නමුත් මම නම් නිර්මාණයක හොඳ නරක බලනවා අඩුයි. ලැබෙන ඕනෑම නිර්මාණයක් භාරගන්නවා. මොකද මම දන්න කර්මාන්තය මේක. මෙයින් පිට පනින්න මට බැහැ. මට මුදල් ඕන නම් තෝරාබේරා ගැනීම් කරන්න බැහැ. නිර්මාණයේ ගුණාත්මක බව තේරුම් අරගෙන මම මගේ චරිත කොලිටියට කරනවා. මම මුල්තැන දෙන්නේ චරිතයට

නිර්මාණයට වඩා මුදලට මුල්තැන දෙන නිසා ගාස්තුව වැඩි ඇති?
නළුවන් අතර ඉහළ මිලක් අය කරන අයගේ නම් ලැයිස්තුවට මගේ නම තියන්න මම හීන දකින්නේ නැහැ. මම සාධාරණ මුදලක් අය කරන්නේ. අපිට වටිනාකමක් නිකම් ලැබෙන්නේ නැහැ. ඒක ඇති කරගන්න ඕන. මම මගේ වටිනාකම රඳවාගන්න උත්සාහ ගන්නවා.
හර්ෂණී වීරරත්න
ඡායාරූප-ප්‍රදීප් දඹරගේ
http://www.rivira.lk/online/images/2014/09/28/img_7067.jpg

(rivirahttp://www.rivira.lk/online/images/2014/09/28/img_7107.jpg.lk)

 

Akalanka Ganegama disappointment with cricket

By: Prosperity Tech On: 6:20 PM

ක්‍රිකට් ගැන කලකිරීමෙන් මම ලංකාව හැරයනවා - අකලංක ගනේගම

http://www.rivira.lk/online/images/2014/10/05/akalanka%201.jpgඅකලංක ගනේගම කියන්නේ 2001 වර්ෂයේ ජනප්‍රිය ක්‍රිකට් තරුවක්. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එකතු වෙලා තුන් ඉරියව්වෙන් ක්‍රීඩා කළ ඔහු වේග පන්දු යවන්නෙක් හැටියටත් දක්ෂතා දැක්වූවා.
වරින් වර ජාතික කණ්ඩායමට එකතු වුණ අකලංක දැන් ක්‍රිකට් තරුවක් විදියට නමෛයි ජනප්‍රිය. රංගන ශිල්පියෙක් හැටියටයි. පසුගිය කාලයේම ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නම් ලැයිස්තුවට අකලංකගේ නම තහනම් වූ නිසාම අකලංක ශ්‍රී ලංකා ක්‍රිකට්වලින් සමු අරගෙන විදෙස්ගත වෙන්න සූදානම් කියලා ආරංචියි. ඒ ගැන අකලංක අපිත් එක්ක කතා කළේ මේ විදියටයි.

අකලංක විදෙස්ගත වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට ඔබේ නම ඇතුළත් නොවන නිසාද?
ඇත්තටම මට ලංකාවේ ක්‍රිකට් ගැන ලොකු කලකිරීමක් තියෙන්නේ. ඒ නිසා මම තීරණය කළා ශ්‍රී ලංකා ක්‍රිකට්වලින් සමුගන්න.

ශ්‍රී ලංකා ක්‍රිකට්වලින් සමුගත්තාට ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නේ නැහැ නේද?
නැහැ. මම ක්‍රිකට්වලට ආදරෙයි. ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩාවෙන් දැන්මම සමුගන්නේ නැහැ. මේ වෙනකොට මට රටවල් කිහිපයකින් ඇරයුම් ලැබුණා ක්‍රීඩා කරන්න. මම එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමකට එකතුවෙලා ක්‍රීඩා කරන්න බලා‍පොරොත්තු වෙනවා. බොහෝ දුරට මම මේ වසර අවසානයේ දී ඒ කණ්ඩායමට එකතු වෙනවා. කොහොමත් මේ වසර අවසානයේ දී මම විදෙස්ගත වෙනවා. ඒ පදිංචියට.

ශ්‍රී ලංකා සංචිතයට ඔබේ නම ළඟදීම ඇතුළත් වුණොත්?
මගේ නම ඇතුළත් වෙයි කියලා බලා‍පොරොත්තු වෙන්නේ නැහැ. මම ක්‍රිකට්වලින් බැහැරව බාහිර වැඩ කළ නිසා ක්‍රිකට් තේරීම් කමිටුව හිතන්න ඇති මම ක්‍රිකට්වලට උනන්දුවක් නැහැ කියලා. කොහොම වුණත් අවුරුදු දොළහක් තිස්සේ ක්‍රීඩා කළ එන්.සී.සී. ක්‍රීඩා සමාජයෙන් පසුගිය වර්ෂයේ මම ඉවත්වෙලා සී.සී.සී. ක්‍රීඩා සමාජයට එකතු වුණා. දැන් ඒ ක්‍රීඩා සමාජයට පමණයි ක්‍රීඩා කරන්නේ. මේ දිනවල සුපුරුදු විදියට පුහුණුවීම් කරනවා. ඒ වගේම මම 2001 වර්ෂයේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට එකතු වුණත් එක්දින තරග හයකට පමණයි ක්‍රීඩා කළේ. ඊට පස්සේ අවස්ථා කිහිපයකම සංචිතයට නම ඇතුළත් වෙලා විදෙස්ගත වුණත් තරග කරන්න ලැබුණේ නැහැ. ඒ දේවල් එක්ක මට ලොකු කලකිරීමක් ඇති වුණා. ඒ නිසා ගන්න තීරණය වෙනස් කරන්නේ නැහැ.

අකලංක පසුගිය දා විවාහ ගිවිස ගත්තා. විවාහය කියන සංකීර්ණ බැඳීමේ වගකීම දැනෙනවද?
මගේ බිරිඳ ශෂිණි මහබමුණගේ ගනේගම. එයාගේ පදිංචිය ප්‍රංශයේ. තවම ඉගෙන ගන්නවා. ඒ නිසයි විවාහ ගිවිසගෙන එයා ගියේ. මේ අත්දැකීම ඇත්තටම අලුත්. සැහැල්ලුවෙන් තවම ජීවත් වෙනවා. ලොකු වගකීමක් දැනෙන්නේ නැහැ. ඒත් ජීවිතේ ගැන අනාගතය ගැන මට වඩා ශෂිණි වගකීමෙන් හිතනවා. එයා එක්ක ජීවත් වෙන්න පටන්ගත්තාට පස්සේ මමත් ජීවිතේ ගැන මීට වඩා වගකීමෙන් හිතනවා.

විවාහ මංගල උත්සවය ගන්නේ ප්‍රංශයේ ද?
ලබන අවුරුද්දේ අගෝස්තු මාසේ අපේ මංගල උත්සවය පවත්වන්න හිතාගෙන ඉන්නවා. සැලසුම් කරනවා. ඒ ප්‍රංශයේ දී. ඊට පස්සේ ලංකාවේදීත් මංගල උත්සවයක් ගන්න අදහසක් තියෙනවා.

ඇයව හඳුනාගන්න ලැබෙන්නේ කොහොමද කියලත් මතක් කරමු..
එයාව මට මුණගැහෙන්නේ 2012 වර්ෂයේ. එයාගේ නෑදෑ කෙනෙක්ගේ මාර්ගයෙන්. අපි හඳුනාගෙන කතාබහ කළා. යාළුවෝ වගේ හිටියා. මම මගේ ආදරය කිහිප වතාවක් යෝජනා කළා. ඒත් එයා මට කිව්වේ ඉගෙන ගන්න නිසා බැහැ කියලයි. 2013 වර්ෂයේ මම ආයෙමත් යෝජනා කළා. ඒ වෙනකොට අධ්‍යාපන වැඩකටයුතු ටිකක් දුරට ඉවරයි. එයා කැමැති වුණා. ඊට පස්සේ තමයි විවාහ ගිවිසගත්තේ.

අකලංක රංගනයෙන් දායක වුණ නිර්මාණ තියෙනවද?
සින්ඩරෙල්ලා චිත්‍රපටයට පස්සේ රශ්මි කියලා ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණා. රූගත කරලා ඉවරයි. ඒ නිර්මාණ දෙක විකාශය වෙන්න තියෙනවා. ඊට අමතරව වෙන නිර්මාණ භාරගත්තේ නැහැ.

රංගනයෙනුත් ඉවත් වෙනවද?
යන්න කලින් හොඳ චිත්‍රපටයක් ලැබුණොත් භාරගන්නවා. රංගනයෙනුත් සමුගන්න වෙයි. විදෙස්ගත වුණොත් ආයෙමත් රඟපාන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි.
හර්ෂණී වීරරත්න
ඡායාරූප- මීෂා ගුණවර්ධන
http://www.rivira.lk/online/images/2014/10/05/akalanka%203.jpg




(Rivira.lk)

 

Sunday, October 5, 2014

Boy hangs himself on webcam

By: Prosperity Tech On: 3:43 AM
ගෙල වැලලාගන්නා ආකාරය වීඩියෝ කල තරුණයා මරුට
ගෙල වැලලාගන්නා ආකාරය ලැප්ටොප් පරිගණකයේ වීඩියෝ වන අයුරින් එය සකසා ගෙල වැලලාගෙන මියගොස් සිටි බවට සැක කරන පාසල් සිසුවෙකුගේ මළ සිරුරක් ගලේවෙල, තලකිරියාගම, කිරලගොල්ල ප්‍රදේශයේ නිවසක කාමරයක තිබී ඊ‍යේ (05) සොයාගත් බව ගලේවෙල පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ උසස්පෙළ විභාගයට ඉගෙන ගන්නා පාසල් සිසු‍ෙවක් වන ක්‍රිෂාන් දිල්හාන් (17) නැමැති අයය. මව හා පියා නිවසේ නැති අවස්ථාවක පරිගණකය පුටුවක් උඩින් තබා ක්‍රියාත්මක කර ඊට ඉදිරිපිටින් සිටිමින් ලනුවක් ගෙලේ ගැටගසා කාමරයේම වහලේ එල්ලී ඇති බව පොලිසිය කියයි. මෙසේ වීඩි‍යෝ කර ඇත්තේ ෆේස්බුක් වෙබ් අඩවිට එක් කිරීමටදැයි සැකයක් මතුව ඇත. දඹුල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ජයම්පති රත්නදිවාකර මහතා පැමිණ පරික්ෂා කර බලන විට ලැප්ටොප් පරිගණකයේ රහස් අංකයක් යොදා ඇතුළුවීම වළකා තිබීම නිසා එය ක්‍රියාත්මක කිරීමට දන්නා අයකු ලවා පරික්ෂා කර අධිකරණයට දන්වන ලෙස නියෝග කරන ලදී.

මියගිය සිසුවාගේ පියා වන උපාලි ජයලත් මහතා කියා සිටියේ තම දරුවාට සියදිවි හානි කර ගැනීමට තරම් කිසිදු ප්‍රශ්නයක් නොතිබූ බවය. ඔහු නිතර තනිව සිටීමට කැමැත්තක් දක්වන සිසුවෙක් බවද කියයි. ගගලේවෙල පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පො.පරීක්ෂක සාගර රාජකරුණා මහතා ඇතුළු කණ්ඩායමක් මේ ගැන පරීක්ෂණ මෙහෙයවයි.